එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    උඹ වෙජි නිසා ඉතින් මේක කියන්න බෑ. නමුත් ඉස්සෝන්ගේ ඔලු කබලේ බැදලා බ්‍රෙන්ඩර් එකෙන් කුඩු කරගෙන තියාගෙන ඉඳලා ඕකෙන් ටිකක් මේකට මික්ස් කලාම පට්ට කොර මාරම රසයි.

    (මමත් කාලයක් මස් මාලු නොකා හිටියා බං. අම්මා ගේම ඉල්ලනවා බැරිම තැන චිකන් නම් කන්න බෑ කියන පොරොන්දුව මත සී ෆුඩ් කනවා. ඒත් කකුලුවෝ එහෙම කන්නේ නෑ )

    ඉස්සෝ ඔලු නෙවෙයි ඉස්සෝ ගැඹුරු තෙලේ බැදලා අරන් කුඩු කරලා එකතු කර ගන්නත් පුළුවන්....මට නම් සත්තුන්ගේ ඔලු කනවා කිව්වම අප්පිරියයි ( මමත් 1/2ක් වගේ වෙජිනේ..).....ඒ නිසා අපි ඔලු දාන්නේ නෑ...කොහොමත් ඉස්සෝ පොඩ්ඩක් දැම්මම සුප් කැට/ අජිනොමොටෝ කියන වස ජාති දාන්න ඕනි නෑ..ඒ වගේ රසක් එනවා...හැබැයි යාන්තමට දා ගන්න ඕනි.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔය ලොකු ලොකු කඩවල දෙන රයිස් එකේ තියෙන චිලිපේස්ට් වල තියෙන්නේ නම් කඩේ කරි හෝ ඩෙවල් වලට ගේන ඉස්සෝ සුද්ද කලාම ගලෝන ඉස්සෝ ඔලුව. මම ඉතින් නයිට් කඩේ කොත්තු ගහන එකා නිසා දන්නේ :D:D.

    ඉස්සන්ගේ ඔලුව කිව්වට අර උඩින් තියෙන හෙල්මට් එක වගේ කෑල්ල ගැන ඔය කිව්වේ. මොකද ඔලුව වගේ උඩින් තියෙන එක තනිකර කෙරටින් වලින් හැදුනු එකක් දිරවන්නේ නෑ කෑවට. ඒක ගැලෙව්වම උගේ මළ ද්‍රව්‍යය සහ අඬු සෙට් එක තියෙනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිවුල් බීම :cool:

    කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....:oo:
    හොදට ඉදුණු (කළු පාට) දිවුල් මදය සහ කට්ට ඇතුලත සූරා ගන්න. මෙය බදුනකට දමා නටන උණු වතුර වක්කර තැම්බෙන්නට වසා තබන්න.
    නිවුණු පසුව අතින් මිරිකා හොදින් මදය දිය කර ගෙන ඇට සහ නටු බටු පෙරා අයින් කරන්න.
    මේ දියරයට සීනි සහ ලුණු ද රස අනුව දමන්න.
    අවශ්‍ය නම් වැනිලා තේ හැදි කාලක් පමණ දමන්න.
    සීත කර හෝ අයිසි දමා පිළි ගන්වන්න.

    rcw3.jpg
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔය ලොකු ලොකු කඩවල දෙන රයිස් එකේ තියෙන චිලිපේස්ට් වල තියෙන්නේ නම් කඩේ කරි හෝ ඩෙවල් වලට ගේන ඉස්සෝ සුද්ද කලාම ගලෝන ඉස්සෝ ඔලුව. මම ඉතින් නයිට් කඩේ කොත්තු ගහන එකා නිසා දන්නේ :D:D.

    ඉස්සන්ගේ ඔලුව කිව්වට අර උඩින් තියෙන හෙල්මට් එක වගේ කෑල්ල ගැන ඔය කිව්වේ. මොකද ඔලුව වගේ උඩින් තියෙන එක තනිකර කෙරටින් වලින් හැදුනු එකක් දිරවන්නේ නෑ කෑවට. ඒක ගැලෙව්වම උගේ මළ ද්‍රව්‍යය සහ අඬු සෙට් එක තියෙනවා.

