මම කිව්ව Area එකේ නම් දඩ ගහනව මචෝ ඔහොම ගියොත්
ඔව් බං සමහර එවුන් ගැන නම් කියල වැඩක් නෑ..
සමහර එවුන් ඉන්නව 30-40 ට යන්නෙ. අපි උන්ව ඉස්සර කරන්න ගියාම තම උන්ට හයියෙන් යන්න මතක් වෙන්නෙ. මල පනිනව එහෙම උනාම
ත්‍රීවීල් වල නගර සීමාව සහ නගර සීමාවෙන් පිට අනිවාර්ය නීතිය 40Kmph මචෝ
ඔය නීතිය ආවෙ දැනට අවුරුදු 20කට විතර උඩදි මට මතක විදිය හරි නම්..
උඹල දැකල තියනවද මුල්ම කාලෙ ත්‍රීවීල් එක
අන්න ඒවගෙ මචෝ Differential එකක් නෑ..
දැං පුදුම වෙන්න එපා. මලා යකෝ කොහොමද මේක කොහොමද බැලන්ස් එකට පාරෙ යන්නෙ කියල..
හිටපන් කියන්නම්
මේ ත්‍රීවීල් වල Differential වෙනුවට ආවෙ දරන බර අනුව Speed අඩු වැඩි වෙන්න හදපු ගියර් වීල් දෙකක්..![]()
මෙන්න මේ වීල් දෙකට දාපු Chain 2 කින් තමා පිටිපස්සෙ රෝද දෙක කැරකෙන්නෙ
ඒ කියන්නෙ දැන් බයික් වල වගේ ඒ කාලෙ මුලින්ම ත්‍රීවීල් වල ආවෙ Chain 2 ක්..
ඔන්න ඔය නිසා ඒවගෙ බර අදින්න පුලුවන් උනා හොඳට..
ඒත් හයියෙන් යන්න බෑ..
අර වීල් එකක් හරි පැන්නොත් බඩු බනිස්...
ඕක නවත්තන්න තමයි 40Kmph වේග සීමාව දැම්මෙ..
ඒත් දැන් ත්‍රීවීල් වල ඕක නෑ. කෙලින්ම Differential එකට Axle 2කින් තමා බෙදෙන්නෙ..
දැං ඒව කිව්වෙ ඔය 19-20 නම්බර්ස් කාලෙ ඉඳන්ම ආවෙ මේ ක්‍රමේ.. අර චේන් ආපුව ආවෙ 11-12 වගේ කාලෙ..
මාත් තාම ඒ ජාතිය ඒව 2ක් 3ක් තමා දැකල තියෙන්නෙ..
දැං ඒව පෙරලෙන්නෙ Technical දුර්වලතා නිසා නෙවේ Driver ලට තියන කුලප්පුවට
එල එල මචන් දැනුවත් කරාට 17++












