Student visa (NZ, Aussie, UK, USA) all in one place

Hero Century

Member
Mar 2, 2012
25
3
3
Macho, Newzealand wala accounting karala pr ganna puluwannda? Eta passe aussi walata maru wenna puluwani neda? Accounting karanawanam kochchara funds pennanna oneda?
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Macho, Newzealand wala accounting karala pr ganna puluwannda? Eta passe aussi walata maru wenna puluwani neda? Accounting karanawanam kochchara funds pennanna oneda?

මචං NZ වලදී accounting කලොත් PR ගන්න පුළුවන්, මොකද Accounting, Skilled Occupation List එකේ තියන නිසා.

NZ PR එක තියනවානම් Aussie PR ගන්න එක බොහොම පහසුයි. Visit visa, Work Visa, Student visa වලටනම් ආයේ අලුතින් apply කරන්න දෙයක් නෑ. ඔයාලගේ NZ PR එක තියන නිසා.

මේ වෙද්දී මචං මුදල් පෙන්වීම බැලුවොත් Course fee එකට අමතරව තවත් ලක්ෂ 16 ත් 18 ක් අතර මුදලක් living expenses විදියට පෙන්වන්න ඕනේ.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
placeholder-homepage.jpg



මචංලා අලුතෙන් පොඩි වෙනස්කම් කීපයක් New Zealand Student Visa වලට එකතු වුනා. මේ ඒ ගැනයි මම කියන්නේ.

මේ වෙද්දී බොහොමයක් දෙනා නවසීලන්තයට වීසා අයදුම් කරන්න පටන් ගැනීමත් එක්ක INZ එක එයාලගේ නීති යම් තරමකට සංකීර්ණ කිරීමකට ලක් කරලා තියනවා.

අංක එකට කියන්න තියෙන්නේ මේ වෙද්දී ඉස්සර කළා වගේ හදිසියේම වාහන, ඉඩම් එහෙම විකුණලා සල්ලි පෙන්වන එක වලංගු නෑ කියලයි

ඉස්සර අපේ අයට හැකියාව තිබුනා තමන්ට හෝ තමන්ගේ ලගම නෑදෑයන්ට අයත් වාහන, විකුණුවා කියල financial sponsorship එක පෙන්වන්න. හැබැයි දැන් INZ එක ඒ ලියවිලි පිළිගන්නේ නෑ. එයාලා කියන්නේ මේ මුදල් අඩුමගානේ මාස හයක වගේ කාලයක් ඉදලාවත් applicantගේ හෝ ඔහුගේ sponsorගේ ගිණුම් වල තිබිය යුතුයි කියලා. ඒ නිසා මුදල් පෙන්වීම ටිකක් කල් ඇතුව සුදානම් කරලා තියෙන්න ඕනේ.

හැබැයි ඒ වගේම INZ එක genuine applicants ලාට එක්තරා විදියක වාසි සහගත නීතියකුත් ඉදිරිපත් කරලා තියනවා. ඒ තමයි සත්‍ය වශයෙන්ම living expenses සදහා මුදල් වෙන් කරන්න පුළුවන් තත්වයක ඉන්න අයට ඒ මුදල් නවසීලන්ත බැංකුවක තැන්පත් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව වීසා සදහා අයදුම් කරන්න අවස්ථාව ලබා දීලා තියනවා.

සරලව කිව්වොත් මෙහෙමයි. අපි හිතමු ඔයා අතේ course fee එක සදහා ලක්ෂ 15 (අනුමාන වශයෙන්) මුදලකුත්, living expenses සදහා ලක්ෂ 15 (NZ$ 15000) ක් වගේ මුදලකුත් තියනවා කියලා. මේ මුදල ඔයාට යම් යම් මාර්ගවලින් (ලගදී සිදුකරපු වාහන, ඉඩම් ගනුදෙනු වලින්, නෑදෑ හිතවතුන්ගේ, නැත්නම් source එක ඉදිරිපත් කරන්න බැරි මාර්ග වලින්) ලැබුන මේ වෙද්දී අතේ තියන මුදල් කියලා. ඔයාට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම (100% guaranteed) වීසා ලබා ගන්නයි. එහෙනම් ඔයාලාට අනුගමනය කරන්න වෙන්නේ මේ පහත පියවරයන් ටික.

01. අදාළ Institute එක හෝ University එකෙන් තමන්ට අදාළ offer letter එක ගෙන්වා ගන්නවා.

02. තමන් ලග තියෙන මුදලින් තමන්ට අදාළ course fee එක ගෙවලා ඊට අදාළ receipt පත ගෙන්වා ගන්නවා (හැබැයි මෙතනදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ කිසියම් ගැටලුවකදී 100% course fee එක refund කරන අධ්‍යාපන ආයතනයක් තෝරාගන්න)

03. වීස අයදුම් කරනවා. මෙතනදී වීසා අයදුම්පතේ සදහන් කරන්න ඕනේ තමන් තමන්ගේ වීසා අනුමැතියෙන් (visa approval) පසුව තමන්ගේ living expenses එක නවසීලන්ත බැංකුවක තැන්පත් කරන්න එකග වෙන බව. තව course fee එක ගෙවපු receipt එක මේ වීසා අයදුම්පතට ඇතුල් කරන්න මතක තියාගන්න ඕනේ.

04. මේ අවස්තාවේදී INZ එක බොහොම positive විදියට අයදුම් කරුවා ගැන සලකා බලනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා තමන්ගේ living expenses එක නවසීලන්තයට එවන්නේ ඒ මුදල් අනිවාර්යයෙන්ම අයදුම්කරුවාට අයිති මුදලක් නිසා බව. ඉතින් INZ එක අයදුම්කරුවාගේ educational requirements එහෙම හරි නම් වීසා අයදුම්පත අනුමත කරනවා.

05. දැන් ඔයා ඔයාගේ living expense එක INZ එක මගින් අනුමත නවසීලන්ත රජයේ බැංකුවක ඔයාගේ නමින් ගිණුමක් විවෘත කරලා ඒ ගිණුමට යොමු කරනවා (deposit)

06. ඔයා නවසීලන්තයට ගියාට පස්සේ අදාළ බැංකුව මාස්පතා ඔයාගේ living expense සදහා අවශ්‍ය මුදල් ඔයාලා වෙත ලබා දෙනවා. ඒ කියන්නේ NZ$ 15000 / 12 = NZ$ 1250 ගානේ මාසෙකට ඔයාලට ඒ ගිණුමෙන් මුදල් ලබා ගන්න පුළුවන්.

මේ නව මාර්ගය INZ එක හදුන්වලා දීලා තියෙන්නේ ඇත්තටම නවසීලන්තයට එන්න ලක්ෂ 30 ක් වැනි මුදලක් තමන්ගේ අතේ තියන, ඒත් ඒ මුදල්වල source එක පෙන්වන්න හැකියාව නැති අය වෙනුවෙනුයි.

ඊලග වෙනස්කම විදියට හදුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ මේ වෙනකන් ඕනෑම මට්ටමක (level 5,6,7) පාඨමාලාවක් සදහා වසරකින් පසුව ලබා දුන්න රැකියා බලපත්‍ර (work permit) ක්‍රමය level 7 හෝ ඊට ඉහල පාඨමාලා සදහා පමණක් සීමා කරලා තියනවා. ඒ අනුව level 7 පාඨමාලාවක් අකරණ අයෙක්ට අවුරුද්දකින් පසුව work permit එකකට හිමිකම් කියන්න පුළුවන්, හැබැයි ඊට වඩා අඩු level 5 හෝ 6 පාඨමාලා හදාරන සිසුන් රැකියා බලපත්‍රයකට හිමිකම් කියන්න අඩුම වශයෙන් වසර 2 ක පාඨමාලවක් (2 year program) ඒ සදහා තෝරා ගන්න ඕනේ.

කට්ටියට මම කලින් දාපු ත්‍රෙඩ් ටික බලන්න අවශ්‍ය නම් මේ පහල link වලින් එව්වා බලන්න පුළුවන්. තව අලුත් අලුත් විස්තර ටිකක් එක්ක මම තව පොස්ට් එකක් ඉක්මනට දාන්නම්. :cool::cool::cool:

Link:
http://www.elakiri.com/forum/showthread.php?t=1294429

 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න මම ඔය කියපු FTS ක්‍රමය යටතේ අනුමත වෙච්ච වීසා එකක්. මේ වීසා එක Approve වුනේ ගිය සතියේ, මේ වීසා එක කොහොම හරි ගොඩ දාගන්න සෑහෙන කට්ටක් කෑවා. මොකද මේ මල්ලිට සල්ලි පෙන්නුවේ එයාගේ නැන්දා (අම්මගේ නංගි). ඉතින් visa officerට මේ සල්ලි ගැන ලොකු විස්වාසයක් නෑ. ඒ නිසයි එයා කොන්දේසියක් විදියට මේ NZ$ 10,000 ක මුදල (මෙයා visa apply කලේ අප්‍රේල් වලට කලින්, අප්‍රේල් වලින් පස්සේ කලානම් මේ මුදල NZ$ 15,000ක් වෙනවා) නවසීලන්තයේ ANZ කියන බැංකුවේ මේ මල්ලිගේ නමින් ගිනුමක තැන්පත් කරන්න කියන්නේ.

"Dear Sir/Madam,

Please be informed that your application for a student visa has been approved in principle.

The approval decision has been made subject to the following being submitted:

- Revised offer of place or extension letter from Queens Academic Group stated that you will be accepted as late arrivals up to the specific date

- Evidence of tuition fee payment with period fee paid for

- Evidence of FTS (of NZD 10,000.00), please see below link for your information regarding the FTS scheme

http://www.immigration.govt.nz/branch/BangkokBranchHome/fundstransferscheme/

Please arrange for these outstanding documents to be forwarded by 29 May 31 May 2012.

I look forward to receiving the above mentioned items so that I can finalise your application."


:cool::cool::cool::cool::cool::cool:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
machan... ICBT eke IT HND eka karala thiyanawanam mata australia wala final eyer ekata apply karanna puluwanda?

මෙහෙමයි මචං ICBT එකත් එක්ක agreements තියන Aussie universities තියනවානම් අනිවාර්යයෙන්ම පුළුවන්, එහෙම නැති වුනොත් ඔයා ඔයාගේ certificates and transcripts forward කරලා Aussie වල Uni එකකින් exemptions ඉල්ලාගන්න ඕනේ. ඔන්න ACBT එක වගේනම් ප්‍රශ්නයක් නෑ, මොකද එයාලට Aussie uni ත් එක්ක ඕනේ තරම් agreements තියනවා, මොකද ACBT එක Aussie වල තියන MIBT, SIBT වගේම එකක් නිසා.
 

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka

මෙහෙමයි මචං ICBT එකත් එක්ක agreements තියන Aussie universities තියනවානම් අනිවාර්යයෙන්ම පුළුවන්, එහෙම නැති වුනොත් ඔයා ඔයාගේ certificates and transcripts forward කරලා Aussie වල Uni එකකින් exemptions ඉල්ලාගන්න ඕනේ. ඔන්න ACBT එක වගේනම් ප්‍රශ්නයක් නෑ, මොකද එයාලට Aussie uni ත් එක්ක ඕනේ තරම් agreements තියනවා, මොකද ACBT එක Aussie වල තියන MIBT, SIBT වගේම එකක් නිසා.


mekai machan mata nibm eke DCSD ( Diploma in Computer System Design ) and ICBT eke Dual HND in Software Development + Computing & Systems Development kiyana eka dan karagena yanawa..mata 3 years work ex. thiyanawa web developer kenek widiyta..ithin mata degree eke final year ekata apply karanda puluwan widiyak thiyanawada??wayasa 24i.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
mekai machan mata nibm eke DCSD ( Diploma in Computer System Design ) and ICBT eke Dual HND in Software Development + Computing & Systems Development kiyana eka dan karagena yanawa..mata 3 years work ex. thiyanawa web developer kenek widiyta..ithin mata degree eke final year ekata apply karanda puluwan widiyak thiyanawada??wayasa 24i.

මචං අපිට කරන්න පුළුවන් දේ තමයි ඔයාගේ qualifications Aussie වල Uni වලට forward කරලා බලන එක ඔයාට final year එකට direct entree ගන්න පුලුවන්ද කියලා. එයාලා කැමති වෙලා offer එකක් එවුවොත් වැඩේ හරි
 

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
machan...mage wife pre school teacher kenek....eyata certificate in early education, Diploma in Early Education and Diploma in Child Care Management thiyenawa. Eyata experience aurudu 2 1/2 withara thiyenawa....Eyata puluwanda main applicant wela NZ or Aus walata PR apply karanna...