වයර් එක කැමරාවේ ඉඳන් උඩින් අරන් වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තේ පහලට තියන බාර් එක ඇතුලෙන් පහලට අරගන්න ඕනේ
මේක සිගරට් සොකට් එකට ගහන්නේ නැතිව වෙනම සවි කරන්නේ කොමද? device එකට හයි කරන තැන කොමද හයි කරන්නේ? පොඩ්ඩක් කියල දෙන්නකෝ
කැමරාවට ඕනේ 5V නිසා සිගරට් සොකට් එක නැතුව USB පොර්ට් එකකින් වුනත් පවර් දෙන්න පුළුවන් (USB පෝට් එකෙත් 5V නිසා). කැමරාවට එන 12V -> 5V කරන සිගරට් සොකට් එකට ගහන කන්වර්ටර් එක සාමාන්‍යයෙන් 1500mA
කැමරාවට එන සොකට් එක නැතුව වෙන සොකට් එකක් ගැහුවොත් සමහර කැමරා වල සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී "හම්" එකක් එනවා
උදාහරණයක් විදිහට මගේ Front cam එකට USB එකෙන් පවර් දෙන්න බෑ. ඒ වගේම rear cam එකට ආව සොකට් එකෙන් පවර් දෙන්න බෑ. සවුන්ඩ් රෙකෝඩ් වෙද්දී හම් එකක් එනවා. ඒත් REar cam එකට ඕන මගුලකින් 5V දෙන්න පුළුවන්
ඒ නිසා හොඳම වැඩේ කැමරාවට එන සොකට් එකට 12V දීලා හයි කරන එක. ඒකට සෙටප් එකට පවර් එන තැනින් ගන්න පුළුවන්. වෙන සිගරට් සොකට් ඒක් අරන් ඒකට වයර් පාස්සලා ඒකට ගහලත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිගරට් සොකට් එකට ගහන කෑල්ලේ ඉස්සටහ තියන නිපල් එක ගලවලා එතනින් වයර් එක ඇතුලට දාලා (පුඩුවක් වගේ) ආපහු නිපල් එක දාලා හිර කරලා ටේප් ගහලා හයි කරන්නත් පුළුවන්