Chain Lubricants [GUIDE]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :shocked: හුටා..... එහෙනම් මම මේක ගලවන්නේ නැතුව හිටියොත් හොදයි වගේ...... :(

    තුන් වෙනි සර්විස් එක ලගයි.... එතකොට සර්විස් එකේ එකෙක්ට කියලා ගලවගෙන, උන්ටම කියලා ඕක කරගත්තොත්....?? :rolleyes:

    චේන් එක හොදට පිරිසිදු කරන්නේ මොනවායින්ද.....?? සර්විස් එකේ උන් මම ඔය කියන ග්‍රීස් එක අරන් ගියොත් වැඩේ කරලා දෙයිද.....??

    හොඳ service stations වල නම් ගොඩක් වෙලාවට liquid grease දානවා.ඔය එකක් අරගෙන ගිහිල්ල දාල දෙන්න කිව්වත් දාල දෙයි.එහෙම නැත්නම් උන්ගෙන් අහන්න. තියෙනවා කිව්වොත් එක දාන්න කියන්න.
    හැබැයි මුලින්ම අහන්න මොනවද ඔයාල chain එකට දාන්නේ oil ද liquid grease ද කියල.අහල oil දානවා කිව්වොත් විතරක් එපා කියල liquid grease දාන්න. නැත්නම් උන් නිකන් charge කරයි එකටත්.දන්නවනේ.....

    භූමිතෙල් වලින් chain එක හෙදුවට කමක් නැහැ. නමුත් රබර් o-ring chain එකක් නම් ඉක්මනට හෝදලා පිහල දාන්න. නැත්නම් o-rings තම්බෙනවා....!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    hoya hoya hitapu deyak,ela ela.
    rep denna balu

    You must spread some Reputation around before giving it to kandyan again.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    000203FA.gif

    බොහෝම ස්තුතියි මචෝ ,,,
    උබගේ අගයනම් කියලා නිමකරන්න බැහැ.
    කොච්චර වටිනවද උබ වගේ අය මෙතන ඉන්න එක..

    +++

    එල එල උඹලටත් ස්තුතියි අපිව දිරිමත් කරනවට.....

    niyametama tiyenawa machan
    rep 5i
    Thanx මචන්.......!

    rep දුන්න comment කරපු ඔක්කොටම ස්තුතියි. වෙන වෙනම කියන්න උනොත් ත්‍රෙඩ් එක ස්පෑම් වෙනවනේ.....!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    මගේ පල්සරේ චෙන් එකට මම නොදැන ගෙඩර තිබ්බ ඔයිල් එකක් දැම්ම (මාසෙකට වගේ කලින්)
    පස්සේ මම ගිය සතියේ හයි ප්‍රෙෂර් එකෙන් වතුර අල්ලලා හෝදලා දැම්ම ඔයිල් ටික යන්න
    ගලවල හෝදන්න වෙයි වගේ මේවා දානවා නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    හොඳ service stations වල නම් ගොඩක් වෙලාවට liquid grease දානවා.ඔය එකක් අරගෙන ගිහිල්ල දාල දෙන්න කිව්වත් දාල දෙයි.එහෙම නැත්නම් උන්ගෙන් අහන්න. තියෙනවා කිව්වොත් එක දාන්න කියන්න.
    හැබැයි මුලින්ම අහන්න මොනවද ඔයාල chain එකට දාන්නේ oil ද liquid grease ද කියල.අහල oil දානවා කිව්වොත් විතරක් එපා කියල liquid grease දාන්න. නැත්නම් උන් නිකන් charge කරයි එකටත්.දන්නවනේ.....

    භූමිතෙල් වලින් chain එක හෙදුවට කමක් නැහැ. නමුත් රබර් o-ring chain එකක් නම් ඉක්මනට හෝදලා පිහල දාන්න. නැත්නම් o-rings තම්බෙනවා....!

    :oo: මුල් සර්විස් දෙකේදි නම්, උන් ඔයිල් වගයක් වක් කරනවා දැක්කා මම චෙන් එකට කොහෙන්දෝ මන්දා........ :rolleyes: එහෙම කේස් එක ගලවන්නේ නැතුව ඔයිල් දාන්න තැනක් තියෙනවද පල්සරේ.....??

