'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ABHIDARMAYA

    දමිත්ගේ විකාර අහල ඔලුව පිස්සුවට්ටගන්නේ නැතුව මේ දහම් අහන්න ...........

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    මේ වීඩියෝ එක play වෙන විදිහකට පොස්ට් කරනවද කව්රුහරි. මම දැම්මට play වෙන්නේ නැහැ. youtube එකේ play වෙනවා. ලින්ක් එක මෙන්න
    http://www.youtube.com/watch?v=x_CWFS-rca8&feature=related
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විනය පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, දුශ්ශීලගාමිත්වයට පත්ව අපාගත වීම..!!
    සුත්‍ර පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, දෘෂ්ටිගතිකව අපාගත වීම..!!
    අභිධර්ම පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, උමතු බවට පත්ව අපාගත වීම..!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?
    ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
    සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.
    ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.
    අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.
    අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.
    යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.
    attachment.php

    විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න
    මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු.
    චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ.
    “කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පි‍ටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි]
    ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පි‍ටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත
    ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක.
    ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද?
    වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා.
    http://dharmanidhaana.wordpress.com/...%8A-%E0%B7%83/
    අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි. ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.
    මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය


    අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් [email protected] හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්‍රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න.
    ~~~~~~~පසු වදන~~~~~~~
    උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.
    එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.
    ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි
    1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි :
    හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්‍ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි.
    2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය.

    අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.
    ~~~~~~~සැ. යු.~~~~~~~
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි. නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න.


    උපුටා ගත්තේ
    http://dharmanidhaana.wordpress.com/...6%BB%E0%B6%B8/
    Attached Images
    9-dwaysha-moola-chaithisika-samprayoga.jpg (31.3 KB, 0 views)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mr. පොල්,
    මං උඹට 'භූරුවා' කිව්වේ උඹ නිකම් බූරුවෙක් නෙවෙයි... මහප්පරාන බූරුවෙක් නිසයි!!! උඹ හිතනවද ඔහොම උඩ පැන්නම උඹ 'ප්‍රඥාවන්තයෙක්' වෙයි කියල???
    තෝත් ඇතුළුව ඔය හිටු කියල comment කරලා තියෙන එවුන් අතරේ ප්‍රඥාවන්තයෝ කියන ජාතියේ එවුන් එකෙක් වත් නෑ!!! !!! !!!
    මං කරුණු ඉදිරිපත් කරන්නේ මොලේ තියන එවුන්ට!!! එහෙම මොලයක් තියන එවුන් විතරක් මේකේ ප්‍රයෝජනය ගනී...

    තෝ දැඟලුවට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!!

    හැබැයි මේ වෙනකොට දැන අඳුනගත්තු පිරිස ඇරෙන්න EK එකේ වෙන මොලේ තියන එවුන් ඉන්නවද දන්නේ නෑ!!!
    :(
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)


    :yes:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    කොන්ඩේ ඩයි කරලා තියෙන්නේ අනිත්‍ය භාවය පෙන්නන්න , පැන ගහගෙන ඉන්නේ මොකද කියලා හරියටම කියන්න බෑ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Mr .Damith mata hita ganna ba eyi oya minissu issaraha mehema apahasa widinne kiyala..oya danna andunana aya mewa dakkama kochchara lajjada ..oyata newi oyage pawle ayata kochchara lajjawakda..wife daruwo innawa nam kochchara lajjawakda e ayata kiyala hitanna...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mr .Damith mata hita ganna ba eyi oya minissu issaraha mehema apahasa widinne kiyala..oya danna andunana aya mewa dakkama kochchara lajjada ..oyata newi oyage pawle ayata kochchara lajjawakda..wife daruwo innawa nam kochchara lajjawakda e ayata kiyala hitanna...

    ekama upset eka man aashraya karana hunga denek mole thiyana ewun. un goda denek me kathandara hondata dannawa dan!!! me wade dakapu yaluwo andunana aya goda denek kiwwe, ara... 'minimuthu yata yanawa, goma riti uda enawa' mokadda kiyala kathawak... anna eka. e kiwwe, 'mole nathi harak meka guu karanna dangaluwata, prayojanayak ganna tika denek hari athi! oyaa oyaage kotasa hariyata karanna' kiyala thamayi mage ewun nam mata kiwwe.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ekama upset eka man aashraya karana hunga denek mole thiyana ewun. un goda denek me kathandara hondata dannawa dan!!! me wade dakapu yaluwo andunana aya goda denek kiwwe, ara... 'minimuthu yata yanawa, goma riti uda enawa' mokadda kiyala kathawak... anna eka. e kiwwe, 'mole nathi harak meka guu karanna dangaluwata, prayojanayak ganna tika denek hari athi! oyaa oyaage kotasa hariyata karanna' kiyala thamayi mage ewun nam mata kiwwe.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    ekama upset eka man aashraya karana hunga denek mole thiyana ewun. un goda denek me kathandara hondata dannawa dan!!! me wade dakapu yaluwo andunana aya goda denek kiwwe, ara... 'minimuthu yata yanawa, goma riti uda enawa' mokadda kiyala kathawak... anna eka. e kiwwe, 'mole nathi harak meka guu karanna dangaluwata, prayojanayak ganna tika denek hari athi! oyaa oyaage kotasa hariyata karanna' kiyala thamayi mage ewun nam mata kiwwe.


    :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    pissu hadichcha un hithanne unta athi pissuwak na. anith unta thama pisuu kiyala.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබගේ ගුරුවරයා වන ඔබගේ ලොකු ස්වාමීන්වහන්සේද ඇති උතුම් බුද්ද සාසනයේ පවිදිවූ බුද්ද පුත්‍රයකු බැවින් එතුමාට අපහස කිරීමද සන්ගයාට අපහාස කිරීමක් වේ. ඔබ වැනි මන්දමානසික ගතියක් මාහට නොමැති බැවින් සංඝයා වහන්සේනමක් වන ඔබගේ ගුරුවරයාට අපහස කර අකුසලයක් සිදුකරගැනීමට මාහට උවමන නැත.:no: එහෙත් ඔබගේ ගුරුවරයා අභිදර්මය බැහැරකොට අනෙකුත් දහම් කරුණුද විකුර්තිකොට දේශනා කරන ආකාරයක් ඉහත පළකරනලද ලිපි වලින් අවබෝදකරගත හැකිය.:yes: එවන් ගුරුවරයෙකුගේ ගෝලයකු වන ඔබද කරන යන්නේ අභිදර්මය බැහැරකොට දර්මය විකුර්ති කිරීමයි. මා හට "භූරුවා" යන වචනයෙන් ඇමතීමට ප්‍රථම කැඩපතක් ඉදිරියට ගොස් "භූරුවා" යන ආමන්ත්‍රණයෙන් ඇමතීම සුදුසුයි දැනේ.:D ඔබවැනි ඥානවන්තයින් බුද්ද කාලයේද සිටි බව බුද්ද ඉතිහාසයේ ලියවී ඇත. අප වැනි භූරුවන් ඒ කාලයේද ඔබවැනි ඥානවන්ත මන්දයන්ට විරුද්දව නැගීසිටින්නට ඇත.:D දේවදත්ත හිමියන්ටද අනුගාමිකයන් සිටිබව ඉතිහාසයේ වාර්තාවෙයි. එහෙත් ඔබටනම් සිදුවී ඇත්තේ අන්ගුලිමාලට සිදුවූ අකරතැබ්බයමය:oo:. අංගුලිමාල මිනිසුන් මරා ඇඟිලි මාලයක් නිර්මාණය කරන්නට යෙදුනේ ගුරුවරයාගේ කීමටය. එහෙත් අන්ගුලිමලගේ වාසනාවට ආනන්තරීය පාපකර්මය සිදුකරගන්නට මොහොතකට ප්‍රථම බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩ අංගුලිමාල සසරින් එතෙර කල සේක. :yes:දර්මය විකුර්ති කොට අභිදර්මය බැහැරකොටගෙන ඔබ මේ යන ගමනද නිමවන්නේ අවීචි මහා නරකාදියෙන් වන්නට පුළුවන.:oo: එහෙත් මාගේනම් එකම ප්‍රාර්ථනය ඊට මොහොතකට හෝ ප්‍රථම ඔබට නිවැරදි දර්මය අවබෝදවෙවා යන්නය.:love::love::love: මා කලින් කීවක් මෙන් ඔබගේ අනුගාමිකයන් ඔබට සහයෝගයක් වශයෙන් කමෙන්ට් එකක් පලනොකරන්නේ අයි.?:oo: කීප වතාවක්ම අභිදර්මය ගැන සඳහන් කලද ඔබ අභිදර්මය ගැන එක වචනයකුදු කතා නොකරන්නේ අයි?:oo: ඔබ අභිදර්මය ගැන ඉගෙනගෙන නැහැ නේද?:oo: වරද ඔබේ නෙවෙයි ඔබේ ගුරුවරයගෙයි.:rolleyes: ඔබ වැනි මන්දමානසික පුද්ගලයකු බිහිකරාට ඔබගේ දෙමාපියන්ට පසුතැවිලි වෙන්නට සිදුව ඇත.:no: ඔබවැනි පියෙකුට දරුවන් වූ අයද පසුතැවිලි වනු ඇත.:no: ඔබවැනි ස්වාමියෙකුට බිරින්දවූ අයද පසුතවිලිවනු ඇත.:no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland

    නොදන්නා නිසා 'ගොඩක් දේවල් කරන්න ඇති!' කියල හිතෙන, සේරම දැනගත්තාට පස්සේ 'මොකුත් කරන්න දෙයක් නැහැ නේද?' කියල තේරෙණ, මහා අමුතුම ජාතියේ කාර්යයකි!!! !!! !!!
    :D:D:D


    mukuth karanna deyak nathinam meke thoge wikara danne mona magulakatade gal ibbo ?
    :angry::angry::angry::angry::angry: