දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ
මෛත්රියෙන් ජය ලැබේ
දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්
දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්
බකන්....... නිලා සිටි විට සැමුවෙල්...........මාලන්
නිකන්....... ලැබුනි කෙල්ලක් අද මුහුනු....පොතෙන්
දුකෙන්....... හිටපු කාලය අද වී..............අවසන්
&කෙන්......වැඩක් ගත හැකි නම් එය........මසුරන්
ඉන්නෙත් ගල් වලෙයි වැඩිපුර රකුසා........අපේ
බොන්නෙත් ගල් තමයි උගේ නෑ වැඩිය...ඔපේ
කැපුවත් ගල් තමයි වල වටේ මලුත්.......පිපේ
මූනෙත් තියෙන්නේ ගලකට කැපුණු.......ලපේ
දිය රකුස්ගෙ කවි උල්පත හිඳිල වගෙයි
මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
දොස්තර හොද හිත රකුස්ට ඇරල වගෙයි
කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
කවි මඩුවට ගොඩ වූයේ අදම ......... තමයි
මෙහි ඉන්නා කව්යන් ගැන සතුටු ..... සිතෙයි
එළකිරියන්ගේ දස්කම් බොහොම ..... ගොඩයි
කවි මඩුවට ජය වේවා කියල .......... කියයි
ගයාන් ලක්මාල්;17093625 said:දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම
කිව්වත් එහෙම චාටර් මාලන්.........කොල්ලා
දිය රකුසාගෙ කවි උල්පත නෑ..............සිදිලා
හමුවුන දිනක ඕකගෙ වල්ලෙන්.........අල්ලා
හන්දියේ ගහේ තියෙනව මාලන්........එල්ලා
ගයාන් ලක්මාල්;17093625 said:දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම

ජීවිතයක් කවියකි එක්තරා............ලොව
ලිව්වත් නොලිව්වත් ඇත එහි අගය.....තව
කිසිවෙක් නැතිය අවසන් කල කවිය....බව
සසර කවිය නිම වෙන තුරු නොයනු....දිව
අගයන කල ජීවිතයෙහි යන............ගමන
අරුතද ගැබ්ව එහි ඇත කවියෙහි......දෙවන
අගෙයි මලේ ඔබෙ කවියත් මෙහි......ලියන
පිලිගන්නව කවියෙන් කවියට.........දෙවන![]()

ඉඳගත්තම පිළිමය තිබ්බා......................වාගේ
නැගිටපුවම වේපත බැන්දා.................වාගේ
යන එන ගමන විදුලිය කෙටුවා ..........වාගේ
ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත.....වාගේ
පුන්සඳ සේම පායාලා රට....................මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට..................මැද්දේ
මාර සෙනඟ වටකර ගෙන යම...........යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල......මැද්දේ
ගයාන් ලක්මාල්;17093625 said:දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම
දන්නෙම නැතිව ලා හිරු අවරට......යනවා
අමුතුම පාලුවක් සිත තුල.......තෙරපෙනවා
හිස් ඉන්බොක්ස් එක තනියම...වැලපෙනවා
ඉස්සර කෙටුව කාලේ මට සිහි......වෙනවා![]()
.
ඇතිවුනු හැම දේ නිති වියැකී ........ යනවා
මේ දම් නීතිය හැමදා ........... වැජඹෙනවා
එය දැන දුක් නොවී ඉදිරියටම ....... යනවා
නම් නුඹටත් නිති ජය මඟ හෙළි ... වෙනවා
.
සිරකර වදන් කව් සිතිවිලි බැඳ දාවා
මියැදී යන්න හැරියෙමි හදවත ගාවා
ලෙව්කේ මටත් මඩුවට එන්නට කීවා
පෙම් බැඳි මමත් කවි කීමට මෙහි ආවා


