අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැකයක්.
MONDAY, 10 MARCH 2014 - 10:55
මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානය පැහැරගැනීමට ලක්වූ බවට සැක කරන බව මැලේසියානු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා පවසනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු අද සඳහන් කළේ ගුවන් යානය අනතුරට ලක්වූ බවට මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තාවී නොමැති බවයි. එම ගුවන් යානය ක්වාලාලම්පූර් නුවර දෙසට යළි හැරවූ බවට රේඩාර් මගින් තහවුරු වී ඇති බවද ඔහු කියා සිටියා. මෙම ගුවන් යානය බවට සැක කෙරෙන සුන්බුන් කිහිපයක් සෝදිසි මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ මගින් නිරීක්ෂණය කර තිබෙනවා. දකුණු චීන මුහුදේ දක්නට ලැබුණු තෙල් පැල්ලම් මෙම යානයේ ඉන්ධනදැයි සොයා බැලීම සඳහා එම තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරන බවද විදෙස් වාර්තා සඳහන් කළා. මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සමාගමට අයත් බොයිං 777 වර්ගයේ මගී ගුවන් යානයක් අතුරුදන්වූයේ පසුගිය සෙනසුරාදායි.
http://www.hirunews.lk/sinhala/78974

ඒ මොන ජාතියෙ පූසො ද? 

mr.truth

okkoma patalagena