මට මාතර පැත්තේ ඉන්න යාලුවෙක් කියපු කතාවක් මතක් උනා..
එම්බාම් වැඩ කරන පොරක් හිටියලු.. පොර හැමදාම බීලා රෑ වෙලාලු ගෙදර යන්නේ..
දවස් මිනියක් එම්බාම් කරලා 12ට විතර ගෙදර ගියාලු.. යන්න තියෙන්නෙත් පයින් වෙලක් මැදින්ලු..
මිනිහා ගෙදර යනකොට ගෙනියන්න මාලු වගේකුත් අරගෙන, ඒ පාර්සලෙත් එල්ලගෙනලු යන්නේ..
මිනිහට මගදි දැනෙනවලු පාර්සලෙන් කවුරුහරි අදිනවා වගේ.. මිනිහා ගනන් අරගෙන නැහැ.. පස්සේ හොඳටම තේරෙනවලු අදිනවා.. පස්ස හැරිලා බැලුවලු.. ඒත් කවුරුත් පේන්න නැහැලු..
ආයේ යන්න හද්දදි අදිනවලු,
පස්සෙ බැරිම තැන මිනිහා පාර්සලේ විසික් කරලා ගෙදර ගිහිල්ලා..
මිනිහා පුරුදු වෙන්න එම්බාම් කරන කෙනෙකුත් නෙමෙයි, පලවෙනි දවසත් නෙමෙයි,
ඒත් එහෙම වෙනවා කියලා තමයි හිතන්න තියෙන්නේ...
මම ඇස් දෙකට දැකලා නැති උනත් මම ලඟ හිටපු අය අදෘශ්යමාන බලවේග දැකපු අත්දැකීම් මට තියෙනවා..