මල්ලි, ඇත්තම කතන්දරේ නම්, මෙතනත්, මේ ජීවිතෙත්, 'මම' කියල එකෙක් නැතිකම විතරයි!!! මම කලිනුත් කියල ඇති... TV එකක් වැඩ කරන කම් ඒකෙ ලස්සන ලස්සන රූප පේනවා. අපි හිතමු තෙල් කෑල්ලක් වගේ ලස්සන කෙල්ලෙක් ඇඹරි ඇඹරි ඉන්න seen එකක් පේනවා කියල... දැන් එකපාරටම TV එක off කලොත්... current එක ගියොත්... නැත්නම් TV එක කැඩුනොත්... 'අර කෙල්ල' TV එකෙන් බැහැල වෙන කොහෙවත් යනවද?? නෑ නේ!!! කටවල් අරගෙන... කෙල පෙරාගෙන... බලන් හිටපු එවුන්ට, උන් 'බලන් ඉඳල තියෙන්නේ වීදුරුවක් දිහා නේ...' කියල මතක් වෙන්නේ එතකොට නේ. අන්න ඒ වගේ, මේ අපි 'මම' ය කියල දකින... 'මම' හැටියට අපිට තේරෙණ... 'මං / මගේ ආත්මය' කියල අපි රැවටෙන... මේ විඳීම් සියල්ල (වේදනා mixture එක, නැත්නම් 6 ආකාරයක විඳීම) තියෙන්නේ මේ ඇඟ සජීවීව තියනකම් විතරයි!!! !!! !!! ඔය ඇත්ත නොදන්නා නිසා සිද්ධවෙන වැඩෙන්, ඇත්තටම කියනවා නම් induction එකෙන්, (අර graph එකක් ඇඳලා පෙන්නුවේ... cross-fade එක!) මේ වගේම duplicate එකක් හැදුනාම, ඒ සත්වයා හිතන්නෙත්... 'ඌට' දැනෙන්නෙත්... මේ දැන් අපිට හිතෙන / දැනෙන විදියට තමයි!!! එච්චරයි. වෙන මොකුත්ම නෑ!!! !!! !!!
හැබැයි මල්ලි, ඔහොම 'මම' කියල කෙනෙක් නෑ!!! ගිනි බොලේ කරකැවෙන කොට ගිනි වළල්ලක් පෙනුනට, ඇත්තටම ගිනි වළල්ලක් නෑ!!! ඇඟිලි 5 මිට මෙලෙව්වම 'මිට' විතරයි, ඇඟිලි නෑ... දිග හැරියම ඇඟිලි විතරයි 'මිට' නෑ!!! වගේ කුණුහරුප කියව කියව හිටියට, මේ ප්‍රශ්ණේ විසඳන්න බෑ!!! !!! !!! ඔයාලට දැනගන්න ගොඩාක් දේවල් තියනවා... කාලකන්නි ගොං සංඝයොයි, තව එක එක ජාතිවල මැටි මෝල්ලුයි 'බණ' කියන්න ගිහිල්ල ධර්ම මාර්ගය අනල අනල දාල තියන නිසා, ඒ ඇත්තම ඇත්ත කතන්දරයේ හැම දෙයක්ම එහෙම්පිටින් ඔයාලට කියල / පෙන්නලා දෙනකම්, ඔයාලට තේරුම් ගන්න බෑ!!! මුලින් මං අවශ්‍ය කරුණු සේරම කියල දීල, ඊළඟට ඔයාලව අනාගාමී කියන තත්වයටම develop කරනවා!!! !!! !!! එතකම්, චුට්ටක් කලබල නැතුව දාපු කරුණු හොඳට store කරගෙන, ධාරණය කරගෙන, බලන් යන්න!!! මං හතර වටේම තියන ඒවා සේරම අතු පතු ගාගෙන, track එක හදාගෙන යන්නේ, මේකේ හප හප ඉන්න මොකවත් නැති නිසාත්... ආයේ තව පාරකට කරන්න මොකවත් ඉතුරුවෙන්නේ නැතිවෙන්නම සේරම එක සැරේ දෙන්නත්... ආයේ මොකෙකුටවත් මේ සම්මජ්ජාතියේදී ධර්මය 'වළඳන්න' බැරිවෙන්නම නෙලන්නත්... උවමනා නිසයි!!! (මට තියන එකම බය වැඩේ complete කරන්න කලින් මැරෙයිද දන්නේ නැති එක විතරයි) උඹලට ආයේ සංසාර අනතුරක් නෑ!!! !!! !!! අනතුර තියෙන්නේ සංසාරෙට තමයි... මොකද, පණපිටින් හිටියොත්, මං 'ඒකට' නැති භංඝ වෙන්නම කෙළිනවා!!! !!! !!!