.::KAVIYEN KAVIYA 2::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් අවසරයි අද කවි ......කියන්නට
    බැන ගන්නැතුව වදේට මුල .....පුරන්නට
    වැඩ කිඩ දමා රස පද වැල් ...ගොතන්නට
    ගසා අවා කවියනි විගසින් ...........එන්ට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් අවසරයි අද කවි ......කියන්නට
    බැන ගන්නැතුව වදේට මුල .....පුරන්නට
    වැඩ කිඩ දමා රස පද වැල් ...ගොතන්නට
    ගසා අවා කවියනි විගසින් ...........එන්ට
    මට නම් කම්මැලි‍යි අද කවි..................ලි‍යන්නට
    කවි‍යට වචන ගැලපෙන්නෙත් නෑ..............හොඳට
    වෙන දවසක එන්නම් මේ thread..............එකට
    දැන් ‍චුතවෙලා ‍යමි නින්දක්..................දමන්නට
     

    barbi dall

    Member
    Feb 11, 2013
    6
    2
    0
    සුදු පාට තවර ගත් නිල් පාට අහස යට
    අතීතය වෙන්න ගිය පණ අදින මතකයට
    කියන්නට කතාවක් තියෙන හින්දම නුඹට
    හිත ලඟින් ඉඳ ගන්න එකම එක මොහොතකට....

    ජීවිතය පණ පිටින් වල දමා අන් හදක
    සිහිනයෙන් මම තවම නුඹ අසල සැරි සරමි...
    නුඹ ලඟින් ආදරය අමුණන්න පින් මඳව
    කවියක්ව සිත අසල දහස්වර දණ නමමි...

    හිතේ ඇති හැමදේම ගලපන්න රිද්මයට
    තවම මා සිඟිත්තෙකි....සමා වුව මැනවි මට
    තුන් හිතම තාලයට කවි කරන මතු දිනට....
    නම් තබමි මගේ සිත දයාබර නුඹ නමට. ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුදු පාට තවර ගත් නිල් පාට අහස යට
    අතීතය වෙන්න ගිය පණ අදින මතකයට
    කියන්නට කතාවක් තියෙන හින්දම නුඹට
    හිත ලඟින් ඉඳ ගන්න එකම එක මොහොතකට....

    ජීවිතය පණ පිටින් වල දමා අන් හදක
    සිහිනයෙන් මම තවම නුඹ අසල සැරි සරමි...
    නුඹ ලඟින් ආදරය අමුණන්න පින් මඳව
    කවියක්ව සිත අසල දහස්වර දණ නමමි...

    හිතේ ඇති හැමදේම ගලපන්න රිද්මයට
    තවම මා සිඟිත්තෙකි....සමා වුව මැනවි මට
    තුන් හිතම තාලයට කවි කරන මතු දිනට....
    නම් තබමි මගේ සිත දයාබර නුඹ නමට. ...

    වි සිත්තම් ඔබේ .............මනරන්
    සිත් ඇදී රන් විමනක් ......... මෙන්
    ගමි කැන්දන් මඩුවට ..............මන්
    ඉන්නා කල් වේ අයුබෝ ........වන්
     

    barbi dall

    Member
    Feb 11, 2013
    6
    2
    0
    වි සිත්තම් ඔබේ .............මනරන්
    සිත් ඇදී රන් විමනක් ......... මෙන්
    ගමි කැන්දන් මඩුවට ..............මන්
    ඉන්නා කල් වේ අයුබෝ ........වන්


    තුති පුදමි ඔබට මන්
    කවි මඩුවට කැන්දා ගත් නිසාවෙන්
    ගොතන්නට කවි පද රන්
    පතමි අවසර මෙතැන් සිට මන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවියක් ලියන්ඩ ඕනේ නම් පුළුවන්
    එත් ගේමක් නැති නිසාවෙන්
    තවම සිතිවිලි එන්නේ නෑ ගලන්
    කවියෝ සෙට් එක කෝ බොලන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවියක් ලියන්ඩ ඕනේ නම් පුළුවන්
    එත් ගේමක් නැති නිසාවෙන්
    තවම සිතිවිලි එන්නේ නෑ ගලන්
    කවියෝ සෙට් එක කෝ බොලන්
    කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලා
    කවි‍යක් ලි‍යා ගොස ඇත ආපහු............හැරිලා
    එකම දේම ඇත නවතත්..................සිදුවීලා
    මම එනකොට නැත කවුරුත්.........ඉතුරුවෙලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලා
    කවි‍යක් ලි‍යා ගොස ඇත ආපහු............හැරිලා
    එකම දේම ඇත නවතත්..................සිදුවීලා
    මම එනකොට නැත කවුරුත්.........ඉතුරුවෙලා
    [/QUOTE
    හිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
    පතනු එපා හුදෙකලාව රොද බැදලා....
    සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
    කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුරුත් නැති විටක රකුසා.............ඇවිදිල්ලා
    කවි‍යක් ලි‍යා ගොස ඇත ආපහු............හැරිලා
    එකම දේම ඇත නවතත්..................සිදුවීලා
    මම එනකොට නැත කවුරුත්.........ඉතුරුවෙලා
    කන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා.. :dull:
    කොපමණ කලත් නැත ගුණ මුන් හට සැමදා.. :angry:
    වෙන ජොබ් එකක් ගැන බලනට කාලේ සොදා.. :yes:
    ඒකයි මචෝ
    නැති මෙහි එන්නට වේලා.. ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
    පතනු එපා හුදෙකලාව රොද බැදලා....
    සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
    කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
    මේ දිනවල ආදර‍යෙන්.......................මත්වීලා
    සින්දු ලි‍යනවා දිගටම හිටු.....................කි‍යලා
    එනමුත් නැතේ කිසි දින ඌ............වෙනස්වෙලා
    කොහොමද ඉතින් විසතර කි‍යපන්.........කොල්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා.. :dull:
    කොපමණ කලත් නැත ගුණ මුන් හට සැමදා.. :angry:
    වෙන ජොබ් එකක් ගැන බලනට කාලේ සොදා.. :yes:
    ඒකයි මචෝ
    නැති මෙහි එන්නට වේලා.. ;)
    උඹලට ඇත රැකි‍යාවන්............එපාවෙලා
    අපිට ඇතේ ඉගෙනගැනුම.........එපාවෙලා
    දෙගොල්ලන්ට දෙවිදි‍යකට........එපාවෙලා
    අනේ මන්ද හැමදෙ‍යක්ම..........එපාවෙලා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හිතනු එපා කව්රුත් නෑ මෙහි කියලා...
    පතනු එපා හුදෙකලාව රොද බැදලා....
    සවිය සිව්පදය නිසි තැන් වල යොදලා...
    කියමු ආයෙ කවි වැල් රස කර ගොතලා...
    අගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..
    තනි කම නොමදැනේ මිතුරන් රැදෙන තැනා..
    සිව්පද කියමු අපි මෙහි එක් රොක් වීලා..
    කවිකම් වලින් හෙබි සැමදෙන කැදවාලා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..
    තනි කම නොමදැනේ මිතුරන් රැදෙන තැනා..
    සිව්පද කියමු අපි මෙහි එක් රොක් වීලා..
    කවිකම් වලින් හෙබි සැමදෙන කැදවාලා..
    එලකිරි‍යේ අංක එකේ කවි..............කරුවා
    සංකපාල බව නොදන්න අ‍ය............නැතුවා
    මේ දිනවල නම් පොඩි අවුලක්..........ඇතුවා
    ආල හිතක් ඌට පහල වී................ඇතුවා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ඉඳන් බස් රථවල................ඇවිදිල්ලා
    දැනු‍යි ආවෙ බෝඩිම වෙත..........සැපත්වෙලා
    අමාරුවත් ‍යන්නට නින්දක්.................දාලා
    ‍යලි එන්නම් කවි නූලට................සෙට්වීලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කන්තෝරුවේ වැඩ දැන් ඇත තිත්ත වෙලා.. :dull:
    කොපමණ කලත් නැත ගුණ මුන් හට සැමදා.. :angry:
    වෙන ජොබ් එකක් ගැන බලනට කාලේ සොදා.. :yes:
    ඒකයි මචෝ
    නැති මෙහි එන්නට වේලා.. ;)

    කවුදැයි බොලන් මෙහි ආ මේ .............හැලපෙන්දා
    මගේ නුල තුල මා චෝර කල ........................උන්දා
    ගිය පෝයටත් මම සිල් පද රැකි ......................හන්දා
    උබේ වෙලාව නෑතිනම් කොදු ඇට ...............බින්දා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹලට ඇත රැකි‍යාවන්............එපාවෙලා
    අපිට ඇතේ ඉගෙනගැනුම.........එපාවෙලා
    දෙගොල්ලන්ට දෙවිදි‍යකට........එපාවෙලා
    අනේ මන්ද හැමදෙ‍යක්ම..........එපාවෙලා

    ඉගෙනුම රැකියාව පමණක් නොව......හැමදේ
    දුක බව දෙසා වදහල අප බුදු...............සමිදේ
    හමනා සිසිල් සුළඟත් මටනම්...............සුවදේ
    බුද්ධ ගයා හිස බුදු බව ලැබූ...............සමිදේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දිනවල ආදර‍යෙන්.......................මත්වීලා
    සින්දු ලි‍යනවා දිගටම හිටු.....................කි‍යලා
    එනමුත් නැතේ කිසි දින ඌ............වෙනස්වෙලා
    කොහොමද ඉතින් විසතර කි‍යපන්.........කොල්ලා
    ථල ඇති රුකටමයි ගල් මුල් වැඩි වෙන්නේ..
    ලෝකයෙ හැටි තමං මං නෑ වද වේනනේ...
    රස්සාවකුත් බලමින් එළකිරි එන්නේ...
    ඔහොම තමයි මේ ජීවිතෙ ගෙනියන්නේ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහි එන සමහරුන් අනෙකාගේ පිට ......................අල්ලන්
    ගානවා ටොන් ගණන්
    හොද හැටි සුදු හුණු ...............පිරියන්
    ඕන එකෙකුගේ කිලොට වල .................................බලපන්
    ඩිංග ඩිංග කුණු නැති දැයි මට ..................................කියපන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අගනෙය සංකපාලයෝ උඹෙ පද රචනා..
    තනි කම නොමදැනේ මිතුරන් රැදෙන තැනා..
    සිව්පද කියමු අපි මෙහි එක් රොක් වීලා..
    කවිකම් වලින් හෙබි සැමදෙන කැදවාලා..
    පැසසුම් ඔබට නෙබු අයියේ පිලිගන්න...
    කලකින් පසුව ඔබ මා දුටුවේ ඔන්න....
    කවියක් කියන්නත් වේලා ලැබ ගන්න....
    කන්තෝරුවෙත් වැඩ ගාවට කරගන්න.... :cool::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි‍යේ අංක එකේ කවි..............කරුවා
    සංකපාල බව නොදන්න අ‍ය............නැතුවා
    මේ දිනවල නම් පොඩි අවුලක්..........ඇතුවා
    ආල හිතක් ඌට පහල වී................ඇතුවා
    අංක එකක් ගැනුමට මට සිතක් නැත...
    ඉද හිට කවිය හසුරුවනට ඉගෙන නැත...
    එළකිරි අඩවියේ කවියන් බොහෝ ඇත...
    සස්ලිට් ඇදුරු මෙහි ආවම ලොවෙත් නැත....