    මම හිතන්නේ නෑ උන් නම් ඔය ග්‍රීස් එක දායි කියලා.... කෝකටත් මම එකක් අරන් යනවා.....

    ඕක චේන් කේස් එක ගලවලා, හෝදලා එහෙම නේද දාන්න ඕනා....?? දාපු ගමන්ම දුවන්නත් හොද නෑ නේද....??

    මේ දේවල් ගැන GT ද කොහෙද ත්‍රෙඩ් එකක් හෝ පෝස්ට් එකක් දැම්මා නේද....?? හොයා ගන්න බෑ නේ.... :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :oo: මුල් සර්විස් දෙකේදි නම්, උන් ඔයිල් වගයක් වක් කරනවා දැක්කා මම චෙන් එකට කොහෙන්දෝ මන්දා........ :rolleyes: එහෙම කේස් එක ගලවන්නේ නැතුව ඔයිල් දාන්න තැනක් තියෙනවද පල්සරේ.....??

    මම හිතන්නේ නෑ උන් නම් ඔය ග්‍රීස් එක දායි කියලා.... කෝකටත් මම එකක් අරන් යනවා.....

    ඕක චේන් කේස් එක ගලවලා, හෝදලා එහෙම නේද දාන්න ඕනා....?? දාපු ගමන්ම දුවන්නත් හොද නෑ නේද....??

    මේ දේවල් ගැන GT ද කොහෙද ත්‍රෙඩ් එකක් හෝ පෝස්ට් එකක් දැම්මා නේද....?? හොයා ගන්න බෑ නේ.... :(

    නැහැ chain case එක ගලවන්නේ නැතිව එක කරන්න බැහැ.නිකන් oil දැම්ම නම් අනිවා එන්ජින් oil දන්නා ඇත්තේ.
    දාපු ගමන් දුවන්න හොඳ නැති සීන් එකක් නම් නැහැ.නමුත් දාපු ගමන් දිව්වොත් liquid grease ටික chain cover එක වටේට වැදිලා තියේවි.මොකද chain එකට අල්ලලා ටිකක් තද වෙන්න කලින් දිව්වොත් විසි වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    නැහැ chain case එක ගලවන්නේ නැතිව එක කරන්න බැහැ.නිකන් oil දැම්ම නම් අනිවා එන්ජින් oil දන්නා ඇත්තේ.
    දාපු ගමන් දුවන්න හොඳ නැති සීන් එකක් නම් නැහැ.නමුත් දාපු ගමන් දිව්වොත් liquid grease ටික chain cover එක වටේට වැදිලා තියේවි.මොකද chain එකට අල්ලලා ටිකක් තද වෙන්න කලින් දිව්වොත් විසි වෙනවා.

    :shocked: හුටා ඒ කියන්නේ මුන් මෙච්චර දවසකට චේන් එක ගැන බලලම නෑ..... :growl: ඒක තමා දැන් නිකන් ලාවට සද්දයක් එනවා වගේ දැනෙන්නේ....... :growl: චේන් කවරේ පල්සරේ ගලවන හැටි ගැන අදහසක් ගන්න වීඩියෝ එකක්වත් නැද්ද.....?? මම ම ඕක කරගන්න...... :cool:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    හරි එකේ විදියට තමයි කරන්න ඕන.නමුත් තව හොඳට chain එකේ ඇතුල් පැත්තත් clean කරන්න ඕනේ.තියන වැලි දුවිලි ඔක්කොම යන්න හොඳින් සුද්ද කරලා oil කරන්න.තව දෙයක් ඉස්සරහ sprocket එක ගාව cover ඒකත් ගලවල එතන රැඳිලා තියෙන තෙල් දුවිලි වගේ දේවල් ටිකත් අයින් කරන්න මොකද ඔය පිටිපස්ස විතරක් clean කලාට මදි.වැඩියෙන්ම ජරාව රැඳෙන්නේ ඔය ඉස්සරහ sprocket එක ගාව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    හරි එකේ විදියට තමයි කරන්න ඕන.නමුත් තව හොඳට chain එකේ ඇතුල් පැත්තත් clean කරන්න ඕනේ.තියන වැලි දුවිලි ඔක්කොම යන්න හොඳින් සුද්ද කරලා oil කරන්න.තව දෙයක් ඉස්සරහ sprocket එක ගාව cover ඒකත් ගලවල එතන රැඳිලා තියෙන තෙල් දුවිලි වගේ දේවල් ටිකත් අයින් කරන්න මොකද ඔය පිටිපස්ස විතරක් clean කලාට මදි.වැඩියෙන්ම ජරාව රැඳෙන්නේ ඔය ඉස්සරහ sprocket එක ගාව.

    :shocked: මම මේ චේන් කවර් එක ගලවගන්න දන්නේ නැතුව ඉන්නවා..... මෙයා ඉස්සරහා ස්පොකට් එක ගලවන්න කතා කරනවා....... :lol:

    මගේ එකේ කවර් එක තියෙන නිසා, මඩ එහෙම නැතුව ඈති නේද චේන් එකේ......?? :confused:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta patta. kohomada hariyatama chain ekata grease spray karanne? (mama use karanne 3m litheum grease eka)

    සැහෙන්න හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මමත් ඕක හරියටම දැනගෙන හිටියේ නැහැ.පස්සේ මගේ බයික් එක tune කරන අයිය තමයි නියම පිළිවෙල කියල දුන්නේ.
    ගොඩක් අය කරන්නේ පිටිපස්සේ sprocket එකේ chain එක ඇලිල තියෙන පැත්තෙන් spray කරනවා.ඒකත් හොඳයි.
    H7K11Ij.jpg

    නමුත් ඔබට පුළුවන් නම් ඉස්සරහ සහ පිටිපස්සහ sprocket දෙක අතර මැද යටින් යන line එකට ඇතුල් පැත්තෙන් spray කරන්න එක තමයි කාර්යක්ෂම විදිය.

    aN34UZJ.jpg

    මොකද එළියෙන් spray කලාම අපි බයික් එක පදිනකොට liquid grease එක එළියට විසි වෙනවා (හරියට වෙලුනේ නැත්නම්). ඇතුල් පැත්තෙන් spray කලාම පදිනකොට හොඳට ඇතුලේ කොටස් වලට රිංගනවා මිසක් එලියට විසි වෙන්නේ නැහැ.

    තව දෙයක් ඔයාලගේ chain lube spray එකට එන්නේ අග සිදුර වෘත්තාකාර බටයක්.එකෙන් ගොඩක් අපතේ යනවා.මොකද පළලට spray වෙන්නේ නැති නිසා.

    ඒ නිසා ඒ බැටේ කෙලවර පොඩ්ඩක් ලාවට වගේ තලලා flat කරගන්න.ගොඩක් තලුවොත් වැඩක් නෑ.එහෙම උනොත් කපල අයෙත් තලන්න.

    මේ තමයි හරියටම හරි විදිය spray කරන.පිටුපසින් රෙද්දක් තියාගෙන රුපයේ ආකාරයට spray කලාම.ඉවතට යන්නෙත් නෑ,හැමතැනම විසි වෙන්නෙත් නෑ.

    VDqEeEC.jpg

    34233d1291410976-pulsar-220-chain-lube-13122009310.jpg

    මේ වගේ දෙකයි පනහේ වැඩ නම් කරන්න එපා.මොකද මේකෙන් links ටික oil උනාට මැද තියෙන roller වලට එහෙම oil යන්නේ නැහැ.ඉතින් ටික කලකින්ම chain එක ඉවරයි.

    විශේෂ දෙයක් තියෙනවා කියන්න. කවදාවත් බයික් එක start කරලා, gear එකකට දාල රෝදේ කැරකෙන ගමන් මේක කරන්න එපා.එහෙම කරන්න ගිහිල්ල ඇඟිලි විනාශ කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා.මේ තියන්නේ එක උදාහරණයක්.

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    ඔය චේන් ග්‍රීස් වල ගණන් එහෙම කොහොමද....?? ස්පෙයා පාට්ස් කඩ වල ගන්න තියෙනවද.....?? කෝකද හොදම එක......??