1.ගාන නම් සාදාරනයි. ඔය ගානට දැන්මෙ නැත්නම් වැඩක් නෑ තමා.
2.ඔය පොඩි පොඩි ප්ලාස්ටික් කෑලි විකුනන සේල්ස් රෙප් කෙනෙක් ගානට වැටෙන්න එපා. මට පේන්නෙ එහෙම උන සීන් එකක්. ඒ වගේ මිනිස්සු කතා කරද්දි ගොඩක් වෙලාවට හැමෝම අහන් ඉන්නව. ඒත් ගන්නෙ සීමිත කෙනයි මටත් පේන්නෙ උබට එහෙම සීන් එකක්.
3.සුලු, මධ්‍ය ප්‍රමානයේ කස්ටමර්ස්ලට වැඩැක් නෑ බන් අපේ සිස්ටම් එකෙන් මොකද වෙන්නෙ, අපි මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ කියන එක. එයාලට ඕනෙ අපි සමාජයේ කොහොම පොරක්ද කියන එක විතරයි.
4. ඉස්සෙල්ලාම සුලු, මධ්‍ය ප්‍රමානයේ බිස්නස් ටාගට් කරපන්. ඒ කියන්නෙ ඔය ටවුන් එකේ තියෙන පොඩි පොඩි කඩ.
5. අදින විදිහෙත් අවුලක් නෑ. හැබැයි අනිවා සපත්තු දාන්න.
පුලුවන් නම් බයික් එකක් හොයා ගන්න. පයින් බස් එකේ ගිහින් ඕව විකුනනවට වඩා ලේසියි බයික් එකක් වත් තියෙනව නම්..
අපි කරන හැටි කියන්නම්, මට හොද පෙනුම බයික් එකක්, කාර් එකක් තියෙනව, ජෙන්ට ගහල, ලස්සන ජැකට් එකක් දාල, ෆුල් ෆේස් දාල යන්නෙ. ලැප් බෑග් එකත් එහෙමයි. ෆෝන් එකත් ඉතින් අයි පෝන් එකක්, ඔය ඔක්කොම කස්ටමර්ට පේන්න මේසෙ උඩින් තියෙනව. ඊලගට ප්‍රොජෙක්ට එක පෙන්නනකොටත් ප්‍රොජෙක්ට් ෆෝල්ඩරේ ප්‍රොජෙක්ට 25ක් විතර තියෙනව. ඔව්ව එයාලට පෙන්නන්නෙ නෑ. ඒත් පේන විදියට ඉන්නෙ. ලැපේ ෆෝන් එක බයික් එකේ ඉදන් ඇදුම දක්වාම තීම් එකකට යන්නෙ..
ඩොක්යුමන්ට් උනත් ෆයිල් කරල තියෙන්නෙ. ඕකට හොදම එක්ස්පෙලේන් එක තමයි ඇයි ඔය ට්‍රේන් වල බස් වල පොඩි පොඩි බඩු විකුනන අය එයාලගෙ සල්ලි ඔක්කොම අතේ තියන් ඉන්නෙ.. සරලව කියනව නම් තමන්ගෙ සේල් එක ඒ ස්ල්ලි පෙන්නල අනිත් අයට අය්ඩීයා එකක් දෙන්නයි
අපිට වයසක් නැති බව එයාල දකිද්දිම තේරුම් ගන්නව. හැබැයි ඒ වයසට අපි ලග තියෙන ඇසට් වලින් අපි එයාලට අයිඩියා එකක් දෙන්නෙ අපි කොච්චර ස්ටේබල්ද කියන එක.මවාපෑමක් වෙන්න පුලුවන්. එයාලට ඒක වැඩක් නෑ.
ඊලගට ගොඩක් වෙලාවට ෆ්ලෙක්සිබල් වෙයන්. උබේ සිස්ටම් එකේ නැති දෙයක් කිව්වොත් සල්ලි නැතුව කරල දෙන්නම් කියපන්. ඊලගට ඒ ෆීචර් එක අලුත් ක්ලයන්ට්ට අර ගානටම ප්‍රොමෝට් කරපන්. සල්ලි නෙමෙයි වැදගත් කලයන්ට්වයි. අහවල් තැන දුවන්නෙත් මගේ සිස්ටම් එකක් කියල ක්ලයන්ව මාකට් කරන්න පුලුවන්.
සර්විස් දෙන්නෙ නිකන් නෙමේනෙ බන්. දැන් බලපන් රජයෙන් අයිඩී එකට කැරක්ටර්ස් 12ක් දාල අපි ඔක්කොම 9ට ලිමිට කරල තියෙන්නෙ. මෙතඩ් එක මොකද්ද
TextFiledValidate.setMaximumLength(9); //Where 9 is length
සිස්ටම් අප්ඩේට් එකක් ඕනෙ දැන්. අපි මොකද කරන්නෙ 9 තියෙන තැන මැකුව 12 දැන්ම. අප්ඩේට් එකේ ගාන ගත්ත. හිතපන් උබ සිස්ටම් 10ක් දැන්ම කියල එකකින් 5ක් ගත්තත් 50,000 නිකන්ම අතේ බන්.
උබ ඉන්දියන් කාරයෙක්ද උබ චයින කාරයෙක්ද කිය කිය කියා ඉනීටියල් වැලියු එක මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ස්මාට් වෙයන්. හැබැයි ක්ලයන්ට ව ආරක්ශා කරපන්. හැම වෙලේම කල්යන්ට එක දියන්.
ඇයි ලොකු කම්පැනි වලට යන්නෙ නැතුව අපි ලගට එන්නෙ.
මූලික හේතුව අපි හැමැදෙයක්ම ප්‍රයිස් කරන්නෙ නෑ. සිස්ටම් එක අප් වෙනකම් මම නම් 100 පාරක් උනත් යනව. විසිට් චාර්ග් ගහන්නෙ නෑ. තඩියමේ දගලන්නෙ නෑ. අයිටම් රෙජිස්ටර් කරන්න අනිත් කම්පැනි එකකට රු 20 ක් ගත්තත් අපි නිකන් කරල දෙන්නෙ. කලයන්ට් නැත්නම් වාඩි වෙලා කඩේ කොල්ලො ටික එක්ක කියෝ කියෝ ඉන්නව. ෆාමසි නම් ඉතින් කෙල්ලො තමා. හැබැයි ගිහාම 90% අය කන්න දෙනව, බොන්න දෙනව, කෙල්ලො හිටියොත් තේ හදල දෙනව. ඒ අතරෙ අපිත් බිසන්ස් කරනව. කඩේට එන කස්ටමර්ස්ලට වාඩි වෙන්න කියල, මොනාද බැලුවෙ අහල පොඩි සයිඩ් සපෝර්ට් එකක් දෙනව.
කොහොම හරි ඇගේ ගහන්න ට්‍රයි කරන්න එපා. ගන්නව නම් ගන්න ගානට ඉන්න. හැබැයි ලොකුකම් නැතුව ඔක්කොම කියන්න. ඒ ඒ බිස්නස් අනුව සුලු, මධ්‍ය කස්ටමර්ස්ලට වැදගත් වෙන දේවල් තියෙනව
1. ෆාමසි - එක්ස්පයර් ඩේට් එක
2. හාඩ්වෙයාර් - ක්‍රෙඩිට් බැලන්ස්
3. මොබයිල් - කොන්ටිටි ප්‍රමානය
4. කම්පුටර් - සීරියල් සමග කොන්ටිටි
5. සපත්තු - වේරියන්ට් වලින් තියෙන කොන්ටිටි ගාන. ( එකම සපතුවේ සයිස් වර්ග )
6. සැලූන් - සර්විස් ගනන් හිලවු
7. රෙන්ට් - බුකින්ග් නොටිෆිකේටන්
8. ස්ටූඩියෝ - ඇඩ්වාන්ස් පේමන්ට් ඇන්ඩ් කස්ටමර් සේල්ස් ඉන්වොයිස්
ඔන්න ඔය වගේ එයාලට මුලිකවම ඕනෙ ඕව. ඕව ප්‍රධාන තැන දීල ටෝක් කරපන්. උබට ජය.