නිවන.. කකා බිබී,බෝල ගසමින්, ඕටී කරමින්,පෝයට පන්සල් යමින් ඉන්න සාමාන්‍ය හුදී ජනයාට පොඩි අයිඩියා එකක්වත් මේගැන ගත නොහැක්කේ "මම" යන සම්මුතිය පනවාගෙන ඉන්න නිසාය.
මම ඉන්නවා..(පන්තියේ නම ලකුනු කරද්දී කියන්නේ ඔහොම )
මට සීතල දැනෙනවා..
"මම" මේ භවය ඉවර උනාම ,නැවත ඉපදෙලා "මම" අයෙත් ඉන්න/පවතින්න ගන්නවා.
("මම" සම්මුතිය පමනක් නෙවෙයි.. පන්සලේ පොඩි හාමුදුරුවෝ, අල්ලපු ගෙදර අක්ක, රහතුන් වහන්සේ ,අපේ මාම ආදී වශයෙන් මේ ඔක්කොම පනවගෙනනේ ඉන්නේ )
"මම" ත් එක්ක මේ නිවන තේරුම ගන්න බැරිය.. මොකදදෙන්න එකිනෙකට විරුද්ද්ධය.ඒනිසා වැඩේ කරන්න බැරිය..
ඔන්න ඔහොම හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් , බුදුදහමේ එන නිවන යන සන්කල්පය ගැන හිතන්න ගන්නවා.එතකොට එයාලට හිතෙන්න ගන්නව නිවනට පසු "මම" කියන කෙනාට (අපේ ලොකු මාමට ),ඒදැනීමට මොකද වෙන්නේ කියල.ඔන්න එතකොට ශුන්‍යත්වය කියන වශනය දාල මේක පැහැදිලි කරගන්න හදනවා.නිවන යනු ශුන්‍යතාවයද කියලා අහන්න ගන්නවා.(වචනෙන් එහෙම පැහැදිලි කරන්න පුලුවන්නම් , ඔච්චර පට්ඨාන දර්මය දේශනා කරපු බුදුහාමුදුරුවෝම ඔක හොදට පැහැදිලි කරනවානේ )
නිවනට පසු මම (රහතන්වහන්සේ)ඉන්නවාද අහපුවාම උත්තරදීලනැත්තේ අන්න ඒනිසා.
ප්‍රශ්නය අව්‍යාකෘතයි කීවානේ.හේතුව ප්‍රශ්නය වැරදියි කියලයි කියැවෙන්නේ.(කොස් ගෙඩියේ බර ඇම්පියර් කීයද වගේ ).මොකද "මම" සත්‍යවශයෙන්ම නොමැතිනිසා.එනම්, නිවනට පෙරත් "මම"නැතිනම්, නිවනට පසු කොහේ ඉන්න "මමෙක්"ද? ඒකයි ප්‍රශ්නය අව්‍යාකෘත කිව්වේ.
එහෙනම් මේ ඉන්නේ කවුද.....
ඉන්නේ "මම" නොවේ. පුද්ගලයෙක් නොවේ.ඇත්තේ ක්‍රියාවලියකි.
පටිච්ච සමුප්පද, හෙවත් හේතුපල/පල හෙතු ක්‍රියාවලියකි.
"හේතුන් පටිච්ච සම්භුතන්, හේතු භන්ගා නිරුජ්ජතී"
(පසුවට...... සැයු. මේ මගේ අදහසයි )
පින්වත් ex-muslim Ahmed,
යම් අයෙක් ඔබට මෙසේ කියනවා යැයි හිතමු:
"මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? නිවන සුව යැයි කියන අය නිවන් අවබෝධය ලැබ කය බිඳී පිරිනිවීමෙන් පසුවත් සුව විදින කෙනෙක් ඉන්නවා හෝ සුව විදීමක් තියෙනවා යන අදහසිනුයි එහෙම කියන්නේ. ඒ නිසා නිවන සුව යැයි කියන අය "මම" කියන දෘෂ්ටිය නිසාමයි නිවන සුව යැයි කියන්නේ. නිවන සුව යැයි කීමත් "මම" යන දෘෂ්ටියට අනුරූප කීමක්. නිවන ගැන සුව යැයි හෝ ශූන්‍යතාවයක් යැයි හෝ වෙන කිසිම දෙයක් කියන්න බැහැ. එහෙම කිව්වොත් ඒ කියන හැමෝම දහම් පටලවාගෙන. එහෙම කියන හැමෝම "මම" යන දෘෂ්ටියෙන් හිතන්න ගොස් ධර්මය වරදවා වටහා ගත් අය.
යම් අයෙක් ඉහත පරිදි කීවොත් ඔබ ඒ ගැන කවර අදහසක් දරනවාද? එම කීම් ධර්මයට ගැලපේ යැයි හිතනවාද, නැත්නම් එම කීම් ධර්මය වරදවා වටහා ගන්නා ලද නිසා කියන ලදැයි හිතනවාද?
Skylark
එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. "නිබ්බානං පරමං සුඛං" යන බුදුවදනට එරෙහිව යන අය වෙන්න ඕනෑ ඒ කට්ටිය. ඔබේ "නිවන යනු කුමක්ද" පිලිතුරෙන් මේ ගැන තවත් පැහැදිලි වනවා. පරිශුද්ධ ශුන්‍යතාව සහ පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව ගැන අපූරු විග්‍රහයක් තියෙනවා නේ. බොහොම පින් ලැබේවා මේකට මැදහත් වෙලා නියම දිශාවට සංවාදය යොමු කලාට.
http://www.trekmentor.com/si/content/book/652
එළුවෙක් ලිඳේ වගේ ආයෙත්.. නොදන්න දෙවල් වලට හොට දාන්ඩ ගියාම ඉතිං නිකම්ම බෑහ් කියවෙනවා නේහ්??


Last edited:



