එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. :rolleyes: plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා! :yes:

    රෝල්ස් හදන හැටි

    පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය
    • පාන් පිටි කැමති ප්‍රමාණයක්
    • බිත්තර 1 -2
    • රස අනුව ලුණු
    • කහ ස්වල්පයක්
    • අවශ්‍ය ප්‍රමාණයට වතුර

    පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
    • මාළු හෝ සැමන්
    • තම්බා ගත් අල
    • කැරට්
    • ළූණු
    • සුදු ළූණු
    • ඉඟුරු ස්වල්පයක්
    • කරපින්චා
    • මිරිස් කුඩු
    • කහ කුඩු
    • ගම්මිරිස්
    • ලුණු
    • තෙල් ස්වල්පයක්

    මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි / ලුණු / කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර\ වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කරගන්න.
    මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හදාගන්න.

    ඊටපස්සේ frying pan එකක් අරගෙන ලිපෙන් තියලා හදා ගත් පෑන්කේක් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දාලා රවුමට තුනි කරන්න. එ විදියට තුනියට පැන් කේක් හදාගන්න.

    dWSF3lD.jpg

    (මේ 4to එක මගේ නෙමෙයි)

    පිරවුම හදන හැටි
    ලොකු pan එකක් අරගෙන ඒකට තෙල් ටික දාලා රත් වුනාට පස්සේ ළූණු/සුදු ළූණු/ඉඟුරු සහ කරපිංචා එකතු කරලා ලා දුඹුරු පැහැ වනතෙක් තියන්න. ඊටපස්සේ ඒකට කැරට් ටික දාන්න. ඒ ටික හොඳින් cook වුනාට පස්සේ මාළු හෝ සැමන් දාලා හොඳට කලවම් කරගන්න. ඊළගට මිරිස් කුඩු/කහ/ගම්මිරිස්/ ලුණු රස අනුව දාගන්න. අන්තිමටම තම්බ ගෙන පොඩි කරගත් අල ටික ඒකට එකතු කරලා හොඳින් mix කරන්න. ඊටපස්සේ ලිප off කරලා ටික වෙලාවක් නිවෙන්න තියන්න.

    ඊටපස්සේ හදාගත්ත පිරවුම පෑන්කේක් එක මැද්දට වෙන්න තියලා දෙපැත්තෙන් නවලා හිමින් රෝල් කරන්න. මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි දවටනයේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.

    hr0E1Od.jpg
    b2uiXwP.jpg

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝටස් හද නංගී,
    දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
    1-තලංගම පොලෝසියෙන් ද?
    නැත්තං
    2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ලෝටස් හද නංගී,
    දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
    1-තලංගම පොලෝසියෙන් ද?
    නැත්තං
    2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

    :rolleyes::rolleyes::rolleyes: එකත් දායි..වැඩේ අවුල් ගිහිං
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ එහෙම නෙවෙයි.අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල 9ම ශාක අහාරවලින් ලබාගන්න පුලුවන්. ගොඩක් ශාක අහාරවල ඒ හැම ඇමයිනො අම්ලයක්ම නෑ.එත් ශාක ආහාර කිහිපයක් මිශ්‍ර කිරිමෙන් ඒ ප්‍රශ්නේ නැතිවෙනවා. එත් සොයා වගෙ සමහර ශාක අහාරවල හැම ඇමයිනො අම්ලයම තියෙනවා
    ප්‍රශ්නයකට තියෙන්නේ සම්පුර්ණයෙන්ම ශාක ආහාර විතරක් ගන්නවනම්(කිරිත් නැතුව) විටමින් B12 ලැබෙන්නේ නෑ.එත් එක ලේසියෙන්ම පෙති මගින් ලබාගන්න පුලුවන්.

