උඹේ කතාව හරි මචන්.
මගේ බයික් එක ගත්ත දවසේ ඉඳලා ඔෆිස් ආවම නවත්තලා තිබුණේ පට්ට අව්වේ.උදේ ඉඳන් හවස් වෙනකන්ම අව්ව තියෙනවා.ඒ දවස්වල නෝමල් එයාර් එක ගැහුවේ සතියකට සැරයක්වත් හුලන් චෙක් කරලා හුලන් ගහනවා.ඒ හැම වෙලාවේම වගේ psi 5-6ක් වත් අඩුවෙලා තිබුණා.
ඒත් නයිට්රජන් ගහන්න ගත්තට පස්සේ මාසෙකට සැරයක් වගේ බැලුවෙත්.මාස 2ක් ගිය අවස්ථාත් තිබුණා.ඒ අවස්ථාවල අඩුවෙලා තිබුණේ psi 2-3ක් විතර.එහෙම බැලුවම නෝමල් හුලන් වලට වඩා නයිට්රජන් ගහන එක ලාබයි මටනම්.හැබැයි ඉතින් සති 2කට සැරයක්වත් චෙක් කලොත් පාඩුයි.
රත්වෙද්දි වාතය ප්රසාරණය වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.අනික ඔක්සිජන් අණුව නයිටජන් අණුවට වඩා පොඩිලු.එහෙම උනාම ටයර් බිත්තිය හරහා ඔක්සිජන් එලියට එන එක නයිට්රජන් වලට වඩා වේගවත්නේ.තව N විතරක් තියෙද්දී ප්රතික්රියා වෙන්නෙත් නෑනේ.
මට මතක විදිහට ඔය කිව්වේ.වැරදි නම් නිවැරදි කරන්න කව්රුහරි
edit
Reduces the tyre's running temperature
Improves the ride quality
Increases tyre life
Keeps tyre pressures more constant
Slows the rate of pressure loss
Doesn't react with the tyre and rim materials
http://www.racq.com.au/cars-and-driving/cars/owning-and-maintaining-a-car/car-maintenance/nitrogen-for-tyres
ඔව් මචන් අනිවාර්යෙන් නයිට්රජන් ගැහුවම හුලන් අඩු වෙන්නෙ නෑ ලේසියෙන්..
ඕක සිද්ද වෙන්නෙ ඔක්සිජන් වලයි නයිට්රජන් වලයි සයිස් එකේ වෙනසින්ද කියන්න නම් දන්නෙ නෑ..මොකද සයිස් එකේ තියෙන්නෙ බොහෝම පොඩි වෙනසක්..ඉෆෙක්ට් එක සයිස් එක විතරක්නම් අනිවා ප්රෙශර් එකත් වෙනස් වෙන්න ඕන බොහොම ටිකක්..ඒත් ඒකෙ සැලකිය යුතු වෙනසක් දැනෙනවා.. තව නයිට්රජන් කියන්නෙ වියලි වායුවක්..ජල වාශ්ප නෑ..ඒකෙත් ඉෆෙක්ට් එකක් ඇති සමහර වෙලාවට.
ප්රතික්රියා කිරිල්ල ගැන කිව්වොතින්නම් නිකන් හුලන් ගැහුවත් 78% නයිට්රජනුයි 21%ක් ඔක්සිජනුයි නෙ තියෙන්නෙ..ඒව කොහොමත් ප්රතික්රියා කරන්නෙ නෑ මේ තත්ව යටටේදී කටින් පිබලා හුලන් ගැහුවත්.












