'මම' ඉන්නේ කොහෙද?

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ


කොහොම හිතන් හිටියත්, මැරෙන මැරෙන මනුස්සයෝ යන්නේ නිරය, තිරිසන් හා පෙරේත ලෝකවලට ලු!!!
joke එකක් නෙවෙයි!!! බුදුහාමුදුරුවෝ දැකලමයි කියල තියෙන්නේ!!!


අන්න ඒකයි මේ මම කියන කතා වැදගත් වෙන්නේ...
මන් නම් අහලා තියෙන්නෙ අපි මරනාසන්න මොහෙතෙ ඇති වෙන චේතනාව මතයි පදනම් වෙන්නෙ අපි නිරයට යන්වද නැත්නම් දිව‍‍ය්‍ය ලොකයට යනවද කියන එක.
එකට හොදම උදාහරන දුටුගැමුණූ රජතුමා කොච්චර පින් කරත් අන්තිම මොහෙතෙ ඇතුවුන සිහිවිල්ල නිසා එතුමාට සිදුවුනු දේ.
මට මතකයි සෝම හාමුදුරුවො බනක්ට කුයුවා අපි කර හොද දේවල් නැවත නැවත මතක් කරන්න එහෙම පුරුද්දක් ඇති කර ගන්න එක ලොකු උදව්වක් වෙන්න පුලුවන් කියලා.
එක නිසා අපි දිව‍‍ය්‍ය ලොකයේ යනවාද අපායෙ යනවාද තීරනය වෙන්න අපි කරන පින් පව් වගේම අපිට අවසාන මොහොතේ අපෙ මනසට එන චේතනාවත් බලපනවා.
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මන් නම් අහලා තියෙන්නෙ අපි මරනාසන්න මොහෙතෙ ඇති වෙන චේතනාව මතයි පදනම් වෙන්නෙ අපි නිරයට යන්වද නැත්නම් දිව‍‍ය්‍ය ලොකයට යනවද කියන එක.
    එකට හොදම උදාහරන දුටුගැමුණූ රජතුමා කොච්චර පින් කරත් අන්තිම මොහෙතෙ ඇතුවුන සිහිවිල්ල නිසා එතුමාට සිදුවුනු දේ.
    මට මතකයි සෝම හාමුදුරුවො බනක්ට කුයුවා අපි කර හොද දේවල් නැවත නැවත මතක් කරන්න එහෙම පුරුද්දක් ඇති කර ගන්න එක ලොකු උදව්වක් වෙන්න පුලුවන් කියලා.
    එක නිසා අපි දිව‍‍ය්‍ය ලොකයේ යනවාද අපායෙ යනවාද තීරනය වෙන්න අපි කරන පින් පව් වගේම අපිට අවසාන මොහොතේ අපෙ මනසට එන චේතනාවත් බලපනවා.

    maranaasanna mohothedi athiwena chethanaawa matha serama wenaswenawa kiyala hithanna epa!! eka ehempitin waradiyi!!! habayi eaka balapaana awasthaa thiyanawa!!!

    mama oya serama thithatama allagena, kiyanna kramath hadaagena thamayi wadeta basse...

    oyaala karunu hondata mathaka thiyagena, pahadiliwa therum ganna!!! ehema unoth, aaye kawadaawath waradinne nathiwenna paara hadanna mata puluwan!!!

    *** mama budu wela wath, mama idimilaa wath neweyi!!! mama Uparimayenma Wishwaasa karanne Budurajaananwahansewayi!!! Sri Saddharmayayi Witharayi!!! anna e shakthiya mona kramekinwath nawathwanna baha!!! matama pudumayi!!! eken aniwaaryayen prayojanaya ganna one!!! ***

    Soma Hamuduruwo kiyapu eka hari!!! eke technical pasubima mama karapu main thread ekedi kiyala / penwala athi.

    Dutugamunu Rajathumaa sambandha kathaawa mokadda kiyala nam mama danne naha ne... kawuruhari Irdimath MahaRahathunwahanse Namak hari, Divyaraajayek hari, e Uththamaya wisinma hari karapu prakaashayak paliyen thiyana Original Thripitaka Deshanaawal wala thiyanawada??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ, මේ සත්වයාගේ 'කය' පවතින 3 ආකාරය විස්තර කරලා, තව ශෝක් කතාවකුත් කියල තියනවා!! මේවා අහන්න ලැබිල තියනවද?? බුදුහාමුදුරුවෝ කිව්වා, "දැන් ඔන්න දීකිරි තියනවා... එතකොට අපි කතා කරන්නේ 'දීකිරි' ගැන විතරයි!! ඊළඟට ඔය කිරි මුදවපුවාම මුදවපු කිරි වෙනවා... ඒ වෙලාවට අපි කතාකරන්නේ 'මුදවපු කිරි' ගැනයි!! දීකිරි ගැන කතාවක් නැහැ!! පස්සේ ඔය මුදවපු කිරි, වතුරේ දියකරලා ගත්තම 'කිරි මෝරු' හැදෙනවා... ඒ වෙලාවට අපි කතා කරන්නේ 'කිරි මෝරු' ගැන විතරයි!! මුදවපු කිරි, දීකිරි ගැන කතාවක් නැහැ!!" කියලා. කතාව ඇත්ත නේද? තේරුණාද??

    අපි හැමෝම මේ දැන් ඉන්නේ, පොළවෙන් උරාගත් සාරයෙන් හැදුනු ගස් කොලන්, ඒවයේ ඵල සහ ඒවම ආහාරයට අරන් හැදුනු සත්වයන්ගේ මාංශ, කිරි, බිත්තර ආදී දේ ආහාරයට අරන් සකස්වෙච්ච ගොරෝසු කයක. මේ වෙලාවේ අපිට ඒ ගොරෝසු, ඕලාරික, කය / ශරීරය සම්බන්ධයෙන් විතරයි කතාකරන්න ඕනේ!! ඒක එහෙම්පිටින් අවබෝධ කරගත්තා නම්, මේ ප්‍රශ්ණ සේරම විසඳෙනවා.

    දැන් අපි මැරෙන වෙලාවට, මේ ඉන්න කයෙන් මනෝ කාය එලියට ඇවිල්ල, තව එකකට යනවා කියලනේ 99.99% ම උදවිය හිතාගෙන ඉන්නේ... නේද??? ඉතින් අපි ඒක පස්සේ බලාගමු!!!;) ඇයි දන්නවද? කරුණු හරි හැටි නොදැන, මනස්ගාත හිතලා, මිනිස්සු හුඟදෙනෙක් කතාව එහෙම්පිටින් වරද්දගෙන තියෙන්නේ!!! ඒක ජීවිතය අවබෝධ කිරීමට මහා විශාල බාධාවක්!!! මම ඒවා blast කරලා, පාර හදල දෙන්නම්!!
     

    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    Buddha must not have known the answer to the Bamuna's question. when kids ask adults difficult questions they have many ways to escape them.
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    • [FONT=&quot]කෙනෙකු මියගිය වහා සිරුරෙ බර මැන බැලූ විද්‍යාඥයන් තීරණය කොට ඇත්තේ මිනිස් ආත්මය ග්‍රෑම් 21 බර බවයි[/FONT]
    lol nehe ban merunama api husma gannehene.... ithin body eka ethule api merunata passe podi weught ekak adu wenawa... ona kenek mereddi husma pita wenawa.. kauruwath husma aragena merennehe... awasan husma kiyanne ekata..... samahara wita api 21g withara husmak gannawa ethi...eka maha deyak nemei... air eje weight eka body ekata denenawa... mokada eka penahaluwala thiyenne high pressure wela:shocked::shocked::shocked:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේ මාතෘකාව ඉදිරියට ගෙනියන්න, අපි නොදන්නා, අපිටම පරීක්ෂණ පවත්වල, හොයල බලල, හරියටම දැනගන්න ක්‍රමයක් නැති, දේවල් සෑහෙන උවමනා වෙනවා!! එහෙම අවස්ථා වලදී, මුලින්ම අපි හොයන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් මොනවද? බුදුරජාණන්වහන්සේ ඒ දේ සම්බන්ධයෙන් කියලා දීල තියෙන්නේ?? කියලයි!!! මොකද උන්වහන්සේ 'ලෝක විදූ'!!! සියලු ලෝක {මුළු විශ්වයේම තියන තරමක් ග්‍රහ ලෝක සහ ඉන්නා තරමක් සත්වයින්ගේ 'ලෝක' (ජීවිත)} තමන්වහන්සේ විසින්ම, ස්වයං භූ ඥාණයෙන්, අවබෝධ කරගෙනයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ!!! උන්වහන්සේ නොදන්නා දෙයක් නැහැ!!! **- හැබැයි අපට කියලා දුන්නේ චුට්ටයි... ගොඩාක් දේවල් කිව්වේ නැහැ... ඇයි දන්නවද ඒ?? මේ කියපු චුට්ට වත් තේරුම්ගන්න බැරුව පොලවේ පස් කාගෙන දඟලන 'නරපණුවෝ' ටික සංසාරෙන් එතෙර වෙනවා වෙනුවට, පිස්සු හදාගෙන, අන්තිමේ මුළු ලෝකෙම පිස්සන් කොටුවක් වෙන්න තිබුන ඒ සේරම කියලා දුන්න නම්!! -** ඊළඟට, බුදුරජාණන්වහන්සේට කාටවත් බොරු කියලා රවට්ටන්න, කවුරුවත් මුලා කරලා තියන දෙයක් කඩා වඩා ගන්න, තමන්වහන්සේ ප්‍රසිද්ධ වෙන්න / නම දාගන්න, වගේ කැත අදහස් මොකුත්ම තිබුනේ නැහැ!! උන්වහන්සේ නිකෙලෙස්!!! නොදැනුවත් කමයි, තණ්හාවයි නිසා අපි වගේ, මැරි මැරී ඉපදී ඉපදී ඉන්න ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව අන්ත අසරණවෙලා ඉන්න සත්වයින්ව මේ සසර දුකින් මුදවා ගන්නයි උන්වහන්සේට උවමනා උනේ!!! ඉතින් අපිට බය සැක නැතුව 100% විශ්වාසයෙන් යුතුව උන්වහන්සේ කියා දෙන දේවල්, ඒ විදියටම පිළිගන්න පුළුවන්!!! ඇත්තටම බුද්ධ වචනය හැරෙන්න එච්චර විශ්වාසයකින් පිළිගන්න පුළුවන් වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ!!! වඩාත්ම බරපතල කතන්දරේ තමයි, බුදුරජාණන්වහන්සේව සහ උන්වහන්සේ විසින් දේශනා කරනලද ශ්‍රී සද්ධර්මය 100% පිළිනොගන්නා, විශ්වාස නොකරන උදවියට කවදාවත් මේ ඉවරයක් නැති දුක් වේදනා වලින් ගැලවෙන්න ලැබෙන්නෙත් නැහැ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි හැම කෙනෙක්ම වගේ ඉපදිලා, අවුරුදු 7 - 8ක් වත් පරණ වෙලා, ඒ කියන්නේ සෑහෙන කල් ගිහිල්ල නේ, මේ ලෝකේ පටන්ගත්තේ කොහොමද? සත්වයා හැදුනේ කොහොමද? මිනිසා හැදුනේ කොහොමද? කියල හොයන්න වගේ 'මහප්පරාන වැඩ' පටන් ගන්නේ... අතීතයේ හිටපු මහා දාර්ශණික, පණ්ඩිත සේරමලත් කරලා තියෙන්නේ ඔහොමම තමයි!! ඒ කියන්නේ සියලු සත්වයෝම, එහෙම්පිටින් අනාගෙන ඉන්නේ!!! මොකද කාටවත් තමන් පටන්ගත්තේ කොහොමද කියල වත් දකින්න බැරුව, තමන්ගේ 'පන්දම පත්තු උනේ' කොහොමද කියල දකින්න බැරුව, මීට කලින් වෙලා තියෙන්නේ කොහොමද? මෙයින් පස්සේ වෙන්නේ කොහොමද? කියන මොකවත්ම දන්නෙත් නැතුව, ඔය වගේ ලොකු ලොකු වැඩ කරන්න ගියපුවාම වෙන්නේ ඇනෙන එකම තමයි!!!

    නමුත්, බුදුරජාණන්වහන්සේ නමකට නම් ඕව 'ටොයිස්' වැඩ!!! උන්වහන්සේට මේ ලෝකයේ සත්වයා හටගත්තේ කොහොමද කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ... ඊළඟට වෙන්නේ මොනවද කියන එකෙත් කිසි අවුලක් නැහැ... සේරම දකින්න පුළුවන්!!! එකම ප්‍රශ්ණේ තිබුනේ, ඔය කෙහෙල්මල් කතන්දර වලින් කාටවත් කිසිම වැඩක් නැති එක විතරයි!!! ඒකයි කිව්වේ නැත්තේ. හැබැයි යම් යම් අවස්ථා වල උන්වහන්සේ, මේ සක්වල / විශ්වය ගැන කරුණු ගොඩාක් කියල දීල තියනවා!!! බුදුණුවනින් දකින්න බැරි, මේ සත්වයා සංසාර ගමනට වැටුනේ කවදාකද කියන එක විතරයි බව උන්වහන්සේ කියල තියනවා.

    බුදුරජාණන්වහන්සේගේ අවබෝධයට අනුව, අවුරුදු කල්පයකට වතාවක් මේ සක්වල එහෙම්පිටින් විනාශ වෙලා අළු දූවිලි වෙලා යනවා!!! එහෙම උනාම ඉර, හඳ, ග්‍රහලෝක කියන මොනවත්ම ඉතුරුවෙන්නේ නැහැ!!! ඊළඟට ආයෙම මේ චක්‍රාවාටය අලුතෙන්ම සකස් වෙන්න පටන්ගන්නවා!!! එහෙම හිරු, සඳු, ග්‍රහලෝක සකස්වෙලා, ආයෙම මේ තත්වෙට එන්නත් අවුරුදු කල්පයක් ගතවෙනවාලු!!! සකස්වෙච්ච සක්වල විනාශවෙලා යනතෙක් කාලය 'සංවට්ට කල්පයක්', විනාශ වෙච්ච සක්වල නැවත සකස්වෙන්න ගතවන කාලය 'විවට්ට කල්පයක්' හැටියටයි අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නේ, මට මතක විදියට! ගෞතම බුදුරජාණන්වහන්සේ වරක් ප්‍රකාශ කළා, තමන් වහන්සේ පෙරුම් පිරු අවධියෙහිදී අවුරුදු 7 ක් එකදිගට මයිත්‍රී භාවනාව වඩල, සංවට්ට විවට්ට කල්ප 7ක් එකදිගට මනුස්ස ලෝකයක උපත නොලබා, දිව්‍යලෝක වලින් බ්‍රහ්මලෝක වලට, බ්‍රහ්මලෝක වලින් දිව්‍යලෝක වලට මාරු වෙවී ජීවත්ව සිටිය බව!!!

    ඊළඟට, වැඩේ තියෙන්නේ... මුළු සක්වලම විනාස වෙලා ගියත්, සත්තු ටික එහෙම්ම මයි!!! උන් අර, කාන්තාර ප්‍රදේශවල ඉන්න සත්තු රස්නෙට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ධ්‍රැව ප්‍රදේශවල ඉන්න සත්තු සීතලට ඔරොත්තු දෙන්න සකස්වෙලා වගේ, ලෝක බෝලේ ගිනිඅරන් පුපුරලා විනාස වෙලා යද්දී, ආභස්සර කියන ස්වභාවයට පත්වෙලා, දිගටම පවතිනවාලු!!! ඒ කියන්නේ, මේ ඉන්න තරමක් සත්තු (මතකනේ... බුදුරජාණන්වහන්සේ සත්තු කිව්වේ තිරිසන්, පෙරේත, දෙවි, මනුස්ස සේරටම බව!) ඒ කාලයට ගැලපෙන විදියට ආලෝක බඳු ශරීර ස්වභාවයක් ඇතුව ඉපදිලා ඉන්නවලු!!! එතකොට ඒ එකිනෙකාගේ වෙනස තම තමන්ගේ ආලෝකයේ ප්‍රභාවය හා වර්ණය විතරයි!!! මේ මුළු කතාන්දරයම කර්ම ශක්තිය සම්බන්ධ දෙයක් නේ... ඉතින් ගොඩාක් පින් තියන, වාසනාවන්ත සත්වයෝ දීප්තිමත්, ප්‍රභාශ්වර ආලෝක හැටියටත්, කරුමක්කාරයෝ අඳුරු, දුර්වර්ණ ආලෝක හැටියටත් ආයෙම සක්වල සකස්වෙන තෙක් අවකාශයේ කරක්ගහ ගහ ඉඳීවි!!! අම්බානක් කල් ඉඳලත් ඇති... දැන් මතක නැහැ නේ!!

    ඔන්න ඔය විදියට ඉඳල, ආයෙම සක්වල සකස්වෙලා, පෘතුවිය / හිරු / සඳු සකස්වෙලා ඉවර උනාම ඔය සත්තු එක එක්කෙනා පහලට බැහැල, ආයේ තිරිසන් / පෙරේත / මනුස්ස ශරීරත් ඇතිවෙලා කට්ටියම මේ ඉපදී ඉපදී මැරි මැරී යන ගමන ආයේ පටන් ගන්නවලු!!! ඉතින්, 'මැවිලි' කතන්දර, අලුතෙන් හැදෙන කතන්දර මොකවත් නැහැ... පරණ කට්ටක් තමයි මේ තාම කාගෙන කාගෙන යන්නේ!!! අපි ඔව්ව දන්නේ නැහැ නේ... ඒ හන්ද අපි එක එක්කෙනා මේ සැරේ පටන්ගත්තු තැන, මේ ජීවිත පටන්ගත්තු තැන ඉඳල බලමු!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පටන් ගන්නේ ඉතින් ඉපදෙන තැනින් නේ... ඔන්න ඔය ඉපදීම 4 ආකාරයකට සිද්ධවෙන බව බුදුරජාණන්වහන්සේ අපිට කියලා දුන්න. ඒ අණ්ඩජ (බිත්තර වලින්), ජලාබුජ (මව් කුසක), සංසේදජ (තෙත් පරිසරයක) සහ ඕපපාතිකව (හිටිවනම) කියලයි. අණ්ඩජ, ජලාබුජ ඒවා common නේ... සංසේදජ කියන එකත් දකින්න පුළුවන් මාළුන් සම්බන්ධයෙන් නම්... ඒත් ඕපපාතික කතාව අපේ ඇස්වලට පේන එකක් නෙවෙයි!! ඒ විදියට තමයි නිරී සතුන්, ප්‍රේතයින්, දෙවි වරුන් සහ බ්‍රහ්මයින් උපදිනවා කියන්නේ. දැන් මේ ඉන්න කෙනෙක් මැරිලා පෙරේතයෙක් හැටියට ඉපදුනා කියමු... එයාට කිසිම අමුත්තක් වත් දැනෙන්නේ නැහැ සමහර වෙලාවට! කාත් එක්ක හරි කතා කරන්න ගියාට එහෙම කරන්න බැහැ... එයාව කාටවත් පෙන්නේ නැහැ... බඩගින්නක් / පිපාසයක් දැනුනට කන්න බොන්න බැහැ / නැහැ... මොකුත් අතට අහුවෙන්නේ නැහැ... ඔන්න ඔහොම case එක සිද්ධ උනායින් පස්සේ තමයි මොලේ පෑදෙන්නේ!!! හැබැයි time passed!!! ඊළඟට නිරය, පෙරේත, තිරිසන් ලෝක වල ඉපදුනාම කල්ප ගණන්, මීට පෙර තමන් ගතකල ජීවිත ගැන සිහිවෙන්නත් ගන්නවා ලු!!! ඇයි විඳවන්න නේ තියෙන්නේ... ස්වභාව ධර්මයෙන්, දෙන එක දෙනවලු ඇට්ටි හැලෙන්නම!!! අනික පොඩි කාලෙකට එහෙම නෙවෙයි... අවුරුදු 20,000, 30,000 ගණන් ආයුෂත් තියනවලු ඒ එක ජීවිතයක!!! ඇති පදමට විඳවන්නයි සේරම එහෙම වෙලා තියෙන්නේ... බය වෙන්න දෙයක් නැහැ... ඔය විදියට අම්බානට 'කටු කාගෙන' තමයි මේ අපි හැමෝම ඇවිල්ල තියෙන්නේ!!! ආයි කවදාවත් ඒ විදිය 'කටු සුප්පු කරන්න' නොවෙන්න තමයි දැන් අපිට බුදුරජාණන්වහන්සේ ගේ පිහිට ඕනේ වෙන්නේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපිට වැඩේ පටන්ගන්න තියෙන්නේ උපදින එකෙන් කියල තේරුණා නේ? ඊළඟට උපත් වර්ග 4ක් ගැන බුදුහාමුදුරුවෝ කියල දුන්න බවත් දැක්ක නේ? ඉතින් ඔය 'උපත' කියන එක බුදුරජාණන්වහන්සේ දැක්වුයේ මෙන්න මේ විදියටයි. ජාති (උප්පත්තියක්), සංජාති (විශේෂ උප්පත්තියක්), අභිනිබ්බන්ති (පහලවීමක්), ඔක්කන්ති (මව්කුසක බැසගැනීමක්), කන්දානන් පාතුභාවෝ (පංච උපාදානස්කන්ධයන්ගේ බැස ගැනීමක්), ආයතනානං පටිලාභෝ (ආයතන 6 ලැබීමක්), උපතක් ලෙස හඳුන්වනවා කියලයි!!! ඉතින්, අර කලින් හඳුන්වපු 4 ආකාරයේ උප්පත්ති වලින් කොයි එකක් සිද්ධ උනත් වෙන්නේ ඔච්චරයි!! හැබැයි දැන් මේ කස්ටිය හිතාගෙන ඉන්නේ 'මනෝකාය' කියන එක මෙතනින් එලියට ගිහිල්ල අලුත් එකට බහිනවා, නැත්නම් මැරෙනකොට විඥාණය මෙතනින් පිටවෙලා ඊළඟ එකට යනවා, එහෙමත් නැත්නම් මැරෙනකොට විඥාණය එලියට ගිහින් ආයේ ඉපදෙනකම් එලියට වෙලා කරක් ගහ ගහ ඉන්නවා කියල නේ... කෝ එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ නේ?? අන්න ඒකයි වැඩේ... හුඟ දෙනෙක් ඇත්ත දන්නේ නැහැ!! අහල තියෙන්නේ එක එක්කෙනා ගොතපු, හිතල කියපු පිස්සු කතන්දර ටිකක් විතරයි!!! ඇත්තටම නම් මේ සත්වයාගේ පැවැත්ම, ජීවිතයකින් ජීවිතයකට යන්න හේතුවෙන ස්වභාවය, බුදුහාමුදුරුවෝ කිව්වේ 'විඥාණය පැලවීමක්' හැටියට මිසක් විඥාණය තැනකින් තවත් තැනකට යාමක් හැටියට නෙවෙයි!!! කම්මන් කෙත්තන් (කර්මය නමැති කුඹුරේ), විඥාණං බීජං (විඥාණය නමැති බීජය), තන්හා සිනේහෝ (තණ්හාව නමැති වතුරෙන් තෙමි තෙමී) පැලවෙනවා කියලයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ!! හුඟදෙනෙක් ඇත්ත දන්නේ නැතුව, කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙනයි ඉන්නේ!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ කතාවට ලියන්න ඕනේ කරුණු කල්පණා කරන කොට ගලාගෙන ගලාගෙන එනවා... ඒත් ඒ කිසි එකක් හිතට එන speed එකෙන්ම කියන්න / ලියන්න ක්‍රමයක් නැති එක තමයි මට තියන එකම අවුල! කාලයක් short notes ගහගන පස්සේ හද හද දාන එක කලා... ඒත්, ඒකත් මහා වදයක් / නිෂ්ඵල මහන්සියක්. මොකද එක සැරේකට හිතෙනවට වඩා වෙනස් ඊළඟ පාර හිතෙන ඒවා! හැබැයි සමහර විට මුලින් හිතුන ඒවා වඩා හොඳයි... කියල හිතුනු වෙලාවට, 'අනේ... notes දාල තිබ්බනම් හොඳයි නේ...' කියලත් හිතෙනවා. කොහොම උනත් මේ ටිකේ ඔය කොයිඑක කරන්නවත් fit නැහැ. වෙන වෙන දේවල් ගොඩකට අවධානය යොමුකරන්න, කාලය යොදවන්න වෙලා තියෙන්නේ...

    පොඩි වැදගත් කරුණක් සඳහන් කරන්න හිතුන. පොඩි උනාට ඉතාමත් වැදගත්!! අපි තණකොළ වැවිච්ච පිට්ටනියක් මැද්දෙන් ඇවිදින අවස්ථාවක් ගැන බලමු. එහෙම එක පාරක් දෙපාරක් ඇවිද්ද කියල මොකුත් සලකුණක් වත් හිටිනවද? නැහැ නේද? ඒත් පුරුද්දක් හැටියට මාසයක් විතර එකම පාරක ඇවිද්දොත්?? අන්න එතකොට අඩිපාරක් හිටිනවා! අපේ ජීවිතේට ඔය කතාව ගොඩාක් වැදගත්!!

    ඇත්තටම අපි මේ ලබපු වාසනාවන්ත මනුස්ස ජීවිතේ උපරිම ඵලය නෙලාගන්න අපිට ශ්‍රී සද්ධර්මය අත්‍යවශ්‍යයි!!! ඒත් හුඟ දෙනෙකුට ඔය පාලියෙන් තියන වැදගත්ම කරුණු මතක හිටින්නේ නැහැ. අන්න ඒකට... ඔය පිට්ටනිය මැද්දෙන් යන විදියට කරන්න! එකම ගාථා කොටස මතක හිටිනකන්ම, නැවත නැවත කියවන්න!! උදාහරණයක් හැටියට 'ඉති ඉමස්මිං සති ඉදං හෝති' {'මෙය' (X කියමු) ඇත්නම් 'මෙය' (Y කියමු) වේ!} කියන කොටස සිය පාරක් විතර කියවන්න... ලස්සනට record වෙලා තියේවි!! ඊළඟට ඕක නැවත නැවත හිතින් මෙනෙහි කරලා (memory refresh) හදාගත්තම 'පොත්' ඕනේ නැහැ!! දැන් මේ මම නෙලාගෙන නෙලාගෙන යන්නෙත් එහෙම try කරලා try කරලා store කරගත්ත කරුණු තමයි!! අනික ඒ route එකේ, මාත් එක්ක ආවොත්, නවතින්නෙත් 'කරටියටම ගිහිල්ල' තමයි!!! most probably a non returner වෙලා තමයි!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉතින්, මේ... තණකොළ පිටියක් මැද්දෙන් සෑහෙන වාර ගණනක් ඇවිදන් ගියාම අඩිපාරක් හිටිනවා වගේම තව කරුණු දෙකක් කියන්න පුළුවන්! දන්නවද? අපි හිතමු ඉදලක් අරන් මිදුල අතුගානවා කියල... දැන් නිකමට හරි එකම තැනක් දිගින් දිගටම අතුගෑවොත් මක් වෙයිද?? කිසි කතාවක් නැහැ එතන වලක් වගේ හෑරෙනවා!! ආයි නිකම් කෝටු කෑල්ලක් වගේ එකකින් පොලවේ එකම තැනක ඉරක් වගේ ඇඳ ඇඳ හිටියොත් එතන කාණුවක් වගේ හෑරෙනවා!! ඔය එක පැත්තක්... ඊළඟට කල්පණා කරලා බලන්න ඔය පිත්තල බඩු, සපත්තු එහෙම නැත්නම් සිමෙන්ති පොලව වගේ ඒවා polish කරනකොට වෙන්නේ මොකද්ද කියල... polish කරන්න කරන්න දිස්නෙ ගහන්න, දිලිසෙන්න ගන්නවා!! නේද??

    ඔන්න ඔය කතන්දරේ මේ අපේ හිත්වලත් ඔය විදියටම සිද්ධ වෙනවා!!! එකම දෙයක් ගැනම දිගින් දිගට මෙනෙහි කිරීම!! හැබැයි ස්වභාවයෙන්ම ඔය ගතිලක්ෂණය අපිට ඇතිවෙලා තියෙන්නේ අපිට අවාසි ආකාරයට!! හැබැයි අපිට ඒ ස්වාභාවිකවම ලැබිලා තියන ගතිය ප්‍රයෝජනයක් ගැනීමට, අපේ වාසියට, පාවිච්චි කරන්නත් පුළුවන්!! එයින් එකක් තමයි පාඩම් කිරීම!! අර කලින් කිව්වේ... සිය පාරක් හරි කියවන්න... ඊළඟට හිතෙන් මෙනෙහි කරන්න... කියල! ඊළඟට අපිට ඔය ස්වභාවිකව ලැබිච්ච ගතිලක්ෂණය අනිවාර්යයෙන් අවශ්‍ය වෙන තැන තමයි, ණිවන් දැකීම!!! ඒක මේ... ආවට ගියාට 'සුටුස් ගාල' කරන්න පුළුවන් දෙයක් නෙවෙයි!! ඒත්, මුලින් අපි ඇත්ත දැනගෙන, සත්‍ය අවබෝධ කරගෙන, ඊළඟට නියමාකාරයෙන් ක්‍රියාවේ යෙදෙව්වාම, අපිට 'ණිවන් දකින්න' පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ තමයි මේ සේරම අපිට කියාදීල තියෙන්නේ!!! හැබැයි ඔයාලට මේවා අහන්න ලැබිල තියනවද දන්නේ නැහැ... මොකද හැම ගුරාටම මේ 'vital stuff' අහුවෙන්නේ, 'click' වෙන්නේ නැහැ!!! හැබැයි අපේ හාමුදුරුවෝ මේ සේරම highlight කරකර තෝරලා දුන්න!!! ඒකෙන් තමයි මාත් දන්නේ!! ඒවගේම තමයි මාත් ඒවා තිතටම අල්ලගත්ත... ඒ හන්ද තමයි ණිවන් දැක්කෙත්!! නැතුව ඔලුව විකාර වෙලා එහෙම නෙවෙයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සාමාන්‍ය මනුස්සයින්ගේ හිත් රාග, ද්වේශ අරමුණු වලින් පීඩාවට පත්වෙනවා!! එතකොට තමන්වත් නොදැනම, හිත ඒ අරමුණු වල බැහැගෙන, ඒ ඔස්සේම හිත හිතා ඉන්න ගන්නවා!! ඕකට පාලියෙන් කියල තියෙන්නේ 'අජ්ජෝසාය චිත්තං' කියලයි... ඒ කියන්නේ හිත බැසගන්නවා කියන එකයි!! ඒක හරිම භයානක දෙයක්!!! මොකද එතකොට වෙන්නේ හිත තව තවත් පීඩාවට පත්වෙවී මහා අවුලක් නිර්මාණය වීමයි!!! ඒකට කියනවා 'කර්ම රැස්වීම' කියල!!! දන්නවා නේ... "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි" (මහණෙනි, කර්මය යනු චේතනාවයි!!) කියල බුදුරජාණන්වහන්සේ කියල දුන්න එක!!

    ඔතනදි ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්... මුලින්, මොකක්හරි හිත පීඩාවට පත්වෙච්ච කරුණ සිහිවෙනවා... අපි හිතමු මේ කවුරුහරි තමන්ට බැනපු, දොස් කියපු, නිග්‍රහ කරපු දෙයක්... එහෙම නැත්නම් බොහොම පෙරේත කමින් කාපු රස කෑමක් ගැන කියල! [කරුණ = a කියලත් ගමු] දැන් ඕක සැරයක් මෙනෙහිකල ගමන් හිත ආයේ පීඩාවට පත්වෙනවා... [a = a + a වෙනවා... 2a වෙනවා!!] හිත තවත් ඒ අරමුණේ හිර වෙනවා... ඉතින් ආයෙත් මෙනෙහි වෙනවා!! තවත් පීඩාවට පත්වෙනවා... ආයෙත් හිතෙනවා!!! එතකොට a = 2a + 2a ඒ කියන්නේ 4a වෙනවා... දිගට යන්න යන්න වැඩේ a = a + a විදියටම තමයි වෙන්නේ... හිතන්න හිතන්න චේතනාව බලවත් වෙනවා!!! තව තවත් කර්ම රැස් වෙනවා!!! ඉතින් 8a, 16a, 32a, 64a වගේ වෙලා, අන්තිමේදී දන්නෙම නැතුව මහා ජරමරයක් වෙලා තමයි නවතින්නේ!!! අනික මේවා වෙන්නේ විදුලි වේගෙන්... හිතා ගන්න වත් බැරි වේගෙන්!!! ඒ හන්ද තමන්ගේ සිහිය පිහිටුවාගෙන, කල්පණාව නිවැරදි කරගැනීමෙන්ම පමණයි ගැලවීමක් ලබන්න පුළුවන් වෙන්නේ!!!

    බුදුහාමුදුරුවෝ ඔය විදියට හිත පීඩාවට පත්වෙන කරුණු ඔස්සේ හිතන්නත් එපා කියල තියනවා!! 'අකුච්චි මං, අජිනි මං, අහාසි මේ...' කියල කරුණු වගයක් තියනවා... එච්චරම මතකයක් නැහැ! කොහොම හරි කියවෙන්නේ, මට බැන්නා... මට දොස්කිව්වා... මට නිග්‍රහ කළා... වගේ ඒවා නැවත නැවත හිතන්න තියාගන්න එපා කියන එක තමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් ඔය එපාය කියපු ඒවා ඔය උදවියත් කරන්න එපා!! අනික ආගම්, ජාති කතාවක් මේකට අදාලම නැහැ... කවුරු උනත් කේන්ති යන, ජුවල් යන දෙයක් ගැන හිතන්න හිතන්න 'යකා හිස්මුදුනටම නගිනවා' නේ? අත්දැකීමෙන්ම දන්නවා නේ ඒවගේ වෙච්ච දේවල් ගැන... නේද? ඒ විදියටම ආසාවල් ඇවිස්සෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න එපා!! ඒවා අමතක කරලා දාල, හිත සංසිඳෙන දෙයක් ගැන හිතුවම සහනයක් ලැබේවි!! ඇත්තටම, මේ වගේ සත්වයාගේ හිතසුව පිණිස පවතින යම් තරමක් දේවල් තියනවද, ඒ සියල්ල බුදු කෙනෙක්ගෙන් තමයි ලෝකයාට ලැබෙන්නේ!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... බුදුගුණ සිහිකරන්න... බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉගෙන ගන්න බලන්න... කොයි කාටත් තියන ලොකුම සැනසීම බුදුරජාණන්වහන්සේ තමයි!!!

    සත්වයා කියන 'එකාට' ජාතියක්, ආගමක් කියල දෙයක් නැහැ!! මොලේ කල්පණා කරන්න පුළුවන් උදවිය මෙන්න මේක චුට්ටක් හිතන්න... මේ ඉපදිච්ච හුඟදෙනෙක් ඉපදුනේ පොදු ස්ථාන වල!! ඒවාට හැම ජාතියකම, හැම ආගමකම උදවිය එනවා!! නිකමට හරි සුනාමියක්, භූමි කම්පාවක්, සුළි සුළඟක් වගේ මහා විශාල ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සු සී සී කඩ උනොත් මොකක් වෙයිද?? ඉපදිච්ච ගමන් ළමයි තොගයයි... ඔය වෙලාවට තම තමන්ගේ එවුන් හොයන්න වෙන්නේ නැහැ කීයටවත්... සේරම 'අන්ජානං' වෙලා යනවා!!! ජාති, ආගම් කතන්දර සේරම ඇනිලා යනවා!!! දෙය්යෝ මවපු එක්කෙනා සංසාර ගමනක් ගැන කියවන්න ගන්නවා... සංසාර ගමනක් ගැන කියවන්න හිටපු එකා මේ අලුතෙන්මයි පටන් ගත්තේ... ඒවගේම මෙතැනින්ම ඉවරයි කියනවා. මලකෙලියක් තමයි වෙන්නේ... ඒක හන්ද, බොරු මනස්ගාත පැත්තකින් තියල, ඇත්ත ඉගෙන ගත්තොත් කාට කාටත් වැදගත් වේවි!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් ඉතින් ඔය එපාය කියපු ඒවා ඔය උදවියත් කරන්න එපා!! අනික ආගම්, ජාති කතාවක් මේකට අදාලම නැහැ... කවුරු උනත් කේන්ති යන, ජුවල් යන දෙයක් ගැන හිතන්න හිතන්න 'යකා හිස්මුදුනටම නගිනවා' නේ? අත්දැකීමෙන්ම දන්නවා නේ ඒවගේ වෙච්ච දේවල් ගැන... නේද? ඒ විදියටම ආසාවල් ඇවිස්සෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න එපා!! ඒවා අමතක කරලා දාල, හිත සංසිඳෙන දෙයක් ගැන හිතුවම සහනයක් ලැබේවි!! ඇත්තටම, මේ වගේ සත්වයාගේ හිතසුව පිණිස පවතින යම් තරමක් දේවල් තියනවද, ඒ සියල්ල බුදු කෙනෙක්ගෙන් තමයි ලෝකයාට ලැබෙන්නේ!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ ගැන හිතන්න... බුදුගුණ සිහිකරන්න... බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන එක ඉගෙන ගන්න බලන්න... කොයි කාටත් තියන ලොකුම සැනසීම බුදුරජාණන්වහන්සේ තමයි!!!

    සත්වයා කියන 'එකාට' ජාතියක්, ආගමක් කියල දෙයක් නැහැ!! මොලේ කල්පණා කරන්න පුළුවන් උදවිය මෙන්න මේක චුට්ටක් හිතන්න... මේ ඉපදිච්ච හුඟදෙනෙක් ඉපදුනේ පොදු ස්ථාන වල!! ඒවාට හැම ජාතියකම, හැම ආගමකම උදවිය එනවා!! නිකමට හරි සුනාමියක්, භූමි කම්පාවක්, සුළි සුළඟක් වගේ මහා විශාල ස්වභාවික ව්‍යසනයක් වෙලා මිනිස්සු සී සී කඩ උනොත් මොකක් වෙයිද?? ඉපදිච්ච ගමන් ළමයි තොගයයි... ඔය වෙලාවට තම තමන්ගේ එවුන් හොයන්න වෙන්නේ නැහැ කීයටවත්... සේරම 'අන්ජානං' වෙලා යනවා!!! ජාති, ආගම් කතන්දර සේරම ඇනිලා යනවා!!! දෙය්යෝ මවපු එක්කෙනා සංසාර ගමනක් ගැන කියවන්න ගන්නවා... සංසාර ගමනක් ගැන කියවන්න හිටපු එකා මේ අලුතෙන්මයි පටන් ගත්තේ... ඒවගේම මෙතැනින්ම ඉවරයි කියනවා. මලකෙලියක් තමයි වෙන්නේ... ඒක හන්ද, බොරු මනස්ගාත පැත්තකින් තියල, ඇත්ත ඉගෙන ගත්තොත් කාට කාටත් වැදගත් වේවි!!!


    100% කතාව ඇත්ත
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'පව්' කියල බුදුහාමුදුරුවෝ දක්වපු සේරම, වෙන කෙනෙකුට නරකක්, නපුරක්, අහිතක් වෙන දෙයක්!!! ඒවායින් වලකින්න මහා අමාරුවක් නැහැ!! සුළු දෙයයි කරන්න ඕනේ!! චුට්ටක් හිතන්න, වෙන කෙනෙක් තමාට ඒ විදියට කලොත් කොහොමද? තමන්ට මොනවා හිතෙයිද? හොඳයිද/නරකයිද? කියල... අපි සත්තු මරන්න කැමතිනම් වෙන අය අපිව මරනවට කැමති වෙන්න ඕනේ!! කැමතිද?? කැමති නැත්නම් සත්තු මරන්න එපා!! මොකද, උනුත් කැමති නැහැ උන්ව මරනවට. දැක්කේ නැති දෙයක් දැක්ක කියල, ඇහුනේ නැති දෙයක් ඇහුනා කියල, දැක්ක දෙයක් දැක්කේ නැහැ කියල එහෙමත් නැත්නම් ඇහුන දෙයක් ඇහුනේ නැහැ කියල (බොරු කියල) කාට හරි නරකක්, අවැඩක් කරන්න කැමතියි කියමු! වෙන කෙනෙක් තමන්ට එහෙම කලොත් කොහොමට හිටීද කියල පොඩ්ඩක් හිතල බලන්න!! කැමති නැහැ නේද?? අන්න ඒක තමයි... එහෙම කැත වැඩ තමන් අනුන්ට කරන්නත් එපා!! ඔය විදියට කල්පණා කරලා බලනවට තමයි කියන්නේ 'අත්තානං උපමන් කත්වා' කියන එක... තමන්ව ආදේශ කරලා හිතල බලන්න කියන එක! තමන්ට නරකක් වෙන, තමන්ට අවැඩක් වෙන දේවල් අනික් අයට කරන්නත් එපා! පව්!!

    ඔන්න ඔය විදියට සිතින්, කයෙන් හා වචනයෙන් සිදුවෙන සියලු පව් කටයුතු වලින් වලකින්න!!! මොකද තමන් අනිවාර්යයෙන් ඒවායේ විපාක වලට ගොදුරු වෙනවා!!! ඒවගේම ඉතා වැදගත් දෙයක්... මේ වෙනකොට තම අතින් නොදැනුවත් කමින් හරි, නොසැලකිල්ලෙන් හරි වෙච්ච පව් කම් තියනවා නේද?? අන්න ඒවා නැවත නැවත මෙනෙහි කරන්නත් එපා!! මොකද අර ඉදලෙන් අතුගානකොට, කෝටු කෑල්ලකින් පොලවේ ඉරි අඳිනකොට උනා වගේ වෙනවා!! ඒක තමන්ට අහිතකරයි!!! කරන්න ඕනේ මෙන්න මෙච්චරයි. ඒවගේ කලින් වෙච්ච දෙයක් සිහිවෙච්ච වෙලාව, හොඳට හිත හදාගෙන අධිෂ්ඨාන කරගන්න 'මම දැනගෙන හිටියේ නැති හන්දයි එහෙම උනේ... ආයේ නම් කවදාවත් මම ඒවගේ දේවල් කරන්නේ නැහැ...', 'මම හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරපු එකෙන් එහෙම දෙයක් උනාට මෙයින් මතුවට නම් කවදාවත් ඒවගේ දේවල් වෙන්න දෙන්නේ නැහැ...' එහෙම කියල!!!

    ඊළඟට වෙන කෙනෙක් තමන්ට කරන තමන් කැමති වෙන, තමන්ට යහපත පිණිස හේතුවෙන, හොඳක් වෙන දේවල් තියනවා නේද?? අන්න ඒවගේ දේවල් අනික් උදවිය වෙනුවෙන් කරන්න!! ඉස්තරම්ම විදියට කරන්න... පුළුවන් උපරිමයෙන් කරන්න... ඒවා පින්!!! ඊළඟට වඩාත්ම වැදගත් දෙය තමයි ඒ කරපු පින් සියල්ල නැවත නැවතත් සිහිකරන්න!!! polish කරනකොට වෙන දේමයි වෙන්නේ!!! 'පින' තව තවත් බබලන්න ගන්නවා... හිත සතුටින් ඉපිලෙන්න ගන්නවා!! ඒක සැපයක්... ඒ සැපය තමයි පින!! 'සුඛස්සේතං භික්ඛවේ අධිවචනානි පුඤ්ඤානි' (මහණෙනි, පින යනු සැපයට තවත් නමකි) කියල බුදුහාමුදුරුවෝ කියලා දුන්න. අන්න ඒවා තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ... අපේ යහපත පිණිස පවතින්නේ.

    අවබෝධයෙන් යුතුව බුදුරජාණන්වහන්සේව සරණ ගිය මොහොතේ පටන් පින් තමයි!!! ඒ පින් උපරිමයට යනවා අපි මේ යන ගමනේදී... අනිත්‍යය දකිද්දී!! එතකොට ආයේ සංසාරේ රැඳෙන්නේ නැහැ... එලියටම විසිවෙලා යනවා!!:) මේ කියන දේවල් මේ විදියටම හිතට දාගෙන, මෙතැන් පටන් තම තමන් ඊට අනුකූලව වෙනස් වෙන්න!! ජීවිතය හැඩගස්වා ගන්න!! real time upgrade වෙන්න!!! අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින්... ඔහොම යං ඔහොම යං
     
    • Like
    Reactions: conservative