ඉතින් බන් ගෝට මොකටද ඕව කරේ, අර ශිරන්තිගේ අයිය වගේ ආතල් එකේ මොකක්හරි එකක සභාපතිකමක් අරගෙන කාල බිල වාහන ටිකක් අරගෙන පිටරට සවාරි ගිහින් බඩුවක් ගහල සැප සේ ඉන්න තිබ්බනෙ, ඌ අඩුගානේ චන්දෙන් පත්වෙච්ච කෙනෙක් නං චන්දෙ දුන්න උන්ට වැඩකරා කිවැකි. ඌ මොකටද මේ අහක යන නගර සංවර්ධන වැඩ වලට හොට ඔබන්න ගියේ, අනික නාගරික සංවර්ධන අධිකාරිය උට අයිති එකකුත් නෙවේ, ආරක්ෂක එකට පස්සේ එකතුකරගත්තේ. ඇත්තටම වැඩකරන්න උවමනාවක් නැත්තන් ඔය ඔක්කොම බලෙන් පැන පැන කරේ මොකටද ? කොමිස් ගහන්න ඕනේ නං ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ සල්ලි හොයන්න වෙන ක්රම තියෙනවනෙ.
නාමල්ල, නිශාන්තල ඇතුළු අනිත් පවුලේ උන් ආතල් එකේ ඉද්දි වැඩ කරපු එකම මනුස්සය ඔය. මිනිහෙක් වැඩක් කරාම එක අගය කරපන්, වැඩ කරන්න ඕනේ කියල වගකීමක් නැතුව සැප සේ ඉන්න පුළුවන්කම තියෙද්දී වැඩ කරපු එකත් විශිෂ්ට ගුණයක් තමා. එහෙම වැඩ කරන්න උවමනාව තියෙන උන් තමා අපිට ඕනේ.