.::KAVIYEN KAVIYA 2::.

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
    බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
    නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
    ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්

    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ
    මෛත්‍රියෙන් ජය ලැබේ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    දනපති දනන් ගෙන උදුරා රන්..........මසුරන්
    බෙදලා සැමට දෙනවා අතරේ...........මිතුරන්
    නිර්ධන පන්තියේ විරුවා මුහුන..........වසන්
    ශර්වුඩ් කැලේ ඉන්නා හිත මිතුරු......රොබින්

    ඉන්‍‍නෙත් ගල් වලෙයි වැඩිපුර රකුසා........අපේ
    බොන්නෙත් ගල් තමයි උගේ නෑ වැඩිය...ඔපේ
    කැපුවත් ගල් තමයි වල වටේ මලුත්.......පිපේ
    මූනෙත් තියෙන්නේ ගලකට කැපුණු.......ලපේ
     
    Last edited:

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    බකන්....... නිලා සිටි විට සැමුවෙල්...........මාලන්
    නිකන්....... ලැබුනි කෙල්ලක් අද මුහුනු....පොතෙන්
    දුකෙන්....... හිටපු කාලය අද වී..............අවසන්
    &කෙන්......වැඩක් ගත හැකි නම් එය........මසුරන්

    මල් කැඩුවට මල් තලන්න හිත දෙන්.........නෑ
    &කෙන් වැඩක් කරගන්නට දැම්මම............බෑ
    දිය රකුස්ගෙ කවි පද මට අමතක...............නෑ
    ගත්තොත් සැපක් කියන්ට මම මැලි වෙන්.....නෑ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉන්‍‍නෙත් ගල් වලෙයි වැඩිපුර රකුසා........අපේ
    බොන්නෙත් ගල් තමයි උගේ නෑ වැඩිය...ඔපේ
    කැපුවත් ගල් තමයි වල වටේ මලුත්.......පිපේ
    මූනෙත් තියෙන්නේ ගලකට කැපුණු.......ලපේ

    ඉන්නේ කුරුදු වත්තේ මහ........මැදුරයට
    කන්නේ චිකන්මයි සුදු සම්බා.........බතට
    බොන්නේ විස්කිමයි පූරුවෙ කල..පිනට
    යන්නේ රකුස් පෙජරොවේ.....ලස්සනට
     
    • Like
    Reactions: Lewke

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    දිය රකුස්ගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත රකුස්ට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවි මඩුවට ගොඩ වූයේ අදම ......... තමයි
    මෙහි ඉන්නා කව්යන් ගැන සතුටු ..... සිතෙයි
    එළකිරියන්ගේ දස්කම් බොහොම ..... ගොඩයි
    කවි මඩුවට ජය වේවා කියල .......... කියයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස්ගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත රකුස්ට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි


    කිව්වත් එහෙම චාටර් මාලන්.........කොල්ලා
    දිය රකුසාගෙ කවි උල්පත නෑ..............සිදිලා
    හමුවුන දිනක ඕකගෙ වල්ලෙන්.........අල්ලා
    හන්දියේ ගහේ තියෙනව මාලන්........එල්ලා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවි මඩුවට ගොඩ වූයේ අදම ......... තමයි
    මෙහි ඉන්නා කව්යන් ගැන සතුටු ..... සිතෙයි
    එළකිරියන්ගේ දස්කම් බොහොම ..... ගොඩයි
    කවි මඩුවට ජය වේවා කියල .......... කියයි

    ඉඳගත්තම පිළිමය තිබ්බා......................වාගේ
    නැගිටපුවම වේපත බැන්දා.................වාගේ
    යන එන ගමන විදුලිය කෙටුවා ..........වාගේ
    ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත.....වාගේ


    පුන්සඳ සේම පායාලා රට....................මැද්දේ
    රන්කෙඳි සේම පීරාලා පිට..................මැද්දේ
    මාර සෙනඟ වටකර ගෙන යම...........යුද්දේ
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල......මැද්දේ
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
    රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
    නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
    නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම
     
    • Like
    Reactions: Lewke

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගයාන් ලක්මාල්;17093625 said:
    දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
    රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
    නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
    නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම

    දෙවෙනි කවිය මුලු ජීවිතයෙම.............ලිව්ව
    ඉතා අගෙයි එය කවි මඩුවෙදි...............කිව්ව
    බධා මග හැරන් රලු ගිරි කුලු................පව්ව
    යාහැකි දුර බොහොයි තව ගව්වෙන්..ගව්ව
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    කිව්වත් එහෙම චාටර් මාලන්.........කොල්ලා
    දිය රකුසාගෙ කවි උල්පත නෑ..............සිදිලා
    හමුවුන දිනක ඕකගෙ වල්ලෙන්.........අල්ලා
    හන්දියේ ගහේ තියෙනව මාලන්........එල්ලා

    කට තිබුනට වැඩ බැරි දිය රකුස්.............මලේ
    බැරි දේ කියල මට චාටර් නොවෙන්.........මලේ
    හම්බුනොතින් දෙකක් නෙලල කණට.......නුබේ
    ගහගන්නව දෙකට නවල මගේ...............පුකේ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගයාන් ලක්මාල්;17093625 said:
    දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
    රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
    නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
    නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම


    ජීවිතයත් කවියකි එක්තරා............ලොව
    ලිව්වත් නොලිව්වත් ඇත එහි අගය.....තව
    කිසිවෙක් නැතිය අවසන් කල කවිය....බව
    සසර කවිය නිම වෙන තුරු නොයනු....දිව

    අගයන කල ජීවිතයෙහි යන............ගමන
    අරුතද ගැබ්ව එහි ඇත කවියෙහි......දෙවන
    අගෙයි මලේ ඔබෙ කවියත් මෙහි......ලියන
    පිලිගන්නව කවියෙන් කවියට.........දෙවන
    :yes:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ජීවිතයක් කවියකි එක්තරා............ලොව
    ලිව්වත් නොලිව්වත් ඇත එහි අගය.....තව
    කිසිවෙක් නැතිය අවසන් කල කවිය....බව
    සසර කවිය නිම වෙන තුරු නොයනු....දිව

    අගයන කල ජීවිතයෙහි යන............ගමන
    අරුතද ගැබ්ව එහි ඇත කවියෙහි......දෙවන
    අගෙයි මලේ ඔබෙ කවියත් මෙහි......ලියන
    පිලිගන්නව කවියෙන් කවියට.........දෙවන
    :yes:



    xigKrAa4T.gif
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දන්නෙම නැතිව ලා හිරු අවරට......යනවා
    අමුතුම පාලුවක් සිත තුල.......තෙරපෙනවා
    හිස් ඉන්බොක්ස් එක තනියම...වැලපෙනවා
    ඉස්සර කෙටුව කාලේ මට සිහි......වෙනවා
    :sorry:


    article-2531191-1A58D57E00000578-467_634x451.jpg
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉඳගත්තම පිළිමය තිබ්බා......................වාගේ
    නැගිටපුවම වේපත බැන්දා.................වාගේ
    යන එන ගමන විදුලිය කෙටුවා ..........වාගේ
    ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත.....වාගේ


    පුන්සඳ සේම පායාලා රට....................මැද්දේ
    රන්කෙඳි සේම පීරාලා පිට..................මැද්දේ
    මාර සෙනඟ වටකර ගෙන යම...........යුද්දේ
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල......මැද්දේ


    රකුසෙකු යැයි කීවට නුඹ නම් ......... රාලේ
    හෙළ සාහිතය නුඹ කියවා ඇත ........ රාලේ
    තව තව නුඹ වන් හෙළයන් අද ....... කාලේ
    උපනොත් රටට වැඩ පිණිසම වෙයි .... රාලේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගයාන් ලක්මාල්;17093625 said:
    දෙවෙනි කවිය ජීවිතයට මම ලියන
    රසයක් තිබේ දැයි කිසිවෙකු කියනුමැන
    නැතිනම් කරන්නේ අගයක් කිසිවෙකුම
    නොලියමි කිසිදිනෙක මේ ලෙස කවිය මම


    ඇහැකිය, නුඹේ කිවිකම මට ..... පිළිගන්ට
    එළකිරියන් දුන් පිළිතුරු .......... දක්වන්ට
    හෙළ ගීතය ගොළු ගීතය ...... නොමවන්ට

    පතනව තවත් කවියන් ලක ....... බිහිවන්ට

     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දන්නෙම නැතිව ලා හිරු අවරට......යනවා
    අමුතුම පාලුවක් සිත තුල.......තෙරපෙනවා
    හිස් ඉන්බොක්ස් එක තනියම...වැලපෙනවා
    ඉස්සර කෙටුව කාලේ මට සිහි......වෙනවා
    :sorry:

    ඇතිවුනු හැම දේ නිති වියැකී ........ යනවා
    මේ දම් නීතිය හැමදා ........... වැජඹෙනවා
    එය දැන දුක් නොවී ඉදිරියටම ....... යනවා
    නම් නුඹටත් නිති ජය මඟ හෙළි ... වෙනවා
    :rolleyes:.:yes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිරකර වදන් කව් සිතිවිලි බැඳ දාවා
    මියැදී යන්න හැරියෙමි හදවත ගාවා
    ලෙව්කේ මටත් මඩුවට එන්නට කීවා
    පෙම් බැඳි මමත් කවි කීමට මෙහි ආවා
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඇතිවුනු හැම දේ නිති වියැකී ........ යනවා
    මේ දම් නීතිය හැමදා ........... වැජඹෙනවා
    එය දැන දුක් නොවී ඉදිරියටම ....... යනවා
    නම් නුඹටත් නිති ජය මඟ හෙළි ... වෙනවා
    :rolleyes:.:yes:

    දුන්නත් ඊතලයත් ගත් අතට.............රලු
    රොබින් හුඩ් වුනත් වැනි ගල් කුලුණු...කළු
    නැතිවුන ආදරයේ දුක තව.............ඉහිලූ
    විටෙක එයත් බොලඳ ලෙසට...දැනෙනවලු


    සිරකර වදන් කව් සිතිවිලි බැඳ දාවා
    මියැදී යන්න හැරියෙමි හදවත ගාවා
    ලෙව්කේ මටත් මඩුවට එන්නට කීවා
    පෙම් බැඳි මමත් කවි කීමට මෙහි ආවා

    නොහිඳ තවත් තුන් සිත.....නැගුරම්ලා
    නොසිඳි හමන කවි සුවඳට....ඇලුම්ලා
    ලෙව්කේගේ ආරාධනයෙන්....මෙහිලා
    සපැමිණි නුඹ පිළිගමු උඩු.....වියන්ලා
    :)
     

    thanujaka

    Well-known member
  • අඩෝ මෙන්න කවි ත්‍රෙඩ් එක ඇවිත්......... උඩ
    දුටුවිට ආව කවි ලියන්න ඇරලා .............. පඩ
    වරෙන් යකුනේ ගහගන්නට චොහොර........ මඩ
    නාවොත් දෙන්නේ තොපි සේරම වෙන්න..... බඩ:angry::angry: