වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්නකෝ මාමේ..... ඉරිදට දාන්නම් මම ෆොටෝ එකක්..... එතන කැට්ලොයි දාන්න පුලුවන් වෙයි කියලා හිතන්නේ නෑ මම...... :no: තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ..... :dull:

    විකාර නොකර ඔන්න ඕක දක්කමු යකඩ කඩේට..:P
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඉන්නකෝ මාමේ..... ඉරිදට දාන්නම් මම ෆොටෝ එකක්..... එතන කැට්ලොයි දාන්න පුලුවන් වෙයි කියලා හිතන්නේ නෑ මම...... :no: තහඩුවේ ඉරිච්ච තැන් දිග ඈරලා.... නෝ ලීක් වගේ දාන්න තමා වෙන්නේ...... හෆොයි ඉතින් මගේ ඉරිදා දවසම කාර් එකට ඉවර වෙයි වගේ..... :dull:
    mame oya prana car katta wikunala Land Cruiser ekak hari prado ekak hari ganna :dull: mama wage salli karaekta gala penne ewage wahanayak thamayi :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :growl: වාහනේ අනුන්ගේ උනාට ඩ්‍රයිවර් මමනේ...... :( :(

    ලොකු මහත්තයට (මස්සිනාට) කියල කහට කෝප්පයක් බොන්න කීයක් හරි ඉල්ලගනින් මාමේ :(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ලාංකිකයො විදියට වගේම, වාහන පාවිච්චි කරන අය විදියට දුක් වෙන්න වෙන කාරණයක් . . . .
    අවුරුදු 15ක් පරණ ජපන් ඩීසල් එන්ජිමක ඩීසල් පොම්පයක් සර්විස් කරලා re-calibrate කරන්න පහසුකම් ලංකාවෙ අංක එකේ අායතන (Dimo, Toyota, Edirisinghe, Unimo) එකකවත් පහසුකම් නෑ . . . අන්තිමට ලැබුනු උත්තරය මේක හරියට හදන්න නම් Singapore හෝ Dubai යවන්න වෙනවා කියන එක. . .

    දැන් උඹලා හිතනවා අැති මූ මේ කියවන්නෙ මීට කලින් අහලාවත් නැති එන්ජිමක් ගැන කියලා . . .

    නැත පුතේ නැත.

    මේ කතා කරන්නෙ 2002 අාපු මොන්ටෙරෝ එකක් ගැන . . .
    4M41 එන්ජිම . . . Common Rail නොව EFI එකකි . . . එන්ජිම අවුරුදු 15ක් පරණයි . . .

    දැන් ඔය අලුත්ම අලුත් Hybrid සහ High Tech වාහන ගත්ත අෑයෝ පරෙස්සමෙන් හොඳේ . . .

    සැකනම් ඔය කොම්පැනි වලට කතා කරලා අහපල්ලා . . .

    ටහිකෙයි :shocked:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :frown: :growl: ඌට පොල්ල සහෝ...... ඌ තව දුරටත් නෑ...... :no:

    එකනෝ මම කිව්වේ පොරට තියෙනකම් අවුලක් නැතිව තිබුනා මාමා අයිති කර ගත්තා විතරයි.........
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ලාංකිකයො විදියට වගේම, වාහන පාවිච්චි කරන අය විදියට දුක් වෙන්න වෙන කාරණයක් . . . .
    අවුරුදු 15ක් පරණ ජපන් ඩීසල් එන්ජිමක ඩීසල් පොම්පයක් සර්විස් කරලා re-calibrate කරන්න පහසුකම් ලංකාවෙ අංක එකේ අායතන (Dimo, Toyota, Edirisinghe, Unimo) එකකවත් පහසුකම් නෑ . . . අන්තිමට ලැබුනු උත්තරය මේක හරියට හදන්න නම් Singapore හෝ Dubai යවන්න වෙනවා කියන එක. . .

    දැන් උඹලා හිතනවා අැති මූ මේ කියවන්නෙ මීට කලින් අහලාවත් නැති එන්ජිමක් ගැන කියලා . . .

    නැත පුතේ නැත.

    මේ කතා කරන්නෙ 2002 අාපු මොන්ටෙරෝ එකක් ගැන . . .
    4M41 එන්ජිම . . . Common Rail නොව EFI එකකි . . . එන්ජිම අවුරුදු 15ක් පරණයි . . .

    දැන් ඔය අලුත්ම අලුත් Hybrid සහ High Tech වාහන ගත්ත අෑයෝ පරෙස්සමෙන් හොඳේ . . .

    සැකනම් ඔය කොම්පැනි වලට කතා කරලා අහපල්ලා . . .

    me katave nam attak tibee.... mama Mitsubishi inna kaale 4M41 ekakata 10 Laks walata alutenma pump eka import karala damma.. Calibrate karanna bari taram aul kiyala customerta kivve.. habai case eka oka. miniha maasa 3 ta passe wahane genichche salli case wela. (Show ekata montero duwapu porak)
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    1. ඕනෙම මනුවල් ගියර් කාර් එකක idle rpm එක 650-750 අතරෙ තිබිය යුතුයි. Auto නම් 850rpm දක්වා විය හැක. (Race cams දාපුවාට අදාල නැත.)

    2. බැටරි ටර්මිනල් චෙක් කර බලන්න.

    3. කලින් කියූ පරිදි කනෙහි හෝ මානසික තත්වයෙහි අවුලක් ඇත.

    උබට විතරයි බන් හිතක් පපුවක් තිබුනේ මට වචනයක් හරි ලියන්න.බොහොම ස්තුති . බලල අහක බලන් ගිය උන් සේරමගේම එන්ජින් මඋන්ට් කැඩිලා පල කියල සතුටින් ප්‍රාර්ථනා කරනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    උබට විතරයි බන් හිතක් පපුවක් තිබුනේ මට වචනයක් හරි ලියන්න.බොහොම ස්තුති . බලල අහක බලන් ගිය උන් සේරමගේම එන්ජින් මඋන්ට් කැඩිලා පල කියල සතුටින් ප්‍රාර්ථනා කරනවා

    :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පස්වාන් දහසකට දෙයියෝ බුදුවෙන්න ........ඔන්න මගේ අලුත්ම තත්වය හිත මිත්‍රයන්ට දන්වන්න අවසර ....ඔබ තමුන්නාන්සේලාගේ සියලු උපදෙස් හිස් මුදුනින් පිළිගෙන වදාරා එත් බැරිම තැන මම තීරණය කලා බාසෙක් ගේ පිහිට පතා යන්න .ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අදාල ස්ථානයට මගේ නිල රථයත් අරන් සැපත් උනා කියමුකෝ ...බාස් මහත්මයා ඉතින් ඉතා කරුණාවන්ත ලෙස ලබා දුන්න මිටි පාරවල් කීපයකට පස්සේ සියලුම අවයව පරීක්ෂා කරලා කියපියකෝ මේකේ ඩ්ස් වලවත් brake වලවත් ප්‍රශ්නයක් නැ කියලා ...එත් එතකොට මට මේ ඇහෙන රම් රම් සද්දයේ රහස කිමද ...අහෝ දුකකි වීල් බෙයාරින් පවා ඉතා හොද බව බාසා පවසයි ...වඩා වැඩි හොදට තව තව කල පරික්ෂා කිරීම් කිහිපයක් හමුවේ අප බාසා මහත් වූ සතුට වඩනා කාරණයක් මා හමුවේ තැබුවේය ...එනම් එන්ජින් රාජයාගේ mount 2ක් ( යට පැත්තේ ) ආයු සංස්කාරය අත් හැර ඇති ප්‍රීතිමත් පුවතයි. එය ඇසීමෙන් ඉතා ප්‍රීතියට පත් වූ මා නැවත එන්ජින් mount 2ක් අලුතෙන් ස්ථාන ගත කල අතර අනෙකුත් දෑ නැවත සුපුරුදු පරිදි සවි කළෙමු. එන්ජින් mount දෙකට 6500 ක් හා සේවා ගාස්තු 1500 ක් ගෙවීමෙන් අනතුරුව පාරට බැසීමි. මම හිතුවේ සියලු දෝෂ අහවරයි නිවාරණයි කියලා.එහෙත් සෙනසුරා ලෙහෙසියෙන් මා දමා යාමට අදහසක් නැත....මගේ නෝනටත් වඩා ඌ මට ආදරේ බව පසුගිය දින කීපයේ මම තේරුම් ගතිමි.දැන් අවසානයේ මෙන්න මේ කරනා ටිකට ඔබ තමුන්නාන්සේලාගෙන් උපදෙස් අවශ්‍යව ඇත.

    01.කලින් තිබු දෙදරුම් දැන් නැත ( ඉස්සෙල්ලම මම හිතුවේ එන්ජිම නතර වෙලා කියලා ..එච්චරට ගැස්සිල්ලක් නැත.නමුත් කලින් අයිඩියල් එකේදී ආර්.පී එම් 1000 තිබුණා ..එත් දැන් කටුව තියෙන්නේ 1000 පහලින් 0ට උඩින් 600,700 wage. (මට බයයි යකෝ එන්ජිම නතර වෙයි කියලා ...ඇයි එහෙම උනේ ??

    02. ඒසී දාල සෙට් එක දැම්මම හෝන් එක වදින්නේ නෑ බොලවූ ???

    03. අනික අර සද්දේ ඉස්සර තරම් නැති උනත් තාම නිකම් යන්තම් ඇහෙනවා ඇහෙනවා වාගේ ??

    මේ තුනට හරියටම උත්තර දෙනා කෙනාට පොල් අයියට කියලා කටු රෑනක් එකක් අරන් දෙනවා ....

    හොදයි නෝනාවරුනි මහත්වරුනි දැන් ඔබේ බුද්ධිමත් අදහස් දක්වන්න කාලයයි මේ ..............

    උඹේ ප්‍රශ්න පත්තරේට උත්තරයක් ලියන්න බැරි වීම ගැන සමාව භාජනයකට දමා දෙන සේක්වා..

    පළමු ප්‍රශ්නයට පිලිතුරනම් එන්ජින් මවුන්ට් මාරු කිරීම සහ RPM අඩු වීම ගැන එකිනෙකට සම්භන්ධයක් තියෙන්න විදිහක් නැහැ.. එත් AC නොදා තියෙන වෙලාවට ඔය තියන RPM එක තමයි තියෙන්න ඕන.. එත් දැන් තියන RPM එකේදී එන්ජිම smooth දුවන්නේ නැත්තම් කොතන හෝ ප්‍රශ්නයක් තිබේ..

    දෙවැනි ප්‍රශනය ගැනත් අවස්ථා සම්භන්ධයක් හොතාගන්න නොහැක. ඔටෝ ඉලෙක්ට්‍රිකල් වෙද මහත්තයෙක් වෙත රථය රැගෙන යන්න..

    ඔබට ඇසුනා වූ රම් බ්‍රම් සද්දය ඉදිරිපස ඇක්සල් වලින් එන්නක්ද යන්න සැක සහිතයි.. ඇක්සල් බූට් පරික්ෂා කරන්න.. ඇක්සල් දෙක ගියර් පෙට්ටියට සම්භන්ධ වන ස්ථානයේ ග්‍රීස් තිබේද බලන්න..
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: ඒ මොකෝ උඹ මස් කරන්න යන්නේ......?? :rolleyes:

    මාමගේ ලෙඩේම තමා. ෆ්ලෝර් බෝඩ් එකේ වමේ අර බේරේක් බට යන තැනට පොඩ්ඩක් මෙහයින් හිල් වෙලා තියෙන්නේ. මහ වැස්සේ ගියාම වතුර එනවා මාමගේ වගේම තමා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමගේ ලෙඩේම තමා. ෆ්ලෝර් බෝඩ් එකේ වමේ අර බේරේක් බට යන තැනට පොඩ්ඩක් මෙහයින් හිල් වෙලා තියෙන්නේ. මහ වැස්සේ ගියාම වතුර එනවා මාමගේ වගේම තමා.....

    :shocked: දුක තමා.... උඹේ නම් ඉස්සරහා නිසා පාස්සගන්න පුලුවන් වෙයි.... මගේ සීන් එක තියෙන්නේ කාර් එකේ මැදට වගේ වෙන්න...... තෙල් ටැංකිය කිට්ටුව..... ඔටෝ මිරාජ් උන් බය උනා ඒක පාස්සන්න තෙල් ටැංකිය බාන්නේ නැතුව...... :(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උඹේ ප්‍රශ්න පත්තරේට උත්තරයක් ලියන්න බැරි වීම ගැන සමාව භාජනයකට දමා දෙන සේක්වා..

    පළමු ප්‍රශ්නයට පිලිතුරනම් එන්ජින් මවුන්ට් මාරු කිරීම සහ RPM අඩු වීම ගැන එකිනෙකට සම්භන්ධයක් තියෙන්න විදිහක් නැහැ.. එත් AC නොදා තියෙන වෙලාවට ඔය තියන RPM එක තමයි තියෙන්න ඕන.. එත් දැන් තියන RPM එකේදී එන්ජිම smooth දුවන්නේ නැත්තම් කොතන හෝ ප්‍රශ්නයක් තිබේ..

    දෙවැනි ප්‍රශනය ගැනත් අවස්ථා සම්භන්ධයක් හොතාගන්න නොහැක. ඔටෝ ඉලෙක්ට්‍රිකල් වෙද මහත්තයෙක් වෙත රථය රැගෙන යන්න..

    ඔබට ඇසුනා වූ රම් බ්‍රම් සද්දය ඉදිරිපස ඇක්සල් වලින් එන්නක්ද යන්න සැක සහිතයි.. ඇක්සල් බූට් පරික්ෂා කරන්න.. ඇක්සල් දෙක ගියර් පෙට්ටියට සම්භන්ධ වන ස්ථානයේ ග්‍රීස් තිබේද බලන්න..

    පොල් අයියට පින්සිදු වේවා අලුත් අදහසක් දුන්නාට.මම බලලා උත්තරය කියන්නම්. දිනෙන් දිනම පොල් අයියගේ කාර්මික දැනුම තව තව දියුණු වී පතන්නා වූ ස්ථානයකින් ගරාජ් එකක් දාගෙන අනුන්ගේ කටු තමන්ගේ කරගෙන උනුත් කටුවෙන් එතරකර තමනුත් එතරවීමට වාසනාව ලැබේවා ........
     
    Status
    Not open for further replies.