    උඹ කියනවනම් මම එහෙයි කියලා ඉන්නම් ඉතින්. වැඩේ කියන්නේ බං ඔය 9 ඇඟ ඇතුලෙන් හදාගන්නත් බෑනේ බං. අනික ගොඩක් සමබර ආහාර කනවා කියන උදවිය ඕකේ හැම එකම එන්න මික්ස් කරලා කන්නේ නෑ. ඉතින් ගොඩක් උන්ට මන්ද පෝෂණේ. නැත්නම් රක්තහීනතාවය මස් මාලු නොකා. මේකේ දර්ශීර උදාහරණ තියෙනවා.

    මේහ් උඹ වෙජි උනාට කමක් නෑ වයිෆ්ට කවදා හරි කන්න දීපන්. මගේ කේස් එකත් ඔබ්ස් ඇනීමියා ඉන් ප්‍රෙග්%#^%$%. එපා වෙනවා ඉතින් කතා අහද්දි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. :rolleyes: plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා! :yes:

    එල එල කීප් ඉට් අප්.. මැද පිරවුම හදපු හැටිත් දාමුද?? :cool::cool:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. :rolleyes: plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා! :yes:

    :):)
    :confused:පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය:confused:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ලෝටස් හද නංගී,
    දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
    1-තලංගම පොලෝසියෙන් ද?
    නැත්තං
    2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

    :rolleyes::rolleyes::rolleyes: එකත් දායි..වැඩේ අවුල් ගිහිං

    එල එල කීප් ඉට් අප්.. මැද පිරවුම හදපු හැටිත් දාමුද?? :cool::cool:

    :):)
    :confused:පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය:confused:

    :sorry: ඔන්න පිරවුම හදපු හැටි දැන් දැම්මා.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලෝටස් හද නංගී,
    දැන් මට කියනව ද රෝල්ස් වල මැද පිරවුම හදා ගන්න හැටි මම අහගන්න ඕන
    1-තලංගම පොලෝසියෙන් ද?
    නැත්තං
    2-අතුරුගිරිය පොලෝසියෙන් ද කියලා..............

    :lol: :lol: :lol:
     
    gepa

    Well-known member
  • ඔම්ලට්

    ඔම්ලට්

    බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න

    පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්‍රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔම්ලට්

    බෝංචි කරලක්,රතු ලූනු ගෙඩි දෙකක් අමුමිරිස් කැරට් අල බාගයක් ගෝවා ලීක්ස් කොල පොඩ්ඩක් කරපිංචා කොල හීනියට කපා ගන්ට.. ලුනු සහ ගම්මිරිස් එකට දා කොටා පැත්තකට කරන්න..බික්තර දෙකක් කප සියල්ල එකට මික්ස් කරන්න.. ගසා ගන්න

    පැන් එකට තෙල් දමා රත් වෙනතුරු විනාඩියක් තබා ඉහත මිශ්‍රනය එක්කරන්න.. විනඩි 4ක් ඇතුලත බා ගන්න.. මෙන්න ඔම්ලට්
    කවුද යකෝ ඔම්ලට වලට බෝංචි සහ ගෝවා දාන්නේ.....:angry::angry:
    උඹ මේ රෙසිපිය ඉස්සුවේ අපායේ යම රජ්ජුරුවන් ගේ වයිෆරේ ගෙන් ද???????:eek::baffled:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔන්න මාත් කෑමක් හදලා ඔයාලා එක්ක බෙදාගන්න හිතුවා. :rolleyes: plan කරලා හැදුව එකක් නෙමෙයි, හවස බඩගින්නක් ආවා ඉතින් හැදුවා! :yes:

    රෝල්ස් හදන හැටි

    පෑන් කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය
    • පාන් පිටි කැමති ප්‍රමාණයක්
    • බිත්තර 1 -2
    • රස අනුව ලුණු
    • කහ ස්වල්පයක්
    • අවශ්‍ය ප්‍රමාණයට වතුර

    පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය
    • මාළු හෝ සැමන්
    • තම්බා ගත් අල
    • කැරට්
    • ළූණු
    • සුදු ළූණු
    • ඉඟුරු ස්වල්පයක්
    • කරපින්චා
    • මිරිස් කුඩු
    • කහ කුඩු
    • ගම්මිරිස්
    • ලුණු
    • තෙල් ස්වල්පයක්

    මුලින්ම පෑන් කේක් මිශ්‍රණය හදාගන්න පාන් පිටි / ලුණු / කහ භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊටපස්සේ බිත්තර\ වතුර දාලා තවත් හොඳට මිශ්‍ර කරගන්න.
    මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි. එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ. ඒ නිසා වතුර ගානට දාලා හදාගන්න.

    ඊටපස්සේ frying pan එකක් අරගෙන ලිපෙන් තියලා හදා ගත් පෑන්කේක් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දාලා රවුමට තුනි කරන්න. එ විදියට තුනියට පැන් කේක් හදාගන්න.

    dWSF3lD.jpg

    (මේ 4to එක මගේ නෙමෙයි)

    පිරවුම හදන හැටි
    ලොකු pan එකක් අරගෙන ඒකට තෙල් ටික දාලා රත් වුනාට පස්සේ ළූණු/සුදු ළූණු/ඉඟුරු සහ කරපිංචා එකතු කරලා ලා දුඹුරු පැහැ වනතෙක් තියන්න. ඊටපස්සේ ඒකට කැරට් ටික දාන්න. ඒ ටික හොඳින් cook වුනාට පස්සේ මාළු හෝ සැමන් දාලා හොඳට කලවම් කරගන්න. ඊළගට මිරිස් කුඩු/කහ/ගම්මිරිස්/ ලුණු රස අනුව දාගන්න. අන්තිමටම තම්බ ගෙන පොඩි කරගත් අල ටික ඒකට එකතු කරලා හොඳින් mix කරන්න. ඊටපස්සේ ලිප off කරලා ටික වෙලාවක් නිවෙන්න තියන්න.

    ඊටපස්සේ හදාගත්ත පිරවුම පෑන්කේක් එක මැද්දට වෙන්න තියලා දෙපැත්තෙන් නවලා හිමින් රෝල් කරන්න. මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි දවටනයේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.

    hr0E1Od.jpg
    b2uiXwP.jpg

    katata kela unanawa.tawa danna kema jathi danna.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න හවසට කන්න රුලං පුඩිං හදලා බලන්න...

    වශ්‍ය ද්‍රව්‍ය
    රුලං 250g
    සීනි 175g
    කිරි කෝප්ප 2 ½
    කැබලි කර ගත් චෙරි(අවශ්‍ය තරමට)
    වියළි මිදි (අවශ්‍ය තරමට)
    කුඩාවට කපා ගත් කජු(අවශ්‍ය තරමට)
    රෝස පාට එ‍ෙසන්ස් ටිකක්
    රෝස පාට කලරිං ටිකක්

    සාදන ක්‍රමය
    රුලං ටික ගරා සෝදා කිරි සහ සීනි ද එකතු කර හොඳින් හැඳිගාමින් පිස ගන්න. දැන් මෙයට කලරිං සහ එ‍ෙසන්ස් ස්වල්පයක් එකතු කර හොඳින් හැඳිගාන්න. මෙය වැක්කෙරෙන තරමට උකුවට තිබිය යුතුය. දැන් ගැඹුර ඇති ඩෙසර්ට් බෝල් එකක් ගෙන එහි පතුලට චෙරි පතුලට චෙරි කැබලි තට්ටුවක් දමා ගන්න. බෝල් එක වටේට කජු ටිකක් දමා ගන්න. දැන් රුලං මිශ්‍රණය තට්ටුවක් වක්කරන්න. ඉන් පසු උඩට වියළි මිදි චෙරි කැබලි ද දමා ගන්න. වටේට කජු කැබලි දමා අලංකාර කර ගන්න.

    images-13.jpg

    • Like
    Reactions: sdrider