මා_දුටු_Awords

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කසු කුසු හඩ මෙහි දසත ඇසෙන්නේ...
    අළුත් හූයකිනි තිරය පිරෙන්නේ.....
    වටපිට ඈයෝ එක්කහු වෙන්නේ.....
    කාටද අපි සම්මානෙ පුදන්නේ.....

    වසර පුරා එළකිරියෙ රැදෙන්නේ....
    අළුත් අළුත් අදහස් ඉතිරෙන්නේ....
    හොද නොහොදත් සමසේ පැවතෙන්නේ...
    දෙපක්සෙටම අපි Awords දෙන්නේ...

    සංවිධානෙ කට්ටිය රැස් වෙන්නේ....
    මොන මොන ඒවද Poll දමන්නේ...
    විනිශ්ච්‍ය මණ්ඩල කැදවා ගන්නේ...
    මනාප විමසුම දැං සිදුවෙන්නේ.....;

    අද්‍යාපන හා විනෝද සෙල්ලං....
    හොදම ත්‍රෙඩ් දැමූ කොල්ලන් කෙල්ලං...
    කළු සුදු චරිතෙට කාවද අල්ලං...
    අන්න බලන් සකි නරලොව හොල්මං....

    කවිද කථා හා නිසදැස් අතරේ...
    අපේ නමත් ඉද හිට එහි පැතිරේ....
    ලොකු අය නොම දත් ලොකු දේ අතරේ...
    විද්වත් අයගෙත් රෙදි දැං ගැලවේ......

    වසරක් පාසා වැඩක් කරන්නේ..
    මුල හරියෙදි එය හොදට කෙරෙන්නේ..
    අතර මැද්දෙදියි කොක්ක වැටෙන්නේ...
    ජෝන් බාස්ලා වැඩට බහින්නේ.....

    මේක හරිය ‍මේ දේ නම් වැරදියි..
    මෙහෙම කලා නං පට්ටම පදිරියි...
    සංවිධායකගෙ මළ උඩ ඉගිලෙයි...
    රචනාවල් ත්‍රෙඩ් අතරේ පිරවෙයි....

    විවේචනයි චෝදනාද අතරේ...
    ගැරහුම් එරවුම් වල් පල් පැතිරේ...
    යන එන කල ලැබ රස ත්‍රෙඩ් අතරේ...
    එහෙයියො කැළගේ නම් ටික පැතිරේ....

    අවසානේ ප්‍රථිපලය ලැබෙන්නේ....
    කාට කාට හරි තෑගි ලැබෙන්නේ...
    ඊට පස්සෙ එය අවසන් වෙන්නේ...
    නෑ නෑ හිටපං තවත් තියෙන්නේ....

    අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..
    ආන්ටි මොනිකලා තවත් රගන්නේ....
    සංවිධායකගෙ හිත කැලඹෙන්නේ....
    එයා තවත් නෑ එළකිරි එන්නේ......

    එයා යනවා නං මමත් කැපෙන්නේ...
    මමත් නැතේ යලි මේකට එන්නේ...
    දත් ගලවන්නොත් ලෙඩේ දමන්නේ...
    සේරම ටික ඒකට ‍සැට් වෙන්නේ.....

    සිරිලක Online Community අතරේ....
    එළකිරි.කොම් හැමතැන පැතිරේ....
    මෙහෙම ගියොත් නං වලි ටික මිතුරේ...
    එළකිරියත් තනිවෙයි වැලි කතරේ....

    හොද දේ ඇති තැන හොදයි කියන්නේ...
    නුසුදුසු දේ දැක බැහැර කරන්නේ....
    මනුසත්කමටයි මුල් තැන දෙන්නේ...
    එවිටයි සිංහල කම පවතින්නේ....!

    giphy.gif


     
    • Like
    Reactions: Elysium and shenic

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මේ පාරත් වලිද? ගිය සැරෙත් සම්මාන හම්බ උනේ නැහැ කියල කීප දෙනෙක් ගියා නේද.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවෝර්ඩ් සෙරමොනි අවසන් වෙන්නේ..
    ආන්ටි මොනිකලා තවත් රගන්නේ....



    මේක කවදා ඉවරයක් වෙයිද බන්
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මෙහෙම ගියොත් නං වලි ටික මිතුරේ...
    එළකිරියත් තනිවෙයි වැලි කතරේ....

    :(:(:(
    :(:(:(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොද දේ ඇති තැන හොදයි කියන්නේ...
    නුසුදුසු දේ දැක බැහැර කරන්නේ....
    මනුසත්කමටයි මුල් තැන දෙන්නේ...
    එවිටයි සිංහල කම පවතින්නේ....!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං..
    අපි නම් පාඩුවෙ ඉන්නවා වෙන දෙයක් බලන්..
    යන උන් යාපුවාවේ..
    ඒක උන්ගෙ කැමැත්ත..

    ඇඟෙ නිකිනි සිනා මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්..
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අනේ මන්දා බං..
    අපි නම් පාඩුවෙ ඉන්නවා වෙන දෙයක් බලන්..
    යන උන් යාපුවාවේ..
    ඒක උන්ගෙ කැමැත්ත..

    ඇඟෙ නිකිනි සිනා මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්..

    උඹට මොන වගේ හැගීමක්ද දැනෙන්නෙ කිනිති සැලෙද්දි? :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    වැරද්දක් අඩු පාඩුවක් පෙන්නුවා මිසක අපි නම් දොස් කිව්වේ නැහැ කාටවත්..ඕව කරනකොට එහෙම දේවල් අහන්න වෙනවා ඉතින්..ඒවාට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