ක්‍රීඩකයන්ගේ මානසිකත්වය
විශේෂයෙන්ම තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය හිටපු නායකයන් දෙදෙනාගේ හදිසි නිවේදනය හඳුන්වා දී තිබුනේ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසින්. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව 'Sanga, Mahela betrayal shocks SLC,' මැයෙන් ඩේලි මිරර් පත්‍රය වාර්තාවක් පළ කොට තිබුණි.
මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවුඩය මගින් විරෝධය පළ කොට තිබෙන්නේ එම වාර්තාවට බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.
විශේෂයෙන්ම ලෝක කුසලානයකට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන ආකාරයේ ප්‍රශ්න නොඅසන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි තේරීම් කමිටු සභාපතිවරයාම ක්‍රීඩකයන් දැඩිව විවේචනය කිරීම පිණිස මාධ්‍ය යොදා ගැනීමේ සදාචාරය කුමක්දැයි එක් ක්‍රීඩා වාර්තාකරුවෙක් සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
ජනමාධ්‍යද මෙවැනි වාර්තා පළ කිරීමෙන් වැලකී සිටිය යුතු බවයි, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ අදහස වී තිබුණේ.