මචං මට තේරෙන්නෙ නෑ මේක මට විතරක් තියෙන අවුලක්ද කියලා. මට මානසික ලෙඩක්ද කියලා නම් හිතාගන්න අමාරුයි. මට මෙහෙම සීන් එකක් තියෙනවා. කවුරු හරි දෙයක් කිව්වොත් සෙකන්ඩ් වෙන්නෙ නැති ගතියක් තියෙනකවා බන්. දැන් ඊයෙ මම පන්තියකට ගිහින් එද්දි මම මගේ යාලුවො දෙන්නෙක් එක්ක කැන්ටිමට ගියා. යාලුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්. එක්කෙනෙක්ට මම ලව් මචං. එයත් දන්නවා. ඉතින් ඊයෙ පන්ති ඇරලා ලමයි ගොඩක් අය ගෙදර ගිහින්. ඒත් කොල්ලො හතර දෙනෙක් ඉඳගෙන හිටියා. උනුත් ආතල් එකේ කෑ ගගහා ඉතින් යාලුවො සෙට් වුනාම ගන්න ආතල් එකේ විහිළු කර කර හිනා වෙවී හිටියා. මම කෙල්ලො දෙන්නට ඉස්සරහින් ගියා. මුන් දෙන්නා පිටි පස්සෙ ආවෙ. එකපරාටම අර කොල්ලො ටික කෙල්ලො දෙන්නට අනං මනං කියන්න ගත්තා. මම චීත්ත නිසා මල පන්නගන්නවා නෙමෙයි මචං. එතන මම ලව් කරන කෙල්ල ඉන්න නිසා වෙන්න ඇති මට පුදුම විදිහට තරහා ගියා. ඒත් එතන ගහගත්තා නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම බැලුවා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා. මම බැලුවාම උන් මුකුත් නොකියන ගානට හිටියා. මම අහක බලාගත්තාම ආයෙ පටන් ගත්තා. මමත් මුකුත් නොකියා කෙල්ලො දෙන්නත් එක්ක කැන්ටිමට ගිහින් ආයෙ ගෙදර යන්න ලෑස්ති වුනා. එතතින්න පස්ස නම් අරුන් මුකුත් කිව්වෛ නෑ.. දැන් මට තියෙන අවුල තමයි මචං තාම මම අර ඊයෙ වුන සිද්ධිය ගැන හිතනවා. අනිත් උන්ට නැති අවුලක්. මගෙ මානසික අවුලක්ද මන්දා කාටවත් සෙකන්ඩ් වෙන්න බැරි සීන් එකක් තියෙනවා. ඒ වෙලාවෙ මම ඉන්දෙද්දි අරකිට අර කොල්ල අනං මනං කිව්වා නේද කියලා හැමතිස්සෙම හිතෙනවා. මේක මගේ ලෙඩක්ද කියලා මට හිතාගන්න අමාරුයි. ඒත් අතින් කෙල්ලොන්ට මුකුත් කිව්වට මට එහෙම තරහක් යන්නෙ නෑ. අනේ දන්න එකෙක් කියහල්ලාකො මේක හැමෝටම තියෙන දෙයක්ද නැත්නම් මට විතරක් තියෙන මානසික ලෙඩක්ද කියලා. මට මානසික ලෙඩක්ද කියලා හිතෙනකොටත් බයයි ඕයි. ඊයෙ වුන හැමදේටම වඩා ඒ සිද්ධිය මගේ හිතට වැදිලා තියෙන්නෙ. ඒ ලව් එකට වෙන එවුන් එක එක දේවල් කියපු නිසා මට ඒ වෙනුවෙන් උන්ට බනින්න බැරිවුන එකට. අනේ මන්දා බන් උදව්වක් කරපල්ලා. බම්ප් එකක් හරි දාගෙන යන්න 

උඹ කාටවත් සෙකන්ඩ් නොවුණට ගූ බයයි.. ගේමක් දාන් බලපං මං කියන්නෙ බොරු නම්.. උඹ කනවා නස්තාර් වෙන්න..



