Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    201309240307571.jpg

    http://www.aliexpress.com/item/GS80...corder-Dash-Cam-G-sensor-HDMI/2019420124.html

    මේකත් අවුලක් නෑ. ජීපීඑස් කතන්දරේනන් මේකේ නෑ.
    මම දැනට 4ක් ගෙන්නුවා. 2 ක් මග එනවා.

    විකුණන්නද ඔච්චර ගේන්නේ? :confused:

    මම මේක තමයි rear Cam එකට දාලා තියෙන්නේ :yes:
    http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    විකුණන්නද ඔච්චර ගේන්නේ? :confused:

    මම මේක තමයි rear Cam එකට දාලා තියෙන්නේ :yes:
    http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511

    :lol: නෑ බන් 3 ක් මගේ වාහනවලට දෙකක් යාළුවන්ට එකක් ප්‍රසන්ට් එකක් දෙන්න.

    දකින හැම එකාම කීයද කියල අහනවා. ගාන කිව්වම එච්චර අඩුයි කියල විශ්වාස කරන්නෙත් නෑ. :P
    අන්තිමට මටම ගෙනල්ල දෙන්න කියනවා. :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Thanks...
    ඔව් බං. එකක් මේක. මේක තමා කලින් ඉස්සරහට පාවිච්චි කළේ.
    පස්සේ අලුත් කැමරාව ආවට පස්සේ මේක පිටිපස්සේ වීදුරුවට දැම්මා
    මුලින්ම කැමරා එකක් හයිකරගන්න කෙනෙකුට මේක හොඳටම ඇති.
    ඒත් ටිකක් කල් යද්දි වැදගත් සිදුවීම් රෙකෝඩ් වුනාට පස්සේ තමයි හිතෙන්නේ මීට වඩා කැම් එක ටිකක් කොලිටි වුනා නම් හොඳයි කියලා.
    ඒ වගේ හොඳ ක්ලැරිටි තියන එකක් $90ට වැඩියි

    http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511

    නෑ බං. මම සබ් එකක් ගහගන නෑ. හොඳ කොලිටි වීඩියෝ විතරයි ප්ලේ කරන්නේ.
    HD කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරලා.
    N7.4140983 E80.4791183 වගේ වීඩියෝ එකේ යටින් පේන ඕනෙම කෝඩිනේට් එකක් ටයිප් කරලා ගූගල් සර්ච් කලා නම් යන පාර එනවා ගූගල් මැප් වල. මේ නුවර-කුරුණෑගල පාර :D:D:D

    .
    Thanks 4da info bro... rep++ නුවර-කුරුණෑගල පාර කිවුවම මට ex ව මතක් උනා බන්..:(:(:( ඒයා කටුගස්තොට... අප්සෙට් බන්..:dull:

    1st video eke play wena song eka dannawa nam daapan...80's da? :P eka nikan funny wage...:rofl:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    දැන් මිනිස්සු වාහන වල Dashcam හයි කරන්නෙ නීතිමය ප්‍රශ්නෙකදි තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න.
    මචන් ඔයිට වඩා අඩු මුදලට Dashcam තියෙනව eBay එකේ. G1W කියන Dashcam එකේ ඔය ඔප්ශන්ස් නැති වුනාට රෑ දවල් දෙකේම හොඳ කොලිටියට වීඩියෝ දෙනව රුපියල් 5000කට විතර ගන්න පුලුවන්. නැත්නම් k6000 කියල මොඩල් එකක් තියෙනව රු 2000ක් විතර වෙනව රෑට වීඩියෝ කොලිටි එක එච්චර හරිනෑ. eBay එකේ සර්ච් කරල බලන්න.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    :lol: නෑ බන් 3 ක් මගේ වාහනවලට දෙකක් යාළුවන්ට එකක් ප්‍රසන්ට් එකක් දෙන්න.

    දකින හැම එකාම කීයද කියල අහනවා. ගාන කිව්වම එච්චර අඩුයි කියල විශ්වාස කරන්නෙත් නෑ. :P
    අන්තිමට මටම ගෙනල්ල දෙන්න කියනවා. :dull:

    :D
    මේ කැම් එක ලංකාවේ ෂොප් වල 6000ක් වෙනවා.
    මමත් 6,000ක් දීලා හයි කරගත්තට පස්සේ දැක්කේ ebay එකේ $25 කියලා
    http://www.ebay.com/itm/Full-HD-108...or-Night-Vision-HDMI-/281469355511?rmvSB=true
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    දැන් මිනිස්සු වාහන වල Dashcam හයි කරන්නෙ නීතිමය ප්‍රශ්නෙකදි තමන්ගෙ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න.
    මචන් ඔයිට වඩා අඩු මුදලට Dashcam තියෙනව eBay එකේ. G1W කියන Dashcam එකේ ඔය ඔප්ශන්ස් නැති වුනාට රෑ දවල් දෙකේම හොඳ කොලිටියට වීඩියෝ දෙනව රුපියල් 5000කට විතර ගන්න පුලුවන්. නැත්නම් k6000 කියල මොඩල් එකක් තියෙනව රු 2000ක් විතර වෙනව රෑට වීඩියෝ කොලිටි එක එච්චර හරිනෑ. eBay එකේ සර්ච් කරල බලන්න.

    ඔව් මචං උඹ කියන් එක හරි.
    මම මුලින් හයිකරගන හිටියේ මේ $25 කැමරාව.
    http://www.ebay.com/itm/Full-HD-108...or-Night-Vision-HDMI-/281469355511?rmvSB=true

    එකේ වීඩියෝ තමයි මේ චැනල් එකේ සෙරම දාලා තියෙන්නේ.
    https://www.youtube.com/user/SamanRathnayake/videos?view=0&shelf_id=0&sort=dd

    ඒත් අවුරුද්දක් විතර පාවිච්චි කරද්දී හිතෙනවා මීට වඩා කොලිටි එක තිබුන නම් හොඳයි කියලා
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    Link:
    http://www.ebay.com/itm/221356435496

    කැම් එකට = $ 139
    දවස් 5න් ලංකාවට එන්න ශිපින් වලට = $ 45
    පෝස්ට් ඔෆිස් එකෙන් ටැක්ස් ගැහුවා= Rs. 1,026/-
    සේරම වියදම = Rs. 26,326/-

    apo wedine bolaw, sony experia p wage ekak arang dash cam software ekak dagathoth mokada hitanne, oke cam eka sony p mobile ekata wada hondaida
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Thanks 4da info bro... rep++ නුවර-කුරුණෑගල පාර කිවුවම මට ex ව මතක් උනා බන්..:(:(:( ඒයා කටුගස්තොට... අප්සෙට් බන්..:dull:

    1st video eke play wena song eka dannawa nam daapan...80's da? :P eka nikan funny wage...:rofl:

    උබට මතකද 1990 විතර ITN එකේ Fan club කියලා මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් ගියා.
    (ඒ කාලේ ඉතිං බලන්න ෆෑන් කල්බ්, දොස්තර හොඳ හිත, කෝපි කඩේ, පළිඟු මැණිකේ, රතු රෝස, අර ඉඳිපාප්ප කතාව වගේ එව්වා විතරනේ තිබුණේ.... :yes::yes:)

    මේ පලවෙනි සිංදුව ඒ කාලේ Fanclub එකේ පට්ට්ට ගහපු සිංදුවක්.

    මේ දෙවෙනි වීඩියෝ එකේ සිංදුව

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela ela
    policiyen berenna maru baande.
    Habi ithin lap ekak daagena yanna wenawa unta video eka penwanna​
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ela ela
    policiyen berenna maru baande.
    Habi ithin lap ekak daagena yanna wenawa unta video eka penwanna​

    නෑ බං. පොලිසියට ඒ වීඩියෝ එක පෙන්නන ක්‍රම 4ක් තියනවා

    1) SD කාර්ඩ් එක ගලවලා සෙටප් එකට දාලා ප්ලේ කරන එක
    මේකේ වීඩියෝ ෆෝමැට් එක MOV නිසා කිසි ප්‍රශ්නයක් නැතුව 1X ස්පීඩ් එකෙන් මගේ ඇන්ඩ්‍රොයිඩ් සෙටප් එකේ ප්ලේ වෙනවා

    කලින් කැම් එකේ (දැන් Rear Cam එකේ) වීඩියෝ ෆෝමැට් එක AVI. ඒක සෙටප් එකේ ප්ලේ වෙන්නේ නෑ. ඒ නිසා MX Player එක ගූගල් ප්ලේ වලින් දාගන ඒකේන් ප්ලේ කරන්නේ Software Decode දීලා. එතකොට 0.7X වගේ ස්පීඩ් එකෙන් ප්ලේ වෙනවා. ඕක තමයි මම මෙච්චර කල් කළේ

    2) කැමරාවේ කේබල් එක උඩින් ගලවලා ඒ වෙනුවට වෙන කේබල් එකක් ගහලා (USB mini port to USB ) ඒකේ USB පැත්ත සෙටප් එකේ Front USB පෝට් එකට ගහන එක. එතකොට mass storage එකක් විදිහට SD කාර්ඩ් එක සෙටප් එකෙන් බ්‍රවුස් කරන්න පුළුවන්

    3) කැමරාව HDMI out එකෙන් හරි AV out එකෙන් හරි සෙටප් එකට සම්බන්ධ කරලා (මේක USB වලින් කරන්න බෑ සෙටප් එකේ AV in එකෙන් කරන්න වෙන්නේ) කැමරාව ඔබලා කැමරාවේ ෆයිල් සෙටප් එකෙන් ප්ලේ කරන එක. මේක ඕනෑම සෙටප් එකකින් කරන්න පුළුවන්.

    (මම Rear Cam එකේ Live View එක Headrest Minitors වල Line 2 වලට දීලා තියෙන්නේ මෙහෙම :D:D:D)

    4) දැන් ප්ලේ කරන්නේ SD කාර්ඩ් එක කැමරාවෙන් ගලවන්නේ නැතුව පවර් කේබල් එකම ‍Y කේබල් එකක් දාල සෙටප් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ස්විච් 2ක් ඔබපුවගම සෙටප් එකෙන් පුළුවන් කැමරාවේ SD කාර්ඩ් එක බ්‍රවුස් කරන්න.
    මම දැන් පාවිච්චි කරන්නේ මේ ක්‍රමය :yes::yes:

    .
     
    Last edited:

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    201309240307571.jpg

    http://www.aliexpress.com/item/GS80...corder-Dash-Cam-G-sensor-HDMI/2019420124.html

    මේකත් අවුලක් නෑ. ජීපීඑස් කතන්දරේනන් මේකේ නෑ.
    මම දැනට 4ක් ගෙන්නුවා. 2 ක් මග එනවා.

    මේක සිගරට් සොකට් එකට ගහන්නේ නැතිව වෙනම සවි කරන්නේ කොමද? device එකට හයි කරන තැන කොමද හයි කරන්නේ? පොඩ්ඩක් කියල දෙන්නකෝ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බං. පොලිසියට ඒ වීඩියෝ එක පෙන්නන ක්‍රම 4ක් තියනවා

    1) SD කාර්ඩ් එක ගලවලා සෙටප් එකට දාලා ප්ලේ කරන එක
    මේකේ වීඩියෝ ෆෝමැට් එක MOV නිසා කිසි ප්‍රශ්නයක් නැතුව 1X ස්පීඩ් එකෙන් මගේ ඇන්ඩ්‍රොයිඩ් සෙටප් එකේ ප්ලේ වෙනවා

    කලින් කැම් එකේ (දැන් Rear Cam එකේ) වීඩියෝ ෆෝමැට් එක AVI. ඒක සෙටප් එකේ ප්ලේ වෙන්නේ නෑ. ඒ නිසා MX Player එක ගූගල් ප්ලේ වලින් දාගන ඒකේන් ප්ලේ කරන්නේ Software Decode දීලා. එතකොට 0.7X වගේ ස්පීඩ් එකෙන් ප්ලේ වෙනවා. ඕක තමයි මම මෙච්චර කල් කළේ

    2) කැමරාවේ කේබල් එක උඩින් ගලවලා ඒ වෙනුවට වෙන කේබල් එකක් ගහලා (USB mini port to USB ) ඒකේ USB පැත්ත අනිත් පැත්ත සෙටප් එකේ ෆ්‍රොන්ට් USඹ් පෝට් එකට ගහන එක. එතකොට mass storage එකක් විදිහට SD කාර්ඩ් එක සෙටප් එකෙන් බ්‍රවුස් කරන්න පුළුවන්
    (මම Rear Cam එකේ Live View එක Headrest Minitors වල Line 2 වලට දීලා තියෙන්නේ මෙහෙම :D:D:D)

    3) කැමරාව HDMI out එකෙන් හරි AV out එකෙන් හරි සෙටප් එකට සම්බන්ධ කරලා (මේක USB වලින් කරන්න බෑ සෙටප් එකේ AV in එකෙන් කරන්න වෙන්නේ) කැමරාව ඔබලා කැමරාවේ ෆයිල් සෙටප් එකෙන් ප්ලේ කරන එක. මේක ඕනෑම සෙටප් එකකින් කරන්න පුළුවන්

    4) දැන් ප්ලේ කරන්නේ SD කාර්ඩ් එක කැමරාවෙන් ගලවන්නේ නැතුව පවර් කේබල් එකම ‍Y කේබල් එකක් දාල සෙටප් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. ස්විච් 2ක් ඔබපුවගම සෙටප් එකෙන් පුළුවන් කැමරාවේ SD කාර්ඩ් එක බ්‍රවුස් කරන්න.
    මම දැන් පාවිච්චි කරන්නේ මේ ක්‍රමය :yes::yes:

    .

    ela ela
    Dada kaapuwa ehema nadda record wela

    :rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ela ela
    Dada kaapuwa ehema nadda record wela

    :rofl::rofl:

    තියනවා තියනවා :D:yes::yes:
    මේ වීඩියෝ 3 ම පොලිසියෙන් මාව නවත්තපුවා.
    මේවගෙන් 1 වෙනි එකේ විතරයි 500/-ක් ගෙව්වේ.
    ඒකෙදී පොලීසියත් එක්ක හවුලේ වීඩියෝ එක බලලා මම මගේ වැරැද්ද පිළිගත්තා.
    "කහ ඉරට පස්සේ තියන සීබ්‍රා ලයින් එකටත් පස්සේ තියන තනි ඉරි කෑල්ලත් කපන්න බෑ."
    එදායින් පස්සේ ඒ වැරැද්ද මම කළේ නෑ

    යට වීඩියෝ දෙකේ කැමරාවේ වීඩියෝ පෙන්නලා කට ගහලා බේරුණා.

    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තියනවා තියනවා :D:yes::yes:
    මේ වීඩියෝ 3 ම පොලිසියෙන් මාව නවත්තපුවා.
    මේවගෙන් 1 වෙනි එකේ විතරයි 500/-ක් ගෙව්වේ.
    ඒකෙදී පොලීසියත් එක්ක හවුලේ වීඩියෝ එක බලලා මම මගේ වැරැද්ද පිළිගත්තා.
    "කහ ඉරට පස්සේ තියන සීබ්‍රා ලයින් එකටත් පස්සේ තියන තනි ඉරි කෑල්ලත් කපන්න බෑ."
    එදායින් පස්සේ ඒ වැරැද්ද මම කළේ නෑ

    යට වීඩියෝ දෙකේ කැමරාවේ වීඩියෝ පෙන්නලා කට ගහලා බේරුණා.

    ela ela. umba yanawa speed wadi.
    :dull::dull::dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    වයර් එක කැමරාවේ ඉඳන් උඩින් අරන් වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තේ පහලට තියන බාර් එක ඇතුලෙන් පහලට අරගන්න ඕනේ

    මේක සිගරට් සොකට් එකට ගහන්නේ නැතිව වෙනම සවි කරන්නේ කොමද? device එකට හයි කරන තැන කොමද හයි කරන්නේ? පොඩ්ඩක් කියල දෙන්නකෝ

    කැමරාවට ඕනේ 5V නිසා සිගරට් සොකට් එක නැතුව USB පොර්ට් එකකින් වුනත් පවර් දෙන්න පුළුවන් (USB පෝට් එකෙත් 5V නිසා). කැමරාවට එන 12V -> 5V කරන සිගරට් සොකට් එකට ගහන කන්වර්ටර් එක සාමාන්‍යයෙන් 1500mA

    කැමරාවට එන සොකට් එක නැතුව වෙන සොකට් එකක් ගැහුවොත් සමහර කැමරා වල සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී "හම්" එකක් එනවා

    උදාහරණයක් විදිහට මගේ Front cam එකට USB එකෙන් පවර් දෙන්න බෑ. ඒ වගේම rear cam එකට ආව සොකට් එකෙන් පවර් දෙන්න බෑ. සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී හම් එකක් එනවා. ඒත් REar cam එකට ඕන මගුලකින් 5V දෙන්න පුළුවන්

    ඒ නිසා හොඳම වැඩේ කැමරාවට එන සොකට් එකට 12V දීලා හයි කරන එක. ඒකට සෙටප් එකට පවර් එන තැනින් ගන්න පුළුවන්. වෙන සිගරට් සොකට් ඒක් අරන් ඒකට වයර් පාස්සලා ඒකට ගහලත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිගරට් සොකට් එකට ගහන කෑල්ලේ ඉස්සටහ තියන නිපල් එක ගලවලා එතනින් වයර් එක ඇතුලට දාලා (පුඩුවක් වගේ) ආපහු නිපල් එක දාලා හිර කරලා ටේප් ගහලා හයි කරන්නත් පුළුවන්
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ela ela. umba yanawa speed wadi.
    :dull::dull::dull:

    කහ ඉරි උඩින් ඕවර්ටේක් කරන්නේ නෑ.
    තනි ඉරි, ඩබල් ඉරි කපන්නේ නෑ.
    කෙලින් පාරවල් වල පාර ක්ලියර් නම් විතරයි එහෙම යන්නේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    බයික් එකට හොද කැම් එකක් හොයල දියල්ලකො.. 10+

    නවත්තලා යද්දී එකෙක්ට ගලවන්න පුළුවන්
    වැස්සට තෙමෙනවා
    ඒ නිසා හයි කලත් උඹ න්වත්තලා යන හැම වෙලේම කැමරාව ගලවගන සාක්කුවේ දාගන යන්න වෙනවා නේද?