මම මේ කියලාදෙන්න යන දේ print media වල වැඩ කරන යට බොහොම වැදගත් වේවි. 100% නිවැරදිව සමාන දුරකින් යම් object එකක් repeat කරන්නේ කොහොමද කියලා බලමු. කෙනෙකුට හිතෙන්න පුලුවන් මොකක් වගේ දෙයක්ද කියලා.අපි අභ්‍යාස පොත්වල තියෙන ඉරි සමාන දුරකින් නිර්මාණය කරන විදිහ ඉගෙනගමු (ක්‍රම කීපයක් තියෙනවා එකින් එක බලමු)
අපි object එක විදිහට ස්ට්‍රෝක් එකක් (line එකක්) ගනිමු. stroke thickness ලෙස point 0.25 යොදා ගනිමු. කෙලින් stroke එකක් ගහන්නේ කොහොමද ? හරි simple කියලා හිතේවි. අපි stroke එකක් ඇන්දට ඒක 100% කෙලින් අදින්නේ මෙහෙමයි. මුලින්ම stroke colour එක ලෙස කලු යොදාගන්න.
Line segment Tool එක මත එක වරක් click කරන්න.
දැන් Artboard එක මත click කරන්න. දැන් stroke එක අවශ්‍ය දිග ඇතුලත් කරන්න. Angle එක 0 ලෙස ඇතුල් කොට OK karanna. යොදන angle එක අනුව අදින ඉරේ කෝණය වෙනස් වෙනවා.(මේ වගේ දේවල් එක එක අගයන් දීල වෙනස් වන ආකාරය අධ්‍යනය කරන්න පුරුදුවෙන්න)
දැන් ඉගෙන ගනිමු මේක repeat කරන විදිහ. stroke එක select වෙලා තියෙන අතරේ. Menu bar එකෙන් object > Transform >Move පිලිවෙලින් select කරන්න. (Keyboard shortcut : Windows සදහා (Ctrl +Shift +M) / Mac සදහා Cmd +Shift +M )
Horizontal අගය 0 ලෙසත් Vertical අගය 6mm ලෙසත් යොදා Angle එක -90 ලෙස යොදා Copy Button එක මත click කරන්න.
( stroke එක repeat karana නිසා copy මත click කරන්න අමතක කරන්න එපා ) දැන් stroke 2 එකිනෙකට 6mm දුරින් දැකිය හැකියි.දෙවෙනියට නිර්මාණය වූ stroke එක select වී තිබියදී Menu bar එකෙන් object > Transform >Transform again පිලිවෙලින් select කරන්න. දැන් තවත් stroke එකක් නිර්මානයවේවි.
Menu bar එකෙන් මේක දිගටම කරන්න ගියොත් කරදර නිසා. shortcut keys භාවිතා කරන්න. ඒ සදහා Ctrl + D (mac සදහා Cmd +D) අවශ්‍ය ප්‍රමාණයට stroke නිර්මාණය වුනාට පසු repeat කරන එක නවත්වන්න. මේක ඕනෑම object එකකට යොදා තව දුරටත් අත්හදා බලන්න.
කෙනෙකුට ඉගෙනගන්න යමක් මේ දාල තියෙන්නේ. ගියපාර දාපු images අදටත් වෙච්ච දෙයක් නැහැ. මම හිතනවා මේකට එහෙම අලකලංචියක් නොවෙයි කියලා.