හුටා..... එහෙනම් මම මේක ගලවන්නේ නැතුව හිටියොත් හොදයි වගේ......
![]()
තුන් වෙනි සර්විස් එක ලගයි.... එතකොට සර්විස් එකේ එකෙක්ට කියලා ගලවගෙන, උන්ටම කියලා ඕක කරගත්තොත්....??![]()
චේන් එක හොදට පිරිසිදු කරන්නේ මොනවායින්ද.....?? සර්විස් එකේ උන් මම ඔය කියන ග්‍රීස් එක අරන් ගියොත් වැඩේ කරලා දෙයිද.....??
![]()
බොහෝම ස්තුතියි මචෝ ,,,
උබගේ අගයනම් කියලා නිමකරන්න බැහැ.
කොච්චර වටිනවද උබ වගේ අය මෙතන ඉන්න එක..
+++
Thanx මචන්.......!niyametama tiyenawa machan
rep 5i
හොඳ service stations වල නම් ගොඩක් වෙලාවට liquid grease දානවා.ඔය එකක් අරගෙන ගිහිල්ල දාල දෙන්න කිව්වත් දාල දෙයි.එහෙම නැත්නම් උන්ගෙන් අහන්න. තියෙනවා කිව්වොත් එක දාන්න කියන්න.
හැබැයි මුලින්ම අහන්න මොනවද ඔයාල chain එකට දාන්නේ oil ද liquid grease ද කියල.අහල oil දානවා කිව්වොත් විතරක් එපා කියල liquid grease දාන්න. නැත්නම් උන් නිකන් charge කරයි එකටත්.දන්නවනේ.....
භූමිතෙල් වලින් chain එක හෙදුවට කමක් නැහැ. නමුත් රබර් o-ring chain එකක් නම් ඉක්මනට හෝදලා පිහල දාන්න. නැත්නම් o-rings තම්බෙනවා....!
මුල් සර්විස් දෙකේදි නම්, උන් ඔයිල් වගයක් වක් කරනවා දැක්කා මම චෙන් එකට කොහෙන්දෝ මන්දා........
එහෙම කේස් එක ගලවන්නේ නැතුව ඔයිල් දාන්න තැනක් තියෙනවද පල්සරේ.....?? 
මුල් සර්විස් දෙකේදි නම්, උන් ඔයිල් වගයක් වක් කරනවා දැක්කා මම චෙන් එකට කොහෙන්දෝ මන්දා........
එහෙම කේස් එක ගලවන්නේ නැතුව ඔයිල් දාන්න තැනක් තියෙනවද පල්සරේ.....??
මම හිතන්නේ නෑ උන් නම් ඔය ග්‍රීස් එක දායි කියලා.... කෝකටත් මම එකක් අරන් යනවා.....
ඕක චේන් කේස් එක ගලවලා, හෝදලා එහෙම නේද දාන්න ඕනා....?? දාපු ගමන්ම දුවන්නත් හොද නෑ නේද....??
මේ දේවල් ගැන GT ද කොහෙද ත්‍රෙඩ් එකක් හෝ පෝස්ට් එකක් දැම්මා නේද....?? හොයා ගන්න බෑ නේ....![]()
නැහැ chain case එක ගලවන්නේ නැතිව එක කරන්න බැහැ.නිකන් oil දැම්ම නම් අනිවා එන්ජින් oil දන්නා ඇත්තේ.
දාපු ගමන් දුවන්න හොඳ නැති සීන් එකක් නම් නැහැ.නමුත් දාපු ගමන් දිව්වොත් liquid grease ටික chain cover එක වටේට වැදිලා තියේවි.මොකද chain එකට අල්ලලා ටිකක් තද වෙන්න කලින් දිව්වොත් විසි වෙනවා.
හුටා ඒ කියන්නේ මුන් මෙච්චර දවසකට චේන් එක ගැන බලලම නෑ.....
ඒක තමා දැන් නිකන් ලාවට සද්දයක් එනවා වගේ දැනෙන්නේ.......
චේන් කවරේ පල්සරේ ගලවන හැටි ගැන අදහසක් ගන්න වීඩියෝ එකක්වත් නැද්ද.....?? මම ම ඕක කරගන්න...... 
හරි එකේ විදියට තමයි කරන්න ඕන.නමුත් තව හොඳට chain එකේ ඇතුල් පැත්තත් clean කරන්න ඕනේ.තියන වැලි දුවිලි ඔක්කොම යන්න හොඳින් සුද්ද කරලා oil කරන්න.තව දෙයක් ඉස්සරහ sprocket එක ගාව cover ඒකත් ගලවල එතන රැඳිලා තියෙන තෙල් දුවිලි වගේ දේවල් ටිකත් අයින් කරන්න මොකද ඔය පිටිපස්ස විතරක් clean කලාට මදි.වැඩියෙන්ම ජරාව රැඳෙන්නේ ඔය ඉස්සරහ sprocket එක ගාව.
මම මේ චේන් කවර් එක ගලවගන්න දන්නේ නැතුව ඉන්නවා..... මෙයා ඉස්සරහා ස්පොකට් එක ගලවන්න කතා කරනවා.......

patta patta. kohomada hariyatama chain ekata grease spray karanne? (mama use karanne 3m litheum grease eka)