෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ පරදිනවා කිව්වොත් අනිවා අපි දිනනවා..මතකයිනේ asia cup final එක..ඒක හින්දා අපි දිනනවා කියන්න නම් එපා පුටේ..:lol::lol::lol:

    මම ඔට්‍ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවොත් ඩයස් එදයින් පස්සේ ඩයස් නමින් එලකිරි එන්නේ නෑ මචං. සෙමි ආවේ නැත්නම් මම ආයේ එලකිරි එන්නේ නෑ ෆේක් එකකින් වත් එන්නේ නෑ. :lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මම ඔට්‍ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවොත් ඩයස් එදයින් පස්සේ ඩයස් නමින් එලකිරි එන්නේ නෑ මචං. සෙමි ආවේ නැත්නම් මම ආයේ එලකිරි එන්නේ නෑ ෆේක් එකකින් වත් එන්නේ නෑ. :lol::lol:

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඔට්‍ටුවක් ඇල්ලුවා ලංකාව සෙමි ආවොත් ඩයස් එදයින් පස්සේ ඩයස් නමින් එලකිරි එන්නේ නෑ මචං. සෙමි ආවේ නැත්නම් මම ආයේ එලකිරි එන්නේ නෑ ෆේක් එකකින් වත් එන්නේ නෑ. :lol::lol:
    උඹත් ඒ කියන්නේ අතුරුදහන් වෙන්න නේ යන්නේ......
    ඔව් ඉතිං අන්තිම අවුරුද්ද නේහ්.......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹත් ඒ කියන්නේ අතුරුදහන් වෙන්න නේ යන්නේ......
    ඔව් ඉතිං අන්තිම අවුරුද්ද නේහ්.......

    හෑ අන්තිම අවුරුද්ද.ඒ මොකක්ද ඒ? උරාජ් අන්කල් මොනවා හරි කිව්වද? :rolleyes::rolleyes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Happy 137th birthday Test cricket!​

    BiwA5UQCMAASVua.jpg
    England's 1876-77 squad which played the first Test against Australia in Melbourne​
    4.gif

     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Happy 137th birthday Test cricket!​

    BiwA5UQCMAASVua.jpg

    England's 1876-77 squad which played the first Test against Australia in Melbourne​


    මේක නොතිබෙන්න ලංකාවේ අපේ ආසම ක්‍රීඩාව මොකක් වෙන්න තිබ්බද. :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :no::no:
    යුරා මං ගැන කිව්වෙ එහෙම නැද්ද මුකුත්...?????

    :no::no::no: මාලබේ දත් දොස්තර කියලා තමයි කිව්වේ.යුරාගේ ශොප් එක එහා පැත්තේ ක්ලිනික් එක දාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ.:):)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට



    Akram-MAIN--02.gif




    2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප‍්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

    ”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”

    ”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක‍්‍රම් පවසයි.

    ආසියානු කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක‍්‍රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්‍ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක‍්‍රම් වැඩිදුරටත් පවසයි.

    ane kaalakanniya dn wath kata wahan iduko boru nogaha :angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒ අමිහිරි අවසන් මහා තරග අත්දැකීම් යළිත් නොවිදිය යුතුයි
    - දිනේෂ් චන්දිමාල්

    අවසන් 20-20 ලෝක කුසලාන පැරදුනේ මගේ වරදින්
    - ලසිත් මාලිංග




    ලෝක කුසලාන අවසන් මහා තරග හතරක ලද අමිහිරි අත්දැකීම් යළිත් නොවිඳීමට බංග්ලාදේශයේදී හෙට (16 දා) පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සිය කණ්‌ඩායම උත්සහ කරන බව ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

    විස්‌සයි විස්‌ස ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායම හෙට (16 දා) බංග්ලාදේශය බලා පිටත්ව යැමට නියමිත අතර ඊට ප්‍රථම මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමින් චන්දිමාල් ඉහත අදහස්‌ පළ කර සිටියේය.

    "මම හිතන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තුව පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගවල පරාජය අමතක කර මෙවර අපි ශූරතාව දිනා ගනු ඇතැයි යන්නයි. අපි කණ්‌ඩායමක්‌ විදිහට උපරිම සූදානමකින් තමයි විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්නෙ. ඒත් තරගයෙන් තරගයට සැලසුම් සකස්‌ කරමින් පළමුව අවසන් පූර්ව වටයට පැමිණ අවසන් මහා තරගයට පැමිණීම තමයි අපේ අරමුණ." යනුවෙන් චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

    පසුගිය සති කිහිපය තුළදී බංග්ලාදේශයේදී දීර්ඝ සංචාරයකට සහභාගි වෙමින් ලද අත්දැකීම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියට අතිරේක වාසියක්‌ වන බවත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන කාණ්‌ඩය පිළිබඳව තමන් සතුටු වන බවත් චන්දිමාල් පවසයි.

    මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා රටවල් 16 ක්‌ තරග වදින අතර එහිදී සුදුසුකම් ලැබීමේ වටය යටතේ 'ඒ' කාණ්‌ඩයෙන් බංග්ලාදේශය, ඇµaගනිස්‌ථානය, නේපාලය සහ හොංකොං කණ්‌ඩායම්ද 'බී' කාණ්‌ඩයෙන් සිම්බාබ්වේ, අයර්ලන්තය, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තයද තරග වදිති. ප්‍රධාන කණ්‌ඩායම් අට අතරින් පළමු කාණ්‌ඩය යටතේ ශ්‍රී ලංකාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය තරග වදින අතර සුදුසුකම් ලැබීමේ වටයේදී 'බී' කාණ්‌ඩයේ පෙරමුණ ගන්නා කණ්‌ඩායමද මෙම කාණ්‌ඩයට ඇතුළත් වේ. දෙවැනි කාණ්‌ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පකිස්‌තානය, ඔස්‌ටේ්‍රලියාව සහ සුදුසුකම් ලැබීමේ වටයේදී 'ඒ' කාණ්‌ඩයේ පෙරමුණ ගන්නා කණ්‌ඩායමද මෙම කාණ්‌ඩයට ඇතුළත් වේ.

    ලෝක කුසලාන අවසන් මහා තරග හතරකට ක්‍රීඩා කරමින් ලද පරාජයන් අතරින් වඩාත්ම දුකට පත්වන්නේ, අවසන් වරට පැවැති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් තරගයේදී කොදෙව් කණ්‌ඩායම හමුවේ ලද පරාජය බව විස්‌සයි විස්‌ස උපනායක ලසිත් මාලිංග පවසයි.

    "මට තවම ලෝක කුසලාන දිනන කණ්‌ඩායමක ක්‍රීඩා කරන්න ලැබිල නැහැ. අපි ලෝක කුසලාන අවසන් මහා තරග හතරක්‌ පරාජය වුණේ වෙන තරග වලට වඩා ඕනෑවටත් වැඩිය හොඳින් ක්‍රීඩා කිරීමේ අරමුණින් ක්‍රීඩා කිරීම කියලයි මම හිතන්නෙ. අපි මෙවර අවසන් මහා තරගයට පැමිණියහොත් සාමාන්‍ය තරගයක්‌ විදිහට ක්‍රීඩා කරන්න ඕන. අනවශ්‍ය පීඩනයක්‌ සමග ක්‍රීඩා කිරීම පරාජයට බලපානවා.

    මම ක්‍රීඩා කරපු ලෝක කුසලාන අවසන් මහා තරග හතර අතරින් වඩාත් දුකට පත්වන්නෙ අවසන් වරට පැවැති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලිය. ඒ තරගයේදී මට හොඳට පන්දු යවන්න බැරි වුණ නිසා තමයි පරාද වුණේ." යනුවෙන් ලසිත් මාලිංග පවසයි.

    "අපිට මෙවර තරගාවලියේදි ලැබෙන හැම තරගයක්‌ම අභියෝගයක්‌. පිතිකරුවන් එන්නෙ කොහොම හරි ලකුණු ලබා ගන්න. අපි දැනගන්න ඕන තණතීරුව පිතිකරුවන්ට පන්දු යවන්නන්ටද කියන එක නෙමෙයි. මොන තණතීරුවක වුණත් පිතිකරුවාට තර්ජනයක්‌ වෙන විදිහට පන්දු යවන්න. මම සතුටු වෙනවා පසුගිය තරගාවලි කිහිපයේදී මම යළිත් කඩුලු අතරට පැමිණිම ගැන. ඒත් මගේ පෞද්ගලික මතය අනුව මම මගේ උපරිමයට තවම ඇවිල්ල නැහැ." යනුවෙන් මාලිංග වැඩිදුරටත් පැවසීය.

    :rolleyes::rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොක්ද අද කට්ටිය සද්දයක් නැත්තේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොක්ද අද කට්ටිය සද්දයක් නැත්තේ

    ඉන්නවා ඉන්නවා බං අර හංකොකාගේ ත්‍රෙඩ් එකට එබි එබි ඉන්නවා ඌ එනකන් ගේම ඉල්ලන්න බලාගෙන කේමදාස මාස්ටර්ට බැන්නට.:):)
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්නවා ඉන්නවා බං අර හංකොකාගේ ත්‍රෙඩ් එකට එබි එබි ඉන්නවා ඌ එනකන් ගේම ඉල්ලන්න බලාගෙන කේමදාස මාස්ටර්ට බැන්නට.:):)

    දවසකට මොකෙක් හරි එකෙක් ඉන්නවා නේද ලිදේ දාන්න :lol::lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දවසකට මොකෙක් හරි එකෙක් ඉන්නවා නේද ලිදේ දාන්න :lol::lol::lol::lol:

    නෑ බං මම 2000 ඉඳන් මියුසික් කරන්නේ (6 වසර). ඒ කාලේ ඉඳන්ම වයලින් ගහනවා.මගේ සංගීත ගුරුවරයා අදහන චරිතයක් කේමදාස මාස්ටර්. අමරදේව මහත්මයා එක්ක එකට වාඩි වෙලා සංගීත වලට යනවා.අර වල් බූරුවා ඒ දෙන්නට නාකියෝ යානි එක්ක සංසන්දනය කරලා අගෞරව කරන්න එපා කියලා කියද්දි මල පනින්නේ නැද්ද බං?මට ඒක දැක්කම යකා නැග්ගා සිරාවටම.මහ ගොන් බූරුවෙක් ඕකා.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නෑ බං මම 2000 ඉඳන් මියුසික් කරන්නේ (6 වසර). ඒ කාලේ ඉඳන්ම වයලින් ගහනවා.මගේ සංගීත ගුරුවරයා අදහන චරිතයක් කේමදාස මාස්ටර්. අමරදේව මහත්මයා එක්ක එකට වාඩි වෙලා සංගීත වලට යනවා.අර වල් බූරුවා ඒ දෙන්නට නාකියෝ යානි එක්ක සංසන්දනය කරලා අගෞරව කරන්න එපා කියලා කියද්දි මල පනින්නේ නැද්ද බං?මට ඒක දැක්කම යකා නැග්ගා සිරාවටම.මහ ගොන් බූරුවෙක් ඕකා.

    ඔහොම තමා බන් යන්තන් ඇටෙන් පොත්තෙන් එලියට ආපු උන් ....ඉන්න හදන්නේ සින්හල මුකුත් දන්නෙ නෑ ....ඔක්කොම ඇමරිකාවෙ වගේ ......ඒ උනාට මොනවා හරි උනාම කෑ ගහන්නෙ බුදු අම්මෝ කියලා ...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම තමා බන් යන්තන් ඇටෙන් පොත්තෙන් එලියට ආපු උන් ....ඉන්න හදන්නේ සින්හල මුකුත් දන්නෙ නෑ ....ඔක්කොම ඇමරිකාවෙ වගේ ......ඒ උනාට මොනවා හරි උනාම කෑ ගහන්නෙ බුදු අම්මෝ කියලා ...

    අනිව අනිවා. මොනවා කරන්නද බං ඔහොම උන් තමයි දැන් රටේ ඉන්නේ. :(:(:(
     
    Status
    Not open for further replies.