Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

blue_in_rio

Well-known member
  • Black Ops 2 - සතුටුදායක අවසානයක් කරා......

    කට්ටිය දැන්නම් Black Ops 2 ඉවර කරලත් ඇති නේද? මමත් ඉවර කලා.එකපාරක්, දෙපාරක් නෙමෙයි.හතර පාරක්ම.උඹලා හිතයි මූට පිස්සුද කියලා හතර පාරක් ගේම් එක ගහන්න.නැහැ මචන්.අපි කවුරුත් කැමතියි, මොනම කතාවක් උනත් අවසානේ හොඳ විදියට ඉවර වෙනවා නම්.දුශ්ටයව පරද්දලා කොල්ලා දිනනවා නම්.කොල්ලගේ පැත්තේ හොමෝම නොමැරී බේරෙනවා නම්.ඒත් BO2 එකේ හැම තිස්සෙම එහෙම වෙන්නේ නැහැ.මට තේරෙන හැටියට නම් මේ ගේම් එකේ ස්ටෝරිය වෙනස් වෙනස් විදි හත අටකට ඉවර වෙනවා.ඒත් එහෙම වෙන්නේ ගේම් එක ගහගෙන යනකොට අපි ගන්න සමහර තීරන නිසා.මට ඉතින් තුන් පාරක් වැරදුනා.පළවෙනි පාර Alex Mason මැරුන.දෙවෙනි පාර මිනිහව නම් බේර ගත්ත, ඒත් Menendez ගේ cyber attack එක නවත්තලා ලෝකේ බේර ගන්න බැරි උනා.තුන්වෙනි පාරත් පොරගේ cyber attack එක නවත්තන්න කියල හිතාගෙන මෑන්ව මැරුව.ඒත් ඒ පාරත් මට අර cyber attack එක නම් නවත්තන්න බැරි උනා.cyber attack එක නවත්තන හැටි මම ඉගෙන ගත්තේ හතර වෙනි පාර ගහලා.හැබැයි ඉතින් එහෙම කරන්න අපි හීනෙකින්වත් හිතන් නැති බොහොම නරක තීරණයක් ගන්න වෙනවා.ඉතින් මේ කතාව ලස්සනට ඉවර කරන හැටි කියලා දෙන්න තමයි මම හදන්නේ. :):):):):)

    කතාව පටන් ගන්නේ 2025 සිද්දියකින්.David Mason, එහෙම නැත්නම් පරන BO එකේ Alex Mason ගේ පුතා Frank Woods ව, එහෙම නැත්නම් BO එකේ Mason ගේ හොඳම යාලුවව හම්බවෙන්න එනවා.නිකන්ම නෙමේ එන්නේ.හෙන ආර්මි එකක් එක්ක.මේ වෙද්දි David ට අවුරුදු 45ක් වෙනවා.ආර්මි එකේ ලොක්කෙක්(Lieutenant Commander).David ගේ තාත්තා මැරුනා කියලා තමයි කියන්නේ.Woods ටත් ගොඩක් වයසයි.රෝද පුටුවෙන් යන්නේ.ඒත් හරිම රහස් තැනක තමයි ඉන්නේ.David සහ සමීපම කීප දෙනෙක් විතරයි මේ තැන දන්නේ.David මෙතනට Woods ව හම්බවෙන්න එන එකේ ලොකු අරමුණක් තියෙනවා.ඒ තමයි Cordis Die කියන ප්‍රබල ත්‍රස්තවාදී සංගමයේ නායක Raul Menendez ගැන හෝඩුවාවක් ලබා ගැනීම.David ගේ සැකය ස්ථිර කරමින් Woods මෙහිදි පිළිගන්නවා, තමන්ව හම්බවෙන්න මේ තැනට Menendez ආපු බව.ඒ එක්කම තමුන් අදහස් කරන විදියේ ලොකු ප්‍රහාරයක් ඇමෙරිකාවට එල්ල කරනවා කියලත් කියලා තියෙනවා.ඒ එක්කම යම්කිසි Pendant එකකුත් Woods ට දීලා ගිහින් තියෙනවා.Woods ඒක David ට පෙන්නනවා.ඒකෙන් David ට පරණ සිද්දි කීපයක් මතක් වෙනවා.Woods ඉතින් David ට විස්තර කරනවා Menendez එක්ක ආරවුල පටන් ගත්තු හැටිත්,Woods සහ Mason පවුල මේකට සම්බන්ද වෙච්චි හැටිත්.ඉතින් ඒ අතීත සිදූවීම් පෙල අපිට Alex Mason, Frak Woods, Raul Menendez හැටියට Play කරන්න පුලුවන්.වර්තමාන සිදුවීම් ටික David Mason සහ Raul Menendez හැටියට Play කරන්න පුලුවන්.හරි දැන් එහෙනම් ගේම පටන් ගමු. :cool::cool::cool::cool::cool:

