2015 අවුරැද්දේ ටීම් ට්රැවලර් හා හා පුරා කියල පලවෙනි ගමන ගියේ හෝර්ටන් තැන්න ප්රදේශයට. ඒ තොටුපොල කන්ද නගින්න. තොටුපොල කන්ද ලංකාවේ උසම කදු අතරින් තුන්වැනි තැන ගන්නවා. හැබැයි නගින එක අමාරැ නෑ. මග නැවතිලා වටා පිටාවේ ලස්සන බල බල මුදුනට නගින්න යන්නේ පැය 1-2 ත් අතර කාලයක්.
කදූ මුදුනට නගින්න පටන් ගන්න තැන ඉදන් තියෙන්නේ කිලෝමීටර් දෙකක (2Km) දුරක්.
අපේ එළකිරියේ සිනියර් මෙම්බර් කෙනෙක් අන්තිම මොහොතේ හොද පොල්ලක් තිබ්බා. අපි උෘවත් මතක් කර කර ගමන පටන් ගත්තේ. මේ ගමනට ටීම් ට්රැවලර් එකෙන් JKadithya, JAASBandara ත් එලකිරියේ Salindra, Chamara ත් එකතු වුනා
අපි බදුල්ල රාත්රි තැපැල් දුම්රියෙන් ගියා ඔහියට. පහුවදා පහ වෙනකොට අපි ඔහියේ.
තොටුපල කන්දට යන්න ලේසිම පිට්ටිපොල දුම්රිය ස්ථානයේ ඉදල වුනත් අපි ඔහිය පාරේ ගිහින් නැති හින්දා අපි ඹහිය දුම්රිය ස්ථානෙන් බැස්සා.
තොටුපොල කන්දේ වැඩි විස්තර Wikipedia කියවන්න.
හිමිදිරියේ පිනි බිදු
ඔහිය
ඔහිය දුම්රිය ස්ථානය ලග තියෙන කඩේකින් බඩට පොඩි කෑමක් දාගෙනම අපි ගමන පටන් ගත්තා. ඔහියේ ඉදන් හොර්ටන් තැන්න යන්න වාහනයක් එහෙම ඕන නම් මේ කඩේට කිව්වම හොයලා දෙනවා.
පුලුවන් තරම් උදෙන්ම ගමන පටන් ගන්න.
යන අතරමග
මෙතනට පාන්දර ඉර පායන වෙලාවට එන්න පුලුවන් නම් ලස්සන දර්ශනයක් දැක ගන්න පුලුවන්.
(Ohiya Horton Plains Board)

යාලුවෙක්
තොටුපොල කන්දට නගින්න පටන්ගන්න තැනට පට්ටිපොල හොර්ටන් තැන්න පිවිසුමේ ඉදන් මීටර් 500 ක් වගේ දුරක් ආවම වම් පැත්තේ මෙන්න මේ පුවරැව හම්බවෙනවා. කන්ද මුදුනට තියෙන අඩිපාර පටන් ගන්නේ මෙතනින්. තොටුපොල කන්ද ලංකාවේ තුන්වෙනියට උසම කන්ද වෙනවා. කන්දේ උස 2,357 m. දෙවනියට උසම කන්ද වන 2,388 m ක් උස කිරිගල්පොත්ත කන්ද පිහිටලා තියෙන්නේ හොර්ටන් තැන්න ප්රදේශයේමයි.

මුදුනටම යන්න අඩි පාර තියෙනවා.
මල් සහ හෝර්ටන් තැන්න කියද්දි අමතක කරන්න බැරිම දෙයක් තමයි නෙලු. නෙලු කියන්නේ හෝර්ටන් තැන්නේ පිපෙන මල් වර්ගයක්.
විශේෂත්වය නෙලු මල් පිපෙන්නේ අවුරැදු 12 කට එක සැරයක්.

අන්තිමට නෙලු මල් පිපිල තියෙන්නේ 2013. ඒ කියන්නේ ආයේ මේ මල් පිපෙන්නේ 2025.

මේ GPS කුලුන තමා තොටුපොල කන්දේ මුදුන. හැබැයි මෙතනට වටා පිටාව පේනවා අඩුයි ගස් හින්දා.

ශ්රී පාදය හොර්ටන් තැන්නට හොදට පේනවා මීදුම නැති දවස් වල

වලාකුළු

නම නොදනී

සුන්දර පරිසරයයි සිසිල් සුළගයි විදිමින්

Ambewela Wind Power Plant
කන්ද පහලට එන්න අපිට ගියේ විනාඩි 40ක වගේ කාලයක්. ලංකාවේ අනිත් කදු එක්ක බලද්දි තුන්වෙනියට උසම කන්ද වුනත් වැඩි මහන්සියක් නැතිවම නගින්න පුලුවන් එකම කන්ද තොටුපොල වෙන්න ඇති. අපි පට්ටිපොල දුම්රියපොලට පයින් යන්න තමා හැදුවේ. ගුගල් එකට අනුව 6.6 km ක දුරක් පයින් යන්න තියෙනවා.
මේ අපි නැග්ග කන්ද
මෙයාව හදුන්වන්නේ රයිනෝ අඟ කටුස්සා හෙවත් “කගමුව අං කටුස්සා” (Rhino-horned lizard) කියල. ඇගමිඩේ (Agamidae) කුලයට අයත් ආවේණික සිවුපා උරග ගණයක් වන Ceratophora ගණයේ මුළු ලෝකයෙන්ම ශ්රී ලංකාවට පමණක් සීමා වී ඇති අග කටුසු විශේෂ 5න් විශාලතම අඟ කටුස්සා තමා මේ.
හෝර්ටන් තැන්නේ තොටපළ කන්ද හා කිරිගල්පොත්ත ආශ්රිත වනාන්තර ප්රදේශ ආශ්රිතව තරමක් සුලබව දැක ගන්න පුලුවන් කියනවා.
කට්ටිය ගමනේ ඊළග කෝච්චිය අල්ල ගන්න.
පට්ටිපොල
තවත් එක් සංචාරයක අවසානය.
ඉදිරියේදි ට්රැවලර් ටීම් එකේ තවත් සංචාරයකින් හමුවෙමු.
අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.
_______________________________________________
Read Previous Articles On Blog: http://teamtraveler.info
We Highly Appreciate Your Ideas. Send Your Suggestions And Ideas
[email protected]
Last edited: