Movie එකක් හදමුද?

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ඔන්න යාලුවනේ කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මගේ මේ සුදානම. මම දන්නවා මේ ගැන දැනටමත් පොඩි හරි හිතේ හැන්ගිච්ච ආසාවක් තියෙන අය ගොඩ දෙනෙක් කිරියේ ඉන්නවා කියල. එත් ඒ අදහස එලියට දාගන්න බැරුව ගොඩ දෙනෙක් මේකේ ඉන්නවා කියලත් මම දන්නවා. මොකද මේ වැඩේ බරපතල කමකුත් තියෙනවා. ඒ වගේම ටිකක් සල්ලි යටකරන්නත් වෙනවා. මොකද වර්තමානයේදී හැම දේටම විසඳුම වෙලා තියෙන්නේ සල්ලි නිසා. එත් මේ කියන සියල්ල පරාද කරන්න පුළුවන් ශක්තිය උත්සහවන්ත, ධෛර්යවන්ත මිනිසුන් තුල තියෙන බව අපි දැනගත යුතුයි. මොකද අද ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු බොහොමයක් උපතින්ම ධනවත් මිනිස්සු නෙවෙයි. ඔවුන් තුල තිබුණු ධෛර්යය, උත්සාහය, කැපවීම නිසයි අද ඔවුන් මේ තත්වයෙන් සිටින්නේ. ඒ නිසාවෙන් මමත් කිරියේ ඉන්න උත්සහවන්ත, ධෛර්යවන්ත යාලුවන්ට විවෘත ආරාධනයක් කරන්න කැමති අපිත් එකතු වෙලා යමක් කරමු කියල.

    මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන මම කොටිපතියෙක්වත්, මහා බහුසෘතයෙක්වත් නොවන වග. මම සාමාන්‍ය විදිහට මේ රටේ ජීවත් වෙන මධ්‍යම පන්තියේ සාමාන්‍ය කොල්ලෙක්. ඒවගේම කියන්න ඕනේ මම මේ එලියට දන්නා හදන්නේ පොඩි කලේ ඉඳන් මගේ හිතේ තිබුන ලොකු ආසාවක්, බලාපොරොත්තුවක්. මීට කලින් වතාවකුත් මම පොඩියට මේ ගැන ලිපියක් දැම්ම. එකට ගොඩක් ප්‍රතිචාර ලැබුන. එත්තටම ඒ වෙලාවේ හිතට ලොකු ගැම්මක් අවා. මාරම සතුටක් දැනුනේ. නමුත් මගේ ජීවිතේ මම කරගත්ත ලොකුම මෝඩකම නැතහොත් මගේ රස්සාව නිසා මට වැඩේ දිගටම කරගෙන යන්න බැරිඋනා. රස්සාව ගැන මම වැඩිය කතාකරන්න යන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරන්න ගියොත් කියන්න දහසක් කරුණු මගේ හිතේ තියෙනවා. නමුත් මේ සැරේ මම තීරණයක් අරගෙනයි වැඩේට අතතියන්න සුදානම් උනේ. මොකද මේ වැඩේ හරියට කරන්න සෙට් උනොත් මගේ ජොබ් එක අතහරින්න මම තීරණයක් ගත්තා. එක නිසා මේ කියන හැම වචනයක්ම මම කියන්නේ 100% serious අරගෙනයි. මම හිතනවා මේක කියවන කිරියේ යාළුවොත් මේක serious ගනී කියල.

    හරි හරි වැල් බයිලා කතා කලා හොඳටම ඇති. මම මාතෘකාවට එන්නම් එහෙනම්. මෙන්න මේකයි මගේ මාතෘකාව 'Movie එකක් හදමුද?'. මේ ගැන කියද්දී සමහරු හිතයි මූ පිස්සෙක්, මූට විකාරද කොහෙද, මොනාද මේකට මූට තියෙන සුදුසුකම්, මොනාද තියෙන experience, මොනාද මේවා ගැන කරලා තියෙන courses. හ්ම්ම්. ඔව් ඇත්ත මේ කියන කිසිම දෙයක් මට නැහැ. එත් මම කලින් කිව්වා උත්සාහය, ධෛර්යය මගේ හිතේ තයෙනවා. මම මට පුළුවන් විදිහට මේ දේවල් ගැන මට පුළුවන් හැම වෙලාවකම ස්වයං අධ්‍යනයන් කරනවා. එත් මම දන්නවා මම නොදන්නා දේ බොහොමයි කියල. ඒවගේම මට දැනිච්ච තව දෙයක් තමයි මගේ ඇගේ කලාව, සෞන්ධර්යය කියන දේ තදින්ම තියෙනවා කියන දේ. එත් ජීවිතේ එක තැනකදී ගත්තු වැරදි තීරයක් නිසා මේ හැකියාවන් මගේ හිතේ අහුමුලුවල හැංගිලා තියෙන්නේ. පරක්කුවෙලා හරි මම හිතනවා මම හරි තීරණයක් තමයි ගන්න යන්නේ කියල. එත් දන්නෙ නැහැ කියල පැත්තකට වෙලා බලාගෙන හිටියොත් කවදාවත් සාර්ථක වෙන්න බැහැ කියල අපි හැමෝම දැන ගන්න ඕනේ. එක නිසා වැරදෙන්න හරි කියල මම මේ වැඩේට ඇත තියන්න තමයි යන්නේ. එකට මම ඕගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. අනික මම කියන්න ඕනේ මේක මගේ වැඩක් නෙවෙයි අපි හැමෝගෙම වැඩක්. මම එහෙම කියන්නේ සමහරු වැඩක් කලාම තමාගේ නම ඉස්සරහින් බෝඩ් ලෑල්ල දාගන්න විතරයිනේ උත්සහ කරන්නේ. තමන්ට හරි ගියහම තමන්ට උදව් කල සියල්ලම අමතකයි. එත් මම කියන්න කැමති මේක මගේ වැඩක් නෙවෙයි. මේක අපේ වැඩක්.

    හොදයි යාලුවනේ ටිකක් මහන්සි. මම පොරොන්දු වෙනවා thread එක දිගටම අරගෙන යන්න. දැනට තාවකාලිකව නැවතීමේ තිතක් මම තියෙනවා. හරි මගේ වැඩේ ගැන / අදහස ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ? අනේ යාලුවනේ ඕගොල්ලොන්ට මේ ගැන අදහසක් ආසාවක් නැත්තන් bump එකක් දල හරි යන්න. මොකද මේ ගැන කැක්කුමක් තියෙන / ආසාවක් තියෙන බොහෝ දෙනෙක් කිරියේ ඉන්න පුළුවන්.
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    වැඩේ හොදයි.
    කරගෙන යමු...
    මටත් බරටම අයිඩියා එක තියෙනව ඕක ගැන ඉස්සර ඉදන්ම.
    කරමු බං සෙට් වෙලා.
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඒත් උබ ඊට කලින්
    ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්.
    ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං.
    ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ.
    හැබැයි උනුත් ඔහොම නම් දාන්නෙ නෑ.
     
    • Like
    Reactions: Ithika mithika

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    වැඩේ හොදයි.
    කරගෙන යමු...
    මටත් බරටම අයිඩියා එක තියෙනව ඕක ගැන ඉස්සර ඉදන්ම.
    කරමු බං සෙට් වෙලා.
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    ඒත් උබ ඊට කලින්
    ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්.
    ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං.
    ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ.
    හැබැයි උනුත් ඔහොම නම් දාන්නෙ නෑ.

    එල බන් thnx. දිගටම thread එකත් එක්ක ඉන්න. නම ගැන හිතන්න එපා බන්. එක නිකන් මගේ ආසාවට දාගත්ත එකක්. Film එකට එක ගාව ගන්න එපා.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ha ha ha.. balallu lawwa kos ate bawaganna awilla.. pala pala miniho.. meke un rawattala unge dath anda galawaganne nathuwa uba karana bambuwak karaganin..
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මචන් කරනවානම් පොඩ්ඩක් ඉගෙන ගනින් එක ලොකු උදව්වක් වෙයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න සේරම ඒ ගැන ඉගෙනගෙන ටමයි පටන් ගන්නේ දැන් මේක විටරක් නෙවෙඉ ඕනෙම ෆීල්ඩ් එකක් එහමයි corces ඕනේ ටරම් තියේ ගාන අඩු එකක් බලල කරහන් කරන ගමන් හදහන් උබට ජය එළමකිරි
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Ha ha ha.. balallu lawwa kos ate bawaganna awilla.. pala pala miniho.. meke un rawattala unge dath anda galawaganne nathuwa uba karana bambuwak karaganin..

    මචන් මට කාගෙවත් කොස් ඇට එපා. මගේ කොස් ඇට මම සුද්ද කරගන්නම්. ඔය ඒ ගැන හිතන්න එපා. කවුරු හරි අලුත් වැඩක් කරන්න යනවනම් වචනෙකින් හරි එකට උදව් කරන්න ඉගෙන ගන්න. කකුලෙන් අදින්න පුරුදු වෙන්න එපා. මම කවුරුත් හදපු film ඉල්ලුවෙත් නැහැ මට ඕනෙත් නැහැ. මම කිව්වේ අපි එකතු වෙලා අපේ දක්ෂතා එකතු කරලා film එකක් කරන්න try කරමු කියල. මට වෙන කාගෙවත් ෆිල්ම් වලට මගේ නම් ගහගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් හොයල බලල කතා කරන්න. ඔය දන්නේ නැහැ මම කව්ද කියල. මම දන්නේ නැහැ ඔය කව්ද කියලත්. එක නිසා පොඩ්ඩක් හොයල බලල කතාකරමු. අනික ෆිල්ම් හදනවා කියල. එළකිරියේ මෙහෙම thread එකකින් කරන්න බැහැ. එකට මගේ plan එකක් තියෙනවා. එදේවල් මම තාම කිව්වේ නැහැ. මොකද හැමදෙයක්ම ප්‍රයෝගික වෙන්න ඕනේ. අනික එක පාරට මහා දෙයක් අපිට කරන්න බැරි වෙයි. පොඩි දෙයින් හරි ආරම්භයක් ගන්න ඕන. අව්ලක් නැහැ. මේ වගේ comments වලින් මම සැලෙන්නේ නැහැ. කොහොමත් කොහේ ගියත් ඔයවගේ කමකට නැති මිනිස්සු ඉන්නවනේ. එක ලෝක ස්වාභාවයනේ. නැත්තන් ඉතින් මේ ලෝකේ දිව්‍යලෝකයක් වෙන්න එපාය.
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මචන් කරනවානම් පොඩ්ඩක් ඉගෙන ගනින් එක ලොකු උදව්වක් වෙයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න සේරම ඒ ගැන ඉගෙනගෙන ටමයි පටන් ගන්නේ දැන් මේක විටරක් නෙවෙඉ ඕනෙම ෆීල්ඩ් එකක් එහමයි corces ඕනේ ටරම් තියේ ගාන අඩු එකක් බලල කරහන් කරන ගමන් හදහන් උබට ජය එළමකිරි

    thnx බන්. එල. මම කිව්වනේ මම වරදින්න හරි වැඩේ පටන් ගන්නවා. ඔය course කරනවා අරක කරනවා මේක කරනවා කියා කියා බලන් හිටියොත් ඕව වෙන්නේ නැහැ බන්. කැමති නම් set වෙන්න. අපි වැඩක් කරමු.