වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    නෑ බන් ඔය එන්නෙ යට කෑල්ලෙ ඔයිල් පුරවල තියන එකක්. මේ වගේ වැඩක්.

    complex-oil-bath-air-filter.jpg


    අත්ට්‍රැක්ටර් වලත් එන්නෙ ඔය වගේ එකක්. ඕකෙ ල්ටර් එලිමන්ට් එක යකඩ දැල් වලින් හදපු එකක් වගේ තියෙන්නෙ. ඒක සවුත්තු වෙන්නෙ නෑ. ඕෆ් රෝඩ් යන ඒවගෙත් ඕව එනව මං දන්න තරමින්.

    :shocked: අෆ්ෆා අදමයි ඒ සීන් එක ඇහුවේ :baffled:
    එතකොට එයා ෆිල්ටර් ඔයිල් කියලත් මාරු කරනවද :confused: නැත්නම් ඕකට දාන්නෙත් එන්ජින් ඔයිල් ම ද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අෆ්ෆා අදමයි ඒ සීන් එක ඇහුවේ :baffled:
    එතකොට එයා ෆිල්ටර් ඔයිල් කියලත් මාරු කරනවද :confused: නැත්නම් ඕකට දාන්නෙත් එන්ජින් ඔයිල් ම ද?

    ට්‍රැක්ටර් වලනම් එන්ජින් ඔයිල්ම තමා මං හිතන්නෙ දාන්නෙ. ඕවගෙත් එහෙම වෙන්න ඇති ගොඩක් වෙලාවට. කොහොමත් දාන්න ඔයිල් ග්‍රේඩ් එකක් කියල ඇති. ඔන්ඩ අනාථයගෙන් තමා වැඩි විස්තර අහන්න වෙන්නෙ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ බං එහෙම ඒව වැඩක් නෑ..
    මගේ ලග නිසාන් පෙට්‍රල් එකක් තියෙනවා.
    මම හොයන්නේ එහෙම යූස් එකට වාහනයක් නෙමෙයි..
    බීට් එකක් ගහලා මොඩිෆයි කරලා ශකලක බේබී කියල යන්න එකක්..
    මාසෙටම කිලෝමීටර් තුන් හාරසීයක් පදින්න එකක්...

    Goo giya mata sinhalu. Camry body ekak aran land cruiser engine ekak thiyapan sadahatama oba mage mage puka obee wela yanna :cool::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machanla kohomada bike ekakata backfire wenna hadanne????:confused::confused::confused::confused:

    bike Kaparla please.....:eek::eek::eek:

    මගේනම් ඒ දවස්වල බයික් එකේ හෙඩ් බෝර් කරන්න කලින් හොඳට බැක්ෆයර් තිබුනා.බයික් එකේ යනකොට ඒක තීයෙන විදියට තියෙන්න ඇරපන්.ගොන් වැඩ කරන්නේ නැතුව
     

    Rapkr9808

    Junior member
  • මගේනම් ඒ දවස්වල බයික් එකේ හෙඩ් බෝර් කරන්න කලින් හොඳට බැක්ෆයර් තිබුනා.බයික් එකේ යනකොට ඒක තීයෙන විදියට තියෙන්න ඇරපන්.ගොන් වැඩ කරන්නේ නැතුව

    හරි හරි බන්.:frown::frown::frown::frown::baffled::baffled::baffled:ඒකෙන් මේකෙන් කමක් නෑ. මට ඕක එන්ජිමට ඕන වෙලාවට නෙවෙයි , මට ඕන වෙලාවට Backfire කරන්න වැඩක් කියහන්කො.
    ඒකට ඕන equipment ටිකයි කරන හැටියි ලියලා සොරි:P:P ටයිප් කරල දාහන්කො දන්නා කියන එකෙක්.:yes::yes::yes::yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    බිල දාහන් බලන්න :yes:
    ඔයිල් කෑන් එක කීයද?
    මේ සැරේ කල තැන හොදටම හොදයි බන් හොදටම වැඩේ කලා...පොඩ්ඩක් හිටපන් හවසට දාන්නම්..ඔයිල් එක හාරදාස් ගානක් වගේ උනා..කලින් අපරාදේ බන් මම දැනන් හිටියේ නෑ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    සිංහලු ..බ්රේක් ෂූ දාන්න ඕන පස්සේ රෝද දෙකේම ....කියක් යාවිද???
     

    thanujaka

    Well-known member
  • Civic EK3

    YOM = 1996-2000

    EK3 එකේ ප්‍රධාන Trim Level කීපයක් තියෙනවා

    EXI = Non VTEC, D15B Engine
    VTI = VTEC, D15B Engine
    Ferio VI = JDM,3 Stage VTEC, D15B Engine
    Ferio MI = JDM, VTEC-E, D15B Engine, CVT (Multimatic) Gearbox
    Ferio VI-RS = JDM, 3 Stage VTEC, D15B Engine


    ඔය සෙට් එකෙන් ලංකාවේ වැඩිපුර තියෙන්නේ EXI ඒවා.. සිවික් එකක කොහේ හරි Ferio කෑල්ලක් ගෑවිලා තියෙනවා නම් ඒක JDM Version එකක්.. ඒ කියන්නේ ජපානේ පාවිච්චියට හදන මොඩල් එකක්...

    ඔතන සෙට් එකෙන් EXI ඒවා ඉතින් අනික් ඒවා තරන් මාකට් නෑ VTEC නැති නිසා.. EXI VTEC කන්වර්ට් කරපුවත් තියෙනවා..
    Ferio MI එක Lean Burn capability එකත් එක්ක ආපු මොඩල් එකක්.. තනිකරම Economy වලට හදපු කාර් එකක්.. CVT ගියර්බොක්ස් එක... හරියට මේන්ටේන් නොකරොත් ලෙඩම තමා.. ඕකත් පොඩ්ඩක් මාකට් අඩුයි.. අනික විකුනන්න අමාරුයි..

    Ferio VI එක තම JDM සීරිස් එකේ Highest SPEC Model එක... ගන්නවා නම් ඉතින් Ferio VI එකක් තමා..

    1998 දී EK3 එකේ Facelift එකක් එනවා.. 1996-1998 වලට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා..

    1996-1998 මොඩල් වල එන්නේ මේ වගේ Tail Lights.. Brake Light ඒකට යටින් තමා Signal/Reverse Lights තියෙන්නේ...
    003235_ps-tail-lamp.jpg


    1998-2000 මොඩල් වල එන්නේ මේ වගේ Tail Lights..Signal/Reverse Lights වලටයටින් තමා Brake Light තියෙන්නේ...
    IMAG0031.jpg


    1996-1998 Headlamps
    F143822686.jpg


    1998-2000 Headlamps (AKA Dual Crystal Headlamps)
    1apus.jpg


    1996-1998 Front Buffer
    1996_honda_civic_sedan_ex_fq_oem_1_500.jpg


    1998-2000 Front Buffer
    $_35.JPG


    ඔය ඇති.. වැස්ස.. සීතලයි..ඔයිට වඩා ටයිප් කරන්න කම්මැලි..

    Ferio Vi-RS කියන්නේ Ferio VI එකෙත් ලොකු අයියා.. 1998 Facelift එකේ Ferio VI එකේ Special Edition එකක්වෙ තමා VI-RS එක... Ferio VI-RS වල YOM එන්නේ 1998-2000 වෙනකල් විතරයි..

    හැම Ferio VI එකකම නැති Ferio VI-RS එකේ අනිවා තියෙන එව්වා..

    1. RS Logo in Speedo Meter
    2. Mesh Type Grill + RS Badge
    3. Enkei Designed Alloys
    4. Black and Blue Colour Bucket Seats
    5. Carbon Fiber Style Center Console
    6. ABS as a Standard Option
    7. Factory Fitted FOG lamps **OPTIONAL
    8. Factory Fitted Strut Bar
    9. Disk Brakes for all the wheels

    තව තියෙනවා..ඔය ඇති...

    VI-RS ඉතින් හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්.. ඒවගෙනුත් Manual Gearbox ආපු එකක් හොයනවා කියන්නේ ඉතින් සෑහෙන අමාරු වැඩක්.. දන්නා විදියට Genuine Manual Vi-RS 4යි ලංකාවේ තියෙන්නේ.. සමහරු Automatic Vi-RS මැනුවල් කරා...

    ඊළඟට ඉතින් එන්ජින් එක ගැන නොකිය බෑ... සිවික් වලට මැරෙන්න හදන්නේ එන්ජින් හින්දා තමා...

    Civic වලට එන එන්ජින් මොඩල් තොගයක් තියෙනවා..
    වැඩිපුරම තියෙන්නේ D15B එන්ජින් එක...

    1500cc, 16 Valve, 4 Cylinder එන්ජින් එකක් තමා D15B කියන්නේ..

    ඔය එන්ජින් එකේම Version තියෙනවා බර ගානක්..

    1. D15B Single Carb
    2. D15B Dual Carb
    3. D15B NON VTEC
    3. D15B VTEC
    4. D15B VTEC-E
    5. D15B 3 Stage VTEC

    ඔය සෙට් එකෙන් Carb එන්ජින් ඇරුනම අනිත් එන්ජින් ඔක්කොම එනවා EK3 ඒකට...

    VTEC-E කියන්නේ Economy වෙනුවෙන් හදපු එන්ජින් එකක්... VTEC කියන්නේ ඇත්තටම Cam Profiling Technology එකක් උනාට VTEC වල Cam Profile Change වෙන්නේ නෑ..
    VTEC-E එකේදී කරන්නේ 16 Valve Engine එක Low RPM (Below 2500rpm) වලදී 12 Valve එන්ජින් (1 intake Valve + 2 Exhaust Valves per Cylinder) එකක් විදියට ක්‍රියාකරවන එක.. Lower RPM වල 12 Valve දුවන එකෙන් පුළුවන් කම ලැබෙනවා ගොඩක් Lean (පෙට්‍රල් වායු මිශ්‍රණයේ පෙට්‍රල් ගොඩක් අඩු, AFR above 14.7) මිශ්‍රණයක් දහනය කරන්න.. එක නිසා ඉතින් 12 Valve mode එකේ දුවනකල් තෙල් කරනවා අම්බානක.. ඊට පස්සේ 2500rpm වලින් පස්සේ මාරු වෙනවා 16 Valve Mode ඒකට.. එතකොට සාමාන්‍ය 16 Valve එන්ජින් එකක් විදියට තමා වද කරන්නේ... හරියටම කිව්වොත් D15B NON VTEC එන්ජින් එකක් වගේ...

    VTEC එකේදී කරන්නේ ඔයිට වඩා වෙනස් දෙයක්... එතැනදී Cam Profile එක මාරු කරනවා..
    4600rpm වලදී වාහනේ සාමාන්‍ය 16 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 4600rpm වලින් පස්සේ එන්ජිම මාරු වෙනවා 16 Valve High Performance එන්ජින් එකකට.. කෙලින්ම මාරු කරනවා Cam Profile එක High Lift, Long Duration Cam Profile (aka WILD CAM MODE) එකකට.. ඕක තමා VTEC කියන්නේ.. ඇත්තම කතාව නම් High Performance කියල කිව්වට Honda කොම්පැනිය කරේ සාමාන්‍ය 16 Valve එන්ජිමක් හදල ඒකෙ පවර් එක අඩුකරා අනිත් නිෂ්පාදකයෝ හදන එන්ජින් එකක පවර් එකට ගැලපෙන්න... මුලින් හදපු එන්ජිමේ ටයිමින් වලට තමා 4600RPM වලදී වාහනේ මාරු වෙන්නේ.. 4600rpm වලින් පහලදී තියෙන්නේ හිතා මතා Power එක අඩු කරපු එන්ජිමක්..

    3 Stage VTEC එකේදී කරේ ඔය VTEC-E සහ VTEC ක්‍රම දෙකම එකම එන්ජිමකට එකතු කරපු එක... 2800rpm අඩු වේග වලදී එන්ජිම ECONOMY 12 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 2800rpm ඉඳන් 5800rpm වෙනකල් සාමාන්‍ය 16 Valve එන්ජිමක් විදියට වැඩ කරනවා.. 5800RPM වලින් පස්සේ අර VTEC එකේදී 4600rpm වලදී උන වැඩේ වෙනවා.. එන්ජින් එක WILD CAM MODE එකට මාරු වෙනවා...

    ඔන්න ඔය හේතුව හින්දා 3 Stage VTEC එන්ජින් එකක් තියෙන කාර් එකකට පුළුවන් අවශ්‍ය වෙලාවට තෙල් කරන Economy කාර් එකක් විදියටත්, ආච්චි වැහුනම සතෙක් වෙන්නත්..
    කලින් කිව්වා වගේ මේ එන්ජින් එක පාවිච්චි කරේ EK3 Series එකේ Ferio VI සහ Ferio VI-RS වාහන දෙකට විතරමයි. ඔය හේතුව හින්දා තමයි ලේසියකට Ferio VI එකක් VI-RS එකක් විකුනන්නේ නැත්තේ කවුරුත්... "All in One" කාර් එකක්...

    Ferio VI එකක් VI-RS එකක් චිප් කරලා හරියට ටියුන් කරොත් අනිවාර්යයෙන් Long Trips වල 16-17Kmpl කරනවා...අත්දැකීමෙන් කියන්නේ... මොකද මගේ කාර් එක EG8 එකක් උනාට එන්ජින් එක 2000 අවුරුද්දේ VI එකකින් ගලවපු 3 Stage VTEC එන්ජින් එකක්... අහම්බෙන්, පෙර පිනකට හම්බුනා Chipped ECU එකකුත්.. ඒ නිසා ගැරන්ට් කරලා කියනවා Chipped ECU + 3 Stage VTEC එකක් අනිවා Long Trips වල 16-17kmpl කරනවා..

    අන්තිමට කියන්න තියෙන්නේ EK3 එකක් ගන්නවා නම් Original VI එකක් හරි VI-RS එකක් හරි තමා ගන්න ඕනි.. කන්වර්ශන් තියෙන හින්දා හොඳට බලලා ගන්න ඕනි.. අනික OEM Lip kit එකෙන් පිට Body Kit ගහල විනාස කරපු ඒවා දැක්කම එතනින් මාරු වෙලා යන්න... අඟහරු ලෝකෙන් ගෙනල්ල ගැහුවා කිව්වත් Original Body Parts නැත්තන් වාහනෙන් වැඩක් නෑ.. ගන්නවා නම් Original කෑලි ටික දාල හදන්න බලන් ඒ ගාන අඩු කරලා ගන්න...

    Ferio MI නම් ඉතින් මග අරින එක ගොඩක් හොඳයි.. යනකොටම අදුරගන්න පුළුවන් පස්සහ LEV කියල බැජ් එකක් තියෙනවා නම්... ගොඩක් ඒවගේ ගියර්බොක්ස් ඉවරයි මේ වෙනකොට...

    අනික Honda B Series Engines EG8/EK3 වලට Direct Fit වෙනවා... Honda B Series කියන්නේ ඔය කලින් කිව්ව D15b එක අයිති D Series එක වගේ Normal Engine එකක් නෙමෙයි.. B Series එක තමා Honda කොම්පැනිය හදපු Most Famous High Performance Series එක.. ඔය Series එකේ 1600cc, B16A කියන එන්ජින් එක එන EK3 එකක් තියෙනවා.. චැසි නොම්මරේ එන්නේ EK4 කියලා.. එක තමා Civic SiR Sedan එක.. ලංකාවේ ඔරිජිනල් කාර් එකක් (දන්න විදියට) සහ කන්වර්ශන් කීපයක් තියෙනවා... අස්ප ගණන් තම ඉතින් කියන්නේ..



    අඩෝ තැන්ක් යූ වෙරි මච් ආ...
    වැඩේ තේරුනා එලකිරි වගේ..
     

    thanujaka

    Well-known member


  • ඔය ඔබල තියෙන්නේ F20B එන්ජිමක්... ඕක Honda Accord SiR එකට එන එන්ජින් එක.. ඔය එන්ජින් එක කවදාවත්ම ආවේ නෑ EK/EG චැසි වලට.. ඔය එන්ජින් එක තියනවා නම් අනිවා චැසිය කපල වෙනස් කරන්න ඕනි.. මොකද ඔය එන්ජිම හෙන පළලයි.. අනික අහල බලපන් ගොඩක් විට Power Steering වැඩ නැතුව ඇති...තව බලපන් Meter set එකත් වැඩ නැතුව ඇති... එහෙමත් නැත්තන් අමතරෙන් Accord Cluster එක ඔබල ඇති Dashboard එකට... :P :P
    B Series එකකට සාපේක්ෂව F20B එන්ජින් එක ගණන් අඩුයි.. හැබැයි ඔය එන්ජින් එක 200hp.. හැබැයි Accord එක Civic එකකට වඩා බර වැඩි නිසා ඔය එන්ජිම ඩිසයින් කරලා තියෙන්නේ බර අදින්න.. Bore-Stroke Ratio එහෙම Performance එන්ජින් එකකට වඩා වෙනස්.. B Series ගණන් වැඩි හින්දත්, හොයා ගන්න අමාරු නිසාත් ඕක ඔබනවා Civic වලට... අනික B20 VTEC එන්ජින් එකකට වඩා 15kg විතර බර වැඩි ඔය එන්ජින් එක..

    ඕකක් තියෙන එකක් අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නෑ ඕක සාර්ථක Conversion එකක් නෙමෙයි කිව්වට... මන් එකෙක්ට පැහැදිලි කරන්න ගිහින් අන්තිමට මටම එපා වෙලා මම නැවැත්තුවා.. මාව ෂුවර් නැත්තන් හොයල බලපන් ලෝකේ කොහේ බැලුවත් බොහොම අඩුවෙන් තමා ඔය එන්ජිම Civic වලට දාල දුවන්නේ... අනික ඒ දුවන ඒවා එකක්වත් Drag Strips වල හරිහමන් රෙකොර්ඩ් එකක් එක්ක දුවල නෑ.. ඒකට අනිත් හේතුව ඕක OBD-2b එන්ජින් එකක්... අහල පහලින්වත් යන OBD1 එකක් නැහැ ඔය එන්ජිමට.. Honda අනිත් එවුවට ඔබනවා වගේ Chipped ECU දාන්න බෑ ඔය Engine එකට.. එක්කෝ Standalone ECU නැත්තන් Piggyback තමා...

    Accord Wiring එකයි Civic වයරින් එකයි සම්පුර්නෙන් වෙනස්.. ඒ නිසා Accord Wiring/ECU වලින් දුවන්න බෑ Civic Cluster... කරනවා නම් වයර් කපල Rewire කරන්න ඕනි Civic Cluster ඒකට ගැලපෙන්න.. ඒ නිසා ලේසිම වැඩේ Accord Cluster එක ඔබන එක Civic Dashboard ඒකට.. හැබැයි පුතිලා Civic Dashboard ඒකට Accord Cluster එක දාන්න බෑ.. Civic Dashboard එක කපලකොටල තමා ඔබන්න වෙන්නේ... අනික Accord SiR එක ABS/ Traction කන්ට්‍රෝල් එනවා.. අර කිව්වා විදියට EK3 Dashboard ඒකට Accord Cluster එක එබුවම ඔය Warning Lamps ඔක්කොම පත්තු වෙනවා...

    අනික Accord SiR එකේ එන්නේ Electronic Power Steering System එකක්.. Civic එක Hydraulic Power Steering... ඔය එන්ජිමට Civic Hydraulic Power Steering පම්ප් එක හයිකරන්න Bracket නෑ අනික ඉඩත් නෑ.. කරනවා නම් A/C Compressor එක හෝ Alternator එක අයින් කරන්න වෙනවා.. එහෙමත් නැත්තන් EK3 එක EPS කරන්න වෙනවා.. එහෙමත් නැත්තන් අමුතුවෙන් Bracket දාන්න වෙනවා...

    ඊළඟට කලින් කිව්වා වගේ එන්ජින් එක පට්ටම බරයි...ඒ බරත් එක්ක Power Steering නැති උනාම අලි මස් කන්න ඕනි වාහනේ හරවන්න.. ඒ මදිවට අර Extra weight එක compensate කරන්න ඉස්සරහට stiff suspension දාන්න ඕනි... Stiff Suspension දැම්මම ඉතින් හව වගේ පැන පැන පාරේ යන්න ඕනි... ටටා බායි ටු කොම්ෆොර්ටබිලිටි....

    උබ ඕක බලන්න ගිය එකේ නිකන් කියපන් ඔය අවුල් තිබ්බේ නැද්ද කියල වාහනේ...

    ගියාට ස්ටාර්ට් කරලා බැලුව පොඩ්ඩක් අත පත ගාල බැලුව මිසක් ටෙස්ට් රයිඩ් එකක් වත් ගියේ නෑ බං..
    කොරොශන් ටික දැක්කම එපා උනා..
     

    thanujaka

    Well-known member

  • එන්ජින් එකට Custom එකට ගෙවපු Tax Documents නැතුව පුලුවන්ද බන් පොත update කරන්න??
    අනික ඔය එන්ජින් එක බරයි 210Kg විතර... Standard D15B එක 100kgවත් නෑ.. ඒක අවුලක් නැද්ද?


    ඕවා කරාට මොකෝ නීතිමය පැත්ත දන්නේ නැති හින්ද ඇහුවේ..

    වාහනේක එහෙම එන්ජින් එක වෙනස් කරන්න බෑ බං.. ඒකට අනුමැතිය ගන්න ඕනේ..
    ඊට පස්සේ ආයෙ බර කිරන්න ඕනේ.. පට්ට කට්ටක් කන්න වෙන වැඩක් ඒක...
     
    Status
    Not open for further replies.