එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

thanujaka

Well-known member
  • තනියෙන් නැතුව අම්ම එක්ක හදපන් යකෝ මොනවා හරි ඉස්සෙල්ල..වටලප්පමක්
    කොකිසක් හදාපන්..හැම එකකම පදම සෙට් වෙයි. ආතල් එකටනේ බන් කරන්නේ..උයාගෙන කන්නේ නැනේ පුළුවන් උනත් :lol::lol:

    එහෙම කරන්න ටයිම් එකක් සෙට් වෙන්න් නෑ බං..:dull:
     

    thanujaka

    Well-known member
  • කෑම හදනකොට ඇහැට එන්න ඕන වර්ණය ගැන සැලකිලිමත් වෙයන්.. ඉස්කෝලේ කාලේ දියසායම් චිත්‍ර ඇන්ද මතකයිනේ.... ඒ වගේ තමයි.. දාන දේවල් එකතු උනාම එන වර්ණය අපිට අවශ්‍ය වර්ණය එන්න ඕන.. එක දෙයක් වැඩියෙන් දැම්මොත් අපිට අවශ්‍ය වර්ණය එන්නේ නැහැ.. හැමදේම හරියට වැටුනාම තමයි ඒ ආහාර වර්ගයට අදාළ සුවඳ නහයට දැනෙන්න ගන්නෙ ... වර්ණයත් හරිනම්, සුවඳත් හරිනම්... අවශ්‍ය වෙන්නේ ලුණු විතරයි... ලුණු දාන්න දන්නේ නැත්තම් කෑම හදල ඉවර වෙලා ඔක්කොම රෙඩි උනාම අන්තිමේ ලුණු අවශ්‍ය පමණට දාගන්න... නිතරම වර්ණයට සහ සුවඳට ෆෝකස් කරන්න...

    ඉස්සෙල්ලම ඇස පිනවන්න.. ඊළඟට නාසය... ඊළඟට දිව....

    ආයේ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ..:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෑන් එකෙන් සෝස් ටික අයින් කරනකොට කළු පාට සෝස් එකක් ආවේ..
    එතකොටම මම දැනගත්ත වැඩේ වැරදුණා කියල එත් හදන එක දිගටම හදලම දැම්ම ඕන එකක් වෙන්න..:(

    ඔහොම තමා බං. එකපාර කිසි දෙයක් හරියන්නේ නෑනේ. ආයේ ට්‍රයි කරමු.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය තියෙන්නේ.....:love::love:

    අශ්මි අක්කගේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩිම හදන්න....කිසිම අමාරුවක් නැහැ...කොහොම කලත් රසයි...කට්ටිය අත් උස්සලා කන්නේ....:rofl::rofl:

    Broken-Glass-Jello01.jpg

    අනේ චමලියෝ මේක මේ විදියටම කැටයම් දාල හදන හැටි කියල දෙනවකො. මගේ පොඩි උන් දෙන්නට හදල දෙන්න.:):love:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇයි ඒක එච්චර ඇඹුල් උනේ..
    මහා ජරා රහක් ආවේ මෙලෝ ඩෙවල් රහක් ආවේ නෑ..
    මොකක් උනාමද එහෙම වෙන්නේ..:rolleyes:
    සෝස් ජාති දෙක කලවම් උන හින්දද?

    උබ අනිවා සොයා සෝස් බෝතලේම හලන්න ඇති, ආයේ දෙකක් නැ :lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ඔය තියෙන්නේ.....:love::love:

    අශ්මි අක්කගේ බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩිම හදන්න....කිසිම අමාරුවක් නැහැ...කොහොම කලත් රසයි...කට්ටිය අත් උස්සලා කන්නේ....:rofl::rofl:

    9k=


    Broken-Glass-Jello01.jpg
    වීදුරු කටු
    :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වඩේ කන්න උණු උණු ඉඟුරු ප්ලේන්ටි එකක් ඕන බන්... එතකොට තමයි රස නහර පිනා ගිහින් අමන්දානන්දයට පත්වෙන්නෙ ...
    ඉතිං ඒකනේහ් උඹත් එක්ක බැරි............:dull::dull:
    images


    මීට වැඩිය ලස්සනයි බන් , අලි මුඩුක්කුවේ යුසුෆියා බත්කඩේ කවලම් හොද්ද :angry::angry::angry::angry::angry:
    යුසුෆියා එක මතක් කරන්න එපා ඕයි....
    හම්බ විරෝධී වුණත් ඕකෙන් කෑව ඒ දවස් වල.........
    මට ලුණු බලන්න කොහොමත් තේරෙන්නේ නෑ බං..
    ඒකමයි මට කෑම හදන්න බැරි..
    ලුණු වැඩි උනාම තේරෙනවා..
    මදි උනාම මදිද ඇතිද කියල අර එහෙම තෝරගන්න බෑ..
    මටත් අවුරුදු 17 විතර වෙනකං ලුණු දාන්න පුළුවන් කම තිබුනේ අවුරුදු 10 විතර වයසේ ඉදන් උයලත්.......
    දිගට ම උයමු.....
    උයන්න දන්න උන් ගෑනුන්ගෙන් ස්වායත්තයි බං....ඒකයි වැදගත් ම දේ.....
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මම වැරදි වැඩක්ද දන්නේ නැ කරන්නේ,:baffled: එත් මට හිතුන මේක මේ ත්‍රෙඩ් එකට ඇඩ් කරන්න ඕනේ කියල.:)

    මේක අශ්මි නංගි වෙනම ත්‍රෙඩ් එකක දාල තිබ්බ රෙසපි එකක්. (මේ වැඩේ හරි නැ වගේනම් කියන්න මම අයින් කරලා දාන්නම්.)




    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින්

    අදත් ජෙලි කන්න ආස අයට ඉක්මනට පහසුවෙන්ම හදාගන්න පුලුවන් අතුරුපසක් ගැන කියලා දෙන්නයි හදන්නේ..එච්චර වෙලාවක් යන්නේත් නෑ..හරිම රසයි මේ පුඩින් එක..එහෙනන් අපි බලමු මොනාද මේක හදන්න ඕනේ කරන්නේ සහ කොහොමද මේ පුඩින් එක හදාගන්නේ කියලා..

    අවශ්‍ය ද්‍රව්‍ය

    1)පාට තුනක් හෝ හතරක ජෙලි(මම මෙතන පාට තුනයි අරන් තියෙන්නේ..ස්ට්‍රෝබෙරි,බ්ලූබෙරි සහ ඇපල් රස )

    2)ජෙලටින් මේස හැඳි -2ක්

    3)පොඩි මිල්ක්මේඩ් කිරි ටින් -1ක්

    සාදාගන්නා ආකාරය

    මුලින්ම ජෙලි වෙන වෙනම හදාගෙන ශීතකරණයේ තබා සෙට් කරගන්න.(ජෙලි පැකට් එකක් නටන උණු වතුර කෝප්ප 1 1/2 ක දිය කරගන්න..අපි වෙනදට ජෙලි හදනකොට වතුර කෝප්ප 2 1/2 ක දිය කරගත්තත් මේ වෙලාවේ ජෙලි ටික තද පාටට තියෙන්න ඕනේ නිසා කෝප්ප 1 1/2 ක තමයි දිය කරගන්නේ )

    ජෙලි හොඳින් සෙට් වුනාට පස්සෙ කෑලි කපා ගන්න.(අඟලේ විතර.. ඒකටත් ලේසි විදිහක් කියන්නන්,ජෙලි හදපු ගමන් නිමෙන්න තියලා වීදුරු බඳුනකට දාලා සෙට් වෙන්න තියන්න..සෙට් වුනාට පස්සේ බඳුන පිටින් උණු වතුරේ ටික වෙලාවක් තියලා ට්‍රේ එකක තියලා අනිත් පැත්ත හරවන්න..හැබැයි ගොඩක් වෙලා උනු වතුරේ තියන්න එපා..ජෙලි දියවෙයි..ඊට පස්සේ කෑලි කපා ගන්න පුලුවන්..මමනන් එහෙම කරලා නෑ මෙතන )

    කෑලි කපාගත් ජෙලි ටික නැවත ෆ්‍රිජ් එකට දාන්න.

    දැන් මිල්ක්මේඩ් ටින් එක කඩලා කිරි ටික බඳුනකට දාන්න..ඒකටම නටන උණුවතුර කෝප්ප 1 3/4 ක් දාන්න..දැන් හොඳින් උණුවතුර සමග උකු කිරි කලවම් කරන්න..

    ජෙලටින් මේස හැඳි දෙක උනු වතුර ටිකක හොඳින් දිය කරගෙන අපි හදාගත්තු උනු කිරි මිශ්‍රණේට දාලා කලවම් කරන්න..

    දැන් නිවෙන්න තියන්න..

    හොඳින් නිවුනට පස්සේ ජෙලි කැබලි ටික උඩට මේ කිරි වත්කරන්න..

    දැන් නැවත ෆ්‍රිජ් එකට දාන්න සෙට් වෙන්න..

    හොඳට සෙට් වුනාට පස්සේ කරන්න ඕනේ දේ ඉතින් මම කියන්න ඕනේ නෑනේ..ඉතින් හදලා බලලා කියන්නකෝ රසයිද කියලා..
    qxulqv.jpg


    2j3i4i0.jpg


    osy100.jpg


    Broken-Glass-Jello01.jpg



    මෙන්න තියනවා ඔරිජිනල් ත්‍රෙඩ් එකේ ලින්ක් එක.:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1682068
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එක කන්න බෑ හෙන ඇඹුල් රහක් ආව..
    පස්සේ මං සීනි පොඩ්ඩක් දාල බැලුව එත් හරි ගියේ නෑ එච්චර..
    ඊට පස්සේ ෆ්‍රිජ් එකේ මී පැණි කුප්පියක් තිබිල මම ඒකෙන් ටිකක් දැම්ම..
    ඊට පස්සේ නං කන්න පුළුවන් මට්ටමට ආව..
    ඒත් මහ කුණු රහක් ආවේ..
    කෑල්ලක් දෙකක් දාල අනිත් ටික විසික් කරා..
    අයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයි :baffled:
    කමක් නෑ සැලෙන්න එපා . ආයේ හදල බලන්න
    soy සෝස් ගොඩක් වැටෙන්න ඇති . අපරාදේ පැණි , සීනි දැම්මේ
    ආයේ හදමු ටිකක් ලේසි එකක්
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයි :baffled:
    කමක් නෑ සැලෙන්න එපා . ආයේ හදල බලන්න
    soy සෝස් ගොඩක් වැටෙන්න ඇති . අපරාදේ පැණි , සීනි දැම්මේ
    ආයේ හදමු ටිකක් ලේසි එකක්
    11.gif
    11.gif
    11.gif
    දැං ඉතිං කෑමෙං බීමෙං ප්‍රවේසං වෙනවා හොදා :nerd: :rofl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොල් රොටී

    බඩු ලිස්ට් එක.

    * පාන් පිටි කෝප්ප 2ක් (200g පමණ)
    * හොදින් පැසුණු ගා ගත් පොල් බැයක්(තෙත ගතිය අඩු)
    * ලොකු ළුණු ගෙඩියක් - කුඩාවට කපා ගන්න(කොටු හැඩයට වඩාත් හොදයි)
    * ලුණු ස්වල්පයක්
    * සීනි තේ හැදී බාගයක්
    * පොල්තෙල්
    * උණුවතුර (යන්තම් රස්නය ඇති, නැත්නම් අත පුච්චගෙන මට බනින්න එපා)

    හදන්නේ මෙහෙමයි.:)

    * ටිකක් ලොකු බෝල් එකක් ගන්න, මුලින්ම පිටි, ලුණු,සිනි,ළුණු කැබලි දමා කලවම් කරගන්න.
    * ඊටපස්සේ පොල් ටිකත් එකතු කර හොදින් කලවම් කරගන්න.
    * කලවම් කරගත් මිශ්‍රණයට උණුවතුර එකතු කර ගනිමින් dough එක සාදා ගන්න. මතක ඇතුව වතුර ටික ටික එකතු කරන්න. නැත්නම් කිරි රොටි තමා හදන්න වෙන්නේ.:no: පිටි මෝලිය අනන කොට පොල්තෙල් ටිකක් එකතු කරමින් අනන්න එතකොට ඇලෙන ගතියත් අඩුවෙනවා.
    * හරි දැන් ඕනේ ප්‍රමාණයට බෝල සාදාගෙන වැඩිය ගනකම් නැතිවෙන්න රොටිය සාදා ගන්න.
    * තැටියක් ලිපේ හරි ගෑස් එකේ හරි තියල මද ගින්නේ රොටි ටික පුච්ච ගන්න.

    මේක කන්න ඉතින්
    * හොද ලුණු මිරිසක්
    * කොච්චි සම්බෝලයක්:love:
    * මස් හොද්දක් හරි තිබුනානම් ඉතින් කියල වැඩක් නැ.
    එහෙනම් හදල රස බලන්න.:)
    මම හදපු එවගේනම් ෆොටෝ නැ. මේක බලල සැනසෙන්න.


    roti_zpsofhgcmq8.jpg
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොල් රොටී
    පොල්තල් දාන එක අත්‍යවශ්‍ය නෑ නේද...... අපේ අම්මා රොටි හදන වෙලාවට පොල්තෙල් දාන්නේ නෑ.......:oo:
    අමු මිරිස්, ලූණු ටිකක් පොඩි කෑලි වලට කපලා දැම්මොත් තවත් සැරට කන්න පුලුවන්........:love:

    Rep+
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොල්තල් දාන එක අත්‍යවශ්‍ය නෑ නේද...... අපේ අම්මා රොටි හදන වෙලාවට පොල්තෙල් දාන්නේ නෑ.......:oo:
    අමු මිරිස්, ලූණු ටිකක් පොඩි කෑලි වලට කපලා දැම්මොත් තවත් සැරට කන්න පුලුවන්........:love:

    Rep+

    පොල්තෙල් දාන එක අනිවාර්යම නැ මචන්. මමනම් ඉතින් පොඩ්ඩක් දානවා එකෙනුත් අමුතු රහක් එනවා. මමත් ගොඩක් වෙලාවට හදන්නේ කැරට්, මිරිස්, ළුණු ගස්, ළුණු පොඩිවට කපල දාල තමා:)
     

    thanujaka

    Well-known member
  • අයියෝ... රෙසිපි එකේ නං අවුලක් නෑ හැබැයි :baffled:
    කමක් නෑ සැලෙන්න එපා . ආයේ හදල බලන්න
    soy සෝස් ගොඩක් වැටෙන්න ඇති . අපරාදේ පැණි , සීනි දැම්මේ
    ආයේ හදමු ටිකක් ලේසි එකක්
    11.gif
    11.gif
    11.gif

    tomato සෝස් බෝතලේ 2/3 වගේ තිබ්බ.. ඒ ටික දැම්ම..
    සෝයා සෝස් බෝතල් භාගෙකුයි, ඔයිස්ටර් සෝස් බෝතල් භාගෙකුයි දැම්ම..
    ඒ වැඩිද..:dull: