සුන්දර ගීයක ඇරබුම,..

user52

Member
Jan 25, 2012
135
36
0
මම ගොඩක් ආසකරන ගීතයක් ගැන කලින් සදහන් වෙලා තියනව දැක්කා.... ඒක නිසා ඒ ගීතය ගැන පොඩ්ඩක් කියන්න හිතුනා....
මේ ස්ථානය හා මෙවැනි සිදුවීම් ගැන ලංකාවේ බොහොමයක් අනර්ඝ ගීත ලියවෙනවා. මේ ගීතයත් එවැන්නක්...

හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පහන ඔබේ සුරතින් දැල් වූ
මං බෝම ප්‍රවේශම් කරගන්නම්

ප්‍රේමය හා විරහව ජීවිතයට කොතරම් සමීපද..... අනේමන්දා කියන්න උපමාවකුත් නැති තරම්......... කසේ නමුත් මේ ගීතයෙන් ගම්‍යවන්නේ කන්ද උඩරට පාදක කරගනිමින් වැඩුන ප්‍රේමයක විරහව ගැනයි... ඇතැම්විට සරසවියේ වෙන්න පුලුවන්.....
සුන්දර කන්ද උඩරට පැත්තෙන් හමාඒන සිසිල් සුලගක අතීත ප්‍රේමයේ මතක සටහන් ගැබ්ව ඇත. ඒ ප්‍රේමය නැමති පහන දැල්වූයේ ඇයයි නමුත් ඇයම ඒ ප්‍රේමය අමතක කර ගොස් හමාරය. නමුත් මේ ප්‍රේමවන්තයා ඒ ප්‍රේමය හා ඒ නිසා ඔහුගේ චිත්ත සන්තානය තුල හටගත් බලාපොරොත්තු නමැති පහන බොහෝම ප්‍රවේශමට ජීවිත කාලය පුරාවටම රැක ගන්නට දරන උත්සාහය...

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැලපෙනවා

මේ විරහව නිසා තරුනයා ගේ සිතෙහි ඇතිවූ හැගීම නිසා ගංගාව ගලන හඩ පවා ඔහුට ඇසෙන්නේ වැලපීමක් ලෙස සංසාරගත වැලපීමක් ලෙස.....

මං තාම මහා වැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා

නමුත් මේ පෙම්වතා ඒ වැලපුම් හඩ මැද්දේත් මහවැලි ගගේ ඉවුර දිගේ ඇවිදයනවා ඒ අතීතයේ ඈ සමග ඇවිදගිය හැටි ආවර්ජනය කරමින් ඒ මතකයන් අමතක වීමට නොදෙන්නටය එසේත් නැත්නම් ඇය දැල්වූ පහන නිවෙන්නට නොදී රැක ගැනීමටය.........

තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහර සිරි නරඹනවා

මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනා

එදා ඇයගේ අතින් අල්ලගෙන කන් පෙතිවලට කොදුරමින් දෝරෙගලන ප්‍රේමයෙන් යුතුව කොතරම් නම් නවර වැව වටේ ඇවිදින්නට ඇත්ද නමුත් අද ඔහු තනිවෙලා.. ඒ සිතේ ඇතිවන තනිකම මකාගන්නට වියයුතුයි ඔහු මේ පෙරහැර බලන්නේ ඒනම් ඔහු ඔහුවම රවටා ගැනීමට උත්සහ කරයි.. නමුත් ඔහුගේ උත්සාහය සාර්ථක නැත ඔහුට එතනදීත් සිහියට නැගෙන්නේ ඇයවමයි...........මහ සෙනග අතර ඇයවම පමනයි......... එනම් මුලුජීවිතේ පුරාවටම ඔහුගේ බලාපොරොත්තුව ඇයමයි, ඇය දැල්වූ පහනමයි..................

ගායනය -: කරුණාරත්න දිවුල්ගනේ
ගී පද -: සුදත් ගාමිණී බණ්ඩාර
ගී තනු -: ගුණදාස කපුගේ (විය යුතුයි යරියටම විශ්වාස නැත වැරදිනම් නිවැරදි කරන්න )

post කිරීමට අවසර ලබාදීම ගැන sasliitට ස්තූතියි
 
Last edited:

thomian

Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    [FONT=&quot]“ගාමන්ට් කෑල්ල”, “ගාමන්ට් බඩුව” යනුවෙන් අප මුවින් ම නිතොර ගර්හාවට ලක්වන අපේ කාලයේ වීර දියනියක වන සන්නාලි සොයුරියකගේ ශෝකාන්තය හෙවත් මරා දැමු අහිංසකාවියක ගේ පළිගැනීමේ නිමිත්ත...........

    [/FONT] [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී...................[/FONT]

    [FONT=&quot]ගීතයට ප්‍රස්තූතය සපයන්නේ ප්‍රවෘත්තියක සිරස්තලයකි.[/FONT]
    [FONT=&quot]“ඇගලුම් සේවිකාව දූෂණය කර මාරා දමලා-පැළද සිටි කණ කර අබරණ ද අතුරුදන්”[/FONT]
    [FONT=&quot]ගීතය රචනා කළ රත්න ශ්‍රී විජේසිංහයන් මේ ප්‍රවෘත්තියෙන් ප්‍රලය වූ ආකාරයයි ඔබ මේ විදින්නේ........[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]
    [FONT=&quot]ඉදි කටුව අතේ ඇණුනා ‍ දෝ නිදන කුමාරී......[/FONT]
    [FONT=&quot]වැරහැළි ඇද අඩු කුළියට සළු මැසුව කුමාරී[/FONT]

    [FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
    [FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
    [FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
    [FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
    [FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
    [FONT=&quot]සත් පතිණි මව්නු අවදිව ඒවී[/FONT]
    [FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය, අඩු කුළියට සළු මසන්නීය. ඒ ඇගේ සහ පවුලේ දුහුනන් ගේ උදර පොහොණිය පිණිසමය. බඩට නොකා, වැරහැළි ම ඇද, රෑ නිදි වරා අමතර පැය ගනනක් සේවය කොට උපයා ගන්නා සොච්චමිනි මේ සොයුරියන් කණ කර පළදින්නට තනවන්නේ. දැන් ඇය නිදන්නේ සුරංගනා කතාවල එන ඉදිකටුව අත ඇනී ද? නැත. ඇය මේ දෙරණත හෙලා ඇත්තේ අධම, පාපතර මස් වැද්දෙකු විසිනි. මේ සිද්ධියෙන් ප්‍රකම්පනය වන රචකයා සිය සිත අස්වසන්නට තැත් කරන්නේ “නෑ ඇය නිදනවා” යන හැදීම සිතට ඒත්තු ගන්වන්නට වද දෙමිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තණ පළසේ බිම හොවින දිගාවී[/FONT]
    [FONT=&quot]ළැම කිණිසි තුඩක් ඇනුන කුමාරී[/FONT]
    [FONT=&quot]කණ කර ගලවා රැයට මුවාවී[/FONT]
    [FONT=&quot]මරු රැගෙන ගියේ කොයිද කුමාරී......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇය මරා දමා, වැර වෑයමින් උපයා සපයා ගත් කණ කර ද ගලවා ගත් මරු. රුයට මුවා වී ම පලා ගොසිනි. මේ පද වැල අප තුල සානුකම්පිත කම්පනයක් ඇති කරවයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බිම යකඩ කදන් වලට මුවාවී[/FONT]
    [FONT=&quot]සුදු මිනී මලක් නඩුව කියාවී[/FONT]
    [FONT=&quot]සත් පතිණි මව්න් අවදිව ඒවී[/FONT]
    [FONT=&quot]උන් උදුරා ගත් සළඹ ගෙනේවි............[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මේ අවනඩුවට රැහැණිව කිසිදු සාක්ෂියක් නොමැති බව රචකයා පවසන අන්දම බලන්න. නඩුව කියන්නේ මිනී මලකි. ඒ ද බිම යකඩ කදන් වලට මුවා වී ගෙනය. දුටු වුන් වුවද සාක්ෂි දීමට දක්වන මැළිකම, හදවත ට ගසන කිනිසි පහරක් සේ අප ගේ ඇස් අරවා පෙන්වීමට රචකයා සමත් ව සිටී. ඔහු ගේ අවසාන පැතුම, කුමරි දිවියට, පතිවතට තෙද වරම් සපයන පත්තිනි දේවිය හෝ මේ දියණිය ගේ උදුරා ගත් සළඹ ලබා දේවා යන්නය. මෙම රුදුරු උපමාව අප ගේ හදවත් තුල කරුණු දෙකක් මවා පායි. පලමුවැන්න, අවනඩුව කීමට ඇත්තේ දෙවියන් ම පමණක් බවය, එනම් නීතියේ ඇති දුර්වලතාවයයි. දෙවැන්න උදුරා ගත් සළඹ, එනම් ඇගේ කුමරි දිවිය නැවත ලබා දිය හැක්කේ දෙවියන්ට ම පමණක් බවය.[/FONT]
    [FONT=&quot]රත්න ශ්‍රී, වික්ටර් සහ කපුගේ යන මේ තුන්පත් රෑන මේ ගීයෙන් අපගේ හදවත් වෙත කරන මේ ශාන්තිකර්මය සොයුරනි, දෙනෙතින් නොව හදවතින් ම කදුළු ඉනීමට සලස්වන්නකි.වෙසෙසින් ම සදහන් කළ යුත්තේ වික්ටර් මේ ගීතය පසුබිමින් ඇසීමට සලස්වන, හදවත කීරි ගස්වන වයලීන කිහිපයක වාදනයයි. එය ඇත්තටම මේ ගීතය ශ්‍රවණය කරන්නාගේ හදවත තුළට ගිලී වැදෙන්නේ පිහි තුඩක් කිදී යන ආකාරයටය.
    [/FONT]

    [FONT=&quot]මෙවැනි ම හද තලා පෙලා කම්පා කරවන ගීතයකි, සුනිලුන් ගයන “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට” ගීතය. බන්දුල නානායක්කාරවසම් විසින් විරචිත ඒම ගීතය සස්ලිට් සොයුරා කලින් කී සේම ඔහු විසින් එහි අරුත් පසිදිනු ඇතැයි පොරොත්තුවැ හිදිමි.[/FONT]

    :(:(:(
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    ගායනය -: කරුණාරත්න දිවුල්ගනේ
    ගී පද -: සුදත් ගාමිණී බණ්ඩාර
    ගී තනු -: ගුණදාස කපුගේ (විය යුතුයි යරියටම විශ්වාස නැත වැරදිනම් නිවැරදි කරන්න )

    [/QUOTE]
    සමාවෙන්න....විශාල වැරදීමක් මට වුනේ......මේ ගීතය ලිව්වේ සුනිල් ආර් ගමගේ මහත්තයා..සංගීතය රෝහණ වීරසිංහ ගේ
     
    • Like
    Reactions: maheshsenadheera

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    දෙන්න තිබුණා එදා.......
    අර 3/4ත් තියනවා....තව ෆුල් අත නොතබපු එකකුත් තිබ්බා අර නිල්පාට කබඩ් එකේ........:P

    උබලා බොන්නේ නැද්ද බන්...
    අනාගතේට ඉතුරු කරනවාද?
    :confused::confused::confused:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙ ත්‍රෙඩ් එකට මගෙ ස්තුතිය මුලින්ම පලකරන්න ඕන හැමොටම
    sasliit
    කිබුල් පතයා:shocked:
    *danushka*
    ඇතුලු මෙකි නොකී හැම එකාටම:)

    මෙ ත්‍රෙඩ් එකෙ මම දැක්කා පියවරු ගැන ගීත කිහිපයක්ම විචාරය කරල තිබුනා ඉතාම සුන්දර විදියට මාත් ඒවා හැම එකක්ම රස වින්දා මගෙ පියානන් ගැනත් මට යමක් කියන්නට හිතුනා මම කියන්න ඕන හැම දේම අබේවර්දන බාලසූරිය මහත්මයා කලින්ම කියලා තියනවා මේ ගිතය අහල බලන්නකො මම හිතන්නෙ අහල නැති අයත් ඇති

    පියානෙනි මා නැවත් උපන්නොත්
    අපාර වූ මෙ සංසාරේ
    ඔබෙම පුතු වේවා.........//

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා
    ඈත ඉදන් ඔබ බලා සිටින්නෙ
    නැහැ ඔබ වන් පියවරු හමුවන්නෙ

    පියානෙනි මා........

    හිත මිතුරන් මා හැරගිය
    දවසේ
    ලොවම එරෙහි වි තනිඋන
    මොහොතේ
    ඔබෙ පැලේ නැත දොඅරගුලු ලන්නෙ
    ඔබෙ සෙනෙහෙ ගග නැත වියෙලෙන්නේ

    මගෙ පියා ගැන කිව්වොත් කුඩා කාලයෙ එ තරම් දුක් ගැහැට විදපු කෙනෙක් මම අහලවත් නැ ඉස්කොලෙ නොගොහින් පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න නොගිහින් කුබුරු වැඩ කරපු හෙන් කොටපු සල්ලි හොයන්න නොවිදිනා දුක් විදපු කෙනෙක් තමා මගෙ පියා ඒ හැම දෙයක්ම කලෙ දුප්පත් කම නිසා කොච්චර ඉගෙන ගන්න ආසාව තිබුනත් ඔහුට වැඩිදුර ඉගෙන ගන්න අවස්තාව ලැබුනෙ නැ මගෙ පියාගෙ රැකියාව වඩු වැඩ මහන්සි වෙලා වැඩ කරලා ඔහුට කවදාවත් ලගවිය නොහැකි උන අධයාපනය කියන ඉනිමගෙ හිමිපෙත්තටම මාව ගෙන යෑම තමා තමනට් දිනන්නට බැරි උන ලෝකයෙ මාව දිනවන එක තමා ඔහුගෙ එකම බලාපොරොත්තු උනෙ මමත් මට පුලුවන් විදියට ඔහුගෙ ආශාව බලාපොරොත්තුව ඉටු කල කියලා මම හිතනවා

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා
    ඈත ඉදන් ඔබ බලා සිටින්නෙ
    නැහැ ඔබ වන් පියවරු හමුවන්නෙ

    මෙහෙම ආ ගමනෙ යහලුවෝ මිත්‍රයො කියල හිතුව සමහරුන් නැදැයන් හැම තිස්සෙම බැලුවෙ ඉහලට යන ගමන නවත්තන්නමයි

    මට සරසවියෙදි උන එක අත්දැකීමක් කියන්නම් මම ට්‍ර්යි කරපු කෙල්ලට මගේම එක යාලුවෙක් කියලා තිබුනා ඔකගෙ තාත්තා වඩු වැඩ කරන්නෙ ඔකත් එක්ක යාලු වෙන එක ගැන දෙපාරක් හිතල බලන්න කියලා මම පලිගන්න ගියෙ නැ මචන්ලා මොකටද මම මට කරන්න පුලුවන් දෙ ක්‍රියාවෙන් කරල පෙන්නුවා මෙ දෙවල් වලින් මගෙ හිත රිදුන වෙලාවට තනි උන වෙලාවට මගෙ පියානන් කවදාවත් මාව තනි කලෙ නැ මාව ගොඩ දාන්න ඔහුගේ උත්සහය අධිශඨානය කවදාවත් වෙනස් උනෙ නැ

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහි වි තනිඋන
    මොහොතේ
    ඔබෙ පැලේ නැත දොඅරගුලු ලන්නෙ
    ඔබෙ සෙනෙහෙ ගග නැත වියෙලෙන්නේ

    ඔන්න මගෙ හිතෙ තිබුන දෙයක් උබලටත් කීවා මේක ඉතින් විචාරයක් නම් නවෙයි මගෙයි මගෙ පියාගෙයි සැබෑ ජීවිත කතාව මෙක හරියටම ගීතයකට ලියඋනේ කොහොමද කියලා මටනම් හිතාගන්න බැ
    අන්තිමට මට කියන්න තියන්නෙ

    පියානෙනි මා නැවත් උපන්නොත්
    අපාර වූ මෙ සංසාරේ
    ඔබෙම පුතු වේවා.........//

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මම විචාරය කරන්න කැමතිම ගීතයක්... ඒත් අපේ ගී පද රචකයා මට මේ ගීතය විචාරය කරන්න ඉඩක් තබල නෑ..... ඔහු මේ සම්බන්ධ සම්පූර්ණ කතාව පවසනව මෙන්න මේ විදියට...

    මා මේ ගීතය ලියූවේ මා විසින් අත්දැකි සත්‍ය සිදුවීමක් ඇසුරින්. මේකට පාදක වුණේ මා දන්නා චරිතයක්‌. ඇගේ ආදරවන්තයා ඇයට පරිභව කරලා. බොරු චෝදනා පත්‍රයක්‌ දීලා පලා ගිහින්. ඇත්තටම ඈ නිවැරැදියි. නමුත් ඇය නොකල දෙයකටයි ඇයට මෙහෙම පරිභව කරන්නේ. ඇය අසරණයි. මා ඇගෙන් බොහෝ දේ විමසුවා. මට ලෝකයම එපාවෙලා. හැම දෙයක්‌ ගැනම කල කිරිලා. ජිවත් වෙනවාට වඩා හොඳයි දිවි නසා ගන්නවා කියා ඇය කිව්වා. නමුත් මේ අතර ඇය වෙත තෙවැන්නෙක් ලං වෙනව. කෙමෙන් කෙමෙන් ඇයගේ සිතත් ඔහුවෙත ඇදී යනව. ඔහුගේ වදන් අසරණවූ ඇයගේ ජීවිතයට ඔසු පැන්වගේ.....

    ඇයට අපමණ නින්දා ගැරහුම් එනවා. ඒවා හරිම අසෝබනයි. ඉන් කලකිරුණ ඕ වැලපෙන්නේ වැළහින්නක්‌ වගේ. මේ තුන්වැන්නාගේ සුසුම් වදන් හරියට සුළඟේ පාවී එන සුවඳක්‌ වගෙයි දැනෙන්නේ. එය පිපාසාවෙන් පෙළෙන හදවතට සිසිල් සුවයක්‌.

    මිනිසත්කම නොලැබූවන් නගනා රැවුම් ගෙරවුම් නිසා ඕ බියපත් වූයේ හරියට මුවැත්තියක්‌ වගේ. ඒ මොහොතේදී ඔහු ඈ වෙත පැමිණෙනවා. ඔහුගෙන් නික්‌මෙන සුසුමක්‌ පවා ඇයට දිව ඔසුවක්‌.... අසරණව සිටින ඈට. ඒ සුසුම උණුසුම් බවත් ගෙන දෙනවා. ඇත්තෙන්ම ඔහුගේ උණුසුම ඇයට මහමෙරක්‌ තරමට වටිනවා.

    අසරණව ඇය නින්දා අපහාස වේදනා ලබද්දී ඇය වෙත එන තුන්වැන්නාගෙන් ලැබෙන සෙනෙහෙබර වදන් විතරක්‌ නොවේ ඔහුගේ රූපය දැකීම පවා ඇයට ජීවත් වීමට ශක්‌තියක්‌ ලබා දෙනවා. මේ ගීය වර්තමාන පරපුරට වඩා පෙර පරපුර අතර බොහෝ සේ ජනප්‍රිය වුණා සමීප වුණා. ඒකට හේතුව වුණේ ස්‌ත්‍රීපාර්ශ්වයට මේ ගීතය පොදු වීමයි. පෙම්වතාගෙන් සැමියාගෙන් මෙවන් පරිභවයකට ලක්‌ වූ ස්‌ත්‍රීන් අසරණ වූ පසුව මේ ගීය තමන්ටම ආදේශ කර ගත්තා.

    නන්දා මාලිනියට තිබෙන්නේ ශෝකී ස්‌වරයක්‌. කෙතරම් වේග රිද්ම ගීත ගැයුවත්, ප්‍රීතිය දනවන ගී ගැයුවත් ඒ හැම ගීතයක්‌ හරහාම ඇගේ ශෝකී ස්‌වරය මතුව එනවා. මේ ගීතයේදී මර්වින් පෙරේරා ඇගේ ඒ ශෝකී ස්‌වරයෙන් ප්‍රයෝජනයක්‌ ගත්තා.

    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...

    අසා අසෝබන නින්දා ගැරහුම්
    වැළහින්නක සේ වැලපෙන මොහොතේ
    පවනේ පාවෙන ඔබේ සුවඳකින්
    පිපාසිත වූ හද සිහිලැල් වේ

    ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළුගැන්වුණු සිත උණුසුම් වේ....

    උපුටා ගැනීම - 2008 විප්‍රයෝග සම්ප්‍රයෝග ගී පද විචාරය - සෞන්දර්ය විශ්ව විද්‍යාලය, කොළඹ

    මෙය මාගේ 39වන ගී පද විචාරයයි... 40 වන විචාරය වශයෙන් රෑ වැඩමුරය ගීතයෙහි මගේම විචාරයකින් තව ටිකකින් හමුවෙමු... එතෙක් ඔබේ අදහස් තමා ඕනි අපි හැමෝටම....
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචන්ලා
    මට මෙන්න මේ ක්ලැරන්ස් ගේ සිංදු වල නිධාන කතා හරි විචාරයන් හරි තියෙනවනම් දාන්නකො :D

    1. ඈත එපිට හිම කන්දෙන්
    2. සඳ එකක් දිනක් තරු හා ගිලී

    අවුරුදු 5ට මගෙන් සුභ පැතුම් :yes:
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: maheshsenadheera

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිඳිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ...

    මෙය මාගේ 39වන ගී පද විචාරයයි... 40 වන විචාරය වශයෙන් රෑ වැඩමුරය ගීතයෙහි මගේම විචාරයකින් තව ටිකකින් හමුවෙමු... එතෙක් ඔබේ අදහස් තමා ඕනි අපි හැමෝටම....

    කියන්න වචන නැහැ මචන්
    ගීතයකට මිනිස්සුන්ට මෙච්ච්ච්ර ආත්මයට කිදා බහින්න පුලුවන්දත් කියල
    මේ සින්දුව ඇහෙන කොට මයිල් කෙලින් වෙනවා එකේ තියෙන භාව්‍යමය රසයට
    ඉස්තුත්යි මචන්
    යේ මේ විදියෙම හදවතට කිදා බහින ගීතයක් තමයි
    නන්ද මාලිනියගේ කුරුටු ගැගී පොතේ
     
    • Like
    Reactions: maheshsenadheera

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ.....

    පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.

    බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය....
    රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති...........

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ..........

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි....

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.:no::no::no::no::no:)

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ගී පද - බන්දුල නානායක්කාරවසම්
    සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ගොඩක් ආසකරන ගීතයක් ගැන කලින් සදහන් වෙලා තියනව දැක්කා.... ඒක නිසා ඒ ගීතය ගැන පොඩ්ඩක් කියන්න හිතුනා....
    මේ ස්ථානය හා මෙවැනි සිදුවීම් ගැන ලංකාවේ බොහොමයක් අනර්ඝ ගීත ලියවෙනවා. මේ ගීතයත් එවැන්නක්...
    post කිරීමට අවසර ලබාදීම ගැන sasliitට ස්තූතියි
    අවසර මොනවටද යාළු ඔය ලස්සනට ලියල තියෙන්නෙ.... ඔහොම යමු ඒක අපිටත් හයියක්....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පියානෙනි මා නැවත් උපන්නොත්
    අපාර වූ මෙ සංසාරේ
    ඔබෙම පුතු වේවා.........//

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා
    ඈත ඉදන් ඔබ බලා සිටින්නෙ
    නැහැ ඔබ වන් පියවරු හමුවන්නෙ

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ සහෝදරය... අපි හැමෝම ඕනවටත් වඩා හැගීම්බරද කියලත් වෙලාවකට හිතෙනව..........:(:(:(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ සහෝදරය... අපි හැමෝම ඕනවටත් වඩා හැගීම්බරද කියලත් වෙලාවකට හිතෙනව..........:(:(:(
    එල එල මචන් හැගීම් බර වෙන්නෙ හැගීමක් දැනීමක් තියන මිනිස්සුනේ නේද:(:(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    ඇගළුම් කම්හල් වල සේවය කරන සමාජය සැළකිල්ලක් නොදක්වන පිරිසක් ගැන ගේය පද රචකයකු දකින විදිය අපි විචාරය කරමු එහෙනම් යාළුවනේ.....

    පුංචිම පුංචි පඩියකට වහලුන්ටත් එහා ගිය රස්සාවක් කරමින් තමන්ගෙ ජීවිතේ සුන්දරම කාලය දියකරල හරිනව.... ජීවත් වෙන්න රස්සාවක් තියෙන්න ඕනි තමා.... ඒත් නිදහසේ හුස්මක් ගන්නවත් ඉඩක් නැති රස්සාවක් කරන්නෙ හැගීම්, දැනීම්, ආසාවල් නැති නිසා නොවෙයි..... ජීවත් වෙන්න, තමන්ගෙ අය ජීවත් කරවන්න ඕන නිසා.... උඹලට හරියට අදින්න ඇදුමක් නැතිව, උඹල අනුන්ගෙ ඇදුම් මහනව.... එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී, යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ.

    බලන්න රචකයා මේ කාන්තාව දිහා බලන අපූර්වත්වය....
    රෑ වැඩ අවසන් කරල එන ඔබ කොච්චර නම් හෙම්බත් වෙලාද... කාන්තවකගෙ මුහුණ කොතරම් නම් එළියක් තියෙන දෙයක්ද.... ඒත් ඔයාගෙ මුහුණ හරියට පරවෙලා ගිය, මැලවෙලා ගිය මලක් වගේ...... රෑ තිස්සෙ වැඩකරල කරල මහන්සි වෙලා ඔබ එනව එළිය වැටෙන පාන්දර.... හිමිදිරියෙ අපි අවදිවෙනව... මහන්සිවෙලා එන ඔයා උදේ නිදන්න යනව... මේකනම් ඔබ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති...........

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    රෑ තිස්සෙ ඔය ඇගිලි වෙහෙසෙන එකේ සීමාවක් නෑ නේද... විදුලි එලිය යට ඉදගෙන දුක් විදින්නෙ කොතරම් නම් බලාපොරොත්තු තියාගෙනද....? ඔබ දන්නවද ඔබේ ඔය ජීවිතයේ හොදම කාලය දියවෙලා යන්නෙ.... මම දන්නව ජීවිතේ ඔබට තියෙන ප්‍රශ්ණ හමුවෙ මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා විලාප තියල අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසා තමයි ඔබ අඬන්නේ නැතුව මේ දුක විදගෙන ඉන්නේ..........

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    ඔබ නිහිඩව විදින දුක, ඔබ යටපත් කරගෙන ඉන්න වේදනාව, ඔබ ඔසවාගෙන ඉන්න ජීවන බර නැතිකරගන්න තමයි මේ ගාමන්ට්වල දුක් විදින්නෙ.... දුක් විද විද අනුන්ට ඇදුම් මහන්නෙ තමන්ගෙ ජීවිතේ, තමන්ගෙන් යැපෙන්නන්ගෙ ජීවිතේ ලස්සනට අමුණගන්න... ඒත් ඒ ජීවිත ලස්සන කරන්න ඔබ දුක්විදිනකොට ඔබේම ජීවිතේ නිකම්ම ගෙවිලයනව.... කාත් කවුරුවත් නැතිව තට්ට තනියම ඔය විදින දුකට අපි හැමෝම ණය ගැතියි....

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ඉස්කෝලෙ ගිහින් අවසන් උන ගමන් රස්සාවක් නැත්නම් ඉතින් ආයෙ දෙකක් නෑ ... දුප්පත් පවුල්වල හිරිමල් තරුණියන්ට වෙන්නෙ ගාමන්ට් යන්නම තමයි. ඔවුන් කියල වෙන මොනව කරන්නද..? ගාමන්ට් පිහිටවත් තිබුනෙ නැත්නම් මේ කාන්තාවන්ට කාගෙ පිහිටක්ද... කෙහොම හරි ජීවත් වෙන්න ඕනෙ නිසා ඔවුන් එනව නගරයේ තියෙන මිහිපිට අපායේ දුක්විදින්න... දුක්විදල කොහොමහරි ජීවිතේ දිනනව කියල එන මේ අහිංසක මල් පොහොට්ටුවලට අන්තිමේට මුඩුක්කු වගේ බෝඩිම් වල, හරියට කෑමක් බීමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ජීවත් වෙන්න වෙනව. සමහරු කුඩුකාරයන්ට හොරුන්ට අහුවෙලා ජීවිතේ විනාස කරගන්නව. ඒ විතරක්ද ජීවිතය විනාස උනායින් පස්සෙ ආයෙ වැඩක් තියෙනවද පටන් ගන්නව කීයකට හරි ඇග විකුණන්න... දෙවියනේ මේත් අපි වගේම ඇට මස් ලේ නහර වලින් හැදුන ජීවිත නේද.....? (මේව ගැන කතාකරල වැඩක් නෑ යාළුවනේ.... ගීතය කතා කරනව, අපි කතා නොකර ඉමු.:no::no::no::no::no:)

    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹේ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
    මල්විය නොවෙද මේ දියකර හරින්නේ
    මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
    හද සුසුමන් ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
    ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

    ගී පද - බන්දුල නානායක්කාරවසම්
    සංගීතය - රෝහණ වීරසිංහයන්ගේ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    මෙම විචාරය මා පල කරන 40වන විචාරයයි. මෙතෙක් දුර දිරිමත් කරමින් මා හා රැදි සියළුම යහළුවන්ටත් එළකිරියටත් විශේෂයෙන් අවශ්‍ය මග පෙන්වීම් ලබාදුන් දත් කිඹුලා සහෝදරයාටත් ගොඩාක් පින්...... තවත් ගීයකින් හමුවෙමු.....

    :(:(:(:(..මේ ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ සහෝ...විචාරයට බොහොම ස්තුති...