    වෙන්නැති....හාල්මැස්සෝ ඔලුත් බැදලා කුඩු කරලා පොල් සම්බෝල වලට දානවා සමහර ගෙවල් වල......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දිවුල් බීම :cool:

    කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....:oo:

    rcw3.jpg

    ඕකට කිරිපිටි හැන්දක් වගේ කළවම් කරනවා මචං අපි නම් එතකොට මැක්සා තවත්. තව අයිස් ක්‍රීම් තියෙනම් වැනිලා ඒකත් උඩින් දානවා.

    මේ මද්දහනේ බඩගින්න වැඩි උනා. :angry::angry:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    ඕකට කිරිපිටි හැන්දක් වගේ කළවම් කරනවා මචං අපි නම් එතකොට මැක්සා තවත්. තව අයිස් ක්‍රීම් තියෙනම් වැනිලා ඒකත් උඩින් දානවා.

    මේ මද්දහනේ බඩගින්න වැඩි උනා. :angry::angry:
    මම ඕවා දන්නේ නෑ මචන්......කියල දුන්න විදියට හැදුවා බිව්වා එච්චරයි........:baffled:

    අලිපේර බීම එකකුත් ඔය විදියටම අහගෙන හැදුවා.....හොයලා දාන්නං.....:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දිවුල් බීම :cool:

    කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....:oo:

    rcw3.jpg

    ape gedara hadana widiya wensa ne..
    unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :D

    මම ඕවා දන්නේ නෑ මචන්......කියල දුන්න විදියට හැදුවා බිව්වා එච්චරයි........:baffled:

    අලිපේර බීම එකකුත් ඔය විදියටම අහගෙන හැදුවා.....හොයලා දාන්නං.....:P

    යකෝ අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගීද මොකක්ද හුයන්නක් තියෙනවනේ. එක එක එක්ස්පරිමන්ට් කරලා බලහන්. අලීපේර වලටත් කල් කිරි වගේ මික්ස් කරනවා ජූස් හදද්දි. ඒකත් රසේ වැඩි වෙනවා එතකොට. :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ape gedara hadana widiya wensa ne..
    unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne

    අපිත් උණු වතුර දාන්නේ නෑ. නමුත් මේ ත්‍රෙඩ් එකේ පරමාර්තේ ඕක තමා බං. එකම කෑම උනත් වෙන වෙන විදිවලට හදන ඒවා අත්හදා බලලා අපිටත් උත්සහ කරන්න පුලුවන් වීම. ඒ පරමාර්ථේ මත තමා අපි මෙහෙම වැඩක් පටන් ගමුයි කියලා කාලයක් තිස්සේ මැරීඩ් ක්ලබ් එකේ කතා කරගත්තෙත්.
    :D:D:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ape gedara hadana widiya wensa ne..
    unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne
    කිඹුලා තමයි මේ විදියට හදන්න කියලා දුන්නේ......වෙන විදියක් නොදනිමි.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගීද මොකක්ද හුයන්නක් තියෙනවනේ. එක එක එක්ස්පරිමන්ට් කරලා බලහන්. අලීපේර වලටත් කල් කිරි වගේ මික්ස් කරනවා ජූස් හදද්දි. ඒකත් රසේ වැඩි වෙනවා එතකොට. :D:D
    අලුත් අලුත් දේ තකන්න කලින් මීට කලින් තකපු විදිය දැනගෙන ඉන්න එපැයි......:oo:

    අලිගැටපේර බීම :D
    ඉදිච්ච අලිපේර මද සූරල අරං සීනි, ලුණු,වැනිලා ජුන්ඩක් සහ කිරි පිටි මේස හැදි 2ක් එක්ක බ්ලෙන්ඩර් එකකට දාල කුඩු පට්ටං වෙන්න අඹරලා වතුර එකතු කරලා සීනි,ලුණු මදි නම් ඒව දාල අයිස් පෙට්ටියේ තියල බීපං...
    cwkb.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    අපිත් උණු වතුර දාන්නේ නෑ. නමුත් මේ ත්‍රෙඩ් එකේ පරමාර්තේ ඕක තමා බං. එකම කෑම උනත් වෙන වෙන විදිවලට හදන ඒවා අත්හදා බලලා අපිටත් උත්සහ කරන්න පුලුවන් වීම. ඒ පරමාර්ථේ මත තමා අපි මෙහෙම වැඩක් පටන් ගමුයි කියලා කාලයක් තිස්සේ මැරීඩ් ක්ලබ් එකේ කතා කරගත්තෙත්.
    :D:D:love:

    ela :)

    කිඹුලා තමයි මේ විදියට හදන්න කියලා දුන්නේ......වෙන විදියක් නොදනිමි.......:dull:

    :rofl::P
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කෑවම තරු පේන දයියා චිලි සෝස් එකක් හදමුද.........

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    ගම්මිරිස්
    මිරිස් කුඩු
    බටු මිරිස් කරල් කීපයක්
    සීනි
    ලුණු කුඩු
    වතුර
    කරාබු නැටි එකක් දෙකක්
    රම්පේ කොලයක්
    කරපිංචා කොළ කීපයක්
    ඉඟුරු කෑල්ලක්
    සුදු ළූණු බික් එකක්

    හදන විදිය :-
    ගම්මිරිස් කුඩු කර ගන්න...ඉඟුරු පොඩි කෑල්ලක් අරන් හොඳට තලා ගන්න....සුදු ළූණු බිකත් අඹර ගන්න.....මේවා වෙන වෙනම තියා ගන්න......රස අනුව දාන්න පුළුවන් එතකොට......බටු මිරිස් කරල් දෙක තුනත් හොඳට අඹර ගන්න......
    ඊට පස්සේ භාජනයක් ලිපේ තියල වතුර කෝප්ප බාගයක් වගේ දාල එකට අඹරා ගත්ත මිරිස් ටික, ගම්ම්රිස් කුඩු, මිරිස් කුඩු තේ හැන්දක් දෙකක් වගේ, ලුණු කුඩු, කරාබු නැටි, කරපිංචා, රම්පෙ දාන්න......ඉඟුරු, සුදු ළූණු දාන්නේ හරිම පොඩ්ඩයි......තලා ගත්තු එක එහම පිටින්ම දාන්න එපා......යාන්තමට රස දැනෙන්න දාන්න...මේවා ලිපේ තියපු වෙලාවේ ඉඳන් හොඳට කලවම් කර කර ඉන්න......ඊට පස්සේ සීනි දාන්න රස අනුව.......ටිකක් වෙලා කලවම් කර කර ඉඳල වතුර ටිකක් හිඳිලා උකු වෙනකොට බා ගන්න......

    මිරිස් වර්ග දානකොට ඔයාලට කන්න පුළුවන් සැරට එන්න රස අනුව දා ගන්න.......මම හදපු එක නම් ගොඩක්ම සැරයි.....ආ... තව එකක්......සෝස් එක හදද්දී වතුරත් එක්ක විනාකිරි පොඩ්ඩකුත් දාන්න පුළුවන් ඕනි නම්.......කල් තියා ගන්නෙත් නැති නිසාත් විනාකිරි සැර නිසාත් මං විනාකිරි දැම්මේ නෑ......

    fl98nb.jpg

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි.. :cool:

    05_zps0p6cum3p.jpg

    Meka hadana hati dannako! :)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දිවුල් බීම :cool:

    කිඹුලා තමයි කියා දුන්නේ.....කියපු විදියටම දාන්නං....:oo:

    rcw3.jpg

    අපි හදන්නේ නම් පොල් කිරි දාලා..

    කෙසෙල් ගෙඩි බ්ලෙන්ඩර් කරලා දාලත් බීලා තියෙනවා, බිව්වට පස්සේ තමයි අපේ අම්මා කිව්වේ කෙසෙල් ගෙඩි දාලා හැදුවේ කියලා. :rofl:

    හැබැයි රසේ වෙනසක් නෑ! :yes: