එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මම ඔරලෝසුවෙන් බලලම හරියටම විනාඩියයි සෝස් එක තිබ්බේ..
බුබුළු දාල නැටුවෙනන් නෑ එක..
ඊට කලින් ලිපෙන් අයින් කරා..
:dull::dull: මොනා කරලද මට තේරෙන් නැහැ ....බුබුළු නගින බෙලි කටු තමයි....:dull:

ජෙලෝ පුඩිම හදන්න...:)
 
thanujaka

Well-known member
  • :dull::dull: මොනා කරලද මට තේරෙන් නැහැ ....බුබුළු නගින බෙලි කටු තමයි....:dull:

    ජෙලෝ පුඩිම හදන්න...:)

    එහෙම බෑ ලිපේ උයන කෑමක් මයි හදන්න ඕනේ...:dull:
    බුබුළු දැම්මේ නෑ කිව්වේ සෝස් එක..
    එක ටක්ගාල අයින් කරා...
     
    Last edited:

    thanujaka

    Well-known member
  • thanks appa... apita mala gedara ennath ba meh welemeruna nam :P :rofl:

    ඇයි ඒක එච්චර ඇඹුල් උනේ..
    මහා ජරා රහක් ආවේ මෙලෝ ඩෙවල් රහක් ආවේ නෑ..
    මොකක් උනාමද එහෙම වෙන්නේ..:rolleyes:
    සෝස් ජාති දෙක කලවම් උන හින්දද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්ම නෝන්ඩිය දැම්ම යකෝ අද හවස..:(

    අපි කව්රුවත් එක පාරටම උයන්න ඉගෙනගත්තේ නැහැ මචන්.. වැරදි වැරදි තමයි ඉගෙනගත්තෙ ... කිසිම හැකියාවක් මිනිස්සුන්ට එක රැයකින් ලැබෙන්නේ නැහැ බන්.. අවශ්‍ය වෙන්නේ උනන්දුව ,කැපවීම සහ නැවත නැවත උත්සහ කිරීම පමණයි... නැවත උත්සහ කරන්න... අතැරලා දාන්න එපා... අපි ඉගෙනගන්න දේවල් ජීවිතේ කොතැනක හරි අපිට ප්‍රයෝජනවත් වෙනව...
     
    thanujaka

    Well-known member
  • අපි කව්රුවත් එක පාරටම උයන්න ඉගෙනගත්තේ නැහැ මචන්.. වැරදි වැරදි තමයි ඉගෙනගත්තෙ ... කිසිම හැකියාවක් මිනිස්සුන්ට එක රැයකින් ලැබෙන්නේ නැහැ බන්.. අවශ්‍ය වෙන්නේ උනන්දුව ,කැපවීම සහ නැවත නැවත උත්සහ කිරීම පමණයි... නැවත උත්සහ කරන්න... අතැරලා දාන්න එපා... අපි ඉගෙනගන්න දේවල් ජීවිතේ කොතැනක හරි අපිට ප්‍රයෝජනවත් වෙනව...

    කියපු විදිහටම කරා මොකක් උනාද මන්ද බං..:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ බං පොල්වත්ත කිව්ව හින්ද මම පොඩ්ඩයි ලුණු දැම්මේ..
    තේ හැන්දෙන් භාගයක් වගේ..
    හෙන ඇඹුලක් ආව..
    අනික මුලින් හදාගත්ත paste එක කළු උනා බං..

    ඔයිස්ටර් + සෝයි සෝස් දාල තවත් ලුණු හැඳි භාගයක් දැම්මනම් ඉතින් ලුණු රසම විතරයි එන්න ඇත්තෙ ... සෝයි / ඔයිස්ටර් දාන කෑම වලට ලුණු දාන්න ඕන හදල ඉවර වෙලා මදිනම් විතරයි බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි කව්රුවත් එක පාරටම උයන්න ඉගෙනගත්තේ නැහැ මචන්.. වැරදි වැරදි තමයි ඉගෙනගත්තෙ ... කිසිම හැකියාවක් මිනිස්සුන්ට එක රැයකින් ලැබෙන්නේ නැහැ බන්.. අවශ්‍ය වෙන්නේ උනන්දුව ,කැපවීම සහ නැවත නැවත උත්සහ කිරීම පමණයි... නැවත උත්සහ කරන්න... අතැරලා දාන්න එපා... අපි ඉගෙනගන්න දේවල් ජීවිතේ කොතැනක හරි අපිට ප්‍රයෝජනවත් වෙනව...

    අනිවා පොල් අයියේ. මෙන්න මේ කතාව නම් වටිනවා..
     
    thanujaka

    Well-known member
  • ඔයිස්ටර් + සෝයි සෝස් දාල තවත් ලුණු හැඳි භාගයක් දැම්මනම් ඉතින් ලුණු රසම විතරයි එන්න ඇත්තෙ ... සෝයි / ඔයිස්ටර් දාන කෑම වලට ලුණු දාන්න ඕන හදල ඉවර වෙලා මදිනම් විතරයි බන්..

    මට ලුණු බලන්න කොහොමත් තේරෙන්නේ නෑ බං..
    ඒකමයි මට කෑම හදන්න බැරි..
    ලුණු වැඩි උනාම තේරෙනවා..
    මදි උනාම මදිද ඇතිද කියල අර එහෙම තෝරගන්න බෑ..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කියපු විදිහටම කරා මොකක් උනාද මන්ද බං..:dull:

    තව පාරක් උත්සහ කරපන්..පබිලිස්ටත් වරදුනාලු මචං.
    සුළු සුළු ඒවගෙන් පටාන් ගනින්..ඔම්ලට් එකක්, කොත්තුවක් වගේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයිස්ටර් + සෝයි සෝස් දාල තවත් ලුණු හැඳි භාගයක් දැම්මනම් ඉතින් ලුණු රසම විතරයි එන්න ඇත්තෙ ... සෝයි / ඔයිස්ටර් දාන කෑම වලට ලුණු දාන්න ඕන හදල ඉවර වෙලා මදිනම් විතරයි බන්..

    අනික බං සොසේජස් වල ලුණු රස කොහොමත් වැඩියිනේ. ලුණුත් දැම්ම නම් පිටතින් අර සෝස් දෙක එක්ක ලුණු ගොඩක් තියෙන්න ඇත්තේ. :(:(
     
    thanujaka

    Well-known member
  • අනික බං සොසේජස් වල ලුණු රස කොහොමත් වැඩියිනේ. ලුණුත් දැම්ම නම් පිටතින් අර සෝස් දෙක එක්ක ලුණු ගොඩක් තියෙන්න ඇත්තේ. :(:(

    පෑන් එකෙන් සෝස් ටික අයින් කරනකොට කළු පාට සෝස් එකක් ආවේ..
    එතකොටම මම දැනගත්ත වැඩේ වැරදුණා කියල එත් හදන එක දිගටම හදලම දැම්ම ඕන එකක් වෙන්න..:(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පෑන් එකෙන් සෝස් ටික අයින් කරනකොට කළු පාට සෝස් එකක් ආවේ..
    එතකොටම මම දැනගත්ත වැඩේ වැරදුණා කියල එත් හදන එක දිගටම හදලම දැම්ම ඕන එකක් වෙන්න..:(
    තනියෙන් නැතුව අම්ම එක්ක හදපන් යකෝ මොනවා හරි ඉස්සෙල්ල..වටලප්පමක්
    කොකිසක් හදාපන්..හැම එකකම පදම සෙට් වෙයි. ආතල් එකටනේ බන් කරන්නේ..උයාගෙන කන්නේ නැනේ පුළුවන් උනත් :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෑන් එකෙන් සෝස් ටික අයින් කරනකොට කළු පාට සෝස් එකක් ආවේ..
    එතකොටම මම දැනගත්ත වැඩේ වැරදුණා කියල එත් හදන එක දිගටම හදලම දැම්ම ඕන එකක් වෙන්න..:(

    කෑම හදනකොට ඇහැට එන්න ඕන වර්ණය ගැන සැලකිලිමත් වෙයන්.. ඉස්කෝලේ කාලේ දියසායම් චිත්‍ර ඇන්ද මතකයිනේ.... ඒ වගේ තමයි.. දාන දේවල් එකතු උනාම එන වර්ණය අපිට අවශ්‍ය වර්ණය එන්න ඕන.. එක දෙයක් වැඩියෙන් දැම්මොත් අපිට අවශ්‍ය වර්ණය එන්නේ නැහැ.. හැමදේම හරියට වැටුනාම තමයි ඒ ආහාර වර්ගයට අදාළ සුවඳ නහයට දැනෙන්න ගන්නෙ ... වර්ණයත් හරිනම්, සුවඳත් හරිනම්... අවශ්‍ය වෙන්නේ ලුණු විතරයි... ලුණු දාන්න දන්නේ නැත්තම් කෑම හදල ඉවර වෙලා ඔක්කොම රෙඩි උනාම අන්තිමේ ලුණු අවශ්‍ය පමණට දාගන්න... නිතරම වර්ණයට සහ සුවඳට ෆෝකස් කරන්න...

    ඉස්සෙල්ලම ඇස පිනවන්න.. ඊළඟට නාසය... ඊළඟට දිව....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තනියෙන් නැතුව අම්ම එක්ක හදපන් යකෝ මොනවා හරි ඉස්සෙල්ල..වටලප්පමක්
    කොකිසක් හදාපන්..හැම එකකම පදම සෙට් වෙයි. ආතල් එකටනේ බන් කරන්නේ..උයාගෙන කන්නේ නැනේ පුළුවන් උනත් :lol::lol:

    එහෙම ආතල් එකට පුරුදු උන නිසා තමයි බන් අද දෙයියනේ කියල උයාගෙන කන්නේ.. නැත්තම් ඉතින් පීස , ඩෝනට් , බේගල් තමයි තුන් වේලම කන්න වෙන්නෙ ...අපි ඉගෙනගන්න දෙයක් ජීවිතේ කොතනකදී හරි අපිට ප්‍රයෝජනවත් වෙනවාමයි..