Government Jobs Without A/L's - Help Me

Sad Guy

Member
Jan 30, 2016
2
0
0
මුලින්ම Fake එකක් හැදුවට සමාවෙන්න...:( දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද? :dull:මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...:(පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත් තව එක විශයක් තියෙනවා උපාධිය සම්පූර්ණ කරන්න.වෙන වුර්තීය සුදුසුකමක් නෑ...

මට මේ බදාදා රජයේ රැකියාවක Interview එන්න කියලා තියෙනවා.මට යන්න බයයි මචන්ලා.. මට උසස්පෙළ නැති නිසා මට ලැජ්ජයි... සාමාන්‍ය පෙළ Result sheet එකත් තවම ඉස්කෝලේ.. interview එකට යද්දි අරන් යන්න මං ළඟ මුකුත් නෑ... දෙමාපියන්ගේ බල කිරීමට මම යන්නේ.. ඒත් මට යන්න හිත නෑ.. අවංකවම මට දුකයි.. ඒ වගේම ලැජ්ජයි... ජීවිතේ ගැන මම කළකිරිලා ඉන්නේ.

එළකිරි එකේ දැන උගත් කට්ටිය මට උදවු කරනවද මම මොකද කරන්න ඕන කියලා... ගොඩක් පින් මචන්.. :(
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,024
    4,082
    113
    Sri Lanka
    වයස 22 ක් විතර ඇති මම හිතන්නෙ උඹට? NVQ Level 3/4 කරපන් Tech ගිහින්.

    ඊටපස්සෙ training පලයන් මාස 6ක්. එතකොට Certificate එක හම්බයෙි. එහෙමම NVQ Level 5/6 වලට දාපන්.. ඒකත් පාසු උනොත් 7 වලට රත්මලාන කැම්පස් එකට යන්න පුළුවන්.... එලියට එන්නෙ හොඳ වෘත්තිමය පළපුරුද්දක් තියෙන ඒ වගේම රජයේ ආයතන වලින් පට්ට සැලකිල්ලක් තියෙනව...
    කතාව එතනින් ඉවරයි...

    උඹට විශේෂ දක්ෂතා තියෙනවද? ඒක අපි නෙමෙයි උඹමයි දන්නෙ... ර‍ජයෙ ඒවම හොය හොය ඉන්නෙ නැතුව Private එකක් හොයල ඒකට ගිහින් Experience හදා ගනින් උඹ දක්ෂ පැත්තෙන් ගිහින්.. ඒ අතරෙ ඉගෙනුම් කටයුතු කරපන්...

    ඒ වගේම අළුත් දෙයක් ගැන අළුත් විදියට හිතපන්... අළුත් අයිඩියා ගලාගෙන ඒවි.. ආවෙ නැත්නම් ඒත් දිගටම හිතපන්... නිදියන්න යන වෙලාවටත් සල්ලි ගැන හිතපන්.. දවසෙ වැඩි හරියක්ම මුදල් ගැන හිතල ඒකට ආස කරපන්..... තමන්ගෙම වියාපාරයක් පටන් ගන්න එක ඊලඟ ඔප්ෂන් එක... මල්ලි මම අම්බානක් ඔහොම කටු කෑව.. කරන්න තියෙන හැම දේම කරල දැන් ගේම ගහගෙන යනව පාඩුවේ.. උඹට තාම අත්දැකීම් නෑ.. ඕන නම් මම මගේ ජීවිත කතාව කියන්නම්.. ඒක කියවල හැදෙන්න....

    මම මුලින්ම ජොබ් එකකට ගියා 10,000 පඩියට Durdanse Hospital එකේ Date Entry Operator කෙනෙක් විදියට. දවස් 10යි වැඩ කරේ... එපා උනා.. පස්සෙ මමත් එක එක Institute වල එක එක දේවල් හැදෑරුව. ඒව හරිගියෙත් නෑ. ඔය අතරෙ NVQ Level 4 එකේ Certificate එකත් ගත්ත... ඊටපස්සෙ මම ජොබ් එකක් හම්බුනා 18,000 පඩියට උගන්නන්න Army Camp එකක Army එකේ කට්ටියට.. ඒකත් කරා මාස කිහිපයක්... ඊටපස්සෙ ආයෙමත් මම දෙමටගොඩ Web Developer කෙනෙක් විදියට 10,000 පඩියට ගියා.. ඒක මෙලෝ රහක් නෑ. ඉන්න උන්ගෙ ලොකු කම වැඩී. මාසයයි නැවැත්තුව. Tiens කියල පිරමීඩ ව්‍යාපාරයක් කරා.. ඒකත් මෙලෝ රහක් නෑ. 7500 පඩියට ගියා Web Developer කෙනෙක් විදියට වැඩට... පස්සෙ මගේ Performance හොඳයි කිය පඩිය 10,000 කරා. ඒක 12,000 13,000 15,000 කරා... පස්සෙ මෙතන මම අවුරුදු 2ක් හොඳට Experience ගත්ත. PHP MYSQL කරේ... තනියමම ඉගෙන ගත්තුව හොඳට Practice කරපු එක කරේ.. ඔය අතර DELL IT Guru 2013 එකට ගිහින් ලංකාවෙන්ම 1st ගැහුව.. ඒ මම වැඩ කරන කාලෙ සුපිරියට Web Designing ත් අල්ලන් හිටපු හින්ද... ඕක කරන අතරෙ තමයි මම PEEK Hosting කියල මගේම Web Hosting Business එකක් පටන් ගත්තෙ. ඒකට ඒ දවස් වල මම පඩියෙන් බාගයක් අතින් කයිට් කරගෙන ඒකට වියදම් කරා... පස්සෙ ඔය අතරෙ Fiverr කරන්න ගත්ත... හෙමීට හෙමීට මම මගේ CV එක ලස්සනට ගොඩනගාගත්ත....
    පස්සෙ එතනිනුත් අයින් වෙලා මම Computer Shop එකක් දා ගත්ත.. ඒකත් මුල් දවස් වල හොඳයි.. පස්සෙ Sales අඩු වෙලා අතින් කයිට් වෙන්න පටන් ගත්තා.... හැබැයි මම වැටුනෙ නෑ.. මම Fiverr වලින් හෙව්වා.. ඒවයින් ගොඩක් දේවල් කරා.... පස්සෙ Fiverr එකේ Sales අඩු වෙද්දි මම අමාරුවෙන් ගොඩනගාගත්ත Web Hosting එකෙන් මාව පෝෂණය කරා.. ඒ අතරෙ මට Micro Cars එකේ ජොබ් එකත් සෙට් උනා... මේකෙ මම සුපිරි System එකක් හදල දැන් මම ලාවට මගේ තැන හදාගෙන යනව.. දැන් නම් ගේමක් නෑ... මම පඩියයි Web Hosting එකෙනුයි, තව Fiverr වගේ දේවල් වලිනුයි Web Designing වලිනුයි දැනෙන්න ගානක් හොයනව මාසෙට.. NVQ Level 5 වලටත් දැම්ම මේ ලඟදි.. ඒක පාර්ට් ටයිම් ඉවර කරන්න ඉන්නෙ... මාර කට්ටක් කාල තැනකට ආවෙ මචං... සල්ලි රත්තරන් වගේ වටිනව... අමාරුවෙන් හොයා ගත්තෙ.. උඹත් ඒ විදියට ගොඩ යන්න මහන්සි වෙන්න... කවදාවත් වරදින්නෙ නෑ එතකොට.. සැලෙන්න එපා මචං.... කිසිම දවසක අ‍ධෛර්යමත් වෙන්න එපා... හැම වෙලාවෙම හිතපන් අලුත් ව්‍යාපාරක් කරන්න හොඳ දෙයක් ගැන.. අපිට තත්වෙයි තාන්න මාන්නයි වැඩක් නෑ... හොඳ ගානක් අතට එනව නම්, මත් වෙන දේවල්, ගණිකාවන්, ආයුධ, සත්ව් මස් සම්බන්ධ නැත්නම් ඕන මගුලක් කරපන්.... හම්බෙන හැම දෙයක්ම කරපන්...
    හිත වට්ටගත්තොත් මොකක් වත් කර ගන්න හම්බෙන්නෙ නෑ... මේ කතාව කිව්වෙ හැදෙන්න... මට දැන් 27යි.. මමත් උඹ වගේම A/L Fail... ඒ මම ඔය Chemistry වගේ විශයයන් කොච්චර පාඩම් කරත් ඔලුවෙ ‍රැ‍ඳෙන්නෙ නැති හින්ද.. හැබැයි A/L Fail කියල අත ඇරියෙ නෑ... උඹට තව වයස තියෙනව නම් තව පාරක් A/L කරල S3 ක් දාගනින් Art වලින් හරි. ඒක වටිනව... A/L Fail කියන්න ලැජ්ජ වෙන්න එපා බන්... O/L Fail නම් අන්න ලැජ්ජ වියන්....

    උඹට Interview එන්න කියල නම් පලයන්... A/L වලින් උඹේ දක්ෂතාවය මනින්න බෑ... උඹ වැඩ කරු නම් උඹට තැන හම්බෙයි.... මේ වීඩියෝ එකත් බලන්න ටිකක්..



    රජයේ රැකියාවක් නම් හොයන්නෙ... A/L නැතුව යන්න පුළුවන් පොස්ලි කොස්තාපල්, හමුදා සෙබල වගේ රැකියාවකට විතරයි.. තව පොඩි පොඩි ඒවත් ඉඳල හිටල ගැසට් කරනව.....
     
    Last edited:
    • Like
    Reactions: danlix

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    malli nikan kiyanne salenda apa,,mamath uba wagemai ath waten naha dan yanda ona tharma widi thiyenwa issarahatama yanda oya oyawa wishawaaasa karnda first passe balnda anith awa ...good luck
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    A/L නැත්තන් ඒක දාපන් බං බල්ලට ! :D
    බලහන් බල්ලවත් බලන් නෑ උබ දැම්මට උට :D
    උබ ගැලපෙන නිසයි එන්න කියන්නේ..
    බය නැතුව සැහැල්ලුවෙන් යමන් බොස් !
    අපේ Degree එකේ batch top ලා දෙන්නම A/L කරේ නැති උන් :D
    උන් O/L විතරයි කරේ :D
    කොහොමහරි කමක් නෑ.උබ දැන් ප්‍රයිවට් uni එකේ ඉතුරු වැඩ ටික කරගනින්.

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    රජයේ රැකියාවකට යන්න පුලුවන් පියන් වගේ තනතුරකට. ඉන්න ගමන් බාහිර උපාඩි ඩිප්ලෝමා වගේ දෙයක් කරලා ඉහලට යන්න පුලුවන්. එහෙම ඉහලට ආපු අය ඉන්නවා. පියන් රස්සාවටත් දැන් හොද පඩි :)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රජයේ ඒවාට යන එක නම් අමතක කරපන් මචන්.
    Private එකකට නේද යන්නේ?
    උබව interview තොර ගත්ත කියන්නේ 25% විතර ගොඩ. application දාන හැම එකටම interview එන්නේ නැහැනේ.
    සැහැල්ලුවෙන් යමන්.
    interview වලට ගිහාම උන් බලන්නේ උබට අදාල post එකේ වැඩ කරන්න පුළුවන් හැකියාව තියනවද කියලා. සමහරවිට පොඩි test එකකුත් දෙයි.
    උන් ගොඩක් වෙලාවට කතාවෙන්ම අල්ල ගන්නවා වැඩේ පුලුවන්ද බැරිද කියලා.
    උබ බය උනොත් වැඩිපුර ප්‍රශ්න අහන්න පුළුවන්.
    හැබැයි බොරු කියන්න එපා.
    බැරි දේවල් කියන්නත් එපා.

    සමහර උන් අඩුම ගැනේ certificate file එකවත් බලන්නේ නැහැ බන්. කතා කරලා ඉවර වෙලා යවනවා. උබ training ගිය නම් එතන සහතිකයි, ජොබ් එකට අදාල මොනවා හරි අමතර සුදුසුකම් වල සහතිකයි අරන් පලයන්. මම නම් කියන්නේ A/L නැත්තම් O/L සහතිකේ එක අරගෙන යන්න එපා. එතකොට උන්ට ඕක note වෙනවා.

    උබට වැඩ පුළුවන් නම් කවදාවත් A/L නැහැ කියන දේ highlight වෙන්නේ නැහැ බන්. තමන් degree එක කරන ක්ෂේත්‍රය ගැන හොදට study කරපන්. වැඩකාරයෙක් වෙයන්.

    තව දෙයක්.
    උන් ප්‍රශ්න අහල ඉවර නම් උන්ගෙනුත් ප්‍රශ්න දෙක තුනක් අහපන්.
    උබේ scope එක මොකද්ද?
    පඩියට OT තියනවද?
    Projects කරනවා නම් මොනවද දැන් යන්නේ හරි උබව වැටෙන්නේ මොන project එකටද?
    core workers ල කවුද?
    තමන්ට උඩින් සහ යටින් ඉන්නේ කවුද වගේ දේවල්.

    ** උන්ට උබ ගැන සැටිස් වගේ හිතෙනවා නම් ඔය ටික අහපන් හොදේ.
     
    Last edited: