දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    64. රන්මුදු ඇල්ල.

    උස 45m , අඩි 147. දිය ඇලි දෙකකින් සමන්විතයි. නම ආරුඩ උනේ මේ ඇල්ලේ දිය නෑමට පැමිණි සීතාවක රාජසිංහ රජුගේ දියණියගේ රන් මුදුව මේ ඇල්ලේ වැටුන නිසාලු. තවත් මේ ඇල්ලේ සීතාවක රාජසිංහ රජුගේ විශාල නිධානයක් මේ ඇල්ලේ සඟවලා තිබෙනවාලු. මේ නිධානය ආරක්ෂා කිරීමට භූත බලවේගයක් ක්‍රියාත්මක වෙනවලු. මේ නිධානය 2002 ගන්න සැහෙන ලොකු පිරිසක් ගම්මු අල්ලාගෙන පොලිසියට බැරදීලත් තියෙනවා. මේ ඇල්ල උඩින් මෑතකදී පාලමකුත් හදලා තිබෙනවා. මේ ඇල්ල පෝෂණය වෙන්නේ රන්මුතු ගඟෙන්. ඇල්ල පිහිටලා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ මොනරගම, නියන්දහල ගම්මානයේ


    4l6byw.jpg

    ඇල්ලේ ඉහල කොටස

    s4uo11.jpg

    ඇල්ලේ මැද කොටස
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    65. පන්ඩි ඔය දිය ඇල්ල.

    උස 45m , අඩි 147. නම වැටුනේ මේ ඔයේ ඉන්න "පන්ඩි" කියන ඔයේ විරුද්ධ පැත්තට පිහිණන මාළු ජාතියක් නිසා. ඇල්ල පෝෂණය වන්නේ බත්ගුරුල කන්දෙන් පටන් ගන්න පන්ඩි ගඟෙන්. පන්ඩි ගඟ කළු ගඟට එකතු වෙනවා. පිහිටලා තිබෙන්නේ රත්නපුර, වේවැල්වත්තේ බිබිල කියන ගම්මානයේ.


    9867542.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    66. පීස්ස ඇල්ල.

    උස 45m , අඩි 147. නම වැටුනේ "පීස්ස" කියන වචනයෙන්. ආදී කාලේ දුටුගැමුණු රජතුමා මේ ඇල්ල තමාගේ වඩු කාර්මිකයෝ, පෙදරේරු කරුවන්ට මේ ස්ථානයේ එක්රැස් කරලා ඔවුන් හමු වෙලා ඉදිකරන, ඉදිකරන්න නියමිත වෙහෙර විහාර ගැන සාකච්චා පැවැත්වුයේ මෙතන කියලයි සඳහන් වෙන්නේ. එකයි මේ අල්ලට පීස්ස නම වැටුනේ. ලුණුගල කන්ද මුදුනෙන් පටන්ගන්න උල්පතකින් තමයි මෙය පෝෂණය වෙන්නේ. ඉඩෝර කාලෙටත් මේ ඇල්ලෙන් වතුර කඩා හැලෙනවා. වැසි කාලේ මේ ඇල්ල කොටස් දෙකකට ගලනවා. මේ ඇල්ලේ ජලය 5km ක් පමණ උන ඇලමාර්ගයකින් මේ අවට අක්කර 20 ක පමණ වගාවන් වලට ජලය සපයනවා. මේ ඇල්ල පිහිටලා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, පස්සර ගොවි කොලනියේ.


    4832085011c3e2b00bd9b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    67. බාල මාල ඇල්ල.

    උස 32m , අඩි 104. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහන්ගම ප්‍රදේශයේ. කොටස් 3 කින් සමන්විත වෙනවා. ඇල්ල පාමුල 6m ගැඹුර පොකුණක් පිහිටලා තිබෙනවා.


    image0204t.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    68. අහුපිණි ඇල්ල (අසුපිණි ඇල්ල)

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ. මේ ඇල්ල මහා ඔයේ කොටසක්. ඇල්ලේ ඉහල කොටස අයිති වෙන්නේ උඩුවෙල ග්‍රාමසේව වසමට. මේ ඇල්ලේ පාමුල පොකුණේ දිය නෑමට නුසුදුසුයි කියලා කියනවා. ගම්මු කියන විදියට ආදී කාලේ ඉතා ලොකු බලවතෙක් තමාගේ අශ්වයා සමගම ඇල්ලෙන් පැනලා සියදිවිනසා ගත්තලු. ඒ හේතුවෙන් මේ ඇල්ල බියකරු ස්වභාවයක් ගන්නවා.:baffled: සමහර දවස් වල විනාඩි 15 ක පමණ ඇඟ කිලිපොලා යන සද්දක් මේ ඇල්ලෙන් එනවලු. :baffled: මේ සද්දේ අහුනොතින් මාස දෙකක් ඇතුලත මිනිස් බිල්ලක් මේ ඇල්ල ගන්නවලු.:dull::baffled: ආදී කාලේ මේ ඇල්ලෙන් සතර කෝරලේ හා පරණ කුරු කෝරලේ මායිම් වෙන් කෙරුනලු.


    241416asupiniellaaranay.jpg


    img4743z.jpg


    61401694.jpg
     
    • Like
    Reactions: Zeus

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එලකිරි දිගටම කරගෙන යන්න. ට්‍රිපක් යන්න ඕනාවුනම මේක කියවලා තැන් ටිකක් සෙට්කරගන්න පහසුයි එතකොට. :D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එලකිරි දිගටම කරගෙන යන්න. ට්‍රිපක් යන්න ඕනාවුනම මේක කියවලා තැන් ටිකක් සෙට්කරගන්න පහසුයි එතකොට. :D

    elaz. yanda one widiyath samahara than walata kiyala dendath puluwan wei. :yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මගේ 2012 ට පලවෙනි පොස්ට් එක:D

    69. අරදුණු ඇල්ල.

    උස 30m , අඩි 98. නම හැදිලා තියෙන්නේ මේ ඇල්ල දුන්නක හැඩයක් ගන්න නිසාලු. පුරාණයේ වළගම්බා රජු ඉන්දීය ආක්‍රමණ වලින් බේරීම සඳහා මේ ඇල්ලේ ගුහාවක සැඟවිලා හිටියා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. මේ ඇල්ලේ උමගකින් අනික් පැත්තෙන් පස්සර රජමහ විහාරයට යෑමට හැකි උනාලු. දැනට මේ ඇල්ල වියළි කාලයේදී පමණක් දැක බලාගන්න පුළුවන් වෙනවා මොකද මේ ඇල්ල උඩින් තිබෙන තේ වත්ත ආශ්‍රිතව තිබෙන විදුලි බල උත්පාදන යන්ත්‍ර වැඩ කරන්නේ නැති කොට. ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර මැතිවරණ කොට්ටාශයේ මඩොල්සිම ප්‍රදේශයේ. ඇල්ල පෝෂණය වෙන්නේ ලොග්ගල් ඔයෙන්.


    dunuu.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    70. මනාබරණ ඇල්ල.

    උස 23m , අඩි 75. පුරාණයේ රජවරුන්ගේ විනෝදය සඳහා වෙන්වුණු ඇල්ලක් විදියට හැඳින් වෙනවා. වළගම්බා රජුගේ කන්‍යාවියන් මේ ඇල්ලේ බැස දිය නෑ බවත් වළගම්බා රජු ඉහල සිට ගලින් නිමවුණු සිංහාසනයක සිට ඔවුන් දෙස බලා සිටි බවත් හැඟවෙනවා. ඇල්ල කොටස් දෙකකින් කඩා හැලෙන අතර එක ඇල්ලක් නිදහසේ හැලෙන අතර අනික් ඇල්ල පර්වත වල හැපෙමින් කඩාගෙන හැලෙයි. මේ වැටෙන ඇල්ල මොනරකුගේ පිල් විහිදෙන ආකාරයකට අලංකාරයට ඇද හැලෙනවා. ඇල්ල පිහිටලා තියෙන්නේ වැලිමඩ, පුස්සැල්ලාව මාර්ගයේ ලුණුවත්ත ප්‍රදේශයේ.


    manaam.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    71. අහස් බෝක්කු ඇල්ල.

    උස 30m . පිහිටලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම බදුරලිය මාර්ගයේ කලාවන පසුකර අත්වැල්තොට සිට 5km පමණ දුරින් පිහිටි අඹතැන්න පාලම ලඟින් කුම්බුරුහෙන පාරේ තව 1.5km දුරකින් මේ ඇල්ල හමුවේ.


    capturecyr.jpg