'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සිතින් සියලු දේ අත්හරින්න පුරැදු වෙනවානම් ගොඩක් වටනවා. සිතෙන් අතීතයටත් අනාගතයටත් යා නොදී වර්තමානයේ මේ මොහොතේ සිටින්න . සියලු සිතිවිලි නැතිකල විට නිර්වාණය අත ලගය.


    මේ ලෝකයේ කාලයෙන් කාලයට සත්‍යය ප්‍රකාශ කරන අය පහල වේ. එම සත්‍යය කියන අයට සමහර මිනිසුන් පීඩා කරති. නමුත් ඒ අය මොන බාධාව අවාත් පරම සත්‍යයම ප්‍රකාශ කරති.

    niyamayi yaaluwa!!!

    oyaa wage aya thawa godaak rate, loke innawa. e aya issarahata enna one!!! moda, motta porawal hadala ganna amaaruyi ehema nowunoth. ethakota un paw wenawa...

    mama danne naa oya kage kawuda kiyala. Mahamevnawe kenek nam awulak naa!! habayi ehema unaa kiyalath jeewithe jayaganna amaaruyi. eth Mahamevna walata ekathuwechcha kollo/kello raanama goda giyoth mulu lokema wenas karanna puluwan!!! ehema karamu.

    mage target eka nam eetath eha!!! Buduhamuduruwo, Dharmaya labanna wenne nathi pirisa handunwala dunna. anna e aya arenna wena kisi ekek me sare lost wenna baa!!! ekko anaagaamee nathnam finish!!! kohomata wath 7 kata ehaa nam baa!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    pudumath athi neda?? awulak naa...
    habayi mula indanma maath ekka crash wechcha mensoft, kimbula, mahasona, grama sewakaya, 121221 da mokada eka, ranenat, seramala set unaa nam thamayi honda!! habayi id godak unaata porawal hatiyata ekek nathnam dennek witharada danne naa :rofl::rofl:
    kohomath ekayi!! hamoma balanawa nam e athi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අර, හුඟදෙනෙක් හයියෙන් අල්ලාගෙන ඉන්න case එක, කාම තණ්හාව! අන්න එතනින් පටන් අරගෙන ආපස්සට බලාගෙන බලාගෙන ආවා මතකද?? ඒ බලපුවහම, කට්ටිය මහා ලොකුවට හිතාගෙන හිටිය තණ්හාව ඉබේ හැදිච්ච දෙයක් නෙවෙයි නේ? තණ්හාව ඇතිවෙලා තිබුනේ විඳපු හන්ද!! ඊළඟට ඒ විඳීම් ඇතිඋනේ ඇයි කියල බැලුවම, වින්දේ ඉස්පර්ෂ තිබුණු හන්ද කියල දැක්ක... ඇයි මේ ඉස්පර්ෂ කියල බලාගෙන බලාගෙන යනකොට, ඒ ආයතන 6 තිබිච්ච නිසයි!! බව දැක්ක... ආයතන හැදුනෙත් ඉබේ නෙවෙයි... නාමරූප තිබිච්ච නිසයි, ආයතන හැදුනේ!! නාමරූප ඇතිවුනෙත් ඉබේ නෙවෙයි... විඥාණය තිබුණු හන්දයි නාමරූප ඇතිඋනේ!! කියලත් දැක්ක. හරි නේ? නේද?? දැනට මේ ටික ඇති!!! ඇයි ඒ? කියල හිතන්න පුලුවන්ද?? ඔය තමයි මේ ආත්මයේ අපේ ජීවිත පටන්ගත්ත තැන ඉඳලා, මේ වෙනකම් අපිට අදාළ වෙන පටිච්චසමුප්පාදයේ 'පුරුක්' ටික නැත්නම් හේතු/ඵල ටික!!!

    අපි ඕවා දැනගෙනද ඉපදුනේ?? නෑ නේ... ඉතින් ඒක හන්ද කාම තණ්හාව ගැන කලබල වෙන්න එපා!! ඒක ඔහේ තිබිච්චාවේ. අනික් එක, ඔය පිටින් පේන්න තියන කාම තණ්හාව පොඩි case එකක්!! ජීවිතය කියන්නේ ටොපියක් නම්, හරියට ඒ ටොපිය ඔතල තියන කොලේ වගේ!! ඒක එච්චර ගනන්ගන්න දෙයක් නෑ... 'ටොපිය' තමයි බරපතලම කතන්දරේ!!! ඒක ඇවිල්ල 'ලොකූ ටොපියක්'!! මොකද පිටින් එකක් වගේ පෙනුනට, ඇතුලට යනකොට තා එකක්... හරියට 'මැද චොකලට්, වටේට මෝල්ට්':rofl: වගේ!!! ඒකෙනුත් වටේ ටික චුට්ටයි... 'භව තණ්හාව' කියන්නේ... ඒ කියන්නේ, නැවත නැවත ඉපදීමට තියන ආසාව!! මැද්ද තමයි serious ම case එක... 'විභව තණ්හාව'!! ඒ කියන්නේ විභවයක්, potential එකක්, 'මම'ය... 'මම'වෙමි... කියල පවත්වන්න / පවත්වාගෙන යන්න තියන ආසාව!! තියන බරපතලම එක!!! ඔය 'චොකලට්' නොතිබුනා නම්, වටේට මෝල්ට් ගාන්න දේකුත් නෑ!! ඔතන්න කොලයක් ඕනේ වෙන්නෙත් නෑ!!! ඒකයි ඇත්ත කතාව. :yes::yes::yes:

    හැබැයි, සම්ප්‍රදායික ක්‍රමයට නම් මේ ටික බලපාන්නේ අනික් අතට... සිත/කය/වචනය සංවර කරගෙන, ඉඳුරන් දමනය කරගෙන එනකොට, කාමයන් ගෙන් වෙන්වෙන්න තමයි අන්තිම අමාරු. ඊළඟට යන්න යන්න ලේසියි! මේ යන විදියෙදී, දැනටම දැක්ක නේ කම් සැප විඳිනවා කියල අහුවෙලා තිබිච්ච රැවටිල්ල?? ඉස්පර්ෂ ටිකක් වින්ද මිසක් කිසි දෙයක් අපිම කාල, රසවිඳලා, පහස ලබල නැහැ නේ?? ඒ හන්ද ඒවයෙන් එච්චර බලපෑමක් හිටින්නේ නෑ!! කාමයන්ට අහුවෙනවා, අහුවෙන්න යනවා, වගේ තේරෙණ කොට මේ ඇඟ ඇතුලේ ඇත්තටම වෙන දේ ගැන හිතන්න... එතකොට 'පට් ගාල' ආසාවේ 'සැර බාලවෙනවා'!! ලේසියෙන්ම කාම ආසාවන් ගෙන් ගැලවෙන්න පුළුවන්!! ඒවාට අහුඋනේ නොදන්න කමට! දැනගත්තට පස්සේ කතාව වෙනස්!! පටිච්චසමුප්පාදයෙනුත් ඒක වෙන්නේ එහෙමයි කියල පෙන්වන්න පුළුවන්... පස්සේ බලමු. අනික් එක කාලෙන් කාලෙට ආසාවල් වෙනස් වෙනවා. කාලෙකට කලින් බෙල්ල කඩාගෙන දඟලපු ඒවා ගැන දැන් කිසිම ආසාවක්/උවමනාවක් නෑ නේද? කියල මතක් කරලා බැලුවොත් තේරේවි. අනික් එක අපි කලින් ජීවිතවල ඉපදිලා ඉන්නකොටත් ආසාවල්/තණ්හාවල් කොච්චර තියෙන්න ඇත්ද? ඒවා දැනුත් තියනවද?? නෑ නේ...

    අන්න ඒක හන්ද හොඳට දැනගන්න, ආසාව/තණ්හාව බොහොම තාවකාලිකයි... ජීවත් වෙනකම් විතරයි... තමන් 'ඇත්ත' නොදන්නා තාක් විතරයි!!! ඒක අල්ලාගෙන හප හප ඉන්න එපා!! මම එහෙම හප හප ඉන්න දෙන්නෙත් නෑ!!! මේ කරන වැඩෙන් කට්ටියගේ 'ටොපි' කූඹි කාවි!!! එතකොට 'කොළ ගලව ගලව ඉන්න' මොකුත් ඕනේ වෙන්නේ නෑ, ටොපිය විසික්ක කළා... නිකම් හිටිය... එච්චරයි!!! අර නරියයි මිදිවැලයි කතාව දන්නවා නේ... මිදි කන්න බැරිකොට නරිය මොකද කලේ?? 'අයියෝ මේ ජරා මිදි... මේවා තිත්තයි... මේවා කෑවොත් නැති ලෙඩ හැදෙයි...' අනම් මනම් කියව කියව යන්න උනා නේ... උඹලටත් ඒකමයි වෙන්නේ!!! අතහැරලා දාන්නම වෙනවා!!! මං උඹලව 'අනිදස්සන' කරලා දානවා!!!:sorry::sorry: :P:rofl: :):):)
     
    Last edited: