එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
11.gif
එකෙන්ම එකෙන්ම

11.gif
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ නේ. යහපාලනේ කෙලියනේ අපේ සිම් බිස්නස් එකට. :(:(

    අපි අහුවෙයි ඔව්වට.. අපේ කොල්ලෝ ඔහොම අන්දන්න ආවාම කියන්නේ " අල්ලයි මානානේ කොක්කු " කියලයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Nasi Goreng

    නොදකින් මේ ත්‍රෙඩ් එක දාපු හඩු කිඹුලා පැත්ත පළාතේ නෑ ... දැන් ඌට හරි ගිහින්නේ :angry: රිදිලා ගේ සිම් බිස්නස් ඒකට කොටුව ඉස්ටේෂම තහනම් කරාට පස්සේ ඌත් නෑ :sorry: පොලාට මොකක්දෝ හිතෙන නිසා ඌත් නෑ ... මදාවි කෙල්ලෝ ටිකත් නෑ :sorry:... මයේ පොල් කෙටේ හතර ගාතෙලු :love::P තොපි එනකන් ඉන්න බැරි නිසා ඔන්න මම හැදුවා කෑමක්..හදන්න හිටියේ උළුඳු වඩේ හැබැයි හැදුවේ වෙන එකක් :rofl:


    Nasi Goreng

    මේක ඉන්දුනීසියානු සහ මැලේසියානු ආහාරයක් ... නාසි හදනවනම් සැතේ එකත් හදන්න ඕන හරි විදිහට ... අතේ සතේ නැතුව මොන සැතේ ද බොලව් ? :P එක නැතුව මම හැදුවා බලමු ඕන දේවල් :D

    ඉස්සෝ ග්‍රෑම් 200 ක් (පොතු ඇර සුද්ද කරගන්න)
    දැල්ලෝ ග්‍රෑම් 200 ක් පමණ සිහින්ව කපා ගන්න
    කටු නැති චිකන් ග්‍රෑම් 100 ඇති තරමට කුඩාවට කපා ගන්න
    ළුණු ගෙඩි 2ක් කර ගත්
    ඉඟුරු ස්වල්පයක් චොප් කර ගත්
    සුදු ළුණු බික් කිහිපයක් චොප් කර ගත්
    ඉස්සෝ කුඩු ස්වල්පයක් (කූනිස්සන් ග්‍රයින්ඩ් කර ගන්න} (අවශ්‍ය නම් නොර් සීසනින් පව්ඩර් භාවිතා කල හැක )
    ලුණු රස පදමට
    ගම්මිරිස් කුඩු ස්වල්පයක්
    සිහින්ව කපාගත් රතු වියලි මිරිස් කරල් කිහිපයක්
    තක්කාලි සෝස්
    සොයා සෝස්
    කපාගත් ළුණු කොළ ස්වල්පයක්
    සරසා ගැනීමට පාස්ලි හෝ cucumber (සිංහලෙන් කොටන්න බැරියෝ :lol:)
    අවශ්‍ය නම් සීනි තේ හැඳි 2ක් පමණ
    පිසගත් බත් කෝප්ප කිහිපයක්
    බුල්ස් ඇයි එකක් සදා ගැනීමට බිත්තරයක්
    තෙම්පරාදුව සඳහා පොල්තෙල් හෝ එළවලු තෙල්
    චිලි පේස්ට් සව්ල්පයක් (සැර අවශ්‍ය නම් පමණි. මා භාවිතා නොකලෙමි)


    භාජනයක් හෝ ලොකු පෑන් එකක් ලිප තබාගෙන තෙල් දමා රත් කර ගන්න...තෙල් රත් වූ පසු සුදු ළුණු, ළුණු, ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. පසුව ඉස්සන්, දැල්ලන්, චිකන්, සහ ඉස්සන් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් එක් කර මද ගින්නේ බැදගන්න. කපා ගත් රතුමිරිස් කරල් සහ සීනි ද එක් කරන්න...ඉන්පසු මද ගින්නේ බත් එක් කරමින් හොඳින් තෙම්පරාදු කර ගන්න සෝයා සෝස් සහ තක්කාලි සෝස් ළුණු පාඩම බලා දමා හොඳින් කලවම් කරන්න. සැර අවශ්‍ය නම් චිලි පේස්ට් එකතු කර ගන්න (මා චිලි පේස්ට් දමා නැත). අවසානයේදී ළුණු කොළ දමන්න නැවත හොදින් කලවම් කරන්න ..ඊට පසු බුල්ස් අයි එක සාදා බත උඩින් තබා අනෙකුත් සරසා ගැනීමට අවශ ද්‍රව්‍ය වලින් සරසා ගන්න :cool:

    දැන් ඉතින් ගිලින්නයි තියෙන්නේ :lol:

    33xkoc2.jpg
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොදකින් මේ ත්‍රෙඩ් එක දාපු හඩු කිඹුලා පැත්ත පළාතේ නෑ ... දැන් ඌට හරි ගිහින්නේ :angry: රිදිලා ගේ සිම් බිස්නස් ඒකට කොටුව ඉස්ටේෂම තහනම් කරාට පස්සේ ඌත් නෑ :sorry: පොලාට මොකක්දෝ හිතෙන නිසා ඌත් නෑ ... මදාවි කෙල්ලෝ ටිකත් නෑ :sorry:... මයේ පොල් කෙටේ හතර ගාතෙලු :love::P තොපි එනකන් ඉන්න බැරි නිසා ඔන්න මම හැදුවා කෑමක්..හදන්න හිටියේ උළුඳු වඩේ හැබැයි හැදුවේ වෙන එකක් :rofl:


    Nasi Goreng

    බඩගින්න වැඩි උනා. රස පාටයි. ඉස්සෝ ටික පට්ට. :cool::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නියමෙට ආවා කෙලලා ඇරියා බන් :P කෝ බන්මෙකේ උන් > :eek:

    same theory මම හිතන්නේ පොල් කොටේ නැත්නම් දතා නෑ, පැරිස් නෑ, එන්සිනා නෑ, ඌ නෝ මී නෑ, තනුජ්කයා නෑ. පොලා නම් වැඩ ඇති. මටත් තවම හරියට සනීප නෑ බං මොනා හරි දාන්න ඕනේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    same theory මම හිතන්නේ පොල් කොටේ නැත්නම් දතා නෑ, පැරිස් නෑ, එන්සිනා නෑ, ඌ නෝ මී නෑ, තනුජ්කයා නෑ. පොලා නම් වැඩ ඇති. මටත් තවම හරියට සනීප නෑ බං මොනා හරි දාන්න ඕනේ.

    :lol::lol: ලිඳ ලිඳ