Ayeth Punthi Kaaleta...

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඉස්සර ඉස්කෝලේ 2,3 වසරේ ඉන්න කාලේ හන්ගිමුත්තම් කරද්දී මම කරන්නේ හැඟෙන්නේ නැතුව අනිත් ළමයි අතරේ ඉන්න එක.. හොයන එකා මලාට හොයන්නේ නෑ.

    2 වසරේ අපි හිටියේ උඩ තට්ටුවේ... පොත් වල කොළ කඩල රොකට් හදල යවනවා. පල්ලෙහා බිල්ඩිමේ වහල සුදු පාටයි රොකට් වලින්

    කාලෙකට පරචුට් උණක් හැදෙනවා ඒ කාලෙට ලන්ච් ශීට් වලින් පැරෂුට් හදල යවනවා

    පිස්සු හැදෙනවා ඕයි ඒ කාලේ කරපුව කියපුව මතක වෙනකොට... දැන් උන්ට කොහෙන්ද මෙව්වා



    සිරාවට මාත් ඕව කරලා තියෙනවා ඉස්කෝලේ :lol: අහු වෙන්නේ නැති වෙන්නත් කරන්න ඕනේ ඉතින් :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපිට මේ වගේ ත්‍රේඩ් දාල කතා කරන්න පුළුවන් ළමාකාලයක් අපේ දෙමවුපියන් හා ගුරුවරුන් ලබාදුන්න. නමුත අද ඉපදෙන ගොඩක් ළමයින්ට මේ වගේ කතාකරන්න පුළුවන් ළමා කාලයක් ලැබෙනවද කියල එක ගැටලුවක්. ඒ අතින් අපි වාසනාවන්තයි. වර්තමානයේ ඉපදෙන දරුවන්ගෙ දෙමව්පියන් බවට පත්වෙන්නෙ අද මේ ත්‍රේඩ් එකේ කතාබහට එකතුවෙන අපේ සහෝදර සහෝදරියන් වගේ අය. ඒක නිසා අනාගතයේ තමන්ගෙ දරුවන්ටත් අපිට තිබුණ ඒ සුන්දර ළමාකාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනව.
    ඒ කියන්නේ උඹ බඳිනවා :D :rofl:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එකනම් ඇත්ත බන්....ඉස්සර ඉක්මනට ලොකුවෙන්න ආසාව තිබ්බට ටික ටික ලොකුවෙද්දි ප්‍රශ්න, වගකීම් වලින් ඔලුව බරවෙනකොට හිතෙනව පොඩිකාලෙ කොච්චර සුන්දරද කියල.....දැන් තියන තරගෙත් එක්ක බැලුවහම සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ඉස්සරහට යන්න අමාරුයි.....ඔක්කොම ඉවක් බවක් නැතුව දුවනව...හරියට ගාල කඩාගත්තු හරක් ටික වගේ......

    ඔව් සහෝ සහතික ඇත්ත....දැන් ඉන්න පොඩි එවුන් අතරේ ඉගෙන ගන්න තියෙන තරගේ දැක්කමම මට ලොකු දුකක් දැනෙනවා....අපිට තිබ්බ ඒ සුන්දර ළමා කාලේ දැන් ඉන්න පුංචි එවුන්ට අහිමි වේගන යන බවක් තමයි පෙන්න තියෙන්නේ.....මේ වගේ සෙල්ලම් කරන්න දැන් ඉන්න පොඩි එවුන්ට වෙලාවක් නැති තරම්....සතියේ හැම දවසකම ටියුෂන් ක්ලාස්, සමහර පොඩි එවුන් එක විෂයකට පන්ති දෙක තුන යනවා, මම නම් ඒ ලෙවල් කාලේදී ගියෙත් එක විෂයකට එක පන්තියකට විතරයි....අනිත් එක පොඩි හරි විවේකයක් ලැබුනත් ඒ පුංචි එවුන් කරන්නේ කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරන එක එහෙම නැත්තන් ටීවී බලන එක.....මේකෙන් වෙන්නේ සමාජයේන් වෙන් වෙලා හුදෙකලා වෙච්ච මිනිස්සු පිරිසක් බිහි වෙන එක......:(
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    මොන ලෝකේ හිටියත් ඉපදුනු රට අමතක වෙන්නේ නැ :)
    සිංහල අමතක කරන්නෙත් නැහැ
    බොහොම සන්තෝසයි අහන්න. ඔබට සුභ අනාගතයක්.:)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔයාල ගොඩක් වාසනාවන්තයි. හොඳ ළමා කාලයක් තිබිල තියනවා. මම කාටවත් ඊරිසියා කරන්නෙ නෑ. ඒත් මට මාර දුකයි. :(:(:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    aye podi kaleta yanna thibba nam :(
    dan office yanava gedara enava
    dan nidahasak na 11++

    හ්ම්ම් දුක තමයි
    මතකයන් විතරයි ඉතුරු ඒවා මතක් කරලා සතුටු වෙන්න තියෙන්නේ ඉතින් :(
    6+ Added
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්කෝලෙ අල්ලන සෙල්ලම් කරන්න ගිහින් අඬු කඩාගත්ත වාරනම් ඕනතරම් තියෙනව. ඒ කාලෙ ඉතින් වැටෙන එකෙත් ඉවරයක් නැහැනෙ. පංතියක ළමයි 40 විතර ඉන්නවනෙ. ඒ වගේ පන්ති 8 විතර තියෙනව. ගොඩක් කට්ටිය අල්ලන සෙල්ලම් කරන නිසා ඉතින් දුවන කොට කානුවල හිටන් වැටෙන එකයි වෙන්නෙ. ඇඳුම් එහෙමත් ඉවරයි ඉතින්. ගුරුමෑණිවරුන්ට පියවරුන්ට බෙහෙත් දාල ඉවරයකුත් නෑ වැටෙන අයට. එහෙම වෙලත් දෙමවුපියන්වත්, ගුරුවරුන්වත් ඒ අපිට තිබුණ නිදහස නැතකළේ නෑ.
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඔයාල ගොඩක් වාසනාවන්තයි. හොඳ ළමා කාලයක් තිබිල තියනවා. මම කාටවත් ඊරිසියා කරන්නෙ නෑ. ඒත් මට මාර දුකයි. :(:(:(

    :shocked::shocked::shocked::shocked:ඇයි මේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් සහෝ සහතික ඇත්ත....දැන් ඉන්න පොඩි එවුන් අතරේ ඉගෙන ගන්න තියෙන තරගේ දැක්කමම මට ලොකු දුකක් දැනෙනවා....අපිට තිබ්බ ඒ සුන්දර ළමා කාලේ දැන් ඉන්න පුංචි එවුන්ට අහිමි වේගන යන බවක් තමයි පෙන්න තියෙන්නේ.....මේ වගේ සෙල්ලම් කරන්න දැන් ඉන්න පොඩි එවුන්ට වෙලාවක් නැති තරම්....සතියේ හැම දවසකම ටියුෂන් ක්ලාස්, සමහර පොඩි එවුන් එක විෂයකට පන්ති දෙක තුන යනවා, මම නම් ඒ ලෙවල් කාලේදී ගියෙත් එක විෂයකට එක පන්තියකට විතරයි....අනිත් එක පොඩි හරි විවේකයක් ලැබුනත් ඒ පුංචි එවුන් කරන්නේ කම්පියුටර් ගේම් එකක් ප්ලේ කරන එක එහෙම නැත්තන් ටීවී බලන එක.....මේකෙන් වෙන්නේ සමාජයේන් වෙන් වෙලා හුදෙකලා වෙච්ච මිනිස්සු පිරිසක් බිහි වෙන එක......:(
    ඒක ඇත්ත, අපේ කාලෙත් 5 ශිෂ්‍යත්වය විභාගය කාලේ ලාවට ඔය දේ වේගෙන ආව, ඒත් දැන්නම් අහන්න දෙයක් නෑ... දුක තමයි...

    එහෙම අය එළකිරි එකෙත් ඇති අනිවරෙන් :yes: එයාලට ඉතින් එකම සමාජ ආශ්‍රය ෆේස්බුක් වගේ රෙදි තමයි...

    අපේම සයිට් එකක් මේ වගේ සෝෂල් එකක් තියෙන එක නිසා තමයි මෙහෙම හරි බේරෙන්න පුළුවන්. මේකේ ඉන්න හුඟක් අයට එලකිරිය කියන්නෙත් හැම දේමනේ, එහෙම හිර වෙලා ඉන්න අය මේකේ ගොඩක් ඉන්නවා. උන් මේ සයිට් එකට පනටත් වඩා ආදරෙයි..

    එෆ් බී යන එවුන් වටේට ලොරි ටෝක් දිදී ඉන්නවා.. ඕව තමයි ඉතින්