    ඒ 1986 කාලේ.Mason ආර්මි එකෙන් අයින් වෙලා, තමන්ගේ පුතත් එක්ක (එතකොට David ට අවුරුදු 6-7 විතර) ඇලෙස්කාවේ බොහොම රහසේ ජීවත් වෙනවා.එක දවසක් CIA නියෝජිතයෙකුත් එක්ක Jason Hudson එහෙමත් නැත්නම්,Mason ගේ යාලුවෙක් හා අණදෙන නිලදාරියා විදියට BO එකේ හිටපු Hudson එනවා Mason ව හම්බ වෙන්න.මේ වෙනකොට Mason හිතාගෙන ඉන්නේ යුද්දේ අතරතුර Woods මැරිලා කියලා.(BO ඉවර කලාම අපිත් හිතුවේ එහෙමනේ )ඒත් Hudson කියනවා ඒක එහෙම නෙමෙයි, ඇන්ගෝලාවේ රහස් තැනක Woods ව හිර කරගෙන ඉන්නවා කියලා.ඉතින් Mason තීරණය කරනවා Hudson එක්ක එකතු වෙලා Woods ව බේර ගන්න.ඒත් David මතක් කරනවා, තාත්තා එයාට පොරොන්දු උනා කියලා ආපහු ආර්මි එකට යන්නේ නැහැ කියල.එතකොට Mason පුතාට කියනවා, මම යන්නේ වෙන දේකට නෙමෙයි, Woods මාමව බේර ගන්න, Woods මාමා මන් වෙනුවෙන් බොහොමයක් දේවල් කරලා තියෙනවා කියලා.(BO ගහපු අපි ඒක දන්නවනේ ඉතින්.) :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Mission 1)
    පළවෙනි Mission එක ගහන්න තියෙන්නේ ඉතින් Mason විදියට.කරන්න තියෙන්නේ Woodsව බේර ගන්න එක.හැබැයි ඉතින් Mission එක මැද්දේදි අපිට දැන ගන්න පුලුවන් Woods ව හිර කරන් ඉන්න එකට සම්බන්ද කවුද කියන එක.ඒ වෙන කවුරුත් නෙමෙයි.Menendez.ඉතින් Mason මිනිහව මරන්න යනවා.ඒත් මිනිහා බේරෙනවා.mason ටත් සතුරු හමුදාවෙන් බේරිලා යන්න ඕනා නිසා Menendez ගැන අමතක කරලා දාලා පැන ගන්නවා.ඒත් Mason එක්ක කරපු පොර බැදීමෙන්, Mason ගේ තුවක්කුව පත්තුවෙලා menendez ට තමන්ගේ දකුනු ඇහැ නැති වෙනවා. :baffled::baffled::baffled::baffled::baffled:

    Mission 2)
    මේකෙදි play කරන්න තියෙන්නේ David විදියට.ඒ කියන්නේ 2025.මරු නේද ? අලුත් තාක්ශණයෙන් යුතු අවි ආයුදයි, තව තව ගැජට් අරව මේවයි,පාවිච්චි කරන්න පුලුවන්.මම නම් ආසම වැඩේ තමයි පියාඹන එක.එච්චර අමාරු mission එකක් නෙමෙයි.කරන්න තියෙන්නේ මියන්මාරේ කැලෑවක් ඇතුලේ අත්හැරලා දාල තියෙන පන්සලක සූක්ෂ්ම විදියට හදපු නවීන පහසුකම්වලින් සමන්විත ස්තානයක් හොයා ගන්න එක.මේකේ අයිතිකාරයා ඉතින් Menendez.මිනිහා මේ වෙනකොට විශාල බලයක් තියෙන සංවිදානයක් විදියට තමන්ගේ ත්‍රස්ථවාදී සංවිදානය ලොකු කරගෙන.:eek::eek::eek::eek::eek:

    Mission 3)
    ආපහු අතීතයට.Masonගෙන් තමයි play කරන්න තියෙන්නේ.ඇෆ්ගනිස්ථානේ තමයි වැඩේ තියෙන්නේ.Menendez ගේ ආයුද ජාවාරමක් ගැන කරුණු හෙලිකරගන්න තමයි යන්නේ.Zhaoකියලා චීනෙක්ගෙන් උදව් ලැබෙනවා.ඒත් අන්තිමට කට්ටියටම ජීවිතේ නැතිවෙන විදියට වැඩ සිද්ද වෙලා, හාස්කමකින් වගේ බේරෙනවා.(Mason ගේ ඔලුවේ ජීවත්වෙන Viktor Reznovට පිං සිද්දවෙන්න )

    Mission 4)
    මේක පටන්ගන්න කලින් දෙයක් මතක් කරන්න ඕනා.මේකට කලින් Strike Force Mission එකක් එයි, India වල ගහන එකක්.ඒක ඕනා නම් අතැරලා ගේම් එකේ ඉස්සරහට යන්නත් පුලුවන්.හැබැයි එහෙම කලාට, තව mission දෙක තුනක් ගැහුවට පස්සේ හරි කමක් නැහැ, ඒක ඉවර කරන්න.මොකද ඒක ඉවර නොකලොත්, ඒක ගේම් එකේ අවසාන තීරණයට බලපානවා.
    පරන කාලේ විදියට Mason තමයි ඉතින් play කරන්නේ.Menendez ව අල්ල ගන්න, මෑන්ගේ ගෙදරකට කට්ටිය කඩා පනිනවා.Woods ගේ තියෙන තරහා වැඩිකමට, Menendez ව මරන්න යනවා.ඒත් එකෙන් වෙන්නේ කාටවත් කරදරයක් නැති Menendez ගේ නංගි, ජීවිතයෙන් වන්දි ගෙවන එක.ඒකෙන් පස්සේ Menendez ගේ තරහා තවත් වැඩි වෙනවා.මේ සිදුවීමෙන් පස්සේ Woods ගෙනුයි, Mason ගෙනුයි පළිගන්න එක තමයි Menendez ගේ ජීවිතේ ලොකුම අරමුණ වෙන්නේ. :shocked::shocked::shocked::shocked::shocked:

    Mission 5)
    වර්තමාන අවදියේ, David විදියට ගහන්න තියෙන්නේ.Menendezගේ තිප්පොලකට ගිහින් තොරතුරු හොයන එක තමයි කරන්නේ.Menendez ගේ දකුණු අත වගේ ඉන්න, Defalco ගැන දැන ගන්න හම්බවෙන්නේ මේ mission එකේදි.

    Mission 6)
    මේකත් ගහන්න තියෙන්නේ වර්තමානයේ.කරන්න තියෙන්නේ Karma කියන අති ප්‍රබල ආයුදයක් ගැන Menendez කියලා තියෙන නිසා, ඒ මොකක්ද කියලා හොයා ගන්න එක.David ඒක හොයා ගන්නවා.ඒ ආයුධය වෙන මොකක්වත් නෙමෙයි, Chloe Lynch (Karma) කියන තරුණිය.ඇය පරිඝනක විශේෂඥවරියක්.ඇගේ සහයත් ඇතුව, ඇමෙරිකාවට හා චීනයේ ආර්ථික මද්‍යස්ථානයට විරුද්ධව Cyber Attack එකක් දෙන එක තමයි, Menendez ගේ අරමුණ.ඒකෙන් මේ ප්‍රබල රටවල් අතර යුද්දයක් ඇති කිරීම.ඒ වගේම මේ වැඩේට යොදාගන්න Defalco ලව්වා, Karma ව පැහැරගෙනයෑම.David ට තේරෙනවා Karma ගේ ජීවිතේ අනතුරේ බව.ඉතින් Defalco ගෙන් Karma ව බේර ගන්න තමයි තියෙන්නේ.ඒකට ඉතින් Defalco ව මරන්න පුලුවන්.මම එහෙම කලා.නිකන්හරි, මේ mission එකේදි Karmawa ව බේර ගන්න බැරි උනොත් අපිට තව Strike Force mission එකක් හම්බවෙනවා Second Chance කියලා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක අපිට ලැබෙන දෙවෙනි අවස්තාව.කාටහරි Defalco ව මරන්න බැරි උනා නම්, මේ mission එක අනිවා ගහන්න ඕනා.මොකද Menendez ගේ cyber attack එක නවත්තන්න අපිට තියෙන එකම ආයුදය Karma විතරයි.අලුත් strike force mission එකත් එච්චර අමාරු නැහැ.Defalco , Karmaව හන්ගලා තියෙන්නේ පකිස්ථානයේ තැනක.කට්ටිය එක්ක ගිහින් Karma ඉන්න තැන හොයාගෙන, කෙල්ලව බේරගන්න එකයි තියෙන්නේ.නිකන්ම Defalco ව මරනවට වඩා, මේ mission එක play කරලා Karma ව බේරගන්න එක මට නම් ආතල්.... :P:P:P:P:P

    Mission 7)
    මෙන්න ඉතින් mission එක.Menendez ගේ පළිගැනීම ගැන හරිහැටි අවබෝධයක් ලැබෙන්නේ මේ mission එකෙන්.play කරන්න තියෙන්නේ woods විදියට.Menendez ව අල්ලගන්න තමයි යන්නේ.එක්තරා අවස්ථාවකදි අපිට මුන වහපු පුද්ගලයෙකුට වෙඩි තියන්න වෙනවා.කියන්නේ ඒ Menendez කියලා.Hudson අණ දෙනවා Headshot ම තියපන් කියලා.පළවෙනි පාර කරද්දි, මමත් මෝඩයාවගේ head ම තිබ්බා.ඒත් ලගට ගිහින් බැලුවම එතන ඉඳලා තියෙන්නේ Alex Mason.හරිම කනගාටු දායක අවස්තාවක්.Menendez, පුන්චි David වයි, Hudson වයි හිරකරගෙන, Hudson ලව්වා Woods ට බලකරනවා මේ දේ කරන්න.අන්තිමට Woods ගේ දනිස් දෙකටත් වෙඩි තියනවා.Hudson නම් මරනවා.ඒත්, අබ්බගාත Woods ටයි, David ටයි යන්න දෙනවා.එහෙම කරන්නේ, තමුන් නංගි මැරුනු එකෙන් විඳපු දුක කොහොමද කියලා, කකුල් අහිමි වෙච්චි Woods ටයි, තාත්තා අහිමි වෙච්චි David ටයි වටහලා දෙන්න.ඒත් එහෙම කරන ගමන් Menendez පුන්චි David ට කියනවා, තමන් වෙලාව ආවම පළිගැනීම සම්පූර්ණ කරනවා කියලත්.ඒ කියපු දේ තමයි, 2025 දි Menendez කරන්න උත්සහ කරන්නේ.උඹලා ඉතින් මේ mission එකේදි මම වගේ head තියන්නේ නැතුව, Mason ගේ අතකටයි, කකුලකටයි තියපල්ලා.එහෙම කලාමත් mission එක ඉවර වෙන්නේ, Mason ම
    ලා කියලා තමයි.ඒත්, ගේම් එක ඉවර උනාට පස්සේ, Mason, Woods ගේ ගෙදරට ඇවිත් David ව හම්බ වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    blue_in_rio

    Well-known member
  • Mission 8)
    මේක තමයි ඉතින් ගේම් එක එහෙම පිටින්ම වෙනස් කරන mission එක.මේකෙදි මුලින්ම play කරන්න වෙන්නේ, Farid කියන පකිස්තානු CIA නියෝජිතයෙක් විදියට.පොර ඉන්නේ Menendez ලඟ උනාට වැඩ කරන්නේ ඇමෙරිකාවට.ඉතින් menendez ව අල්ලන්න මිනිහාව යොදා ගන්නව.Menendez මේ වෙනකොට හැන්ගිලා ඉන්නේ පකිස්තානේ.ඒත් menendez ට සැකයක් ඇති වෙනවා Farid ගැන.mission එකේ එක තැනකදි, menendez ගේ කට්ටිය Harper ව අල්ලගන්නවා.Harper කියන්නේ David ගේ දකුණු අත වගේම හොඳම යාලුවා.Harper ව අල්ලගත්තම Farid ට Menendez කියනවා, Harper ව මරන්න කියලා.ඒ කියන්නේ අපිට.මේකෙදි අපිට තීරණ දෙකක් ගන්න පුලුවන්.එකක් Harper ව මරන එක.අනිත් එක menendez ව මරන එක.ඒත් Menendez ව මරන්න ගියොත්, මිනිහ කොහොමහරි බේරිලා, අපිට, ඒ කියන්නේ Farid ට වෙඩිතියලා මරනවා.එහෙම උනොත් නම් වැඩක් නැහැ.මොකද Farid ව බේර ගන්න වෙනව ඊලඟ mission එක හරියට play කරන්න නම්.මම මුලින්ම, තුන් වතාවක්ම කලේ ඒක.ඒත් හතරවෙනි පාර මම Harper ව මැරුව.කියන්න කනගාටුයි, ඒක තමයි ගේම් එක හරියට ඉවර කරන්න නම් කලයුතු එකම දේ. :(:(:(:(:( අන්තිමට ඇමෙරිකාවේ කට්ටිය ඇවිත් Farid ව බේරගෙන, Menendez ව අත් අඩංගුවට ගන්නව.වැඩේ තියෙන්නේ දෙන්නගෙන් එකෙක් මැරෙන කම් මුන් එන්නේ නැති එක.... :frown::frown::frown::frown::frown:

    Mission 9)
    මේ mission එක පටන් ගන්නේ menendez හිරේ ඉන්න අවස්ථාවකින්.පොර කියනවා මිනිහට කතා කරන්න ඕනා, David එක්ක විතරමයි කියලා.David එක්ක කතා කර කර ඉඳලා, ඇතුලේ එකෙක්ගෙ උදව්වෙන්ම මිනිහා හිරෙන් පනිනවා.පැනලා යන ගමන් David ටත් සිහිනැති වෙන්න පාරක් දීලයි යන්නේ.එහෙම ගිහින් Admiral Briggs ව යටත් කර ගන්නවා.අපිට ඊට පස්සේ play කරන්න වෙන්නේ Menendez විදියට.menendez යන්නේ පාලක පරිඝනකයට Virus එකක් ඇතුල් කරන්න.එතකොට එතන ඉන්නවා, Farid, Karma, Salazar කියන කට්ටිය.කලින් Farid මැරුනා නම් මෙතනදි Karmaව බේර ගන්න කෙනෙක් නැතුව යනවා.Menendez විදියට Play කරනකොට උබලට Briggs ට වෙඩි තියන්න වෙයි.Briggs ව මරන්න නම් එපා.කකුල් වලට තියපන්. :cool::cool::cool::cool::cool:

    Mission 10)
    මේකෙදි කරන්න තියෙන්නේ ඉතිං ඇමෙරිකාවේ ජනාධිපතිවරිය පරිස්සමින් එකතරා තැනකට අරන් යන එක.2025දි ඇමෙරිකාවේ ජනාධිපති, කාන්තාවක්.මරු නේද ?අපිට ජෙට් එකකුත් ක්න්ට්‍රෝල් කරන්න දෙනවා මේ mission එකේදි.නියමයි නේ ? :):):):):)

    Mission 11)
    ඔන්න දැන් තමයි අවසාන mission එක.අපි දැන් Menendez ගේ Cyber Attack එකත් ඉවර කරලා, අනිකුත් රටවල් එක්ක ඇති වෙන්න තිබුන යුද්දේකුත් නවත්තලා, ඇමෙරිකන් ජනාධිපතිනියත් බේරලා, හොඳ අවසානයක් කරා යන ගමන්.තවත් කරන්න එක දෙයක් තියෙනවා.ඒ තමයි Menendez එක්ක තියෙන ගණු දෙනුව අවසන් කරන එක.ඉතින් මිනිහාව හොයාගන්න එක තමයි මේ mission එකේදි කරන්න වෙන්නේ.පොරව අල්ල ගත්තට පස්සේ, අපින ඕනා නම් Menendez ව මරන්න පුලුවන්.නැත්නම් අත් අඩංගුවට ගන්න පුලුවන්.මෑන්ගේ සියලු සැලසුම් ව්‍යවර්ත වුනු නිසා, හිරේට අල්ලලා දෙන එක හොඳ තීරණයක්.මොනවා උනත් මේ හැම දෙයක්ම සිද්ද උනේ මිනිහට වෙච්චි අසාධාරණේ නිසා කියන එක අමතක කරන්න හොඳ නැහැ.මම නම් ඉතිං පව් කියල මැරුවේ නැහැ.අනේමන්ද, උඹලට කැමති දෙයක් කරලා ගේම් එක ඉවර කරපල්ලා. :oo::oo::oo::oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: niruthsg

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ubada game eka heduwe??? :P patta ban.. mechchara kal game gehuwata story eka beluwe ne bn :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කට්ටිය දැන්නම් Black Ops 2 ඉවර කරලත් ඇති නේද? මමත් ඉවර කලා.එකපාරක්, දෙපාරක් නෙමෙයි.හතර පාරක්ම.

    අනේ මු වගේ හරකෙක්:lol::lol:
    නාස්ති කරන්න කාලයක් තියෙනව නම් වඩේ හදල විකුණපන්
    කීයක් හරි අතට එයි:):)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ow ban maxxa game eka.....shit crack aul ne ban .. kwadawath une nathi widiyata bugs ahuwenawa...mekata..

    ela ela Congratz ;)
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MAARAI NE BAN. MAN NAM GAME EKAK 4YRS WALIN WATH SELLAM KALE NA. ANTHIMATA GAHUWE FARCRY1. E KIYANNE DAN GAMES WALA END EKATH APE MOLE AUL KARANAWA. REP+
     
    • Like
    Reactions: blue_in_rio