එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    දැන් මේ ගිලින්නේ අමෙරිකන් ඔයිස්ටර් හරි ඇබලෝනි හරි නේ බං....
    පිදුරු හතු, රත් කැවිල්ල, ලේන බිම්මල්, ලේන කොටන් වගෙ බිම්මල් දකින්නත් නෑ දැන්.....
    රත් කැවිල් කම් පට්ටම කෑමක්.....
    ටැප් එක ඇරිය වගේ කෙළ එනව කටට මතක් වෙද්දිත්!:(

    ඉදලොලු හතු ගැන අහල නැද්ද? දැන් පිපෙන කාලෙ කිට්ටු වෙනවා. අගෝස්තු වල වගේ තමයි පිපෙන්නේ පිපෙන තැන් වල හැම පාරම හැදෙනවා. දන්න එකෙත් තව එකෙක්ට කියන්නේ නෑ හැදෙන තැනක් නම් . මේ පාර ගෙදර හිටියොත් photo එකක් අරගෙන දාන්නම්. මස් වගේම තමයි පට්ටම රහයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීනි සම්බෝල !

    සීනි සම්බල්

    ලොකු ලූනු ගෙඩි කිහිපයක් 500ග්‍රෑම්
    කුරුදු ලොකු කැබැල්ලක්, එනසහල්, උම්බලකඩ, කෑලිමිරිස්, කරබු නැට්ටක්, ර්ම්පේ ලොකු කැබැල්ලක්, සියඹලා පල්ප් මේස හැ1,2ක් වෙගේ, ලුනු කුඩු, සීනි

    තෙල් මේස හැදි 3,4 ක් වගේ ප්‍රමනයක රත්වී එනවිට රම්ප, කරපින්චා, කුරුදු, එනසහල්, කරබු නැට්ට දමා සුවද වත් වන විට ලූනූ එකතු කරගන්න, බැදෙන්න හැරින්න. යන්තමින් බැදී එනවිට එනවිටදී සියඹලා පල්පය දමා පියන මදක් වසා තබන්න. මෙවිට ලූනු ටික මදක් තැමිබී රත් පැහැයට හැරෙයි. දැන් පියන ඇර වටෙන් පාදී එන තෙල්වලට කෑලි මිරිස් , ලුනු, උම්බලකඩ දමා කවලම් කරන්න. ලූනු ගත් ප්‍රමානයෙන අඩක් පෙනෙන මට්ටමට මෙය බැදී එනවිට සීනි එකතු කරගන්න. දැන් සීනි හා ලූනු දෙකම කැරමලස් වේ. අඩියේ අල්ලන ගතියක් එනවිට ලිපෙන් බා ගන්න.

    984099_797183610294600_1496199377312792309_n.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රට ඉඳි කේක්

    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 125g
    බටර් 125g
    සීනි 125g
    බිත්තර 2
    ඇට ඉවත් කරගත් රට ඉඳි 100g
    ආප්ප සෝඩා තේ හැඳි 1
    ආමන්ඩ් එසන්ස් ස්වල්පයක්
    ලුණු ස්වල්පයක්
    උණු කිරි කෝප්ප 1/2

    ක්‍රමය
    ඇට ඉවත් කරගත් රට ඉඳි ඉතා කුඩා කෑලි වලට කපා ගන්න. ඉන්පසු උණු කිරි කෝප්ප 1/2 ට ආප්ප සෝඩා එකතු කර කපා ගත රට ඉඳි වලට දමන්න. කිරි ටික නිවෙන තුරු රට ඉඳි එහි පෙගෙන්නට හරින්න. ඉන්පු බ්ලෙන්ඩර් කරගෙන පේස්ට් එකක් සාදාගන්න. බටර් සහ සීනි හොදින් ගසාගන්නා. වරකට එක බැගින් බිත්තර එකතු කරමින් ගසාගන්න. ලුණු ඉතා ස්වල්පයක් සහ ආමන්ඩ් එසන්ස් එකතු කරගන්න. හලාගත් පාන් පිටි සහ රට ඉඳි මිශ්‍රණය එයට එකතු කරගෙන කලවම් කරගන්න. බටර් තැවර ඔයිල් පේපර් දැමූ ට්‍රේ එකකට මිශ්‍රණය දමන්න. සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 35-40ක් පමණ බේක් කරගන්න. අවන් එකෙන් ගත පසු විනාඩි දහයක් පමණ කූලින් රේට් එකක් මත නිවෙන්නට හරින්න.

    චොක්ලට් ගනාෂ්

    චොක්ලට් ගනාෂ් එක හදන්න ක්‍රම දෙකක් කියන්නම්.

    පලවෙනි ක්‍රමය
    අවශ්‍ය ද්‍රව්‍ය - කුකින් චොක්ලට් 100g , ෆ්‍රෙෂ් ක්‍රීම් 250ml
    කුකින් චොක්ලට් දිය කරගෙන (melt කරගෙන) ක්‍රීම් එකක් වනතුරු හොදින් බීට් කරගන්න. එයටම ෆ්‍රෙෂ් ක්‍රීම් දමා බීට් කරගෙන ක්‍රීම් එකක් සාදාගන්න. කේක් එක උඩට වත් කර spatula එකක් ආදාරයෙන් කේක් එක උඩ සහ වටේ ගාගන්න.

    දෙවැනි ක්‍රමය
    අවශ්‍ය ද්‍රව්‍ය - චොක්ලට් 100g (අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න චොක්ලට් හරි කුකින් චොක්ලට් හරි පාවිච්චි කරන්න පුළුවන්), මයිලෝ ස්වල්පයක්
    (අපි බොන්න ගන්න මයිලෝ පැකට් එකකින් ටිකක් හොඳයි), අයිසින් ෂුගර් මේස හැඳි දෙකක් විතර.
    චෝක්ලට් ටික melt කරගෙන එකට මයිලෝ හා අයිසින් සුගර් එකතු කර දියරයක් සාදාගන්න. කලින් ක්‍රමයේදී වගේම කේක් එක උඩින් දාගන්න පුළුවන්

    1902062_745021688855760_1985197342_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීයා සෝට් ඩෙවල් ! :baffled:
    සෝයා මීට් ඩෙවල්
    4.gif

    .
    තම්බා වතුර මිරිකා ගත් සෝයා
    11813501_506072922881138_6617404829992338729_n.jpg

    ගැඹුරු තෙලේ බැදගෙන

    11011526_506072959547801_4935611894530394239_n.jpg

    ලොකුවට කපාගත් බී ලූණු,මාලු මිරිස් ,කරපිංචා

    11227632_506073066214457_1025631862713442318_n.jpg

    තෙල් දමාගෙන.ඊට කහ,ලුණු,කෑලි මිරිස් එකතු කරගෙන හැපෙන ගානට බැදගෙන

    11694843_506073086214455_7718171617103975612_n.jpg

    සෝය මීට් එකතු කරගෙන

    11693859_506073189547778_8047497840884771953_n.jpg

    හොදින් කලවම් කරගන්න.රස අනුව ලුනු සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න
     
    • Like
    Reactions: other guy

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සීනි සම්බෝල හදමු (මගේ ක්‍රමයට )

    ඔන්න මගෙන් තවත් විදේශගත මිත්‍රයින්ට තවත් ක්ෂණික කෑම වට්ටෝරුවක්...

    මේ තමයි මගේ ක්‍රමයට පැය භාගෙන් සීනි සම්බෝල හදන විදිහ....

    මේකට මම දානවා..

    ලොකු ළූණු ගෙඩි තුනක්..
    *මෙහෙ තියන ලොකු ළූණු ගෙඩියක් සාමන්යෙන් ලොකු ඇපල් ගෙඩියක් තරම් ලොකුයි.. ලංකාවේ ලොකු ළූණු ඊට සාපේක්ෂව පොඩි නිසා මම කියන ප්‍රමාණය අනුව සංසන්දනය කරලා ගන්න ඕන ළූණු ප්‍රමාණය තීරණය කරන්න...

    තක්කාලි ගෙඩියක් (ලොකු ඇපල් ගෙඩියක් තරම් ලොකු එකක් )
    කරපිංචා ඉති දෙකක් විතර
    එනසාල් 10 ක් විතර
    මිරිස් කුඩු
    කෑලි මිරිස්
    සියඹලා ටිකක්
    ලුණු අවශ්‍ය පමණට
    සීනි අවශ්‍ය පමණට
    තෙල් ටිකක්

    IMG_20150727_203007_zps1xxizsbe.jpg

    ඉස්සෙල්ලම ළූණු සහ තක්කාලි ටික කපාගන්න...තක්කාලි චොප් කරගත්තට වරදක් නැහැ... ළූණු කැමති හැඩයට...

    IMG_20150727_203659_zps6epaxqto.jpg

    පෑන් එක රත් වෙන්න තියල තෙල් ටිකක් දාගන්න ( තෙල් මේස හැඳි දෙකක් )...
    * පතුල පළල පෑන් එකක් පාවිච්චි කරාම වැඩේ ඉක්මන්

    තෙල් රත් උනාම තෙල් එකට කරපින්ච , එනසාල් ටික තෙලට දාන්න...කරපිංචා බැදෙන සුවඳ එනකොට කපාගත්තු ළූණු, තක්කාලි, ඔක්කොම තෙල් උඩට දාන්න... ඒ දාපු ළූණු තක්කාලි උඩට අවශ්‍ය පමණට මිරිස් කුඩු (තේ හැන්දක් ), මිරිස් කෑලි ටිකක් (තේ හැන්දක් )සහ ලුණු ටිකක් (තේ හැඳි එකහමාරක් ) දාල මිශ්‍රණය කලවම් කරන්න .

    IMG_20150727_204054_zpsudhxuvaj.jpg

    ගින්දර මද ගානට තියල නිතර කලවම් කරමින් මිශ්‍රණය බැදෙන්න දෙන්න.....
    තක්කාලි තම්බෙද්දී වතුර උනන නිසා හොදි වගේ හැදුනට බයවෙන්න එපා ...

    තක්කාලි තම්බෙද්දී හැදෙන හොද්ද වගේ එකට සීනි මේස හැඳි දෙකක් විතර දාන්න.. නිතර මිශ්‍රණය කලවම් කරන්න...

    ඒ අතරේ සියඹලා ටික උණු වතුර වීදුරු කාලක් විතර අරගෙන දියකරගන්න...

    IMG_20150727_204917_zpswx5w5u0x.jpg

    දියකරගත්තු සියඹලා ටිකත් මිශ්‍රනයටම දාල කලවම් කරලා වතුර ගතිය වාෂ්පවෙලා යනකම් කලවම් කරමින් සීනි සම්බෝලය උයාගන්න..

    පෙනුම මේ ගානට ආවම වැඩේ ඉවරයි...

    IMG_20150727_210343_zpsaaqjx5ja.jpg

    ලුණු, සීනි , මිරිස් රස අනුව මදිනම් ලිපෙන් බාන්න කලින් එකතුකරගන්න...

    දැන් තියෙන්නේ බඩට upload කරන්නයි.... මමනම් හැදුවේ කිරිබත්...පාන් කන්නත් හොඳයි...

    IMG_20150727_211124_zps2ulsvjvp.jpg

    වැඩේ ඉවරයි...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    Sha maruu :)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මීයා සෝට් ඩෙවල් ! :baffled:
    සෝයා මීට් ඩෙවල්
    4.gif

    .
    තම්බා වතුර මිරිකා ගත් සෝයා
    11813501_506072922881138_6617404829992338729_n.jpg

    ගැඹුරු තෙලේ බැදගෙන

    11011526_506072959547801_4935611894530394239_n.jpg

    ලොකුවට කපාගත් බී ලූණු,මාලු මිරිස් ,කරපිංචා

    11227632_506073066214457_1025631862713442318_n.jpg

    තෙල් දමාගෙන.ඊට කහ,ලුණු,කෑලි මිරිස් එකතු කරගෙන හැපෙන ගානට බැදගෙන

    11694843_506073086214455_7718171617103975612_n.jpg

    සෝය මීට් එකතු කරගෙන

    11693859_506073189547778_8047497840884771953_n.jpg

    හොදින් කලවම් කරගන්න.රස අනුව ලුනු සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න

    Heta hadanna one :) thankoo
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය තියෙනවා බං කිරි කැට ගහලා කෑලි කපලා චීස් වගේ ජාතියක්. රෙඩිමේඩ් ගන්න තියෙනවා ෆුඩ් සිටියේ. එක පාරක් අරන් ඇවිත් කරි එකක් හදලා කාලා මට නම් එපා උනා මෙලෝ රහක් නැති හුයන්නක්.

    පනීර් හදනවනම් ඉන්දියන් කරි මික්ස් එකත් අරගෙන හදන්න ඕන බන්... ඒ හොද්ද නම් රහයි පනීර් නැතුවත් කන්න පුළුවනි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාන් පුඩිම
    PVNFbDS.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1.කිරි මිලි ලීටර් 100
    2.බිත්තර 2
    3.සීනි ග්‍රෑම් 125
    4.පාන් පෙති 4
    5.වියලි මිදි ග්‍රෑම් 10
    6.සාදික්කා

    හදාගන්නේ මෙන්න මෙහෙමයි….

    1.මුලින්ම බිත්තර 2ට සීනි,කිරි දාලා හොදට බීට් කරගන්න.
    2.එයට අර සාදික්කා කුඩු ටිකත් දාල මිශ්‍ර කරගන්න.
    3.දැන් ඒ කස්ටඩ් එක පැත්තකින් තියලා, ඊළගට අර පාන් පෙති 4 අරගෙන ඒවාගේ බටර් ටිකක් ගාන්න.
    4.ඊට පස්සෙ ඒවා 2ක් එකට තියලා වටේ කපල අයින් කරන්න.
    5.ඊට පස්සේ ඒවා තමන් කැමති විදියකට කපලා චුටි බේකං ට්‍රේ එකක හරි චූටි බේකිං බෝල් එකක හරි කැමති විදියට ලස්සනට තියාගන්න.
    6.ඊට පස්සේ බීට් කරගත්තු කස්ටර්ඩ් එක පෙනේරයකින් පෙරලා අර පාන් ටික දාලා තියෙන බෝල් එකට එකතු කරන්න.
    7.මතක තියාගන්න හැම පාන් කෑල්ලක්ම කස්ටඩ් එකෙන් පෙගෙන්න ඕනි.නැත්නම් බේක් කරනකොට ඒ පෙගුන නැති හරිය කර වේවි.
    8.අන්තිමට වේලපු මිදි ටිකකුත් උඩින් දාන්න.
    9.දැන් තියෙන්නෙ බේක් කරන්න.අවන් එකේ 150C උෂ්නත්වයට විනාඩි 25 ක් 30 ක් බේක් කරගන්න ඕනි.

    P.S. බේක් කරනකොට අපේ පුඩිම තියෙන බෝල් එකට වඩා ටිකක් ලොකු බේකිං ට්‍රේ එකකට වතුර බාගයක් විතර පිරෙන්න දාලා ඒ වතුර එක තියෙන බේකිං ට්‍රේ එකට උඩින් පුඩිම තියෙන බෝල් එක තියලා බේක් කරන්න
    source: http://life.am.lk/life/අපේ-ගෙදර/රස-මුසු/8284

    මේක හදල බලන්න ඕන.. තැන්කු රෙසිපියට...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉදලොලු හතු ගැන අහල නැද්ද? දැන් පිපෙන කාලෙ කිට්ටු වෙනවා. අගෝස්තු වල වගේ තමයි පිපෙන්නේ පිපෙන තැන් වල හැම පාරම හැදෙනවා. දන්න එකෙත් තව එකෙක්ට කියන්නේ නෑ හැදෙන තැනක් නම් . මේ පාර ගෙදර හිටියොත් photo එකක් අරගෙන දාන්නම්. මස් වගේම තමයි පට්ටම රහයි

    ඉදලෝල හු% කියලා විස හු#තක් කැවුනොත් තමා උඩි කුරිඤං වෙලා පරලෝව සැපැත් වෙන්න වෙන්නේ. :(:(