Thotupola Kanda ~ Team Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
2015 අවුරැද්දේ ටීම් ට‍්‍රැවලර් හා හා පුරා කියල පලවෙනි ගමන ගියේ හෝර්ටන් තැන්න ප්‍රදේශයට. ඒ තොටුපොල කන්ද නගින්න. තොටුපොල කන්ද ලංකාවේ උසම කදු අතරින් තුන්වැනි තැන ගන්නවා. හැබැයි නගින එක අමාරැ නෑ. මග නැවතිලා වටා පිටාවේ ලස්සන බල බල මුදුනට නගින්න යන්නේ පැය 1-2 ත් අතර කාලයක්.
කදූ මුදුනට නගින්න පටන් ගන්න තැන ඉදන් තියෙන්නේ කිලෝමීටර් දෙකක (2Km) දුරක්.


අපේ එළකිරියේ සිනියර් මෙම්බර් කෙනෙක් අන්තිම මොහොතේ හොද පොල්ලක් තිබ්බා. අපි උෘවත් මතක් කර කර ගමන පටන් ගත්තේ. මේ ගමනට ටීම් ට‍්‍රැවලර් එකෙන් JKadithya, JAASBandara ත් එලකිරියේ Salindra, Chamara ත් එකතු වුනා


අපි බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙන් ගියා ඔහියට. පහුවදා පහ වෙනකොට අපි ඔහියේ.
තොටුපල කන්දට යන්න ලේසිම පිට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉදල වුනත් අපි ඔහිය පාරේ ගිහින් නැති හින්දා අපි ඹහිය දුම්රිය ස්ථානෙන් බැස්සා.


තොටුපොල කන්දේ වැඩි විස්තර Wikipedia කියවන්න.


හිමිදිරියේ පිනි බිදු

16757850030_e373800210_z.jpg


ඔහිය

16325223593_3c61e2412b_z.jpg


ඔහිය දුම්රිය ස්ථානය ලග තියෙන කඩේකින් බඩට පොඩි කෑමක් දාගෙනම අපි ගමන පටන් ගත්තා. ඔහියේ ඉදන් හොර්ටන් තැන්න යන්න වාහනයක් එහෙම ඕන නම් මේ කඩේට කිව්වම හොයලා දෙනවා.
පුලුවන් තරම් උදෙන්ම ගමන පටන් ගන්න.


16944308901_2ed137f98a_z.jpg


යන අතරමග

16759082999_ce2a9e14e1_z.jpg


මෙතනට පාන්දර ඉර පායන වෙලාවට එන්න පුලුවන් නම් ලස්සන දර්ශනයක් දැක ගන්න පුලුවන්.

(Ohiya Horton Plains Board)


16759064209_e7801262c6_z.jpg


:love:

16759082709_1b822db5b2_z.jpg


16322902494_0a4d99174a_z.jpg


16943959852_38575e40d2_z.jpg


16322902394_772323d869_z.jpg


16944322781_7b998498e3_z.jpg


16759066939_581b422ccd_z.jpg


16322901214_846df9e7a4_z.jpg


යාලුවෙක්


16757597528_7c5e238161_z.jpg


16759066609_d0357c8f29_z.jpg


තොටුපොල කන්දට නගින්න පටන්ගන්න තැනට පට්ටිපොල හොර්ටන් තැන්න පිවිසුමේ ඉදන් මීටර් 500 ක් වගේ දුරක් ආවම වම් පැත්තේ මෙන්න මේ පුවරැව හම්බවෙනවා. කන්ද මුදුනට තියෙන අඩිපාර පටන් ගන්නේ මෙතනින්. තොටුපොල කන්ද ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වෙනවා. කන්දේ උස 2,357 m. දෙවනියට උසම කන්ද වන 2,388 m ක් උස කිරිගල්පොත්ත කන්ද පිහිටලා තියෙන්නේ හොර්ටන් තැන්න ප්‍රදේශයේමයි.


16944321511_62b67951aa_z.jpg


17041532612_13d0727a6a_z.jpg


මුදුනටම යන්න අඩි පාර තියෙනවා.

16325235023_b0fe1ac36c_z.jpg


16759079289_de576751ff_z.jpg


16919347966_095b10de59_z.jpg


16322898624_179ceb331d_z.jpg


16919346516_1b42081ff6_z.jpg


16944319511_006408142e_z.jpg


16737941037_208f45f477_z.jpg


16325233773_e82583476d_z.jpg


16919344696_511a97469d_z.jpg


16945295465_3be4c49455_z.jpg


16944317541_d50d518a00_z.jpg


මල් සහ හෝර්ටන් තැන්න කියද්දි අමතක කරන්න බැරිම දෙයක් තමයි නෙලු. නෙලු කියන්නේ හෝර්ටන් තැන්නේ පිපෙන මල් වර්ගයක්.
විශේෂත්වය නෙලු මල් පිපෙන්නේ අවුරැදු 12 කට එක සැරයක්. :shocked:

අන්තිමට නෙලු මල් පිපිල තියෙන්නේ 2013. ඒ කියන්නේ ආයේ මේ මල් පිපෙන්නේ 2025. :baffled:

16759075719_c7fc7205fb_z.jpg


මේ GPS කුලුන තමා තොටුපොල කන්දේ මුදුන. හැබැයි මෙතනට වටා පිටාව පේනවා අඩුයි ගස් හින්දා. :sorry:


16325231163_cdd2e1d481_z.jpg


16943957982_3304f228c8_z.jpg


ශ්‍රී පාදය හොර්ටන් තැන්නට හොදට පේනවා මීදුම නැති දවස් වල :yes:

16919333696_7223b1c7b9_z.jpg


16944306871_ce1a713bc3_z.jpg


වලාකුළු :love:

16737938137_9ea5a7fa61_z.jpg


16325230613_1f082daaec_z.jpg


16757841740_7aea122de4_z.jpg


16757590968_a4d98f3f34_z.jpg


නම නොදනී :no:

16943968072_4bddffb7d9_z.jpg


සුන්දර පරිසරයයි සිසිල් සුළගයි විදිමින් :cool:

16322893104_76a7872d2b_z.jpg


16943966402_a4b44a16a3_z.jpg


17042155121_46a49b41a9_z.jpg


Ambewela Wind Power Plant

16944305381_9d700872b7_z.jpg


16919332716_8c82237bb6_z.jpg


16945284355_e50ce1cb3c_z.jpg


කන්ද පහලට එන්න අපිට ගියේ විනාඩි 40ක වගේ කාලයක්. ලංකාවේ අනිත් කදු එක්ක බලද්දි තුන්වෙනියට උසම කන්ද වුනත් වැඩි මහන්සියක් නැතිවම නගින්න පුලුවන් එකම කන්ද තොටුපොල වෙන්න ඇති. අපි පට්ටිපොල දුම්රියපොලට පයින් යන්න තමා හැදුවේ. ගුගල් එකට අනුව 6.6 km ක දුරක් පයින් යන්න තියෙනවා.


17041530962_65bfaa0927_z.jpg


16759072979_6defca2b59_z.jpg


මේ අපි නැග්ග කන්ද


16737932937_c2c5521480_z.jpg


මෙයාව හදුන්වන්නේ රයිනෝ අඟ කටුස්සා හෙවත් “කගමුව අං කටුස්සා” (Rhino-horned lizard) කියල. ඇගමිඩේ (Agamidae) කුලයට අයත් ආවේණික සිවුපා උරග ගණයක් වන Ceratophora ගණයේ මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇති අග කටුසු විශේෂ 5න් විශාලතම අඟ කටුස්සා තමා මේ.
හෝර්ටන් තැන්නේ තොටපළ කන්ද හා කිරිගල්පොත්ත ආශ්‍රිත වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව තරමක් සුලබව දැක ගන්න පුලුවන් කියනවා.

16325225653_3239bb5348_z.jpg


කට්ටිය ගමනේ ඊළග කෝච්චිය අල්ල ගන්න.

17016990066_9645fba30c_z.jpg


16945288485_ff824c7621_z.jpg


පට්ටිපොල

16759068909_5f10bfd61b_z.jpg


තවත් එක් සංචාරයක අවසානය.

16325224383_951336deeb_z.jpg


ඉදිරියේදි ට්‍රැවලර් ටීම් එකේ තවත් සංචාරයකින් හමුවෙමු.




අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.




12645788903_3e5d392a1a_o.png

_______________________________________________
Read Previous Articles On Blog: http://teamtraveler.info
We Highly Appreciate Your Ideas. Send Your Suggestions And Ideas
[email protected]

 
Last edited:

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    2007 or 2008 Apith Giya Okata. Pattama Lassana Place ekak. mulu gamanama giye awidagena pattipola idan. eka gana mama tharead ekakuth dammada koheda. mathaka na


    anyway nice travel adiyo. keep travel. Mama ubagen lagadi ahapu gamanath giya supiri ah a place eka ! uba poddak mahath wela :P
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,889
    1,389
    113
    Live in EARTH
    2007 or 2008 Apith Giya Okata. Pattama Lassana Place ekak. mulu gamanama giye awidagena pattipola idan. eka gana mama tharead ekakuth dammada koheda. mathaka na


    anyway nice travel adiyo. keep travel. Mama ubagen lagadi ahapu gamanath giya supiri ah a place eka ! uba poddak mahath wela :P



    PS: Thotupala kanda gana godak kathandara tiyanawa Rawanata Sambanda karala.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මමත් ගිහින් තියෙනව බන්. පට්ටම ලස්සනයි. නෙලු ප්ට්පිච්ච කාලෙ ගියෙ. උඩට නගින පාර දෙපැත්තම නෙලු වලින් පිරිලා... ඒ අස්සෙ හතර වටේ ඕකිඩ් වැවිලා. දකින්න ලැබිච්ච එකත් වාසනාවක් කියල හිතුනා. කියන්න වචන නෑඑ මචන් පට්ටයි ඒ කාලෙට. අතර මගදි හම්බෙනව වැල් වලින් පාර හරස් උන තැනක්... එතනට යනකොට පොද වැස්සක් එක්ක මීදුමක් ආව... මෙලුමල් වලින් වතුර බිංදු වැටෙනවා... අයියෝ... එව දැකල නැති දැස් මොකටද.... ජයවේවා.. පින්තූර ටික ලස්සනයි.:yes::yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පට්ටම පට්ටයි මචන්. පුලුවන්නම් ගහපු පොටොස් ටික High Resolution ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් දීපන්කො... රෙප්++++++++:yes::yes: