එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    එල කිරි ට්‍රයි කරලා බලන්න ඕනේ වෙලේක. හැබැයි මාර උෂ්ණයි නේහ්. අපේ ගෙදර ගොඩක් වෙලාවට දෙල් තම්බලා කනවා උදේට හෝ නැත්නම් දෙල් උයනවා කිරි කෝස් හදන්නම් වගේ.

    මෙනූ ටික ඔක්කොම එකතු කලා දැන් ත්‍රෙඩ් එකේ දිගටම ඉන්න කෙනෙක්ට ලේසියෙන් හොයා ගන්න බැරි කමක් නෑ නේ...

    අපිත් ඔය හැම විදියටම හදනවා......තම්බල කොච්චි සම්බෝල දාලත් හදනවා......මිරිසට උයල මාදුරු දාල තෙම්පරාදු කරලත් ගන්නවා......
    මෙනු ටික එකතු කල එක හොඳයි......දෙල් කට්ලට් එකත් ඒකට දාන්න...:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිත් ඔය හැම විදියටම හදනවා......තම්බල කොච්චි සම්බෝල දාලත් හදනවා......මිරිසට උයල මාදුරු දාල තෙම්පරාදු කරලත් ගන්නවා......
    මෙනු ටික එකතු කල එක හොඳයි......දෙල් කට්ලට් එකත් ඒකට දාන්න...:)

    එල එල.. :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදහන්න වටින චරිතයක් බොල පෝස්ට් 400 යි කො‍ටු 11 යි රෙප් පවර් එක 5 යි. ත්‍රෙඩ් 53 යි. :baffled::baffled:
    8.gif
    :love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තැන්ක්ස් .... ඒ උනාට මම ගෙදර උයන්නේ නෑනේ දැන්.....ඒ නිසා ගොඩාක් දේවල් නම් දාන්න බැරි වෙයි.... ඒත් තව කෑම වර්ග කීපයක් දාන්නම්කො.....අපේ ගෙදර හදන ඒවා....
    මුස්ලිම් අය මේ කාලෙට බොන නෝම්බි කැඳ, අල රොටි, තව රොටි වර්ග දෙකක් විතර, දෙල් කට්ලට්, නෙලුම් දඬු බැදුමක්, හතු බැදුමක්, පීසා, කුල්චා, බිත්තර නැතිව හදන බනිස්... මේ වගේ දේවල් තමයි දන්න පුළුවන්............
    niyamai niyamai... oya wage aya mekata sahenna watinawa sis....digatama apiwa danuwath karanna...api balan innawa aasawen...bohoma sthuthi sis...
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    රසයි....හැබැයි පට්ට උෂ්ණයි......:baffled:

    ඔව් මල්ලි.....දෙල් ඉතින් තම්බල හරි උයල හරි කනවට වඩා අඩුවෙන් කන්න පුළුවන්නේ කට්ලට් හදා ගත්තම....කොහොමත් දෙල් වගේ උෂ්ණ දේවල් හදනකොට මෑකරල්, වම්බටු , බණ්ඩක්කා නිවිති, කංකුන්, නීරමුල්ලිය වගේ සීතල දේකුත් හදන්න ඕනි......අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් උයන්නෙම ඒ විදියට බැලන්ස් කරලම තමයි.....මම එළවලු ගේන්නෙත් ඒ විදියට බැලන්ස් කරලමයි......
     
    • Like
    Reactions: Rex921

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔව් මල්ලි.....දෙල් ඉතින් තම්බල හරි උයල හරි කනවට වඩා අඩුවෙන් කන්න පුළුවන්නේ කට්ලට් හදා ගත්තම....කොහොමත් දෙල් වගේ උෂ්ණ දේවල් හදනකොට මෑකරල්, වම්බටු , බණ්ඩක්කා නිවිති, කංකුන්, නීරමුල්ලිය වගේ සීතල දේකුත් හදන්න ඕනි......අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් උයන්නෙම ඒ විදියට බැලන්ස් කරලම තමයි.....මම එළවලු ගේන්නෙත් ඒ විදියට බැලන්ස් කරලමයි......

    ඔයා බැඳලද?:rolleyes::rolleyes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    චිකන් ලෙමන් රසින්.

    මුලින්ම බත ලිපේ තියන්න කහ චුට්ටක්, ලුණු, ඔලිව් මේස හැදී 1 සමගින්...
    බත හැදුනම වෙනම පෑන් එකකට ඔලිව් මේස හැදී 1 කට තලාගත් සුදු ළුණු, වියලි මිදී, ග්‍රීන් පීස් පොඩ්ඩක් දාලා බැදගත්තා..ඒ ටික පොඩ්ඩක් ඒ පෑන් එකේම පැත්තකට අයින් කරලා බිත්තර 3 කඩලා දාලා ඒ සියල්ල බත් සමග කලවම් කරගත්තා...මම බත් පුරුදු පරිදි ග්රෑම් 500 තමා ඉව්වේ....ලේසියි වැඩි දෙයක් නැහැ රසත් එක්ක...

    11188291_879754352096635_4320997730914036246_n.jpg


    කන් එකට ගත්තේ ග්රෑම් 425 ක බ්‍රෙස්ට් එකක්..
    පොඩි කොටස් වලට කපලා එයට සෝයා සෝස් තේ හැදී 1, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, බිත්තර 1 දාලා හොදින් කලවම් කරන්න, දැන් එයට කෝන් පිටි මේස හැදී 3 එකතුකරලා හොදින් දවටගන්න...දැන් මෙය ගැඹුරු තෙලේ බැදගමු...බැදලා තෙල් බේරෙන්න තියන්න...

    11737934_879754125429991_7733785520428928989_n.jpg


    11709545_879754135429990_2524650294137903655_n.jpg


    11036368_879754142096656_6310604052567662584_n.jpg


    ලෙමන් සෝස් එක හදාගමු...
    මුලින්ම සුදුසු බාජනයක් ලිපේ තියල එයට ඔලිව් තෙල් මේස හැදී 2 එකතු කරන්න...තලාගත් සුදු ළුණු ටිකක් එකතුකරලා බැදෙන්න හැරලා එයට චිකන් ස්ටොක් කෝප්ප 1 (මම ගත්තේ ක්නොර් සුප් කෝප්ප 1) ඔයාලට පුළුවන් සුප් කැටයක් උණු වතුරේ දියකරලත් ගන්න තියෙන දෙයින් හදන්න හොදේ....එයට ලෙමන් යුෂ කෝප්ප 1/4 .සිනි තේ හැදී 2, කැමතිනම් 3, හා ලෙමන් පෙති 2 එකතු කරලා පොඩි වෙලාවක් තියන්න...දැන් එයට කෝන් පිටි තේ හැදී 1 වතුර පොඩ්ඩක දියකරලා එකතුකරන්න...විස්ක් එකක් මගන් හෝ හැන්දක් මගින් කැටි නොගැසෙන්න සෝස් එක හදාගන්න...රස බලන්න...ලිප නිවල දැන් එයට චිකන් එකතු කරන්න...

    11168404_879754278763309_8596536855801682566_n.jpg


    10374921_879754355429968_443314486722472863_n.jpg


    11703333_879754308763306_7157274616330744167_n.jpg



    බඩගින්න ඩබල් උනා :growl: