අර ඊයෙ කියපු කතාව... මම උන්වහන්සේ සමග යනගමන්ම පොඩි සාකච්චාවක් දැම්ම,කුටියට 10 කි මී විතර තියනවා කීවනිසා.
ආහාර පිලිබද විමසුවිට කියාසිටියේ....
බොහෝ වෙලාවට දවසට එකවේලකින් යැපෙන බවය.උදේ වරුවේ පින්ඩපාතයේ ගොස් සපයාගත් ආහාර දවල්ට වළදා රාත්රියට තේ එකක් වැනිදෙයකින් යැපෙනබවයි.
අපිටනම් , එහෙම හිටියොත් බඩ දනව , කොහොමද ඔබවහන්සේ ඒකකරන්නේ කියා ඇසුවිට කිව්වේ..
ටිකදවසක් පුරුදුවෙද්දී හරියන බවයි.
බුද්දන්ගල සිට දැන් වැඩවසන ස්ථානයට පැමිනි බවත් කිව්වා
සමාන්ය පන්සල්වලින් නිතරම කරන්නේ මිනිසුන්ව පිනට/දානයට දිරිගන්වමින් සසරට බැදතබන සසර දික් කරන දෙයක් බව උන්වහන්සේ ගේ අදහසයි.
වඩන මාර්ගය පිලිබදව විමසුවිට....
නිතර භාවනානුයෝගීව සිටින බවත්.
සීලයෙන් පටන් ගතයුතුබවත්.... සීලයක් සමාදන් වී ඉන්පසුව දවස අවසානයේ තමුන් අතුන් සීලය කැඩීඇත්දැයි පරීක්ශාකලයුතු බවත් කීවා.එසේ නොකර එය නැවත තැවත සමාදන්වීම එතරම් අර්තයක් නැතිබවයි කිව්වේ.එසේ සීලය පවත්වාගන යද්දී ඒතුලින් සති,සමාධිය වැඩෙන බවත් පැවසුවා.
(මේ උන්වහන්සේ අදහසයි මෙය තම තමුන් ගලපාබැලියයුතුය )
(මා දන්න දේනම්: සීලයක පිහිටා, සම සතලිස් කර්මස්තානවලින් එකක් ගෙන සතිය වඩා,සමාධියට යායුතුය. තම තමන්ට ගෝචර අයුරින් තම තමුන් මාර්ගය වඩත්වා.. !!)
විශාල ගලක් පාමුල උන්වහස්නේගේ අලුත සෑදු කුටිය විය.ගල උඩට යාමට කුඩා අඩිපාරකි.උන්වහන්සේ මා අත යතුරක් තබා උඩට ගොස් අලුත් විහාරය ඇතුලුව අනිකුත් දේවල් බලා එන ලෙස පැවසීය.කුඩා ආරන්යසේනාසනයක හැගීම සිතට දැනේ.ගල උඩ අලුත වැඩනිමකල ඉතාකුඩා විහාරගෙය පිහිටි අතර ඒඅසලම ඉස්සර භික්ශුන්වහන්සේ නමක් වැඩසිටි බව කියන කුටියක්ද වේ.ඒ පින්වතුන් කීපදෙනෙකු උදවුකලබවත් කිවේය.ඒනිසා උන්වහන්සේගේ කුටියට විදුලිය ජලපහසුවද ඇත.අවසන, උන්වහන්සේට වැද මා නැවත මගේ වැඩයට ආපසු පිටත් වීමි..