Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......
කට්ටිය දැන්නම් Black Ops 2 ඉවර කරලත් ඇති නේද? මමත් ඉවර කලා.එකපාරක්, දෙපාරක් නෙමෙයි.හතර පාරක්ම.උඹලා හිතයි මූට පිස්සුද කියලා හතර පාරක් ගේම් එක ගහන්න.නැහැ මචන්.අපි කවුරුත් කැමතියි, මොනම කතාවක් උනත් අවසානේ හොඳ විදියට ඉවර වෙනවා නම්.දුශ්ටයව පරද්දලා කොල්ලා දිනනවා නම්.කොල්ලගේ පැත්තේ හොමෝම නොමැරී බේරෙනවා නම්.ඒත් BO2 එකේ හැම තිස්සෙම එහෙම වෙන්නේ නැහැ.මට තේරෙන හැටියට නම් මේ ගේම් එකේ ස්ටෝරිය වෙනස් වෙනස් විදි හත අටකට ඉවර වෙනවා.ඒත් එහෙම වෙන්නේ ගේම් එක ගහගෙන යනකොට අපි ගන්න සමහර තීරන නිසා.මට ඉතින් තුන් පාරක් වැරදුනා.පළවෙනි පාර Alex Mason මැරුන.දෙවෙනි පාර මිනිහව නම් බේර ගත්ත, ඒත් Menendez ගේ cyber attack එක නවත්තලා ලෝකේ බේර ගන්න බැරි උනා.තුන්වෙනි පාරත් පොරගේ cyber attack එක නවත්තන්න කියල හිතාගෙන මෑන්ව මැරුව.ඒත් ඒ පාරත් මට අර cyber attack එක නම් නවත්තන්න බැරි උනා.cyber attack එක නවත්තන හැටි මම ඉගෙන ගත්තේ හතර වෙනි පාර ගහලා.හැබැයි ඉතින් එහෙම කරන්න අපි හීනෙකින්වත් හිතන් නැති බොහොම නරක තීරණයක් ගන්න වෙනවා.ඉතින් මේ කතාව ලස්සනට ඉවර කරන හැටි කියලා දෙන්න තමයි මම හදන්නේ.

කතාව පටන් ගන්නේ 2025 සිද්දියකින්.David Mason, එහෙම නැත්නම් පරන BO එකේ Alex Mason ගේ පුතා Frank Woods ව, එහෙම නැත්නම් BO එකේ Mason ගේ හොඳම යාලුවව හම්බවෙන්න එනවා.නිකන්ම නෙමේ එන්නේ.හෙන ආර්මි එකක් එක්ක.මේ වෙද්දි David ට අවුරුදු 45ක් වෙනවා.ආර්මි එකේ ලොක්කෙක්(Lieutenant Commander).David ගේ තාත්තා මැරුනා කියලා තමයි කියන්නේ.Woods ටත් ගොඩක් වයසයි.රෝද පුටුවෙන් යන්නේ.ඒත් හරිම රහස් තැනක තමයි ඉන්නේ.David සහ සමීපම කීප දෙනෙක් විතරයි මේ තැන දන්නේ.David මෙතනට Woods ව හම්බවෙන්න එන එකේ ලොකු අරමුණක් තියෙනවා.ඒ තමයි Cordis Die කියන ප්රබල ත්රස්තවාදී සංගමයේ නායක Raul Menendez ගැන හෝඩුවාවක් ලබා ගැනීම.David ගේ සැකය ස්ථිර කරමින් Woods මෙහිදි පිළිගන්නවා, තමන්ව හම්බවෙන්න මේ තැනට Menendez ආපු බව.ඒ එක්කම තමුන් අදහස් කරන විදියේ ලොකු ප්රහාරයක් ඇමෙරිකාවට එල්ල කරනවා කියලත් කියලා තියෙනවා.ඒ එක්කම යම්කිසි Pendant එකකුත් Woods ට දීලා ගිහින් තියෙනවා.Woods ඒක David ට පෙන්නනවා.ඒකෙන් David ට පරණ සිද්දි කීපයක් මතක් වෙනවා.Woods ඉතින් David ට විස්තර කරනවා Menendez එක්ක ආරවුල පටන් ගත්තු හැටිත්,Woods සහ Mason පවුල මේකට සම්බන්ද වෙච්චි හැටිත්.ඉතින් ඒ අතීත සිදූවීම් පෙල අපිට Alex Mason, Frak Woods, Raul Menendez හැටියට Play කරන්න පුලුවන්.වර්තමාන සිදුවීම් ටික David Mason සහ Raul Menendez හැටියට Play කරන්න පුලුවන්.හරි දැන් එහෙනම් ගේම පටන් ගමු.

ඒ 1986 කාලේ.Mason ආර්මි එකෙන් අයින් වෙලා, තමන්ගේ පුතත් එක්ක (එතකොට David ට අවුරුදු 6-7 විතර) ඇලෙස්කාවේ බොහොම රහසේ ජීවත් වෙනවා.එක දවසක් CIA නියෝජිතයෙකුත් එක්ක Jason Hudson එහෙමත් නැත්නම්,Mason ගේ යාලුවෙක් හා අණදෙන නිලදාරියා විදියට BO එකේ හිටපු Hudson එනවා Mason ව හම්බ වෙන්න.මේ වෙනකොට Mason හිතාගෙන ඉන්නේ යුද්දේ අතරතුර Woods මැරිලා කියලා.(BO ඉවර කලාම අපිත් හිතුවේ එහෙමනේ )ඒත් Hudson කියනවා ඒක එහෙම නෙමෙයි, ඇන්ගෝලාවේ රහස් තැනක Woods ව හිර කරගෙන ඉන්නවා කියලා.ඉතින් Mason තීරණය කරනවා Hudson එක්ක එකතු වෙලා Woods ව බේර ගන්න.ඒත් David මතක් කරනවා, තාත්තා එයාට පොරොන්දු උනා කියලා ආපහු ආර්මි එකට යන්නේ නැහැ කියල.එතකොට Mason පුතාට කියනවා, මම යන්නේ වෙන දේකට නෙමෙයි, Woods මාමව බේර ගන්න, Woods මාමා මන් වෙනුවෙන් බොහොමයක් දේවල් කරලා තියෙනවා කියලා.(BO ගහපු අපි ඒක දන්නවනේ ඉතින්.)

Last edited: