එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑවම තරු පේන දයියා චිලි සෝස් එකක් හදමුද.........
    මේවා මං කාලා තියනවා......:yes:
    අපි හදන්නේ නම් පොල් කිරි දාලා..

    කෙසෙල් ගෙඩි බ්ලෙන්ඩර් කරලා දාලත් බීලා තියෙනවා, බිව්වට පස්සේ තමයි අපේ අම්මා කිව්වේ කෙසෙල් ගෙඩි දාලා හැදුවේ කියලා. :rofl:

    හැබැයි රසේ වෙනසක් නෑ! :yes:
    කෙසෙල් වලින් හදනකොට හොඳටම ඉදිච්ච ගෙඩි විතරලු ගන්න ඕන......නැත්තං කහට රස එනවලු........:dull:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අලුතෙන් කියක් රෙසිපි වැටිලද බොලේ,,:cool::cool:
    කව්රු හරි ලිස්ට් එක දැම්ම නම් අගනේ:rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිකන් ලෙමන් රසින්.

    චිකන් ලෙමන් රසින්.

    මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
    බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...

    11188291_879754352096635_4320997730914036246_n.jpg

    කන් එකට ගත්තේ ග්රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..
    පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න, දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටගන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැදගමු...බැදලා තෙල් බේරෙන්න තියන්න...

    11737934_879754125429991_7733785520428928989_n.jpg

    11709545_879754135429990_2524650294137903655_n.jpg

    11036368_879754142096656_6310604052567662584_n.jpg

    ලෙමන් සෝස් එක හදාගමු...
    මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (මම ගත්තේ ක්නොර් සුප් කෝප්ප 1) ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරලත් ගන්න තියෙන දෙයින් හදන්න හොදේ....එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතුකරන්න...විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...රස බලන්න...ලිප නිවල දැන් එයට චිකන් එකතු කරන්න...

    11168404_879754278763309_8596536855801682566_n.jpg

    10374921_879754355429968_443314486722472863_n.jpg

    11703333_879754308763306_7157274616330744167_n.jpg

    • Like
    Reactions: shenic

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ

    රස පාටයි
    :D

    You must spread some Reputation around before giving it to Dinushasankalpa again. :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබගේ මතේට මම ගරු කරනවා. නමුත් ලංකාවේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මධ්‍යයම හා දුගී පාන්තිකයෝ. ඔවුන්ගෙන් මස් මාලු නොකා සමබර ආහාර වේලක් කෑමට ගන්න ආර්ථික හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ.

    ඔබ පවසන ආකාරයට එසේ සමබර ආහාර වේලක් ගන්නවනම් දරු ප්‍රසූතියකදී අවශ්‍යය යකඩ ලබා ගැනීමට විශාල වශයෙන් යකඩ සම්බන්ධ ආහාර හෝ යකඩ ඌණපූර්ණක පෙති ගැනීමට සිදුවෙනවා. නමුත් ලංකාව වගේ දූපත් රටක පහසුවෙන් ලබා ගත හැකි මාලු හෝ අඩු මුදලට මිලට ගෙන ආහාරයට ගැනීමෙන් ඔවුන්ට අවශ්‍යය යකඩ ප්‍රභවයන් ගන්න පුලුවන්.

    අ‍ටුවා ටිකා අවශ්‍යය් නැත. ප්‍රමාණවත් ලෙස යකඩ ඌණතාවය නිසා දරු ප්‍රසූතියේ හෝ මළ දරුවන් ඇතිවීමේ තත්ත්ව මම මගේ ඇස් දෙකෙන්ම දැක ඇත්තෙමි. ඒ නවලොක, හෝ ආසිරි රෝහ වල නොව රජයෙන් නිකන් බෙහෙත් දෙන පින් රෝහල් වලය. :D:D:D

    මල දරු උපත් ගැන තර්ක කරන්න විදිහක් නැහැ මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැති නිසා . එත් ලංකාවේ ලියාපදිංචි වෙන හැම ගැබිණි මවකටම රජයෙන් නොමිලේ නොකඩවා යකඩ සහ ෆෝලික් ඇසිඩ් පෙති ලබාදීම කරනවා කියල මම දන්නවා.. එතැනදී අපේ රටේ ගැබිණි මවුවරුන්ට යකඩ ඌනතාවයක් තියෙනවා මස් මාංශ කෑවා නොකෑව කියල බේදයක් නැතුව.. රජයේ සෞක්‍ය සේවාවන් වෙත නොයන ගැබිණි මවුවරුන්ටත් වෛද්‍ය නිර්දේශය පිටින් යකඩ පෙති ගන්න කියලයි මම දන්නා විදිහට..

    ලංකාවේ නගරබද උදවිය මස් මාංශ පරිභෝජනයට කැමැත්තක් දැක්කුවට ගම්බද මිනිස්සු පුරුද්දක් විදිහට මස් හෝ මාළු බත් පතට අනිවාර්ය අංගයක් කරගන්නේ නැහැ කියලයි මගේ මතය.. ගම්බද මනුස්සයෙක් බත් පත එක්ක කරෝල කෑල්ලක් කනවා කියල උදාහරණයකට ගත්තොත් ඒ කන කරෝල කෑල්ලේ බර ග්රෑම් උපරිම 1ක් හෝ 2 ක් වෙයි.. එත් නගරබද මිනිස්සු එක වේලකට කන කරෝල නොවෙන මස් හෝ මාළු ප්‍රමාණය බර බැලුවොත් ග්රෑම් 4-5 හෝ සමහර වෙලාවට ප්‍රයිඩ් රයිස්, බුරියානි කෑවොත් මස් ග්රෑම් 150 ට වැඩි මිසක් අඩු නැහැ.. එහෙම බැලුවාම ගම්බද මනුස්සයෙක් දවසකට කන මස් හෝ මාළු, කරවල වලට වඩා හා ගුණයකටත් වැඩි ප්‍රමාණයක් නගරබද උදවිය ආහාරයට ගන්නවා... එත් වැඩ කිරීමේ හැකියාව සහ ප්‍රතිශක්තිකරණය අතින් ගම්බද මිනිස්සු ඉන්නේ නගරබද උදවියට වඩා හුඟක් ඉහලින්.. මම කියන්නේ මස් මාංශ බුදින මිනිස්සුන්ට වඩා යහමින් එළවලු, පලා වර්ග, අල බතල කන , කිරි බොන මිනිස්සු නොරෝගී බවෙන් වැඩියි කියලයි..

    අපේ මිනිස්සු එළවළුවක්, කොළ මිටියක් ගනිද්දී දහ වාරයක් එහාපැත්ත මෙහා පැත්ත පෙරලලා බලල තොරාගනිද්දී ඒ පුද්ගලයාම කඩෙන් කුකුලෙක් ගෙනල්ල උයද්දී නිකම්වත් හිතන්නේ නැහැ මේ සතාට මොන ලෙඩ රෝග තියෙන්න ඇතිද කියල...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑවම තරු පේන දයියා චිලි සෝස් එකක් හදමුද.........

    අවශ්‍ය ද්‍රව්‍ය:-

    ගම්මිරිස්
    මිරිස් කුඩු
    බටු මිරිස් කරල් කීපයක්
    සීනි
    ලුණු කුඩු
    වතුර
    කරාබු නැටි එකක් දෙකක්
    රම්පේ කොලයක්
    කරපිංචා කොළ කීපයක්
    ඉඟුරු කෑල්ලක්
    සුදු ළූණු බික් එකක්

    හදන විදිය :-
    ගම්මිරිස් කුඩු කර ගන්න...ඉඟුරු පොඩි කෑල්ලක් අරන් හොඳට තලා ගන්න....සුදු ළූණු බිකත් අඹර ගන්න.....මේවා වෙන වෙනම තියා ගන්න......රස අනුව දාන්න පුළුවන් එතකොට......බටු මිරිස් කරල් දෙක තුනත් හොඳට අඹර ගන්න......
    ඊට පස්සේ භාජනයක් ලිපේ තියල වතුර කෝප්ප බාගයක් වගේ දාල එකට අඹරා ගත්ත මිරිස් ටික, ගම්ම්රිස් කුඩු, මිරිස් කුඩු තේ හැන්දක් දෙකක් වගේ, ලුණු කුඩු, කරාබු නැටි, කරපිංචා, රම්පෙ දාන්න......ඉඟුරු, සුදු ළූණු දාන්නේ හරිම පොඩ්ඩයි......තලා ගත්තු එක එහම පිටින්ම දාන්න එපා......යාන්තමට රස දැනෙන්න දාන්න...මේවා ලිපේ තියපු වෙලාවේ ඉඳන් හොඳට කලවම් කර කර ඉන්න......ඊට පස්සේ සීනි දාන්න රස අනුව.......ටිකක් වෙලා කලවම් කර කර ඉඳල වතුර ටිකක් හිඳිලා උකු වෙනකොට බා ගන්න......

    මිරිස් වර්ග දානකොට ඔයාලට කන්න පුළුවන් සැරට එන්න රස අනුව දා ගන්න.......මම හදපු එක නම් ගොඩක්ම සැරයි.....ආ... තව එකක්......සෝස් එක හදද්දී වතුරත් එක්ක විනාකිරි පොඩ්ඩකුත් දාන්න පුළුවන් ඕනි නම්.......කල් තියා ගන්නෙත් නැති නිසාත් විනාකිරි සැර නිසාත් මං විනාකිරි දැම්මේ නෑ......

    fl98nb.jpg

    මේකත් එක්ක එළවලු රොටි තමයි නැගල යන්නෙ ... මදි පාඩුවට ඉඟුරු දාපු උණු උණු තේ එකක් තිබ්බම එළවලු රොටි හත අටක් ආගිය අතක් නැතුව මිසින් වෙනවලු.....:D:D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Meka hadana hati dannako! :)

    ඉස්සෙල්ලම හාල් ටික වෙනම සෝදාගෙන වතුර බේරෙන්න තියන්න..තක්කාලි ටිකක් පොඩි වෙන්න කපාගන්න.. රට ළූණු ටිකකුත් පොඩි වෙන්නම කපාගන්න.. සුදු ළූණු පොඩ්ඩක් චොප් කරගන්න...

    බත් එක උයන්න හිතන භාජනයටම බටර් ටිකක් හෝ තෙල් ටිකක් දාගෙන තෙල් රත් උනාම තක්කාලි , ළූණු සුදු ළූණු ටික දාල බැදෙන්න අරින්න්න.. අවශ්‍යනම් රම්පෙ, කරපිංචා දාගන්න... තක්කාලි ටික දියවෙන්නම තම්බුනාම වතුර බෙරිච්ච හාල් ටිකත් ඒකටම දාල කලවම් කරලා බැදෙන්න අරින්න ටික වෙලාවක්.. ඔක්කොම හොඳින් කලවම් වෙලා ටිකක් බදුනාම ඒකටම වතුර සහ ලුණු දාල බත් එක සාමාන්‍ය බත් උයන විදිහටම උයාගන්න.. වතුර තියද්දි සාමාන්‍ය හාල් ප්‍රමාණයට තියන ගානට වතුර තියන්න..
     
    • Like
    Reactions: laMir

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    චිකන් ලෙමන් රසින්.

    මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
    බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...

    මස් බිත්තර කන්නේ නැති මට මේ විදිහට නිසා හදල වැඩක් වෙන්නේ නැහැ.. එත් මේ සෝස් එක චිකන් ස්ටොක් නොදා හදල බලන්න ඕන.. මේක සෙට් වෙයි මේ විදිහටම බිත්තර නොදා හතු කෝට් කරලා ගැඹුරු තෙලේ බැදල මේ සෝස් එක හදල ගත්තනම්.. රෙසිපියට ස්තුතියි මචන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ape gedara hadana widiya wensa ne..
    unwatura dala tiyanne na..pol kiri tiakak dala hadanne

    ඒ විදිහට තමයි ඉස්සර මිනිස්සු දිවුල් කිරි හදනවා කියල කිව්වේ..
     
    • Like
    Reactions: Rex921

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේකත් එක්ක එළවලු රොටි තමයි නැගල යන්නෙ ... මදි පාඩුවට ඉඟුරු දාපු උණු උණු තේ එකක් තිබ්බම එළවලු රොටි හත අටක් ආගිය අතක් නැතුව මිසින් වෙනවලු.....:D:D:D

    එක නම් ඇත්ත...මාත් මේවා හැදුවේ කට්ලට් හදපු දවසක.....එදා කට්ලට් මෙලෝ සැරක් තිබ්බේ නෑ...ඒ නිසා තමයි මේක හැදුවේ.....ඉඟුරු දාපු උණු ප්ලේන්ටියකුත් එක්ක තමයි කෑවේ...:D
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඉස්සෙල්ලම හාල් ටික වෙනම සෝදාගෙන වතුර බේරෙන්න තියන්න..තක්කාලි ටිකක් පොඩි වෙන්න කපාගන්න.. රට ළූණු ටිකකුත් පොඩි වෙන්නම කපාගන්න.. සුදු ළූණු පොඩ්ඩක් චොප් කරගන්න...

    බත් එක උයන්න හිතන භාජනයටම බටර් ටිකක් හෝ තෙල් ටිකක් දාගෙන තෙල් රත් උනාම තක්කාලි , ළූණු සුදු ළූණු ටික දාල බැදෙන්න අරින්න්න.. අවශ්‍යනම් රම්පෙ, කරපිංචා දාගන්න... තක්කාලි ටික දියවෙන්නම තම්බුනාම වතුර බෙරිච්ච හාල් ටිකත් ඒකටම දාල කලවම් කරලා බැදෙන්න අරින්න ටික වෙලාවක්.. ඔක්කොම හොඳින් කලවම් වෙලා ටිකක් බදුනාම ඒකටම වතුර සහ ලුණු දාල බත් එක සාමාන්‍ය බත් උයන විදිහටම උයාගන්න.. වතුර තියද්දි සාමාන්‍ය හාල් ප්‍රමාණයට තියන ගානට වතුර තියන්න..

    Thanks! :)
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    චිකන් ලෙමන් රසින්.

    මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
    බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...

    11188291_879754352096635_4320997730914036246_n.jpg

    කන් එකට ගත්තේ ග්රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..
    පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න, දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටගන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැදගමු...බැදලා තෙල් බේරෙන්න තියන්න...

    11737934_879754125429991_7733785520428928989_n.jpg

    11709545_879754135429990_2524650294137903655_n.jpg

    11036368_879754142096656_6310604052567662584_n.jpg

    ලෙමන් සෝස් එක හදාගමු...
    මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (මම ගත්තේ ක්නොර් සුප් කෝප්ප 1) ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරලත් ගන්න තියෙන දෙයින් හදන්න හොදේ....එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතුකරන්න...විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...රස බලන්න...ලිප නිවල දැන් එයට චිකන් එකතු කරන්න...

    11168404_879754278763309_8596536855801682566_n.jpg

    10374921_879754355429968_443314486722472863_n.jpg

    11703333_879754308763306_7157274616330744167_n.jpg

    නියමයි..රස ඇති :love::love::love::love::yes::yes:
    thanks for sharing
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල දරු උපත් ගැන තර්ක කරන්න විදිහක් නැහැ මම ඒ ගැන වැඩි විස්තරයක් දන්නේ නැති නිසා . එත් ලංකාවේ ලියාපදිංචි වෙන හැම ගැබිණි මවකටම රජයෙන් නොමිලේ නොකඩවා යකඩ සහ ෆෝලික් ඇසිඩ් පෙති ලබාදීම කරනවා කියල මම දන්නවා.. එතැනදී අපේ රටේ ගැබිණි මවුවරුන්ට යකඩ ඌනතාවයක් තියෙනවා මස් මාංශ කෑවා නොකෑව කියල බේදයක් නැතුව.. රජයේ සෞක්‍ය සේවාවන් වෙත නොයන ගැබිණි මවුවරුන්ටත් වෛද්‍ය නිර්දේශය පිටින් යකඩ පෙති ගන්න කියලයි මම දන්නා විදිහට..

    ලංකාවේ නගරබද උදවිය මස් මාංශ පරිභෝජනයට කැමැත්තක් දැක්කුවට ගම්බද මිනිස්සු පුරුද්දක් විදිහට මස් හෝ මාළු බත් පතට අනිවාර්ය අංගයක් කරගන්නේ නැහැ කියලයි මගේ මතය.. ගම්බද මනුස්සයෙක් බත් පත එක්ක කරෝල කෑල්ලක් කනවා කියල උදාහරණයකට ගත්තොත් ඒ කන කරෝල කෑල්ලේ බර ග්රෑම් උපරිම 1ක් හෝ 2 ක් වෙයි.. එත් නගරබද මිනිස්සු එක වේලකට කන කරෝල නොවෙන මස් හෝ මාළු ප්‍රමාණය බර බැලුවොත් ග්රෑම් 4-5 හෝ සමහර වෙලාවට ප්‍රයිඩ් රයිස්, බුරියානි කෑවොත් මස් ග්රෑම් 150 ට වැඩි මිසක් අඩු නැහැ.. එහෙම බැලුවාම ගම්බද මනුස්සයෙක් දවසකට කන මස් හෝ මාළු, කරවල වලට වඩා හා ගුණයකටත් වැඩි ප්‍රමාණයක් නගරබද උදවිය ආහාරයට ගන්නවා... එත් වැඩ කිරීමේ හැකියාව සහ ප්‍රතිශක්තිකරණය අතින් ගම්බද මිනිස්සු ඉන්නේ නගරබද උදවියට වඩා හුඟක් ඉහලින්.. මම කියන්නේ මස් මාංශ බුදින මිනිස්සුන්ට වඩා යහමින් එළවලු, පලා වර්ග, අල බතල කන , කිරි බොන මිනිස්සු නොරෝගී බවෙන් වැඩියි කියලයි..

    අපේ මිනිස්සු එළවළුවක්, කොළ මිටියක් ගනිද්දී දහ වාරයක් එහාපැත්ත මෙහා පැත්ත පෙරලලා බලල තොරාගනිද්දී ඒ පුද්ගලයාම කඩෙන් කුකුලෙක් ගෙනල්ල උයද්දී නිකම්වත් හිතන්නේ නැහැ මේ සතාට මොන ලෙඩ රෝග තියෙන්න ඇතිද කියල...

    අපි මේ ගැන තර්ක කරලා ත්‍රෙඩ් එක අල නොකර ඉමු පොල් අයියේ. මම නවතිනවා. නමුත් මගේ වෙන්න ඉන්න වයිෆ් එක පයින් කැමතියි මස් මාලු නවත්තන්න නමුත් ගෙදර බලකිරීමට එයා කන්නේ. එහෙම උනත් මම එයාට කනවනා බලෙන් හෝ මට ඕනේ ළමයි ගාන හදා ගන්නකන්.සප්ලිමන්ට් වලින්ම වැඩේ ගොඩ දාගන්න බෑ සහ එලවලු වලින් ලැබෙන Non Heam Iron අවශෝෂනය ප්‍රමාණාත්මකව අඩු නිසා අවධානමක් ගන්න බෑ. මොකද Still Birth හෝ Miscarriages නොවුනත් බබා ලැබිලා මොකක් හරි හේතුවකට PPH - Post Partum Heamorrhage (පූර්ව ප්‍රසූති රුධිර වහනය) උනොත් මට එයාව නැති කරගන්න බැහැ.( හේතුව මම ඔය වගේ සිද්දි කීපයක් මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා :(:dull: ) ඒ නිසා දන්න දන්න දරුවන් හදපු නැති හැම කතකටම කියන්නේ ලමයි හදාගන්න කන් හරි මස් මාලු කාපල්ලා කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද අපේ ගෙදර හැදුවා දෙල් කට්ලට්....ඕනි නම් ඒකත් දාන්න පුළුවන්.....:D

    දෙල් කට්ලට්???? දාන්නකෝ බලන්න පොල් අයියට, පෙරේරා මහත්මයා, ආශ්මි නාකි ඇන්ටි ඇතුලු වෙජි සෙට් එකට සෑහෙන වැදගත් වේවි. මේ සෙට් එකම එකතු කරලා දතාට කියලා ලොක්කට කියවලා දම්මමු ත්‍රෙඩ් එකේ මුලට. :cool::cool::cool: