තුවක්කු 4

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කොහොමද? .303 රයිෆලයෙන් වෙඩි තැබීමෙන් පසු ඔබ සනීපෙන් ඉන්නවද? හරියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා. මම පාසල් ශිෂ්‍ය භටයකු කාලේ එහෙම වෙනවා මම දැක තිබෙනවා. එයට හේතුව උරහිසට හේත්තු වන පරිදි නිසි ලෙස රයිෆලය තබා නොගැනීමයි. රයිෆලයේ මිට (butt) සහ උරහිස අතර පරතරයක් සිටිනසේ රයිෆලය අල්ල ගත්තොත් එවැනි අනතුරු වෙනවා.

    දැනට තිබෙන පාසල් කාන්තා ශිෂ්‍යභට සාමාජිකයන්ටනම් මේ රයිෆලය කිසිසේත් සුදුසු නොවන බවයි මගේ හැඟීම. හැබැයි ටී 56 රයිෆලය මෙපමණ ගැස්සෙන්නේ නැති නිසා එය පහසුවෙන් පරිහරණය කල හැකියි. ඔබ පසුගිය ලිපියේදී .303 රයිෆලයට පතරොම් 10 ක් දැම්මා. ඒ කියන්නේ චාජර් දෙකක්. ඔබ සිතුවද මේ චාජර් කම්හලේදීම පතරොම් සහිතව එනවා කියා? එහෙමෙ නෙවෙයි. අපි අතින් චාජරයට පතරොම් සවි කරන්න ඕනේ. එක චාජරයට පතරොම් 5 බැගින්. ඉතින් දෙයියනේ චාජර් වලට පතරොම් පුරවන අතරේදී සතුරා අපිට අතවනලා අඬගහලා වෙඩි තියලා යයි නේද කියලා ඔබට සිතෙනු ඇති. නමුත් මොහොතක් සිතන්න. සතුරා අතේ තියෙන්නෙත් මෙවැනිම තුවක්කුවක්නම් දෙගොල්ලොම සමානයි. අනික චාජර් තියනවා කිලෝ ගානට. ඒ නිසා සටනට යාමට පෙර හැකිතරම් ප්‍රමාණයක් චාජර් පුරවලා සටන් බිමට ගෙනියනවා.

    ඔබ නොදන්නා තවත් දෙයක් කියන්නම්. අද පාවිච්චි කරන ටී 56 රයිෆලයට වුනත් පතරොම් පුරවන්න ඕනේ. ටී 56 අවියේ එක මැගසින් එකකට පතරොම් 30 ක් පුරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක තුවක්කුවකට මැගසින් 4 ක් එනවා. ඉති ඒ මැගසින් 4 ඉවර වුනාම මොකද කරන්නේ? ‘මල්ලී. . . මැගසින් පුරවනතුරු කෙටි විරාමයක් හොඳේ ‘ කියලා සතුරාට කියනවද? දැන් වුනත් කරන්නේ අර වැඩේම තමයි. සටනට යන්න කලින් අමතර මැගසින් දහස් ගණනක් පුරවා තබා ගන්නවා.

    බිම දිගේ බඩගාගෙන හෝ ගිහින් සටන් කරන පිරිසට ඒ මැගසින් දීම හෝ ඒ අයගේ මැගසින් ඉවර වනවිට එතනට වෙන කෙනෙක් යෙදවීම (අවස්ථාව අනුව) කෙරෙනවා. ඒ වගේම යුද බිමේදීම ඉතා වේගයෙන් මැගසින් පුරවා ඉදිරි භූමියට යැවීමට වෙනම කණ්ඩායම් ඉන්නවා. එදත් අදත් එය එහෙමමයි. මැගසින් පුරවන යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් හදලා නැහැ. ඔන්න ඔබ එකක් හැදුවොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්.

    පසුගිය ලිපියේදී අපි .303 රයිෆලයෙන් ඉදිරි භූමියට වෙඩිල්ලක් තබා බැලුවා මතක ඇති. ඉතින් ආයෙත් වෙඩිල්ලක් තියන්න ඔබ මොකද කල යුත්තේ? නැවතත් බෝල්ට් එක වමට කරකවා පස්සට අදින්න. එවිට ඔබ වෙඩි තැබූ පතරොමේ හිස් කොපුව එලියට විසිවෙනවා. දැන් නැවතත් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට කරකවන්න. දැන් නැවතත් පතරොමක් චෙම්බරයට ඇතුළුවී තිබෙනවා. ඔය විදිහට ඔබට වෙඩි 10 ක් තැබිය හැකියි. ඉන්පසු එක්කෝ ඔබට පතරොම් පිරවූ මැගසින් එකක් ලැබුනොත් කෙලින්ම එය රයිෆලයට සවිකර නැවතත් වෙඩි තැබිය හැකියි. නැතිනම් ඔබට සිදුවන්නේ මැගසිනයට පතරොම් 10 ක් පිරවීමටයි.

    රයිෆලයේ බෝල්ට් එක පිහිටි කොටසේ තවත් විස්තර මේ පින්තුරයෙන් බලන්න. තුවක්කුවකින් වෙඩි තැබීම කල්පනාකාරීව සහ ශාස්ත්‍රානුකූලව කලයුතු ක්‍රියාවක්. ඔබ දැක ඇති චිත්‍රපටිවල තුවක්කු සටන් වලදී නළුවන් හැරුණු හැරුණු අතේ සෑම වෙඩිල්ලක්ම නිවැරදි ඉලක්කයට තබනවා. එවැනි වෙඩික්කරුවන් ඉන්නේ චිත්‍රපටිවල මිසක් සැබෑ ලෝකයේ නොවන බව හොඳින් මතක තබාගන්න. එවැනි අය 10 ක් විතර යවලා අපට එල්.ටී.ටී.ඊ. යුද්ධය ජයගන්න තිබුනා, ඔවුන් ඇත්තටම මේ ලෝකයේ ඉන්නවානම්.

    තුවක්කුවකින් වෙඩි තැබීමේ මූලික ඉරියව් තුනක් තිබෙනවා.
    1. සිටගෙන වෙඩි තැබීම
    2. දණ ගසාගෙන වෙඩි තැබීම
    3. බිම දිගාවී වෙඩි තැබීම

    mi22483_hr_120resized.jpg


    සිටගෙන වෙඩි තැබීමටනම් ඔබ ඉලක්කය පහසුවෙන් දර්ශනය වන භූමියක සිටිය යුතුයි. ඉලක්කය ඔබට සෑහෙන තරම් ආසන්න විය යුතුයි. ඉලක්කය සතුරකු නම් සතුරාට ඔබව නොපෙනිය යුතුයි. රාත්‍රී කාලයටනම් මෙය එතරම් සුදුසු මදි. මේ රූප සටහනෙන් පෙන්වන්නේ සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වයි.

    image1670.jpg


    වෙඩි තබන්නා තම දෙපා අඩි දෙකක් පමණ පළලට තබාගෙන සිටිනවා. තුවක්කුව හොඳින් ග්‍රහණය කරගෙන සිටිනවා. හැබැයි ඔබ ගෑනු ළමයෙක් බදාගන්නවා වගේ කිටි කිටියේ තුවක්කුව බදාගත්තොත් කිසි දෙයක් කරන්නට බැහැ. (ගෑනු ළමයෙක් ඕනෙවට වඩා හයියෙන් බදාගත්තත් කිසි දෙයක් කරන්න බැහැනේ) තුවක්කුවේ බට් එක හොඳින් උරහිසට හේත්තුවී තිබෙනවා. වම් අතෙන් හෑන්ඩ් ගාඩ් එකත් දකුණු අතෙන් පිස්ල් ග්රිප් එකත් අල්ලාගෙන සිටිනවා.

    දැන් බලන්න දණගසාගෙන වෙඩි තැබීමේ ඉරියව්ව. සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වේදී මෙන් මෙහිදීද සැලකිල්ලට ගතයුතු කරුණු මොනවාදැයි ඔබට වැටහෙනවා ඇති.වෙඩි තබන්නාගේ දකුණු කකුල තබාගෙන සිටින ආකාරය නිසා තුවක්කුවෙන් ඇති කරන ගැස්සීමද පාලනය කරනවා. මේ රූප සටහන් වලදී ඔබ අවධානය යොමු කලයුතු අනෙක් කරුණ තමයි තුවක්කුව පොළොවට සමාන්තරව සිටිනසේ අල්ලාගෙන සිටින ආකාරය.

    අපි දැන් බලමු බිම දිගාවී වෙඩි තැබීමේ ඉරියව්ව කෙබඳුද කියා.

    rifle_position_prone.jpg

    image1669.jpg

    xrifleprone.jpg


    0an4long-035247_6.jpg

    image001.jpg


    වම් පස ඇති රූපයෙන් ඔබට පෙනෙන්නේ රයිෆලයේ බට් එකේ පිටුපසයි. බලන්න එහි ඉතා ඝන යකඩ තහඩුවක් සවිකර තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බට් ප්ලේට්’ එක කියලයි. ඒ බට් ප්ලේට් එකේ පුංචි දොරක් තිබෙනවා. දැක්කද එය විවෘත කර ඇති හැටි? එයින් එලියට එන්නේ රයිෆලය පිරිසිදු කිරීමට ගන්න තෙල් (රයිෆල් ඔයිල්) සහිත කුප්පියයි. ඊට අමතරව ඊළඟ රූපයෙන් පෙන්වන සුරයක් වැනි කොටස හෙවත් ‘වේට් එක’ සහ සිහින් ලනුව හෙවත් ‘පුල් ත්රූ’ එකත් තියෙන්නේ අර බට් ප්ලේට් කුහරයෙමයි.

    ඉතින් කොහොමද මේවා පාවිච්චි කර රයිෆලය පිරිසිදු කරන්නේ. මුලින්ම මේවා එලියට ගන්න. ඊළඟට රයිෆලයේ පතරොම් හිස්කර බටයේ මුල පැත්තෙන් (චෙම්බර්) ‘පුල් ත්රූ’ එකට සවිකර ඇති ‘වේට්’ එක යවන්න. එහි බරට එය සෙමෙන් බටය දිගේ ගොස් අනික් පැත්තෙන් මතු වෙනවා. එවිට එය ඉවතට ගන්න. නමුත් ලණුවේ මේ පැත්තේ කෙලවර ඔබ අතේ තිබිය යුතුයි. වේට් එකේ පැල්මක් තියනවා. එයතුලින් දැමිය හැකි සිහින් රෙදි පටි විශේෂයක් තිබෙනවා ‘ප්ලැන්ලට්’ කියා. එයින් පටියක් වේට් එකේ පැල්ම තුලින් යවා එය තෙල් වලින් පොඟවා ආපසු අදිනවා එවිට රයිෆල් බටය පිරිසිදු වෙනවා. අවශ්‍යතාවය අනුව මෙය කීප වරක් කිරීමට සිදුවෙනවා. ප්ලන්ලට් කෑල්ල කිලුටුනම් අලුත් එකක් යොදන්න. ඉන්පසු අනෙක් කොටස් සියල්ල ගලවා (බෝල්ට් එක, මැගසින් එක, ආදිය) තෙල් ගල්වා පිරිසිදු කර යුතුයි. ගොඩාක් වෙඩි තැබුවානම් බටයේ ඇතුලත මුලින්ම උතුරන වතුර දමා සෝදා ඉන්පසු ‘පුල් ත්රූ’ කල යුතුයි. වතුර බිඳක්වත් බටයේ ඇතුලත නොසිටින පරිදි පිරිසිදු කල යුතුයි. දැන් රයිෆලය සවිකර පිරිසිදු රෙදි කඩකින් පිසදමා හාදුවක්ද දී ආයුධාගාරයේ තැන්පත් කරන්න.​
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    air rifle එකක් ගනින් මචෝ රු20000 වගේ සාමාන්‍ය එකක් ගන්න පුළුවන්
    හොදම එකක් නම් 150ක් විතර වෙනවා ..

    රබර් උන්ඩ ගැන දන්නවද :D :D
    මට දැනගන්න ඕනෙ :D :D
    පිස්තෝල සයිස් පොඩි තුවක්කුවකට දාන්න පුළුවන් රබර් උණ්ඩ තියෙනවද ? :) :)
    රබර් උණ්ඩ පමණක් දාන්න පුළුවන් තුවක්කු ලඟ තබාගන්න නීතියෙන් අවසර තියෙනවද :D :D
    රබර් උණ්ඩයක් වැදුනාම කොච්චර රිදෙනවද ? :dull: :dull:
     

    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    ලංකාවේ 9mm එකක් කීයක් විතර වෙනවද දන්නෑ නේද බං