එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා
    :sorry:
    කොහෙත් එකයි.. ෆොටෝ ගහද්දි බඩු ඉවරයි:baffled:
    කොහොමහරි පට්ට මචං:love::love:
     
    ඔන්න මම හැදුවා ෆලූඩා එකක්
    :P


    අවශ්‍ය දේවල්.
    කිරි ලීටර් 1
    අයිස් ක්‍රිම්
    ෆලූඩා මික්ස් පැකට් එකක්
    gelatine පැකට් එකක්
    පි ගෙනාවෙ ෆලුඩා මික්ස් පැකට් එකෙ
    gelatine තිබුනා

    5dmaog.jpg


    සාදන ක්‍රමය.

    gelatine පැකට් එක උනු වතුර එක්ක මික්ස් කරලා ජෙලි එක හදා ගන්න
    එක සෙට් වෙන්න තියලා

    bgxuld.jpg


    කිරි ලීටර් එකට ෆාලූඩා මිශ්‍රනය දාලා ලීපේ තියලා හැදී ගාන්න උතුරනකන්

    ඉට පස්සෙ ලිපෙන් බාලා නිවෙන්න තියලා ෆ්‍රිජ් එකෙ තියන්න

    2cxg3k6.jpg



    ඉට පස්සෙ හදා ගත්ත ජෙලි එක පොඩි කැලි වලට කාපා ගන්න

    iqh2m1.jpg


    අන්තිමට ෆාලූඩා මිශ්‍රනය අරගෙන හොදට කලවම් කරලා එකකට ජෙලි කැලි අයිස් කැට ටිකක් දලා ෆලූඩා මිශ්‍රනයෙන් ටිකක් දාලා අයිස් ක්‍රිම් ටිකකුත් දාගන්න

    2yoa4yf.jpg


    අන්තිමට ෆොටො ගන්න හම්බ උනෙ නැ මෙක ගත්තෙත් ලොකු මිශන් එකක් දිලා
    :sorry:

    :P:P:P:P maxxa drink eka
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ජොනී බට්ට;18632639 said:
    :shocked:ඇ බන් කෙල්ලේ පොස්ට් 400කින් කොටු 11ක් ගන්න හැටි කියල දීපන්කො :yes::rofl::rofl:

    ඒක නම් ඇත්ත බං. :yes::yes:
    කොහොමද බං එහෙම වෙන්නේ:oo::oo:

    ජොනී බට්ට;18632735 said:
    1. කෙල්ලෙක් වීම :rofl:

    02. ?? අල්ලස් දීලද බෝල:angry::angry:

    :shocked::shocked::shocked:

    ත්‍රෙඩ් 53 ක් දාලා. පෝස්ට් 400 යි. කො‍ටු 11 යි. පිස්සු කොර ඈහ්.

    මාර පුරස්නයක් බං ඕක :eek::shocked:


    මම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රෙප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....;)
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රේප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....;)
    haa
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ආපු දවසේ ඉඳන්ම දැම්මේ කවි.... ඒක නිසා තමයි අවරුදු 3 ක දී පොස්ට් 443 ත්‍රෙඩ් 54 වෙද්දී රෙප් පවර් එක 5ක් වෙලා කොටු 11ක් හම්බුනේ.....;)

    රෙප් පවර් 5 න් තුනක්ම අවුරුද්දට එක ගානේ හම්බුවෙච්චා. එල එල.
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    රෙප් පවර් 5 න් තුනක්ම අවුරුද්දට එක ගානේ හම්බුවෙච්චා. එල එල.

    කොටු වලින් මොකද්ද එතකොට තියෙන්නේ,,රේප් පවර් එකට සමානව නෙමෙයිනේ කොටු.කොටු වැඩිවෙන්නේ කෙසේද?? :oo::oo::confused:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොටු වලින් මොකද්ද එතකොට තියෙන්නේ,,රේප් පවර් එකට සමානව නෙමෙයිනේ කොටු.කොටු වැඩිවෙන්නේ කෙසේද?? :oo::oo::confused:

    කො‍ටු 11 යි බං තියෙන්නේ. අපට ලැබෙන රෙප් පලවෙනි 100 ට රෙප් පවර් එක එකක් වෙනවා, රෙප් 1000 පැන්නම රෙප් පවර් එක දෙකක් වෙනවා. එතන් පටන් සෑම රෙප් 1000 කටම රෙප් පවර් එක එක ගානෙ වැඩි වෙනවා. පෝස්ට් 25 000 ක්ටම රෙප් පවර් එක 1 ගානේ එකතු වෙනවා සහ රෙජිස්ටර් වෙලා අවුරුද්දකට එක ගානේ රෙප් පවර් එක වැඩි වෙනවා.

    කො‍ටු 11 පිරෙන්නේ බං රෙප් 1500 + ලැබුනම
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කො‍ටු 11 යි බං තියෙන්නේ. අපට ලැබෙන රෙප් පලවෙනි 100 ට රෙප් පවර් එක එකක් වෙනවා, රෙප් 1000 පැන්නම රෙප් පවර් එක දෙකක් වෙනවා. එතන් පටන් සෑම රෙප් 1000 කටම රෙප් පවර් එක එක ගානෙ වැඩි වෙනවා. පෝස්ට් 25 000 ක්ටම රෙප් පවර් එක 1 ගානේ එකතු වෙනවා සහ රෙජිස්ටර් වෙලා අවුරුද්දකට එක ගානේ රෙප් පවර් එක වැඩි වෙනවා.

    කො‍ටු 11 පිරෙන්නේ බං රෙප් 1500 + ලැබුනම

    මුල් රේප් 1500 පිරුණම කොටු 11 එනවා නෙහ්?:confused:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි.. :cool:

    01_zpswp73q2hk.jpg


    02_zpsbefkojjd.jpg


    03_zpsdf03ievz.jpg


    04_zpsswpng0i6.jpg


    05_zps0p6cum3p.jpg
     
    • Like
    Reactions: laMir

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes:ඒකනන් සහතික ඇත්ත..විශේෂෙන් ගෑණුලමයි වෙජි වෙන එකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි..කොච්චර ධාන්‍ය වර්ග,පලා වර්ග කනවා කිව්වත් මස් මාලු වලින් ලැබෙන ප්‍රෝටීන් ඒ ප්‍රමාණයම ගන්න බෑ..කාලයක් යද්දි තමයි තේරෙන්නේ..මම දැන් අවුරුදු 13ක් වෙනවා වෙජි වෙලා..හාල් මැස්සෝ කරවලවත් කන්නේ නෑ..මගේ ලේ වල ප්‍රශ්න..ලෙඩ තමයි ඉතින්..:sorry::(

    මේ කතාවට මම එකඟ නැහැ.. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉන්න මිනිස්සු උපන් දවසේ හිටන් මැරෙනකම්ම මස් මාළු කරවල කන්නේ නැහැ..මම හිතන්නේ ගුජරාට් ප්‍රාන්තයේ විශාලත්වය ලංකාවට සමාන ඇති...එයාල කිරි විතරයි සත්ව ආහාර වලින් පාවිච්චි කරන්නේ.. එත් ඒ මිනිස්සුන්ට ඉහෙන් බහින රෝගයක් නැහැ..1998 කාලේ මම ඉන්දියාවේ ඉද්දි මස් මාළු නොකා හිටියේ බොහොම අමාරුවෙන්.. සතියකට සැරයක් තමයි නිවාඩු දවසට මස් කෑල්ලක් කන්න අහමදාබාද් වලට යන්නේ.. ඒ කාලේ තිබ්බේ එකම එක non-vage හෝටලයයි.. එකේ නම මෝතිමාල් හොටෙල්.. මස් කන්න යන්න කිලෝමීටර් 60 යි.. කාල එන්න කිලෝමීටර් 60 යි..:yes::yes::yes:

    එයින් පස්සේ සත්තු මසට මැරෙන හැටි වීඩියෝ එකකින් දැකල මස් මාළු කෑම කරෝල කෑම එපා වෙලා 2005 ඉඳන් අද දක්වා මම වෙජිටේරියන්.. මටනම් ඉහෙන් බහින රෝගයක් නැහැ මේ වෙනකම්.. හැබැයි එළවලු ඇතිවෙන්නම කනව.. මස් මාළු නොකෑවම ලෙඩ කියල මම පිළිගන්නේ නැහැ.. ගිය වතාවේ දොස්තර හමුවෙන්න ගිය වෙලා අවවාද ලැබුන බර රාත්තල් 10 ක් අඩුකරගන්න කියල.. මම හිතනවා එළවලු ටිකක් වැඩිපුර කෑවාම හරි කියල මස් මාළු කරෝල කනවට වඩා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි.. :cool:

    01_zpswp73q2hk.jpg


    02_zpsbefkojjd.jpg


    03_zpsdf03ievz.jpg


    04_zpsswpng0i6.jpg


    05_zps0p6cum3p.jpg

    මේක මෙක්සිකන් රයිස් එකක්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මාත් අපේ කට්ටියට හැමෝටම සුපුරුදු කෑම දෙජාතියක් මම හදන විදිහ කියල දෙන්නයි යන්නෙ ... මේ මගේ ක්‍රමයට දඹල තෙල් දැමීම (මගේ ක්‍රමයට කිව්වේ මේක මම විසින් සොයාගත්තු ක්‍රමයක් නෙවෙයි මම ආස විදිහ )සහ පරිප්පු තෙල් දමා උයන විදිහ තමයි ඔන්න මේ දාන හදන්නෙ ... දැන් මට බනින්න එපා ඕක මහා දෙයක්ද යකෝ දඹල තෙල් දාන්නයි පරිප්පු උයන්නයි පොස්ට් දාන්න ඕනෙද කියල කියන්න එපා.. මේ පොස්ට් එක වැඩිහරියක්ම දාන්නේ පිටරටවල ඉන්න අපේ එවුන්ට ප්‍රයෝජනයක් ගන්නයි.. පිටරටක තනි උනාම උයල දෙන්න අම්ම නැති නිසා ඒ දුක දන්නේ පිට රටක උයාගන්න දන්නේ නැතුව අසරණ වෙන එවුන් විතරයි..

    ඉස්සෙල්ලම දඹල තෙල් දානයි හදන්නේ..

    අවශ්‍ය ද්‍රව්‍ය...

    1. දඹල...
    2. ළූණු...
    3. සුදු ළූණු...
    4. කරපිංචා...
    5. අමුමිරිස් (අවශ්‍ය නම් )
    6. අබ ඇට ටිකක්..
    7. දෙහි බෑයක් ..
    8. කහ කුඩු ..
    9. ගම්මිරිස් කුඩු ..

    දඹල ටික කපාගෙන ළූණු සුදු ළූණු තක්කාලි අමු මිරිස් සියන්න කපාගෙන ඉවර වෙලා පෑන් එකට තෙල් මේස හැන්දක් විතර දාගෙන තෙල් රත් උනාම අබ ඇට ටික දාන්න..අබ ඇට පුපුරද්දී සුදු ළූණු, ළූණු, කරපිංචා ටිකක් දාල ටිකක් බදුන් පස්සෙ දඹල ටික දාන්න.. ඊට පස්සේ අවශ්‍ය තරමට කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු අවශ්‍ය පමණට දාල කලවම් කරන්න.. ඊට පස්සේ මද ගින්නෙ දඹල ටික බැදෙන්න තියන්න... දඹල ටික බදුන් පස්සේ දෙහි බෑය අරගෙන අවශ්‍ය තරමට දෙහි දාල කලවම් කරන්න.. වැඩේ කෙරෙන විදිහ බලාගන්න ඕනෙනම් අන්තිමට තියන වීඩියෝ එක බලන්න..

    IMG_20150708_165041_zps4djc2oph.jpg


    IMG_20150708_164904_zps5tblofy5.jpg


    IMG_20150708_165154_zpsdve6kehy.jpg


    IMG_20150708_170700_zpsyfkxntxq.jpg


    IMG_20150708_171027_zpsftccjwqw.jpg


    IMG_20150708_171056_zpsw81yt7ba.jpg


    IMG_20150708_171305_zps1cinlmzg.jpg


    දඹල එක හරි.. දැන් පරිප්පු උයන්නයි සෙට් වෙන්නෙ ..

    පරිප්පු උයන එක හරිම සිම්පල් වැඩක් උනාට මම හිතන්නේ පරිප්පු හරියට උයාගන්න එක හැමෝටම කරන්න බැහැ කියලයි මම හිතන්නේ... මීට අවුරුදු හතරකට කලින් මටත් පරිප්පු උයාගන්න එක හෙන ගේමක්.. උයල උයල තමයි පරිප්පු හරියට රසට උයාගන්න විදිහ ඉගෙනගත්තේ..

    පරිප්පු උයනකොට පළමු නීතිය තමයි පරිප්පුව හැඳි ගාන එකෙන් වැළකීම... හැඳිගෑවොත් පරිප්පු ටික දියවෙලා ගිහින් තලපයක් තමයි ඉතුරු වෙන්නේ..

    අවශ්‍ය ද්‍රව්‍ය

    පරිප්පු..
    ළූණු ..
    ලුණු ..
    කරපිංචා ..
    සුදු ළූණු ..
    අමු මිරිස්..
    තෙල් ටිකක්..
    වියලි මිරිස් කරල් කිහිපයක්..
    කහ කුඩු..
    මිරිස් කුඩු..
    තක්කාලි ..

    පරිප්පු ටික සෝදාගෙන රට ළූණු ටිකක්, සුදු ළූණු , අමු මිරිස් , කරපිංචා, තක්කාලි ටිකක් පරිප්පු එකට දාල ලුණු, කහ කුඩු, මිරිස් කුඩු අවශ්‍ය පමණට දාල වතුරෙන් කලවම් කරලා ලිපේ තියන්න ඕන.. ඊළඟට කරන්න තියෙන්නේ රට ළූණු ටිකක් රවුම් කපල අරගෙන වෙනම තාච්චියක් ලිපේ තියල තෙල් දාල රත් උනායින් පස්සේ රට ළූණු ටික බැදෙන්න දාන එක.. රට ළූණු ටික බැදීගෙන එද්දී ඒ තෙල් එකටම කරපිංචා ටිකක් දාන්න.. කරපිංචා ටික දාල විනාඩියෙන් වගේ වියලි මිරිස් කරල් කිහිපයක් තෙලට දාන්න.. පරිප්පු ටික තම්බිලා වතුර අඩු වෙද්දී තෙම්පරාදුව පරිප්පු එක උඩට දාන්න..කවලම් කරන එක පරෙස්සමට කරන්න.. වැඩිය කවලම් කරොත් පරිප්පුව තලපයක් වෙයි.. තෙම්පරාදුව දාන විදිහ බලාගන්න වීඩියෝව බලන්න..

    Video
    http://www.mediafire.com/view/wtx1d7fmxwjdqhu/dambala parippu.mp4

    IMG_20150708_171644_zps0dwim1me.jpg


    IMG_20150708_172551_zpsu2vrfwxt.jpg


    IMG_20150708_172639_zpstdztf1cd.jpg


    IMG_20150708_172644_zps5yh6tixs.jpg


    IMG_20150708_172720_zpslrwubvnl.jpg


    IMG_20150708_173138_zps9mvi3xoe.jpg


    IMG_20150708_173253_zpsma3a8gm9.jpg


    IMG_20150708_173537_zps5roijufn.jpg


    IMG_20150708_173637_zps2dgkuycw.jpg


    IMG_20150708_173755_zps2hgyni07.jpg


    IMG_20150708_173759_zpsd5ctc1w6.jpg



    කට්ටියම එමු එහෙමනම් කන්න..

    IMG_20150708_174027_zpsjraui34d.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    තක්කාලි බත හදල කාල තියෙනවද? මේකට කියන හරි නම දන්නෙ නෑ.. ෆ්‍රරයිඩ් රයිස් වගේ උනාට හදන්න වෙනස් විදියකට. අන්තිමට පුරුදු විදියට කැරට් ලීක්ස් දානව. මේක ඉදෙද්දි පලාතම සුවදයි.. :cool:

    01_zpswp73q2hk.jpg


    02_zpsbefkojjd.jpg


    03_zpsdf03ievz.jpg


    04_zpsswpng0i6.jpg


    05_zps0p6cum3p.jpg
    මෙක හදන විදිහ දන්නෙ නැද්ද කවුරු හරි
    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    bar eke dena kadala koththu kohomada hadanne?

    :rofl:
    වයිෆ් හදනවා සුපිරියටම.... :yes:
    අපේ ඉස්කෝලේ එවුන් අපේ ගෙදර බොන්න එන්නේ කඩල කොත්තු ඕනේ කියාගෙන... :lol: