කොපු ගැහිල්ලයි.පෑන් ගැහිල්ලයි.අර ත්රිකෝණයක් වගේ එකක් හදලා (රග්බි ද කොහෙද නම) කරපු සෙල්ලම..සිරාවටම ඒ සෙල්ලම් ටික දැන් ඒ පන්ති වල ඉන්න ළමයි කරන්නේ නෑ...අපරාධි අපිට දවසක ඔලිම්පික් නියෝජනයකට යන්න තිබුන ක්රීඩා ටිකක්...ඕවා අන්තර පාඨාගාලීය,දිස්ත්රික් වශයෙන් හිටන් ටූනමන්ට් ගියා ඒ කාලේ අපි ටියුෂන් පන්ති වල..කොහොම හරි මම ක්ලිප් ගහලා ප්රින්සිපල් ගෙන් ගුටි කෑව දවසට පස්සේ අපේ වසරම ඔය සෙල්ලම නැවැත්තුවා 90%ක්ම වගේ....හිතා ගනිල්ලකො අපි ආපු කෑම...පීරියඩ් දෙකක් දන ගහන් හිටියා කියහන් කෝ වැලි ගොඩේ..ඒ තැන තිබුනා මැංගුස් ගහක් මම එදත් උඩ බලන් කලේ අපේ පොලු පාරක් නොකා ඉතිරි වෙච්ච එක ගෙඩියක් හරි ගහේ ඉතුරුද කියලා බලපු එක...

ඔව් ඔව් ඒ කාලෙත් ඕකටනම් හෙන ලෙඩ තිබුණ තමයි. පෑන් එහෙම ගන්නව වැඩිපුර තියෙන. කොහොම ද පිට්ටනිය මැද්දෙ අවුවෙ දනගහගෙන ඉන්නකොට තියෙන ආතල් එක. ගැහැණු ළමයි එහෙම ලස්සනට හිනාවෙලා යනකොට මාර ආතල් එකක් තියෙන්නෙ 

දැන් කිරිහොදිත් හදනව ද? 






