Dannam macho...!
ඊයේ නම් පට්ට හැපි බං. සිරාවට මම අවුරුදු 18 ක් බලන් ඉඳපු එක හීනයක්. හැමදාම ෆයිනල් ඇවිත් ඇඩම් ගිල්ක්‍රිස්ට්, ශහීඩ් අෆ්‍රිඩී, ගෞතම් ගාම්බීර් සහ මාලන් සැමුවෙල් බිඳලා දාපු ඒ අහිංසක හීන නිසා ඇස් දෙකට ආපු කඳුලු අතීතය දන්නවා බං. මගේ විතරක් නෙමේ මේ රටේ ක්‍රිකට් වලට ආදරේ හැමෝගෙම ජීවිතේ එවන් කාලයක් ගතවෙන්ට ඇති. ඒත් ඊයේ ඇස් වලට නොදැනිම කඳුලු ආවා සංගගේ විතරක් නෙමෙයි බං අපෙත්. ඒ දුකට නෙමෙයි සතුටට අසීමිත සතුටකින් ආවේ.


