ඕක කොහ්මත් හොඳවෙන ගායක් නෙමෙයි...
සිරාවට මම දැකලා තියෙනවා පොඩි අයව අරන් බයික් වල යන කට්ටිය... මට දැක්කහමත් බය හිතෙනවා.. ඒත් ඉතිං බස් වල කටු කනවට වඩා ඒක ටිකක් හරි හොඳයි..
ඒත් බස් වල බයික් වලට වඩා ආරක්ෂාවයි..... ඒත් ඉතිං ඉක්මනට යන්නයි අවශ්‍ය තැනට කෙලින්ම යන්නයි ඕනේ කම අතින් බයික් එක තමයි බස් එකට වඩා හොඳ......
මම නෝමල් යන්නේ බයික් එකේ 40-50 අතර..... දේදුනු එක්ක යද්දී 25-35 අතර..... දොනිත් එක්ක යද්දීනම් 20-25 අතර හෙමින් තමයි යන්නේ..... එපා වෙනවා හෙමින් යද්දී ඒත් දෝනි ගැන හිතන්න එපැයි.......





