ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපෝයි. මං පට්ට වැස්සේ මහ රෑ එනවා අප්පා සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට අපේ පාරෙ පතබෑ වුනොත් එහෙම බල්ලෙක්වත් නෑ පාරත් හදනවා.. ආයි නම් යන්න හිතෙන්නෑ ඒ යෑමවල්.:dull:
    උඹට කොහොමත් ආයෙත් බයික් එක අල්ලන්න වත් දෙන එකක් නෑ අම්මලා.:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට කොහොමත් ආයෙත් බයික් එක අල්ලන්න වත් දෙන එකක් නෑ අම්මලා.:baffled:

    ගෙදරින් නම් දුර ගමන් නැතුව ලඟ පැද්දට කමක් නෑලු. අපේ උන්දැගෙන් නම් ඒවුනාට බයික් ලයිසන් ෆුල් ටයිම් කැන්සල්.

    අනේ මංදා අප්පා මට හැපිච්ච වෙලාවෙම හිතුනා කොච්චර පරිස්සමින් පැද්දත් වැඩක් නැනේ කියල.

    බයික් එකේ හැබැයි යන්න තියන රටවටේ හැම තැනම ගියා. අපේ රත්තරං මාමට වෙච්ච වැඩේම වෙයිද දන්නෑ. :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මහ වැස්සේම රේන්කෝට් දාගෙන(ඒ උනාට වැස්සේ සැරට ඇදුම් තෙමිලා) ගෙදර ආවා සිංහලු.සමහර තැන් යටවෙලා.පාර පේන්නේ නැති තරමට වහිනවා.නාරාහේන්පිට කලර් ලයිට් එක ගාව විනාඩි 2ක් විතර එකතැන පට්ට වැස්සේ.
    මම ඉතින් HID එකයි LED 2ටයි පින්සිද්ද වෙන්න ෆුල් ආතල් එකේ ගෙදර ආවා.
    මහ වැස්සේ යන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    වහිනවා සිංහලු.... හොද වෙලාවට ජැකට් එකයි කලිසමටයි පින් සිද්ද වෙන්න; වැඩිය නොතෙමි ආවා... :D නැන්දි ජැකට් ගෙනල්ලා නෑ.... ඒත් ඉතින් ආවා කොහොම හරි..... :dull:

    දැන් නම් දිගටම වහී වගේ...... :( හවසට නම් නාගෙනම තමා එන්න වෙන්නේ...... මහ වැහි වලට ජැකට් ඔරොත්තු දෙන්නේ නෑ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මහ වැස්සේම රේන්කෝට් දාගෙන(ඒ උනාට වැස්සේ සැරට ඇදුම් තෙමිලා) ගෙදර ආවා සිංහලු.සමහර තැන් යටවෙලා.පාර පේන්නේ නැති තරමට වහිනවා.නාරාහේන්පිට කලර් ලයිට් එක ගාව විනාඩි 2ක් විතර එකතැන පට්ට වැස්සේ.
    මම ඉතින් HID එකයි LED 2ටයි පින්සිද්ද වෙන්න ෆුල් ආතල් එකේ ගෙදර ආවා.
    මහ වැස්සේ යන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා :rofl:

    :oo: දැන් ඉතින් ගෙදර ඈවිල්ලත් රේන්කෝට් දාගන්න අමතක කරන්න එපා එහෙනම්...... :baffled: :dull:


    :oo: වැස්සේ සපත්තු ඈතුලට වතුර ගියහම...... :eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: දැන් ඉතින් ගෙදර ඈවිල්ලත් රේන්කෝට් දාගන්න අමතක කරන්න එපා එහෙනම්...... :baffled: :dull:


    :oo: වැස්සේ සපත්තු ඈතුලට වතුර ගියහම...... :eek:

    :P
    සපත්තු 2 ගලවලා බෑග් එකට දාගෙන සෙරෙප්පු 2 දාගෙන ආවේ.:yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    http://www.elakiri.com/forum/showthread.php?t=1545082


    වාහනයක් පාවිච්චි කරන හැමොටම එන ගැටලුවක් තමයි, තමන්ගේ වාහනේට භාවිතා කරන්න ඕනෙ කුමන වර්ගයේ Octane අගයක් ඇති පෙට්‍රල්ද කියන එක . . .

    ඔක්කොටම කලින් අපි බලමු ඔක්ටේන් අගය කියන්නේ මොකක්ද කියලා . . .

    ඔක්ටේන් අගය (Octane Rating)
    ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ඔක්ටේන් අගයෙන් කියවෙන්නේ පෙට්‍රල් දහනය කරලා ගන්න පුළුවන් බලය ගැන කියලා . . . ඒත් ඇත්තටම ඔක්ටේන් අගයෙන් කියන්නේ වෙනත් දෙයක් . . .

    අපි පාවිච්චි කරන එන්ජින් වල තියෙනවා "සම්පීඩන අනුපාතය" (Compression Ratio) කියල එකක් . . . එක සරලවම කියනවා නම් එන්ජිමේ චූෂන පහරෙදි (Suction Stroke) ලබා ගත්ත වායු පරිමාව, සම්පීඩන පහරෙදි (Compression Stroke) කොච්චර ප්‍රමානයකට සම්පීඩනය කරනවද කියන එකයි . . .

    උදා:
    ලීටර් 10ක් අරන් ලීටර් 1ක් වෙන්න සම්පීඩනය කරොත් සම්පීඩන අනුපාතය 10:1 කියලා කියනවා . . .

    සම්පීඩන අනුපාතය වැඩිවෙනකොට එන්ජිමට පුලුවන් වැඩි බලයක් නිපදවන්න . . .

    සාමාන්‍යයෙන් පෙට්‍රොල් එන්ජිමක ( GDI,FSI,SIDI කියන එන්ජින් වර්ග හැර) චූෂන පහරෙදි ඉන්ධන-වායු මිශ්‍රණයක් තමා සිලින්ඩරය අතුලට ලබා ගන්නේ . . . සම්පීඩන පහරෙදි මේ ගත්ත මිශ්‍රනය තමා Spark Plug එකෙන් දහනය කරන්නේ. . .
    අපි අවට තියෙන හැම ද්‍රව්‍යකටම තියෙනව ජ්වලන අංකය (Flash Point) කියලා එකක් . . . එක්තරා උෂ්නත්වයකදී සහ පීඩනයකදී අපි අවට තියෙන ඕනෑම දෙයක් ගිනිතැබීමකින් තොරව ඉබේ ගිනිගැනීමට ලක්වන මෙන්න මේ උෂ්නත්වයට සහ පීඩනයට තමා ජ්වලන අංකය, එහෙමත් නැත්තන් Flash Point කියන්නේ . . .

    එන්ජිම ක්‍රියාත්මක වෙනකොට සම්පීඩන පහරෙදි ඉන්ධන -වායු මිශ්‍රණය විශාල උෂ්නත්වයකට සහ පීඩනයකට ලක් වෙනවා . . . මෙන්න මේ අවස්ථාවෙදි වැරදිලාවත් මිශ්‍ර වෙලා තියෙන පෙට්‍රල් එයාගෙ Flash Point කියන තැනට ලං වුනොත් Spark Plug එකෙන් දහනය කරන්න කලින් එය ඉබේම ගිනි අරන් දහනය වෙන්න පටන් ගන්නවා . . . සම්පීඩන අනුපාතය වැඩි වෙනකොට ඉන්ධන -වායු මිශ්‍රණය ලක්වෙන උෂ්නත්වයත්, පීඩනයත් වැඩි වෙනවා . . . ඉතින් එන්ජිමෙන් වැඩි බලයක් ගන්න සම්පීඩන අනුපාතය වැඩි කරොත් මේ ගැටලුවට අපිට මූන දෙන්න වෙනවා . . .

    මෙහෙම Spark Plug එකෙන් දහනය කරන්න කලින් දහනය වෙන එකට තමා එන්ජිම නොක් (Knock) වෙනවා කියලා කියන්නේ . . . එහෙම දහනය වෙන වෙලාවෙදි එන්ජිමේ පිස්ටනය ඉහලට ගමන් කරමින් තියෙන්නේ . . . අනවශ්‍ය තැනකදි දහනය වෙලා පීඩනය වැඩි වෙනවා කියන එක පිස්ටන් එකට දැනෙන්නේ කුළු ගෙඩියකින් ගැහුව වගේ . . . මේ Knock එක ගොඩක් දරුණු උනොත් එන්ජිමට sorry.com තමා . . .

    මේක නවත්වන්න නම් අපිට සම්පීඩන අනුපාතය අඩු කරන්න වෙනවා . . . ඒත් අපිට හිතෙන හිතෙන විදියට එහෙම කරොත් එන්ජිමෙ බලය ගොඩක් අඩු වෙනවා . . . ඉතින් විද්‍යාඥයෝ මේකට විසඳුමක් විදියට කලේ පෙට්‍රල් වල Knock වෙන්න තියෙන හැකියාව අඩු කරන්න පුලුවන් දෙවල් පෙට්‍රල් වලට එකතු කරපු එක . . . එහෙම කරලා Test Engine එකක මේව ටෙස්ට් කරලා RON (Research Octane Number) කියලා අගයක් ලබා දුන්නා . . . මේ අගය දීලා තියෙන්නේ ටෙස්ට් එකට ගත්තු පෙට්‍රල් වල Knock නොවීමේ හැකියාව, එහෙමත් නැත්නම් Knock Resistance එකට සමාන හැකියාවක් තියෙන්නේ කොයි වගෙ ISO-Octane සහ n-heptane මිශ්‍රණයකද කියලා බලලා . . .

    උදා:
    90%ක් ISO-octane සහ 10% n-heptane මිශ්‍රණයක තියෙන Knock Resistance හැකියාව තියෙන පෙට්‍රෝල් 90 Octane වර්ගයට අයත් . . . 95% සහ 5% මිශ්‍රණයකට සමාන නම් 95 Octane පෙට්‍රල් . . .

    දැනට 88 - 100 අතර පරාසයේ තමයි පෙට්‍රල් වල Knock Resistance එක තියෙන්නේ . . . ඒත් Methane වගේ ඉන්ධනයක් ගත්තාම RON අගය 120 ක් විතර වෙනවා . . .

    Octane අගය කියන්නේ මේ අර්ථ දැක්වීම මිසක් නිපදවන්න පුලුවන් බලයේ ප්‍රමානයවත්, පෙට්‍රල් වල පිරිසිදුතාවයවත් නෙවෙයි . . . එන්ජිමෙන් වැඩි බලයක් ඕනේ නම් සම්පීඩන අනුපාතය වැඩි කරන්න ඔනේ . . . සම්පීඩන අනුපාතය වැඩි කරාම Knock වෙන එක නවත්වන්න Octane අගය වැඩි පෙට්‍රල් අවශ්‍ය වෙනවා . . . ඉතින් සම්පීඩන අනුපාතය වැඩි නිසා බලය වැඩි වෙනවා මිසක් Octane අගය වැඩි පෙට්‍රල් ගැහුවට බලය වැඩි වෙන්නේ නැහැ . . .

    මේ හේතුව හින්දා තමයි Racing කාර්, Racing බයික් වලට Octane අගය වැඩි පෙට්‍රල් භාවිතා කරන්නේ . . . මොකද Racing වාහන වල සම්පීඩන අනුපාතය ගොඩක් වැඩියි . . .

    සාමාන්‍ය වාහනයකට සුදුසු මොන පෙට්‍රල්ද ? ? ?

    සාමාන්‍යයෙන් අපි අලුතෙන් වාහනයක් ගන්න කොට අපිට හම්බෙනවා Owners Manual කියලා පොඩි පොතක් . . . මේකෙ අනිවර්යයෙන්ම කියලා තියෙනවා භාවිතා කරන්න ඕනේ මොන පෙට්‍රල්ද කියලා . . . සාමාන්‍යයෙන් ගොඩක් Toyota Corolla කාර් වලට නම් 87 Octane . . . ඒත් පාවිච්චි කරපු වාහනයක් ගන්නකොට මේ පොත හම්බෙන්නේ නෑනේ . . . ඒත් ලංකාවේ තියෙන ගොඩාක් වාහන වලට 90 Octane හොදටම ඇති . . . ගොඩක් අලුත් වාහන වලටත් 90 Octane ගැහුව කියලා ගැටළුවක් වෙන්නේ නැහැ . . . ඒත් සමහර BMW, BENZ, Porsche වගේම Subaru Impreza, Lancer Evolution, Nissan GTR වගේ වාහන වලට නම් 95 Octane ගහන්නම වෙනවා . . .

    මං මෙතනදි තවත් දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් අර Knock වෙන එක නවත්වන්න තවත් ක්‍රම කීපයක් තියෙනවා.

    Toyota Corolla 1ZZ-FE එන්ජිමේ සම්පීඩන අනුපාතය 11.5:1 යි.Toyota Company එක Manual එකේ කියලා තියෙන්නේ 87 Octane ගැහුවට කමක් නැහැ කියලා . . . Toyota Supra 2JZ-GTE එන්ජිමේ සම්පීඩන අනුපාතය 8.5:1 . . . ඒත් Toyota Company එක කියනව අඩුම තරමේ 91 Octane වත් ගහන්න කියලා . . . මේකට හේතුව තමා 1ZZ-FE එන්ජිමට knock වෙන එක නවත්වන්න පුලුවන් තව ක්‍රම අතුලත් කරලා තියෙන එක . . .

    90 Octane ගහන්න කියන එකට 95 Octane ගැහුවට වැඩක් නැත්තම් කොහොමද සමහර වාහන වලට 95 ගැහුවාම ටිකක් වැඩිපුර පෙට්‍රල් කරන්නේ ??? Pick Up එක ටිකක් වැඩි වෙන්නේ ???

    ඉස්සර වෙලාම බලමු කොහොමද වැඩියෙන් පෙට්‍රොල් කරන්නේ කියලා . . . කලින් කිව්ව වගෙ සම්පීඩන අනුපාතය ගොඩක් වැඩි එන්ජින් වල Knock වෙන එක අඩු කරන්න ගත්ත එක තවත් එක ක්‍රමයක් තමා මිශ්‍රන අනුපාතය ටිකක් සරු (Rich) කරන එක . . . ඒ කියන්නේ වැඩිපුර ඉන්ධන මිශ්‍ර කරන එක . . . එතකොට සම්පීඩන පහරෙදි ඇතිවෙන උෂ්නත්වයෙන් වැඩිපුර කොටසක් ඉන්ධන වලට උරා ගන්නවා . . . එතකොට උෂ්ණත්වයත් සමගම පීඩනයත් යම්තාක් දුරට අඩුවෙන නිසා ඉන්ධන Flash Point එකට පත්වෙන එක නවතිනවා . . . මෙහෙම ඉන්ධන වැඩි කරන එක කරන්නේ වාහනේ තියෙන පාලන පද්ධතිය මගින්. Engine Temperature Sensor, Knock Sensor වගෙ කොටස් මේකට උදව් වෙනවා.. මේ විදියට මිශ්‍රණය සරු කලාම Engine Temperature එක අඩු වෙනව . . . ඒ වෙලාවෙ Knock Sensor එකෙන් නැවත ප්‍රතිචාරයකුත් නැත්නම් පාලන පද්ධතිය මගින් ඉන්ධන මිශ්‍රනය නැවත නිසරු කරලා බලනවා. . . . මෙන්න මෙහෙම මිශ්‍රනය සරු , නිසරු කරමින් Knock වෙන එක පාලනය කරනවා . . . අපි 95 ඔක්ටේන් ගැහුවාම Knock වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා . . . ඒ වෙලාවෙදි පාලන පද්ධතියට පුළුවන් මිශ්‍රනය ගොඩක් නිසරු කරන්න . . . ඒ කියන්නේ Inject කරන පෙට්‍රල් ප්‍රමාණය අඩු කරන්න . . . භාවිතා කරන ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ වැඩිපුර පෙට්‍රල් කරනවා කියන එකන . . . හැබැයි අත්තටම මෙහෙම වෙන්න තවත් කරුණු ගොඩක් තියෙනව . . . ඒවා Motor Vehicle Engineering වගේ ඉගෙන ගන්න කෙනෙකුට නම් තේරුම් ගන්න පුලුවන් වෙයි . . .

    හරි දැන් බලමු කොහොමද Pickup එක වැඩි වෙන්නෙ කියල . . . හැමෝම අහලා ඇතිනේ ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ Compression Stroke එක අවසානයේදි කියලා. අපිට එන්ජිමෙන් උපරිම බලයක් ගන්න නම් පිස්ටන් එක සීලින්ඩරයේ මුදුනට එනකොටම ඉන්ධන දහනය වෙලා උපරිම පීඩනයක් ඇතිවෙලා තියෙන්න ඕනේ . . . ඒත් මිශ්‍රණය දහනය වෙන්න පොඩි කාලයක් ගන්නවා . . . ඒ නිසා අපිට සම්පීඩන පහර අතර මගදි දහනය ආරම්භ කරන්න වෙනවා . . . මෙහෙම පිස්ටනය මුදුනට එන්න කලින් දහනය කරන එකට අපි කියනවා Ignition Timing Advance කරනවා කියලා . . . 90 Octane සහ 95 Octane අතර තියෙන තවත් වෙනසක් තමා සම්පූර්ණයෙන්ම දහනය වෙන්න ගතවන කාලය . . . 90 Octane, 95 Octane වලට වඩා ඉක්මනින් දහනය වෙනවා . . . ඒ කියන්නෙ 90 Octane Spark Plug එකෙන් දහනය ආරම්භ කලාම ඉක්මනින් උපරීම පීඩනය ලැබෙනවා . . . එහෙම වෙන එක හොදයි වගෙ පෙනුනට ඉක්මනින් සිදුවන නිසා අපිට ඒක පාලනය කරන්න ටිකක් අමාරුයි . . . ඒත් දහනයට වැඩි වෙලාවක් ගන්නවා නම් අපිට පුළුවන් ගනන් හදලා බලලා දහනය ආරම්භ කරවන්න . . . ඒ කියන්නේ 90 Octane වලට අපි Ignition Timing Advance කරනවට වඩා වැඩි අංශක ප්‍රමානයක් 95 Octane වලදි අපිට Advance කරන්න පුලුවන් . . . මෙහෙම වැඩි වෙලාවක් අරන් දහනය කරාම අපිට පුලුවන් ගොඩාක් නිවැරදිව සිලින්ඩරය මුදුනෙදි උපරීම පීඩනය ලබා ගන්න . . . ඒ කියන්නෙ වැඩි බලයක් නිපදවන්න . . . ඒ කියන්නෙ වාහනේ Pick Up එක වැඩි වෙනවා කියන එකනේ . . . ඒත් ගැටළුවකට තියෙන්නේ අපි භාවිතා කරන සාමාන්‍ය වාහන වල තියෙන පාලන පද්ධතියට බෑ අපිට ගොඩක් ලොකු විදියට දැනෙන්න මේ දේවල් වෙනස් කරන්න . . . ඒ නිසයි සමහර වාහන වලට මොන පෙට්‍රල් ගැහුවත් වෙනසක් නැත්තේ . . .

    ම්ම්ම්ම්ම්ම්.... දැන් ඉතින් කට්ටිය අන්ද මන්ද වෙලා ඇති තමන්ගේ වාහනේට මොනවද ගහන්නෙ කියලා..

    දුර ගමනක් යනකොට 95 Octane ගහන්න . . . එන්ජිම ගොඩක් වෙලා Start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා . . . එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුළුවන් 95 ගැහුවොත් . . . ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 Octane ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම් . . .

    ආහ්හ්හ්හ්හ්.... එක පාර්ට් එකක් අමතක උනානේ... ඔයාලගෙ ටෑන්ක් එකේ 90 Octane තියෙනකොට 95 Octane ගැහුවම මොකද වෙන්නේ කියන්න අමතක උනානේ . . . පෙට්‍රල් මිශ්‍ර උනා කියලා කිසිම ගැටළුවක් වෙන්නේ නැහ . . . 90 Octane 50%කුත් 95 Octane 50%කුත් මිශ්‍ර උනොත් ආසන්න වශයෙන් 93 Octaneපෙට්‍රල් හැදෙනව . . . මිශ්‍ර වෙන අනුපාතය මත මෙක වෙනස් වෙනව . . . ඒත් 90 Octane තියෙද්දි 95 Octane ගැහුවා කියලා එන්ජිමට කිසිම හානියක් වෙන්නේ නැහැ . . .
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළණි..... අදත් දවසම වහී වගේ..... ඒත් වන් වෙදර් එකේ කොහෙටවත් වහී කියලා පෙන්වන්නේ නෑ නේ...... :P මම හිතන්නේ උනුත් අපේ කාළගුණ විද්‍යා එකෙන් තොරතුරු ගන්නවද කොහෙද......?? :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි..... අදත් දවසම වහී වගේ..... ඒත් වන් වෙදර් එකේ කොහෙටවත් වහී කියලා පෙන්වන්නේ නෑ නේ...... :P මම හිතන්නේ උනුත් අපේ කාළගුණ විද්‍යා එකෙන් තොරතුරු ගන්නවද කොහෙද......?? :rofl:

    නොදකින් මේකෙත් දාලා එකම පෝස්ට් එක.:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈයි අවුල්ද....?? අවුල්ද....?? :P

    අවුල්ද?:frown:

    හිටුකෝ අහුවෙනකම්..:growl:

    JmaT9RU.jpg
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    macho pulsar 150 and 180 1l km kiyak wage wada karanawada.

    pulsar 1k ganta inne.loku danumak ne bike gana.

    2.5 wage new 1k ganta puluwanda.hoda 1k model 1k mokakda.

    50km 60km wage wada karana.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මහර හන්දියෙ තියෙනවා ටයර් කඩයක්. හන්දියෙ කිව්වට දළුපිටිය පාරෙ පොඩ්ඩක් ඇතුලට එන් නඒනෙ. 50 මීටර් විතර. මතක ඇති නේ තැන :D
    එතන ටයර් ටිකක් ගනං අඩුයි. ගාල හන්දියෙ සදගිරියෙ ගානට වඩා කොහොමත් 300ක් 400ක් අනිවා අඩුයි. ඌ DSI ඒජන්ට්. හැබැයි අනිත් ටයරුත් තියෙනවා. බයික් ටයර් ගැන පොර ටිකක් ගද්දනා. ගිහිං කථා කරලා බලපං.

    නැත්තං යක්කල තියෙන බජාජ් ශෝ රූම් එකේ MRF ලොට් එකක් ඇති. යන්න කලිං කෝල් කරලා බලලා යන්න :yes:

    adoo umba kohomada ban ae kade danne..mama inne eeta poddak aeha paththe ne?? Umba mahara da inne??:oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවෝ..

    හැඬ්ල් එක ඕනේ බන්.. කොහොමද ගන්නේ.. බඩාව එහෙම හම්බවෙන්නැද්ද? ගානත් කියපාන්..:yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩෝ ඉසුරුවෝ..

    හැඬ්ල් එක ඕනේ බන්.. කොහොමද ගන්නේ.. බඩාව එහෙම හම්බවෙන්නැද්ද? ගානත් කියපාන්..:yes:

    ganan umba hithala deepan mokada oka laga thiyagaththa kiyala mata pulser aekata hai korannada?? aeke aehen mehen malakada dot tikak athi aewata ithin mokak hari karaganin..mama badata call aekak deela kiyannam ko :yes::yes:
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    පල්සරේ බ්‍රේක් ලයිට් එක පළු කරලා හදන හැටි කවුරු හරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මතකයි....... :yes:

    EK eke thibbada machn thread eka..?
    wena danna kawruwath nadda machn brake light eka hadaganna :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EK eke thibbada machn thread eka..?
    wena danna kawruwath nadda machn brake light eka hadaganna :(

    පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියනවනම් උඹටම හදාගන්න පුලුවන් වෙයි මචෝ..:yes:
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    පොඩි ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියනවනම් උඹටම හදාගන්න පුලුවන් වෙයි මචෝ..:yes:

    eka thamai machan service ekenuth qwa dana eka aparade qwa electrician kenekta kyala hadaganna qwa ban mata nm electric paththe ehemata knowledge ekak naa ban danna kawruwath nadda machn ganak dila hadaganna :dull:
     
    Status
    Not open for further replies.